Venom
අද අපි Symbiote Post seriesඑකේ දෙවෙනි පෝස්ට් එකෙන් Venom ගැන බලමු.ඉතින් මේ වෙනකොටත් ගොඩදෙනෙක් වෙනම් ගැන දන්නව ඇති.ඒ අයත් ටිකක් කියවල බලන්න.නොදන්න දේවල් ඇති..පෝස්ට්එක පටන්ගන්න කලින් කියන්න ඕනෙ "වෙනම් සිම්බියෝට්" කියන්නෙ කලින් පෝස්ට් එකේ කියපු විදිහෙ සිම්බියෝට් කෙනෙක්."වෙනම්" කියලා හදුන්වන්නෙ වෙනම් සිම්බියෝට්,ධාරකයෙක් එක්ක එකතුවුනාට පස්සෙ දෙන්නම එකතුවෙලා හැදෙන තනි ජීවියාට.("Together We are One.Together We are Venom" 💪💪)
කොමික් කියවන ගොඩක් අය දන්නව ඇති battleworldඑකේදි නොදැනුවත්ව Venom symbioteඑක හිරකරලා තිබුණු කුටිය ඇරපු නිසා spiderman එක්ක එකතුවෙලා තමයි venom symbiote පෘථිවියට ආවෙ කියලා.ඉතින් ගොඩක් අය වෙනම් සිම්බියෝට්ගෙ පලවෙනි ධාරකයා Spider-man කියල තමයි හිතන් ඉන්නෙ.☺️☺️
ඒත් පලවෙනි ධාරකයා කියන තැන ළඟටවත් spiderman ඇවිත් නෑ කියලා මම කියනවා.අපි ඒ ඇයි කියලත් බලමු.ඊට කලින් Spidermanට Battleworldඑකේදි Venom Symbioteව ලැබුණෙ කොහොමද කියල බලමු.👇👇
Beyonder (Marvel universeඑකේ 3වෙනි බලවතා) විවිධ ලෝකවල කොටස් එකට එකතුකරලා Battleworldඑක හදපු කාලෙ මිනිස්සු සිම්බියෝට්ලා ගැන කිසිම දෙයක් දැනන් හිටියෙ නෑ.(දැනගන්න පෘථිවියෙ සිම්බියෝට්ලා හිටියයැ)
ඉතින් මුලින්ම Battleworldඑකේදි venom Symbioteව හිරකරලා තිබුණු තැනට Deadpool එනවා.😂😂ඉතින් ඩෙඩා සිම්බියෝට්ලා කියන්නෙ මොනවගේ ජීවියො ජාතියක්ද කියල නොදැන වෙනම් සිම්බියෝට්ව හිරකරලා තිබ්බ මැෂින් එකෙන් එළියට අරගත්තා.ඊට ටිකවෙලාවකට පස්සෙ මිනිහට තේරුම්යනව ඒකට පණතියෙනව කියලා.ඉතින් ඩෙඩා ඉක්මනට සිම්බියෝට්ව ආපහු හිරකරලා එතනින් ඉක්මනට මාරු වෙනවා.
