She Hulk

අද පෝස්ට්එකෙන් චූටි,ලස්සන ගෑණුළමයෙක් ගැන තමයි කියන්නෙ.ඒ තමයි ජෙනී එහෙමත් නැත්තම් She-hulk.එහෙනම් වැඩිකතා නැතුව කතාවට බහිමු.
ජෙනිෆර් වෝල්ටර්ස් කියන්නෙ Sheriff මොරිස් වෝල්ටර්ස් සහ එලෙයින් බැනර් වෝල්ටර්ස්ගෙ දුව.බැනර් කියලා කිව්වනේද??ඔව් මෙයා බෲස් බැනර්ගෙ ඥාති සහෝදරිය.හරි එහෙමනම් අපි ජෙනී She-hulk වුනේ කොහොමද කියලා බලමු.
Nicholas Trask කියන අපරාධකරුවාගෙ සහයකයො ජෙනීගෙ තාත්තා එක්ක තිබ්බ තරහා නිසා ජෙනීට වෙඩිතියලා යනවා.ඉතින් ජෙනිෆර් ගෙ ලේ විශාල ප්රමාණයක් පිටවීම නිසා ජෙනීව ජීවත් කරවන්න බෲස් බැනර් AKA Hulkට ජෙනීට ලේ දෙන්න වෙනවා.
ජෙනිෆර්ට ටිකක් හොඳ වුනාට පස්සෙ එයාව සාමාන්ය රෝහලකට ඇතුලත් කරනවා.ඒත් දෙවෙනි පාරටත් Traskගෙ මැරයො ජෙනිෆර්ව මරන්න එනවා.මේවෙලාවෙදි බෲස් බැනර් එහෙමත් නැත්තම් හල්ක්ගෙ ලේ වලින් ලැබුණු gamma radiation particles ක්රියාත්මක වෙලා ජෙනිෆර්ව හල්ක් වගේම කොළපාට වෙලා අඩි හයකට වඩා උස හල්ක් කෙනෙක් වෙනවා.ඉතින් ජෙනිෆර්ව මරන්න ආපු මැරයන්ව ජෙනිෆර් ම අල්ලලා පොලීසියට භාරදීලා ආපහු සාමාන්ය විදිහට හැරෙනවා.
පළවෙනි පාර SHE-HULK විදිහට හැරෙද්දි ජෙනී නොදියුණු විදිහට හැසිරුනත් කාලයක් යද්දි සාමාන්ය ජෙනිෆර් වෝල්ටර්ස් වගේ බුද්ධිමත්ව ඉන්න She-hulkට පුළුවන් වෙනවා.
කාලයක් යද්දි She-hulk Avengers, Fantastic Four වගේ කණ්ඩායම් වල සාමාජිකාවක් වෙනවා.ඒවගේම ජෙනීව නිව්යෝර්ක්වල Superhuman Law divisionඑකේ නීතීඥයෙක් විදිහට වැඩට ගන්නවා.නීතීඥයෙක් වෙලා ඉන්න කාලෙදිත් ජෙනී She-hulk විදිහට වැඩ කරනවා.
House of M කොමික් එකේදී ස්කාලට් විච් තමන්ගෙ මැජික් පාවිච්චි කරලා ජෙනීගෙ පාලනය නැතිකරනවා.මේනිසා she-hulk කැප්ටන් ඇමෙරිකා ව මරන්න හදනවා.ඒවගේම විෂන් ව ඉරලා දානවා.
ආපහු තමන්ට පාලනය ලැබුණට පස්සෙ She-hulkට තමන් කරපු දේ තේරුම් යනවා.මේනිසා ජෙනී ඇවෙන්ජර්ස් කණ්ඩායමෙන් අයින්වෙලා දිගකාලයක් සාමාන්ය විදිහට ඉන්න තීරණය කරනවා.
Planet Hulk කාලෙදි She-Hulk දැනගන්නවා S.H.I.E.L.D.එක අභ්යාවකාශ ගතකරපු එයාගෙ ඥාති සහෝදරයගෙ තොරතුරු හොයනවා වගේම දන්නවා කියලා.මේනිසා ප්රශ්න ඇතිවෙයි කියලා ටෝනි ස්ටාක් රහසිගතව she-hulkව ජෙනී විදිහට තියාගන්න ප්රතිකාරකයක් ඉන්ජෙක්ට් කරනවා.සකාර්වලින් ආපහු ආව හල්ක්ව(කතාව කෙටියෙන් කලින් පෝස්ට්එකේ දාලා තියෙනවා.😉)නවත්තන්න ආමඩේයස් චෝ ජෙනීගෙ පවර්ස් ආපහු තාවකාලිකව ලබාදෙන්න සමත්වෙනවා.ඒත් She-hulk හල්ක්ගෙන් අතින් පරාද වෙනවා.ජෙනීට තාවකාලිකව ලැබුණු පවර්ස් නැතිවුනත් ටිකකාලෙකට පස්සෙ ආපහු සම්පූර්ණයෙන්ම පවර්ස් ලැබෙනවා.
