Red Hulk

Red HULK එහෙමත් නැත්තම් RULK විදිහට හදුන්වන තන්ඩබෝල්ට් රොස්ව නිර්මාණය කරන්නෙ ස්ටෑන්ලී සහ ජැක් කර්බි විසින්.📖️ ඒවගේම පලවෙනි වතාවට අපිට රොස්ව බලාගන්න ලැබෙන්නෙ Hulk #1 (May 1962) කොමික් එකෙන්.📖️රොස් කියන චරිතයේ Originඑක බලාගන්න ලැබෙන්නෙ The Incredible Hulk # 291න්.📖️රොස්ව Red HULK විදිහට පලවෙනි පාර පෙන්නන්නෙ Hulk vol. 1 #1 (January 2008)එකෙන්.ඒත් ටික කාලයක් යනකම් Red HULK කියන්නෙ රොස් කියලා අපිට දැනගන්න ලැබෙන්නෙ නෑ.📖️රොස් කියන්නෙ Red Hulk කියලා දැනගන්න ලැබෙන්නෙ,එහෙමත් නැත්තම් RULKගෙ ඔරිජින් එක පෙන්නන්නෙ Hulk #23 කොමික් එකෙන්.Rකොමික් ටික පස්සෙ කියවමු.දැන් Rulkගෙ කතාවට බහිමු.👇👇
මෙක්සිකෝවේ තියෙන එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ න්යෂ්ටික පර්යේෂණ අංශයේදි තමයි බෲස් බැනර්ට ජෙනරාල් Thaddeus E. Rossවයි(Thunderbolt Ross) එයාගෙ දුව Betty Rossවයි මුන ගැහෙන්නෙ.මේකාලෙදි බෲස් නිපදවන අධික ගැමා කිරණ ප්රමාණයක් නිකුත්කරන්න පුළුවන් න්යෂ්ටික ආයුධයක් නිසා තමයි බෲස්,විශාල රාක්ෂයෙක් වෙන්නෙ.ජෙනරාල් රොස් තමයි ඒ රාක්ෂයට "හල්ක්" කියලා නමක් දාන්නෙ කියලා මම පලවෙනි පෝස්ට් එකෙන් කිව්වා.
ඊටපස්සෙ තමයි ජෙනරාල් රොස්ගෙ කතාව පටන්ගන්නෙ.අපි බලමු ඒ ගැන.👇👇
කලින් කියපු ගැමා බෝම්බය නිසා ඇතිවෙන හල්ක් කියන්නෙ තර්ජනයක් කියලා රොස්,හල්ක්ව දඩයම් කරන්න පටන්ගන්නවා.දඩයමක් කරන්න නම් ගොදුරු ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනෙනේ.ඉතින් රොස්ටත් ඕනවෙනවා හල්ක් ගැන හොයාගන්න.මෙහෙම හොයන අතරතුරේ හල්ක් මතුවෙන හැමවෙලාවෙම බෲස් නැතිවෙලා ආයෙ අමුතු විදිහට ආපහු එනනිසා රොස්ට බෲස් ගැන සැකයක් ඇතිවෙනවා.බෲස්ව අතටම අල්ලගන්න නිසා රොස්,මේජර් ටැල්බට්ගෙ(Agents of S.H.I.E.L.D. එකෙත් හිටියා) සහයත් ලබාගන්නවා.මේ හල්ක් දඩයම අතරෙ පෙන්ටගනය "Operation Hulk"මෙහෙයුමේ ප්රධානියා විදිහට රොස්ව පත්කරනවා.මේ මෙහෙයුම හල්ක් වගේ තර්ජන හොයාගන්න,මරන්න නැත්තම් අල්ලගන්න හදපු මෙහෙයුමක්.අවුරුදු ගාණක් උත්සහ කලත් රොස්ට හල්ක්ව අල්ලගන්න ලැබෙන්නෙ නෑ.ඒත් වෙනත් අය නම් රොස්ට අල්ලගන්න ලැබෙනවා.
