Carnage

Symbiotes post seriesඑකේ අද පෝස්ට් එකෙන් කොමික්📖️වලට අනුව Carnageගෙ ගැන බලමු.
Carnage කියන්නෙ කවුද කියලා සරලව විස්තර කලොත් බොහෝදුරට Spider-manට සමාන පෙනුමක් තියෙන රතුපාට සිම්බියෝට් කෙනෙක්.අපි දැන් කොමික්වල තියෙන Carnageගෙ දිග කතාව පුළුවන් තරම් කෙටියෙන් බලමු.👇👇
Cletus Kasady කියන්නෙ අමාරු ළමා කාලයක් තිබුණු කෙනෙක්.පොඩිකාලෙ ඉදලම දරුණු මානසිකත්වයක් ක්ලීටස්ට තියෙනවා.මුලින්ම පඩිපෙලින් තල්ලු කරලා තමන්ගෙ ආච්චිව මරණවා.අම්මගෙ බල්ලවත් මරනවා.🐕🐶ඒවගේම ක්ලීටස්ගෙ අම්මව තාත්තා විසින් ඝාතනය කරනවා.ඉතින් අනාථ දරුවෙක් විදිහට හැදෙන ක්ලීටස්ව St. Estes Homeඑකට යොමුකරනවා.මේකෙදි සමාජ විරෝධීව ඉන්න ක්ලීටස්ට අනිත් අනාථ අය සහ Staffඑකේ අයගෙන් හිරිහැර විඳින්න වෙනවා.
ඉතින් ක්ලීටස්ගෙ මානසික රෝගී තත්ත්වය නිසා ක්ලීටස් මේකට අදාල අයව මරලා,අනාථ නිවාසය ගිනි තියලා පලිය ගන්නවා.ඉතින් ඔහොම මිනීමරමින් අවුරුදු ගාණක් හැංගිලා හිටපු ක්ලීටස්ව පොලීසියට අහුවෙනවා.ඉතින් මරණ දඬුවම නියම වුණු ක්ලීටස් ජීවිතේ ඉතුරු කාලය හිරේ ගතකරනවා.
ඔහොම කල් ගතවෙද්දි Styx එක්ක කරන සටනකින් Venom පරාදවෙනවා.ඊටපස්සෙ වෙනම්ගෙ ධාරකයා වුන එඩී බ්රෝක්, Venom symbiote නැතුව ඉද්දි Venom Symbiote මැරිල කියලා හිතලා සාමාන්ය මිනිහෙක් වගේ හිරේ දානවා.(Venom/Eddie මිනීමැරුම් චෝදනා තියෙන Antihero කෙනෙක් නිසා)එඩීට හිරේදි Cell mate විදිහට හම්බවෙන්නෙ ක්ලීටස් කැසඩිව.😱😱
කොහොමහරි සටනින් බේරුණ වෙනම් සිම්බියෝට් ආපහු එඩීව හොයාගෙන හිරේට ඇවිත් එඩී එක්ක ආයෙමත් සම්බන්ධ වෙනවා.ඒවෙලාවෙදි වෙනම් සිම්බියෝට්ගෙ කොටසක් ගැලවෙනවා.ඒ ගැලවුණු කොටස තමයි අලුතින් ඉපදුණු 999වෙනි සිම්බියෝට්.මේ අලුත් සිම්බියෝට් ක්ලීටස් එක්ක බැඳිලා එළියට යනවා.ඉතින් මේ සයිකො මිනීමරුවට සිම්බියෝට් කෙනෙක් එකතු වුනාම හැසිරීම කොහොමද කියනවනම් හොඳටම බඩගිනි වුණ Spider-manවගේ Zombie කෙනෙක්ව මවාගන්න.අන්න ඒවගේ තමයි.💀💀
ඉතින් ක්ලීටස් ගොඩක් අය මරලා ලේවලින් "Carnage Rules" කියල පණිවිඩයක් තියලා යනවා.ඒවගේම කානේජ් තමන්ට පේන්න කවුරුහරි හිටියත් මරණ තරම් දරුණුයි.