(☝️😕 මේක වෙන්නෙ 2015දි නිකුත් වුන Deadpool's Secret Secret Wars #3 කොමික් එකට අනුව)හැබැයි මේ කතාවනම් Marvel කොමික් විශ්වයෙදි ඇත්තටම වුණ දෙයක්ද කියලා මම දන්නෑ.මොකද මෙහෙම වුණා කියල කියන්නෙ Deadpoolමයි.😁
(☝️😕 මේක වෙන්නෙ 2015දි නිකුත් වුන Deadpool's Secret Secret Wars #3 කොමික් එකට අනුව)හැබැයි මේ කතාවනම් Marvel කොමික් විශ්වයෙදි ඇත්තටම වුණ දෙයක්ද කියලා මම දන්නෑ.මොකද මෙහෙම වුණා කියල කියන්නෙ Deadpoolමයි.😁
ඩෙඩා එතනින් ගියාට පස්සෙ Battleworldඑකේ හිටපු හතුරන්ගෙන් ගුටිකාලා ඇඳුමත් ඉරිල හිටපු Spider-man තමන්ගෙ ඉරුණු ඇඳුම මහගන්න විදිහක් හොයාගෙන එනවා.ආවෙ කොතනටද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.😉ඉතින් මෙතනදි පීටර් හොයා ගන්නවා අමුතුම මැශින් එකක්.ඉතින් ඇඳුමට වෙච්ච ඩැමේජ් එක හදා ගන්න පුලුවන් වෙයි කියල පීටර් හිතනව..ඒත් පීටර් මේ මැෂිම on කරපු ගමන් කළුපාට රබර් බෝලයක් වගේ එකක් වැටෙනවා.(ඒ වෙන මොකක්වත් එහෙම නෙමෙයි.වෙනම් සිම්බියෝට්
ඉතින් Spidey ඒ කළුපාට බෝලෙ අතට අරගෙන බලනවා.එකපාරටම මේ බෝලෙ දියවෙලා වගේ ස්පයිඩිගෙ අත දිගේ ගලාගෙන ගිහින්, ඉරුණු ඇඳුම සුදු මකුළු ලාංජනයක් එක්ක තියෙන තනිකරම කළුපාට අලුත් ඇඳුමක් වෙනවා.
ඉතින් මේ සුපිරි පෙනුමක් තියෙන කළු-ඇඳුමට, ඕනෙ ඇදුමක් විදිහට වෙනස් වෙන්න පුළුවන් වගේම ශක්තිමත් මකුළුදැල් විදින්නත් පුළුවන්(Web shooters, Web fluid ඕනෙ වෙන්නෙත් නෑ) කියලා ස්පයිඩි දැනගන්නවා.ඉතින් මේ අලුත් සූට් එකට පට්ට විදිහට කැමතිවෙන ස්පයිඩි ආපහු පෘථිවියට ආවට පස්සෙ වෙනදටත් වඩා ක්‍රියාශීලීව ඉන්නවා.💪
ඔහොම පෘථිවියේ ඉද්දි, පීටර් නිදාගත්තට පස්සෙ වෙනම් සිම්බියෝට් පීටර්ගෙ ඇඟ පාලනය කරගෙන Spider-man විදිහට අපරාධ වලට විරුද්ධව සටන් කරනවා.ඔය කාලෙදි Eddie Broke කියන පුවත්පත් වාර්තාකරුවා Sin-Eater කියන අපරාධකාරයගෙ අනන්‍යතාවය හෙළිකරලා ලියපු ලිපියක තියෙන්නෙ බොරු අනන්‍යතාවයක් කියලා ඇත්තම Sin-eaterව අල්ලලා දීලා කළු-ඇඳුමින් ඉන්න Spiderman ඔප්පු කරනවා.ඒකෙන් එඩීට ජොබ් එක නැතිවෙනවා.ඒවගේම මේ කාලෙදි එඩී දැනගන්නවා තමන්ට දරුණුවටම Cancerඑකක් තියෙනව කියලා.ඉතින් spider-man තමන්ට තිබුණු එකම රස්සාවත් නැතිකරපු නිසා එඩී බ්‍රෝක්ට තමන්ගෙ Wifeව ඇතුලු හැමදෙයක්ම නැත්තටම නැතිවෙනවා.
මේ සිදුවීම් වෙද්දි තමන්ගෙ වෙනසක් තියෙනව කියලා තේරුම්ගන්න Peter Parker, Reed Richardsගෙන් උපදෙස් අරගෙන මේ කළු-ඇඳුමට පණ තියෙනව සහ තමන්ව පාලනය කරනව කියලා දැනගන්නවා.ඉතින් ස්පයිඩි සිම්බියෝට්ව ගලවගන්න බැරුව ඉද්දි Vulturiansලගෙ පහරදීමකින් Our Lady of Saints Churchඑකේ Bellඑක ළගට යනවා.ඒවෙලාවෙදි පල්ලියෙ Bellඑක වැදෙද්දි ඒකෙ ශබ්දය දරාගන්න බැරිව සිම්බියෝට් Spideyගෙන් වෙන්වෙනවා.