ඔහොම ටික කාලයක් හල්ක් දඩයම කරගෙන යද්දි වැරදීමකින් රික්ට, බෲස් තමයි හල්ක් කියලා බෙටී රොස් සහ ටැල්බට් ඉන්න තැනක කියවෙනවා.ඉතින් මේගැන රොස්ටත් ආරංචි වෙනවා.ඊටපස්සෙ රොස්,හල්ක්ට වඩා බෲස්ව අල්ලගන්න ලේසි නිසා බෲස්වත් දඩයම් කරන්න පටන්ගන්නවා.ඉතින් අවුරුදු ගාණකට පස්සෙ කිහිපවතාවක්ම බෲස්ව නැත්තම් හල්ක්ව කිහිපවතාවක්ම අල්ලගන්න රොස් සමත් වුනත් කොහොමහරි බෲස්(හල්ක්) ආපහු බේරිලායනවා.කාලයත් එක්ක බෲස් බැනර් ඇත්තම පෘථිවියට තර්ජනයක් වෙලාඉන්න අයව හල්ක් විදිහට පරද්දන නිසා රොස් අමනාපයෙන් වුනත් බෲස්ට ගෞරවයක් දක්වනවා.
බෲස්ට හල්ක් විදිහට ඉද්දිත් තමන්ගෙ බුද්ධිය,මතකය එක්ක වැඩකරන්න හැකියාවක් ලැබුනට පස්සෙ බෲස් ගැන පැහැදීමක් ඇතිවෙන රොස්,බෲස්ගෙ පස්සෙන් එලවනඑක නතරකරලා තමන්ගෙ දුවව,ඒකියන්නෙ බෙටී රොස්ව බෲස්ට විවාහ කරලාදෙන්න තීරණය කරනවා.විවාහය අතරෙ හල්ක්ගෙ ප්රධාන හතුරෙක් වුණ Leader තමන්ගෙ තාක්ෂණයෙන් බෲස්ව ආපහු Savage Hulk කරනවා.ඊටපස්සෙ බෙටී ටැල්බට්ව විවාහ කරගන්නවා.ඒත් හල්ක්ව අල්ලගන්න ගිහින් සටන්කරන අතරතුරේ ටැල්බට් මැරෙනවා.
කාලෙකට පස්සෙ ආපහු සැරයක් බෲස්ට හල්ක් විදිහට බුද්ධිය පාවිච්චි කරන්න පුළුවන් වෙනවා.මේකාලෙදි හල්ක්ගෙ පෙර වැරදිවලට ජනාධිපතිවරයාගෙන් සමාව ලැබෙනවා.හල්ගෙන් තර්ජනයක් නෑ කියලා පිලිගන්න කැමැත්තක් නැති රොස් Earthfall කියන projectඑක ආක්රමණය කරන MODOK එක්ක projectඑකෙන් abominationව නිදහස් කරන්න එකඟතාවයකට එනවා.ඒත් abominationට හල්ක්ව මරන්න බැරිවෙනවා.රොස්ගෙ ක්රියාකලාපය තේරුම්ගන්න බෙටී,රොස් එක්ක අමනාප වෙන නිසා රොස් රොස් ටිකකාලෙකට අතුරුදන් වෙනවා.මේකාලෙදි රොස්ගෙ තනතුරුත් අහිමිවෙනවා.රොස්ගෙ අකමැත්තක් තිබුණත් බෲස්ගෙ සහ බෙටීගෙ විවාහය සිද්දවෙන අතරෙ එකපාරටම රොස් එතනට තුවක්කුවක් අරන් කඩාපැනලා විවාහය නවත්වන්න හැදුවත් බෙටී ඒකට ඉඩනොදී විවාහය සිද්ධවෙනවා.රොස් කරන මේ වැඩ නිසා රොස්ට මනෝචිකිත්සක ප්රතිකාර එක්ක රෝහල්ගත වෙන්නත් වෙනවා.කාලෙකට පස්සෙ පරණ යාළුවෙක්ගෙ සහයෙන් රොස්ට S.H.I.E.L.D.එකේ පරික්ෂණයකට සම්බන්ධ වෙන්න ලැබෙනවා.ඒ Zzzaxගෙ living electricity පාවිච්චි කරලා රොස්ව superhuman කෙනෙක් කෙනෙක් කරන්න.ඒත් ඒ පරික්ෂණය වැරදීමෙන් රොස්ගෙ මනස පාලනය කරන්න Zzzaxට පුළුවන් වෙනවා.Zzzax,රොස්ව පාවිච්චි කරලා බෙටීව මරන්න යද්දි රොස් මනසෙන් සටන්කරලා ආපහු පාලනය ගන්නවා.ඒත් රොස්ගෙ වයස නිසා Zzzaxගෙන් රොස්ගෙ ශරීරයට වුන හානි දරාගන්න බැරිව රොස් මැරෙනවා.එතකොට කෝ Red HULK.පහළට ඇවිත් ඒටික කියවන්න.👇👇