ඔහොම මිනිස්සු මරමින් කාලයක් ගියාට පස්සෙ කානේජ්ට spider-manව මුණගැහෙනවා.ඉතින් දෙන්නගෙ සටනෙන් ස්පයිඩි පරාදවෙනවා.ඒවෙලාවෙ ස්පයිඩිට මීටර් වෙනවා මේ ඉන්නෙත් සිම්බියෝට් කෙනෙක් කියලා.ඉතින් ස්පයිඩි හෙනම කට්ටයා😈නිසා වෙනම්ව කානේජ් එක්ක ගේමට සෙට් කරනවා.පස්සෙ ස්පයිඩි දෙන්නගෙම දුර්වලතාවයක් වුන අධික ශබ්දය පාවිච්චි කරලා දෙන්නවම පරද්දන්න උත්සහ කරනවා.📢📢
ඒවෙලාවෙ පැරදුනාට පස්සෙ කානේජ් සිම්බියෝට් මැරිල කියලා හිතුවත්,පස්සෙ සිම්බියෝට් ධාරකයගෙ රුධිරයට එකතුවෙලා ඉන්නවා කියලා දැනගන්න පුළුවන් වෙනවා.
කාලෙකට පස්සෙ වෙනම් එක්ක ගිය සටනකින් ක්ලීටස්ට Coma තත්ත්වයක් ඇතිවෙනවා.ඒකාලෙදි වෙනම් සිම්බියෝට්ගෙ primal screamඑක නිසා(ක්ලින්ටාර් එක්ක සම්බන්ධ වෙන ක්රමය 📞) ආක්රමණශීලී සිම්බියෝට් කෙනෙක් පෘථිවියට එනවා.ක්ලීටස් මේ සිම්බියෝට්ව රවට්ටලා කානේජ් සිම්බියෝට්ව තමන්ගෙ රුධිරයෙන් ඉවත්කරනවා.ඊටපස්සෙ කානේජ් අනිත් සිම්බියෝට්ලව අවශෝෂණය කරගන්න,ප්රමාණයෙන් වෙනස් වෙන්න තරම් බලවත් වෙනවා.ඒත් Spider-Man, Scarlet Spider සහ Venom එකතුවෙලා කානේජ්ව පරද්දනවා.ඒවගේම කානේජ් පැරදුණු වෙලාවෙදි කලින් අවශෝෂණය කරගත්ත අනෙක් සිම්බියෝට්ලා මැරෙනවා.
මොනව වුනත් කානේජ් කියන්නෙ ලේසියෙන් නැතිකරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.ඉතින් දිගින් දිගටම කානේජ් සහ වෙනම් අතර ගැටුම් ඇතිවෙමින් යද්දි කානේජ් Toxinට උපත ලබාදෙනවා.(හරි.හරි ටොක්සින් ගැනත් වෙනම පෝස්ට්එකක් දෙන්නම්.ඊටකලින් පෝස්ට් එක කියවමු.😉)
කානේජ්ව නැතිකරන්න කොච්චර අමාරුවුනත් කානේජ්ව ගොඩක් අවස්ථාවලදි විශේෂ තැන්වල හිර කරලා තියෙනවා.ඉතින් ඔයවගේ විශේෂ බලයන් තියෙන අය වෙනුවෙන්ම හදපු "Raft" කියන හිරගෙදරින් පනිද්දි සෙන්ට්රිට(superman වගේ වීරයෙක්) අහුවෙලා කානේජ්ව අභ්යාවකාශයෙදි කෑලි දෙකකට ඉරනවා.ඒත් ක්ලීටස්වත් කානේජ් සිම්බියෝට්වත් මැරෙන්නෙ නෑ.ක්ලීටස්ව කානේජ් ආරක්ෂා කරගෙන කෝමා තත්ත්වයක තියාගන්නවා.පස්සෙ කාලෙකදි Michael Hallට කානේජ්ව හම්බවෙනවා.ඉතින් Hall කානේජ් සිම්බියෝට් සහ ක්ලීටස්ව වෙන්කරනවා.ඒවගේම කානේජ් සිම්බියෝට්ව හිරකරගෙන කානේජ්ගෙ කොටස් පාවිච්චි කරලා කෘත්රිම ශරීර කොටස් සහ super-soldiersලා හදනවා.Sentry කානේජ්ව දෙකට ඉරලා දැම්මට පස්සෙ ක්ලීටස්ට කකුල් දෙකක් නෑ.ඒනිසා ඒකට යොදාගන්නෙත් Carnage symbiote පාවිච්චි කරලා හදපු කෘත්රිම කකුල් දෙකක්.ඒවගේම Dr.Tanis Nievesගෙ කෘත්රිම අත හදන්නත් කානේජ් සිම්බියෝට්ගෙ කොටස් යොදාගන්නවා
Dr.Tanisගෙ කෘත්රිම අත හදන්න පාවිච්චි කරපු කානේජ්ගෙ offspringඑක මගින් Doctorව පාලනය කරලා Dr.Tanis එක්ක සම්බන්ධ වෙලා Carnage symbiote හිරකරපු තැනින් පැනගන්නවා.ඊටපස්සෙ ආපහු ක්ලීටස්ව හොයාගෙන ගිහින් සම්බන්ධ වෙනවා.ඉතින් ක්ලීටස් ආපහු කානේජ් විදිහට මිනිස් සංහාරය(Carnage) පටන්ගත්තට පස්සෙ Iron Man and Spider-Manඑක්කත් සටන් කරනවා.ඔය අතරේ කානේජ්ව sonic waves වලින් පහරදීල scorn විසින් පරද්දනවා.(මෙතනදි Scorn ගැනකතා නොකර වෙනම පෝස්ට්එකකින් දෙන්නම්)😋
කොහොමහරි හැම අවස්ථාවකදීම හිරෙන් පනින ක්ලීටස් ආපහු කානේජ් විදිහට අපරාධ කරමින් ඉන්නවා.