Spider-man නිසා අසරණ වුණු එඩී Our Lady of Saint's Churchඑකට ගිහින් යාච්ඤා කරමින් ඉන්න අතරේ Spider-man එක්ක එකතුවෙලා හිටපු සිම්බියෝට්ට එඩීට Spider-man ගැන තියෙන තරහා,ඇඩ්රිනලින් නිපදවන පිළිකාව ගැන දැනෙනවා.ඉතින් දෙන්නට දෙන්නා හොඳින්ම ගැලපෙන නිසා වෙනම් සිම්බියෝට් එඩී එක්ක සුපිරි බැඳීමක් හදාගෙන Spider-manව මරන අරමුණෙන් Venom බවට පත්වෙනවා.කාලයක් ගියාට පස්සෙ Venom කිසිම අහිංසක කෙනෙක්ට කරදර නොකර Vigilante කෙනෙක් විදිහට අපරාධකාරයන්ට විතරක් දඬුවම් දෙනවා.(කනවා වගේ දඬුවම් එහෙමත් දෙනවා😇)("Eyes, lungs, pancreas. So many snacks... so little time." 🍴)
ඉතින් ඕක තමයි කොමික් රසිකයො ගොඩදෙනෙක් දන්න වෙනම්ගෙ කතාව.📖️ ඒත් ඇත්තටම වෙනම් සිම්බියෝට් Battleworldඑකට ආවෙ කොහොමද කියලා හිතුනෙ නැද්ද??එතකොට deadpoolටත් කලින් තවත් අය වෙනම් සිම්බියෝට් එක්ක සම්බන්ධ වෙලා තියෙනවද??උත්තරේ ඔව්.අපි බලමු Battleworldඑකට එන්න කලින් වෙනම් සිම්බියෝට්ගෙ ඉතිහාසය කොහොමද කියලා.👇👇
ඈත අතීතෙදි ක්ලින්ටාර් ග්‍රහලෝකයේ සිම්බියෝට්ලගෙ 998වෙනි පරම්පරාව ඉපදෙනවා.එතනින් බිහිවුණු අනිත් අයගෙන් එක සිම්බියෝට් කෙනෙක්ව කොන් කරලා තියෙනව Kree ගවේෂකයො කණ්ඩායමකට දකින්න ලැබෙනවා.(Agents of S.H.I.E.L.D. බැලුවොත් ක්‍රීලා ගැන තරමක් දැනගන්න පුළුවන්.)ඉතින් මේ විදිහට කොන්වුණු සිම්බියෝට්ව වැඩිදුර අධ්‍යනයට Kree aliensලා අරන් යනවා.එහෙම ක්ලින්ටාර්වලින් ගියාට පස්සෙ මේ සිම්බියෝට් Tel-Kar කියන ක්‍රී සොල්දාදුවා එක්ක බන්ධනය වෙනවා.ඉතින් පුහුණුවීම් වලින් පස්සෙ මේ දෙන්නා එකතුවෙලා kreeලා සහ Skrullsලා අතර වෙන යුද්ධයට යනවා.යුද්ධය අතරෙදි සරණාගතයන් බේරගන්න කියලා "ටෙල් කා" තමන්ගෙ සිම්බියෝට්ව වෙනත් කෙනෙක්ට දෙනවා.මේ වෙන්වීමෙදි සිම්බියෝට්ට Tel-kar ගැන මතකය නැතිවෙනවා.ඒවගේම සරණාගත යානය කඩන් වැටිලා සිම්බියෝට්ව වෙනත් ග්‍රහලෝකයක අතරමං වෙනවා.මේ ග්රහලෝකෙදිත් පිටසක්වල ධාරකයො එක්ක සිම්බියෝට් බැඳීල තියෙනවා..👽👽