දෙවෙනි Civil war කාලෙදි අනාගතේ දකින්න පුළුවන් inhuman කෙනෙක් මගින් Thanos එනවා කියලා දැනගන්න කැප්ටන් මාවල්,She-hulk,බ්ලැක් පැන්තර් ඇතුලු පිරිසක් තෑනෝස්ට Surprise attackඑකක් දෙන්න යනවා.මේකෙදි තෑනෝස් අතින් සේරම අය හොඳටම පරාද වෙනවා.රෝඩ්ස්(Warmachine) මැරෙනවා.ඒවගේම She-hulkට හොඳටම අසාධ්ය වෙලා ප්රතිකාර ලබමින් ඉන්නවා.දෙවෙනි සිවිල් යුද්ධෙදි බෲස් බැනර්ව ක්ලින්ට් බාට්න් AKA හෝක්අයි විසින් මරලා කියලා දැනගන්න ජෙනී ආපහු නැගිටිනවා.
බෲස්ගෙ මරණෙන් පස්සෙ ජෙනී ආපහු සාමාන්ය නීතීඥයෙක් විදිහට ඉන්න තීරණය කරනවා.කොහොමවුනත්,තෑනෝස් එක්ක සටනින් ලබපු අන්තපරාජය සහ ඥාති සහෝදරයගෙ මරණය ගැන නිතරම මතක්වෙන නිසා ජෙනී පාලනයක් නැතුව විවිධ අවස්ථවලදි පාලනයක් නැති අළුපාට she-hulk කෙනෙක් වෙනවා.
ජෙනීගෙ ශරීරය සම්පූර්ණයෙන්ම සුවවුනාට පස්සෙ ආපහු සාමාන්ය කොළපාට She-hulk විදිහට හැරෙන්නත්,She-hulk විදිහට ඉන්නත් පුළුවන් වෙනවා.
ඉතින් දැන් She-hulkගෙ Powers සහ Abilities ගැන කතාකරමු.
සාමාන්ය හල්ක්ට තියෙන superhuman strength,superhuman speed,durability ,immunity වගේ පවර්ස් තියෙනවා.
සාමාන්ය විදිහට හල්ක් ස්වරූපය වගේම වෙනස් වෙන්න පුළුවන් වුනත් she-hulkගෙ විශේෂත්වය තමයි අනික් හල්ක්ලට වඩා හොඳ මානසික පාලනය.
අඩි 1,000ක් විතර දුරට වගේම අඩි 600ක් විතර උසට පනින්න තරම් පාදවල මාංශපේෂි ශක්තිමත්.
She-hulkගෙ සම අධික පීඩන,වගේම -190 F to 3,000 Fක පමණ උෂ්ණත්ව තත්ත්ව යටතේ ඔරොත්තු දෙනවා.ඒවගේම හානිවීමට හොඳ ප්රතිරෝධයක් දක්වනවා.
ඒවගේම ජෙනී, කැප්ටන් ඇමරිකා සහ ගැමෝරාගෙන් Hand to hand සටන්ක්රම පුහුණුවෙලා තියෙනවා.ජෙනිෆර් වෝල්ටර්ස් විදිහට ඉද්දිත් හොදින් සටන් කරන්න හැකියාවක් තියෙනවා.
ආයුධ පුහුණුවක් සහ යුධඋපක්රම පුහුණුවක් තියෙනවා.
ජෙනී දක්ෂ pilot කෙනෙක්.
Expert Attorney: ජෙනී ඉතාම බුද්ධිමත් වගේම අතිදක්ෂ සහ පලපුරුදු Lawyer කෙනෙක්.
හරි එහෙමනම් She-hulk ගැන කතාව මේ ඇති කියලා හිතනවා. එහෙනම් HULK Family සීරීස් එකේ ඊලඟ පෝස්ට්එකෙන් හම්බවෙමු.
Excelsior !!!
Written by Shane

She hulk ගැන වැඩි විස්තර👇👇 
https://youtu.be/yfljXtsSTo4

අපේ අලුත් public groupඑකට එකතුවෙන්න👇👇 

#hulkfamily

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List