ඉතින් එකපාරක් කානේජ් සිම්බියෝට්ව S.H.I.E.L.D. එකෙන් Lock Boxඑකක දාලා අත්ලන්තික් සාගරයේ ගිල්ලනවා.🌊🌊ඒත් Agentsලා දෙන්නෙක් සිම්බියෝට්ව ආපහු අරගෙන Norman Osborn(Green Goblin)ට දෙනවා.ඔස්බෝන් මේ සිම්බියෝට් එක්ක බැඳිලා අලුත්ම කානේජ් කෙනෙක් විදිහට වෙනස්වෙනවා.මේ කානේජ්ව හදුන්වන්නෙ Red goblin කියලා.
ඒවගේම ඔස්බෝන් carnage symbioteව පාවිච්චි කරලා තමන්ගෙ මුණුබුරා වුන Normie Osbornව Goblin Childe විදිහට වෙනස් කරනවා.අන්තිමට නෝමන් ඔස්බෝන්, කානේජ් සිම්බියෝට්ගෙන් වෙන්වෙනවා.
Alchemax එකෙන් Goblin Childeගෙ ශරීරයේ ඉතුරුවෙලා තියෙන සිම්බියෝට් කොටස් වැඩිදුර අධ්යනයට රඳවලා තියාගන්නවා.
ඉතින් ඕක තමයි දැනට කානේජ්ගෙ කතාව වෙන්නෙ.දැන් කානේජ්ගෙ powers,weaknesses වගේ දේවල් ගැනත් දැනගමු.👇👇
POWERS AND ABILITIES :
ගහේ කටු උල්කරන්න ඕනෙ නෑ කියනව වගේ වෙනම් සිම්බියෝට්ට තිබුණු බලයන්, වෙනම් සිම්බියෝට් ස්පයිඩිට සම්බන්ධ වුණු නිසා ස්පයිඩිගෙන් ලැබුණු බලයන්, හැකියා කානේජ් සිම්බියෝට්ටත් තියෙනවා.(සරලවම කියනවනම් කානේජ් සිම්බියෝට් කියන්නෙ වෙනම් + ස්පයිඩි)
• සිම්බියෝට්ලට පොදු හැකියා සේරම කානේජ්ට තියෙනවා.ඉතින් කානේජ් වෙනම්ට වඩා හැමඅතින්ම බලවත්.💪
• කානේජ්ට මකුළුදැල් විදින්න නම් බැහැ.ඒ වෙනුවට දැල්වලට සමාන වෙනත් ද්රව්යයක් පිටකරන්න පුළුවන්.
• තරමක පෙනුම වෙනස්කරගැනීමේ හැකියාවක් කානේජ් සතුයි.
• අත්,පා වලින් තියුණු වගේම මොට ආයුධ හදන්න හැකියාවක් කානේජ්ට තියෙනවා.
• 🍖🍗 පෝෂණය ලබාගෙන ප්රමාණයෙන් විශාල සහ ශක්තිමත් වෙන්නත් කානේජ්ට පුළුවන්.
• රුධිරයට එකතුවීමේ හැකියාව නිසා වෙන්කරන්න පට්ටම අමාරුයි.සහ නැවත ප්රතිජනනය වීමට පුළුවන්.ඒකනිසා විනාශ කරන්නත් බැරිතරම් අමාරුයි.