කාලෙකට පස්සෙ මේ සිම්බියෝට්ව පිටසක්වල අවි අලෙවිකාරයෙක් හොයාගන්නවා.මේ අවි අලෙවිකාරයා සිම්බියෝට්ව රසායනික ද්‍රව්‍ය දාලා corrupt කරනවා.☠️☠️මොනව වුනත් මේ සිම්බියෝට් කටුක අත්දැකීම් ඉවසගෙන ධාරකයව පාලනය කරන්නැතුව ආරක්ෂා කරලා හොඳ වීරයෙක් වෙන්න හිතනවා.ඒත් මේ හේතුව නිසා මේ සිම්බියෝට්ව අනිත් සිම්බියෝට්ලා විසින් වැරැද්දක්,ලැජ්ජාවක් විදිහට සලකලා හිරකරනවා.කාලෙකට පස්සෙ Beyonder(Marvel විශ්වයේ තුන්වෙනි බලවත්ම කෙනා)විවිධ ලෝකවල කොටස් එකට එකතුකරලා Battleworld කියන ලෝකය හදද්දි මේ හොඳ සිම්බියෝට්ව හිරකරපු තැනත් Battleworldඑකට අහම්බයෙන් එකතුවෙනවා.මෙතනින් පස්සෙ තමයි කලින් කියපු සිදුවීම් වෙන්නෙ.😉
හරි..ඉතින් වෙනම්ගෙ originඑක ගැන කතාකලා වගේම වෙනම්ගෙ POWERS සහ ABILITIES ගැනත් බලමු.👇👇(සාමාන්‍යයෙන් සිම්බියෝට්ලට පොදු powers සහ abilities ගැන කලින් පෝස්ට් එකේ කිව්වා)
• ධාරකයෙක් නැතිවෙලාවට වෙනම් සිම්බියෝට්ට ජෙලිමය ස්වරූපයකින් ජීවත් වෙන්න පුළුවන්.
• වෙනම්ට ජාන මගින් ධාරකයගෙ හැකියා සහ බලයන් කොපි කරන්න පුළුවන්.Peter parker(spider-man) සමග බැඳීම නිසා තමයි අධික ශක්තිය, වේගය, බිත්ති දිගේ නැගීමේ හැකියාව, මකුළුදැල් විදීමේ හැකියාව වෙනම්ට ලැබෙන්නෙ.(සුදුපාට මකුළුවෙක්ගෙ markඑකක් වෙනම්ගෙ ඇගේ තියෙන්නෙත් ස්පයිඩි එක්ක බැදුණු නිසා)
• ගොඩක්වෙලාවට වෙනම් ස්පයිඩිට වඩා ඉතාමත්ම ශක්තිමත්.Juggernaut එක්කත් ලේසියෙන්ම සටන් කරලා තියෙනවා.වෙනම්ට ටොන් 70ක් විතර උස්සන්න පුළුවන්.ඒත් ඒක උපරිමය නම් නෙමෙයි.ඒකට ධාරකයගෙ වැඩිදියුණු වුන ශක්තියත් බලපානවා.
• වෙනම්ගෙ ශරීරය තුවාලවීම්,හානි වලට ඉතාමත්ම ප්රතිරෝධීයි.තමන්ට වදින Bullets අවශෝෂණය කරගන්නත් වෙනම්ට පුළුවන්.
• ඉතාමත්ම සුපිරි සුවවීමේ හැකියාවක් වෙනම්ට තියෙනවා.(filmඑක බැලුවනම් දකින්න ඇති Venomගෙ Healing factorඑක කොච්චර සුපිරිද කියලා.කොමික්වලදි ඊටවඩා වෙන හානිවලිනුත් එඩීව බේරලා තියෙනවා.)
• වෙනම්ට ධාරකයගෙන් හෝ ස්පර්ශ කරන අයගෙන් මතකයන් දැනගන්න හැකියාවක් තියෙනවා.ඒවගේම පරණ ධාරකයන්ගෙ මතකයන් දැනගන්නත් පුළුවන්.(මේනිසා spider-manගෙ රහසිගත අනන්‍යතාවය එඩී දැනගන්නවා.ඒත් සිම්බියෝට්ට ඇතිවෙන මානසික කම්පනයක් නිසා ඒක අමතක වෙනවා.)