රොස්ගෙ සිරුර Leader හොරකම් කරලා ආපහු පණ දෙනවා.ඊටපස්සෙ මනස විකෘති වෙලා ආපහු එන ජෙනරාල් රොස් හල්ක් එක්ක සාමාන්ය විදිහට ඉන්නවා.(😎යටින් ගේම ගහන්නෙ.)ඔය කාලෙදි රොස්, ඩොක්ටර් සැම්සන්(Doc.Samson) එක්ක එකතුවෙලා ගැමා රාක්ෂයෙක් වෙන්න කරන පරීක්ෂණයකට පස්සෙ Green Hulk වගේම හැබැයි රතුපාට හල්ක් කෙනෙක් වෙනවා.ඊටපස්සෙ රොස්,Red Hulk විදිහට හල්ක් එක්ක බයනැතුව වලි දාගන්නවා.සෑහෙන කාලයක් මේ වලිය සැරෙන් සැරේ වුනත්, කාලෙකටපස්සෙ හල්ක් එච්චර නරක කෙනෙක් නෙමෙයි කියලා රොස් තේරුම්ගන්නවා.ඊටපස්සෙ ප්රශ්නෙ ගොඩක් දුරට settle down වෙලා Avengersල එක්කත්,හල්ක් එක්කත් එකතුවෙලා වැඩකරපු රෙඩ්හල්ක්ව,හල්ක් Doc Green කියන ස්වරූපයට ආවට පස්සෙ සාමාන්ය මනුශ්යයෙක් විදිහට හරවනවා.
එහෙනම් RULK AKA RedHulkගෙ කතාව ඇති.අපි දැන් Redhulk ගැන කරුණු ටිකක් බලමු.👇👇
රෙඩ්හල්ක් කියන්නෙ ජෙනරාල් කෙනෙක් නිසා,යුධ පුහුණුවක් තියෙන සුපිරි හල්ක් කෙනෙක්.හරියටම කියනවනම් රෙඩ්හල්ක් කියන්නෙ යුද්ධය වෙනුවෙන්ම හදපු සාමාන්ය හල්ක්ගෙම රතුපාට version එකක් වගේ.
🔥සාමාන්ය Green Hulk වගේම පවර්ස් තමයි Red Hulkට තියෙන්නෙත්.
🔥Gamma කිරණ වගේ විවිධ ශක්තින් අවශෝෂණය කරගෙන බලය වැඩිකරගන්න පුළුවන්.
🔥RedHulk ඉතාමත් දක්ෂ සටන්කරුවෙක්.ඒවගේම ගොඩක්වෙලාවට තුවක්කු පාවිච්චි කරනවා.
🔥රොස්ව රෙඩ්හල්ක් කරන්න යොදාගත්ත උපකරණය බලගන්වන්න පාවිච්චි කරන්නෙ World War Hulk අවසානයේදි හල්ක්ව ආපහු බෲස් කරන්න පාවිච්චි කරපු සැටලයිට්.
🔥රෙඩ්හල්ක්ගෙ ලේවල පාට fluorescent yellow. (ප්රතිදීප්ත කහපාටක්)රොස් විදිහට ඉද්දිත් ඒ පාටමයි.
🔥Green hulk වියරු වැටෙන තරමට ශක්තිමත් වෙනවා වගේම Red hulk වියරු වැටෙන තරමට ශරීර උෂ්ණත්වය ඉහළ යනවා.අඩිය තියද්දි වැලි,වීදුරු බවට පත්වෙනකම් උෂ්ණත්වය වැඩිවෙලා තියෙනවා.ඒක රෙඩ්හල්කගෙ පවර් එකක් වගේම දුර්වලකමකුත් වෙනවා.
🔥Red Hulk එකපාරක් තෝර්ට ගහලා mjolnirඑක අරගෙන හඳට ගිහින් තෝර්ව අතඇරලා එනවා.
🔥 Thaddeus E. Rossට අමතරව Robert L. Maverick රෙඩ්හල්ක් වෙනවා.හැබැයි වැඩිකාලෙකට නෙමෙයි.
ඉතින් Hulk family series එකේ Redhulk ගැනත් අද දැම්මා.තව ඉන්නෙ එක්කෙනෙක් වගේ.තව අමතර කෙනෙක් ගැනත් ඉස්සරහට අනිවාර්යයෙන්ම දානවා.Redhulk පෝස්ට්එක මෙතනින් ඉවරයි.
Excelsior !!!
Written by Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List