• කානේජ් සිම්බියෝට්ගෙ සෛල කිහිපයක් විතරක් ඉතුරුවෙලා තිබුණත් ප්රතිජනනය වෙන්න පුළුවන්.
• සෙන්ට්රි කානේජ්ව දෙකට වෙන්කලාට පස්සෙ අභ්යාවකාශයෙදිත් ඉතාමත් වැඩිකාලයක් ක්ලීටස් නොමැරී හිටියා.මේකට හේතුව කානේජ් සිම්බියෝට් ධාරකයාට ඔක්සිජන් සහ පෝෂණය ලබාදීලා ආරක්ෂා කිරීම.
• අනෙක් සිම්බියෝට්ලා වගේම ධාරකයගෙ මනසට සම්බන්ධ වෙන්න හැකියාවක් කානේජ් සිම්බියෝට් සතුයි.
• ඒවගේම ධාරකයගෙ දුශ්ටකම්,මානසික රෝග වෙනත් ධාරකයන්ගෙ මනසට ඇතුල් කරන්න පුළුවන්.ඒක කානේජ් සිම්බියෝට්ට විතරක් ආවේණික වුන හැකියාවක්.(ක්ලීටස්ගෙ මානසික රෝග තාවකාලිකව වෙනත් Hostලට දීලා හිරිහැර කරලා තියෙනවා)💭
• ඍණාත්මක හැඟීම් වලින් පෝෂණය වෙන්නත් කානේජ් සිම්බියෝට් හැකියාවක් පෙන්නනවා.
• කානේජ් තමයි තාක්ෂණික උපකරණ වලට එකතුවුන පලවෙනි සිම්බියෝට්.කානේජ් සිම්බියෝට්ගෙ කොටස් Tanis Nievesගෙ කෘතිම අත සහ Iron Ranger suits හදන්න පාවිච්චි කරපු නිසා කානේජ්ට ඒවා පාලනය කරන්න පුළුවන්.Iron ranger suits ශරීරයට එකතුකරගෙන "Mass Carnage" කියන ස්වරූපය හදාගන්නත් කානේජ්ට පුළුවන්.ඒවගේම ටෝනිගෙ ironman armorඑකකට upload වෙන්නත් කානේජ්ට පුළුවන් වුණා.📲💻
• Hall Industriesඑකේදි කරපු පරීක්ෂණ වලට පස්සෙ කානේජ් සිම්බියෝට්ට තමන්ගෙ කොපි හදලා පාලනය කරන්න හැකියාවක් ලැබුණා.
• ධාරකයෙක් එක්ක සම්බන්ධ වෙලා ඉද්දිත් කානේජ් සිම්බියෝට්ට ප්රමාණයෙන් වෙනස් වෙන්න පුළුවන්.විවිධ අවස්ථා වලදි වයර් තුලින් ගමන්කරලත් තියෙනවා.
• කානේජ්ගෙ මුළු ඇගෙන්ම සංවේදනය කරන්න පුළුවන්.සරලවම කියනවනම් 360 digree sensors තියෙනවා.
• Norman Osborn එක්ක සම්බන්ධ වුනාට පස්සෙ Goblin formulaඑක ලබාගැනීම නිසා කානේජ් සිම්බියෝට් ඔස්බෝන් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකම් ගින්දර සහ ශබ්දයෙන් හානියක් නෑ.🔥🔉ඒවගේම ශරීරයෙන් "Carnage-Bombs" හදන්නත් හැකියාවක් ලැබෙනවා.💥(මේවා තියෙන්නෙ Norman එක්ක ඉද්දි විතරයි.)
WEAKNESSES :
• බහුතරයක් සිම්බියෝට්ලා වගේම කානේජ් සිම්බියෝට් ගින්දර සහ අධික ශබ්දයට දුර්වල වෙනවා.🔊📢📢🔥🔥
• කානේජ් Anti-Venomගෙ ස්පර්ශයට දුර්වල වෙනවා.
EXTRAS :
• කානේජ් සිම්බියෝට්,වෙනම්ට වඩා ගොඩක් වෙනස්.ක්ලීටස්ට සිම්බියෝට්ව සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන්.සරලවම කිව්වොත් දෙන්නම එක්කෙනෙක්.(" Neither one of us can survive without the other. Forget host. Forget symbiote. There is only Carnage."
-- Carnage --)
• ඒවගේම ක්ලීටස්ගෙන් වෙන්වුනොත් ආපහු ක්ලීටස්ව හොයාගෙන සිම්බියෝට් එනවා.ඒකට බාධාවක් වෙන ඕනෙම කෙනෙක්ව මරන්න වුනත් කානේජ් සිම්බියෝට් සූදානම්.
• කානේජ් සිම්බියෝට් සමහර අවස්ථාවලදී Spider-Man(Ben Reilly), John Jameson, Silver Surfer වගේ බලවත් ධාරකයො හොයාගෙන ගිහින් තියෙනවා.
• කානේජ් එකපාරක් හොඳ කෙනෙක් වෙන්න උත්සහ කරනවා.ඒත් හොඳ කෙනෙක් වෙන්න උදව් කරපු Alice Gleason කානේජ්ව රවට්ටනවා.ඉතින් ආයෙ මොකක්ද වුනේ කියල කියන්න ඕනෙ නෑනෙ.😶
• Toxinගෙ උපතින් පස්සෙ සමහර අවස්ථාවල ක්ලීටස් Carnage symbioteව ගැහැණු කෙනෙක් විදිහට හැදින්වුවා.(she is screaming..She want me...)
ඒවගේම සමහර වෙලාවට පිරිමි සර්වනාම වලිනුත්.ඒකනිසා කානේජ් සිම්බියෝට් ගැහැණු ද?පිරිමි ද? කියලා හරියටම කියන්න බැහැ.👩👨😕
• කානේජ් කියන චරිතය නිර්මාණය කලේ David Michelinie සහ Chris Marrinan විසින්.David Michelinie මුලින්ම කානේජ්ව නිර්මාණය කරලා තියෙන්නෙ වෙනම්ගෙ දරුණු සහ අඳුරු පැතිකඩක් විදිහට.ඒවගේම ප්ලෑන් කරලා තියෙන්නෙ Eddie Brockව The Amazing Spider-Man#400 කොමික් එකෙන් මරලා Venom symbioteව විවිධ ධාරකයො එක්ක සම්බන්ධ කරන්න.⚰️ඒ කොහොම වුනත් Eddie Brock සහ Venomගෙ ජනප්රියත්වය වේගයෙන් වැඩිවීම📈 නිසා Marvel සමාගම එඩීව මරන්න ඉඩ දීල නෑ.ඉතින් Michelinie තීරණය කරනවා අලුත් චරිතයක් නිර්මාණය කරන්න.ඉතින් මේ චරිතයට දාන්න ගිය නම තමයි "Chaos" ඊටපස්සෙ "Ravage".පස්සෙ ඔය එක නමක්වත් නොදා "Carnage" කියන නමින් චරිතය එළියට එනවා.Carnage Symbioteගෙ ධාරකයා වුණ Cletus Kasadyව මුලින්ම හදුන්වා දුන්නෙThe Amazing Spider-Man #344 එකෙන් සහ ක්ලීටස්ව කානේජ් විදිහට පලමුවරට බලාගන්න ලැබෙන්නෙ The Amazing Spider-Man #361 වෙනි issue එකෙන්.📖️📖️
• 📖️කොමික්වලට අමතරව Spider-Man: The Animated Series,Spider-Man, Ultimate Spider-Man cartoon series, Guardians of the Galaxy animated series වලින් කානේජ්ව බලාගන්න ලැබෙනවා.📺
• Green Jellÿගෙ "Carnage Rules" කියන musicඑකෙන් කියවෙන්නෙත් කානේජ් සිම්බියෝට් ගැන.🎼🎶🎸
ඉතින් කානේජ් ගැන පුළුවන් තරම් කෙටියෙන් ලිව්වා.හරි.පොස්ට් එක මෙතනින් ඉවරයි.ඉතින් කොමික් කියවන්න..හැමදෙයක්ම පටන්ගන්නෙ එතනින්..අනික filmවල තියෙන්නෙ කොමික් විශාල ප්රමාණයකින් අරගෙන වෙනස්කරපු දේවල් ටිකක් විතරයි..
ආයෙමත් ලබන සතියෙත් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.තවත් දෙයක්,
ඊලඟ පෝස්ට් එකෙන් පස්දෙනෙක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා..ඒ පෝස්ට් එකෙන් හම්බවෙමු..✌️😉
එහෙමනම් හැමෝටම,
Excelsior !!!
Written by Shane Perera
“When I get outta here....and I will....there's gonna be carnage"
--Cletus Casady--

Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List