• ක්ලින්ටාර්ලට මානසිකව වගේම ජෛවරසායනිකව ධාරකයා එක්ක ටෙලිපති ආකාරයට සන්නිවේදනය කරන්න පුළුවන්.(ඒනිසා තමයි ස්පයිඩිට ඇදුමක් ඕනෙවෙලා ඉද්දි සිම්බියෝට්ව අතට ගත්ත ගමන් සිම්බියෝට ඇදුමක් වුනේ)
• වෙනම්ට තමන්ගෙ ශරීර කොටස් කටු, මුවහත් ආයුධ,පළිහ වගේ ආයුධ බවට පත්කරගන්න පුළුවන්.
• ඒවගේම Spider-sense එකට සමාන බලයක් වෙනම්ට තියෙනවා.ඒකනිසා තමන් පැත්තට එන දේවල්වලින් ලේසියෙන්ම බේරෙන්න පුළුවන්.
• Spider-manගෙ spider-sense එකට අසුනොවීමේ හැකියාවකුත් වෙනම් සතුයි.
• ප්‍රමාණය , හැඩය පෙනුම වෙනස් කරගැනීමේ හැකියාවක් වගේම ඇදුම් විදිහට ඉන්නත් වෙනම්ට පුළුවන්.👕👖👗
• Klyntar Hive mindඑකට සම්බන්ධ වීමේ හැකියාවක් නිසා ක්ලින්ටාර්වල ඉන්න සිම්බියෝට්ලා එක්ක සන්නිවේදනය කිරීමට පුළුවන්.
WEAKNESSES :-
• සිම්බියෝට්ලගෙ ලොකුම දුර්වලතාවය තමයි ශබ්දය සහ තාපය.🔊🔥ඉතින් මේ දෙක නිසා සිම්බියෝට් ඉතාමත්ම දුර්වල කරන්න පුළුවන්.ඒත් කාලයත් එක්ක සිම්බියෝට්ලා මේවාට තරමක ප්‍රතිරෝධීබවක් හදාගන්න සමත්වෙලා තියෙනවා.
• Knull කියන්නෙත් සිම්බියෝට්ලගෙ දුර්වලතාවයක්.knull තමයි සිම්බියෝට්ලා නිර්මාණය කරපු ජීවියා.Knullට පුළුවන් සිම්බියෝට්ලව ඕන විදිහට පාලනය කරන්න.
• එඩීගෙ සිරුරෙ පිළිකාව වගේ දුර්වලතා නිසා වෙනම් සිම්බියෝට්ගෙ ආයුකාලය අඩුවෙනවා.📉
• Anti-Venom කියන්නෙත් වෙනම් සිම්බියෝට්ට විෂක් වගේ වුන සිම්බියෝට් කෙනෙක්.ඉතින් Anti-venomගෙ ස්පර්ශය වෙනම්ට වගේම ධාරකයටත් ඉතාමත්ම වේදනාකාරී වෙනවා.(හරි හරි Anti-venom ගැනත් පෝස්ට්එකක් දෙන්නම්.😉)
EXTRA FACTS :-
• වෙනම් කියන conceptඑක ගේන්නෙ Marvel Comics රසිකයෙක් වුන Randy Schueller.1982දි Marvelලගෙ ප්‍රධාන සංස්කාරක විදිහට හිටපු Jim Shooter මේ conceptඑක $220කට මිලදී ගන්නවා.💵💰
• පළවෙනි වතාවට වෙනම් සිම්බියෝට්ව ස්පයිඩිගෙ කළු ඇදුම විදිහට බලාගන්න ලැබෙන්නෙ Secret wars #8 කොමික් එකෙන්.ඒවගේම The Amazing Spider-Man #258 එකේදී පීටර් පාකර් වෙනම් සිම්බියෝට් ඇදුම අතහරිනවා.
එඩී බ්රෝක් එක්ක Venom Symbiote සම්බන්ධ වුනාට පස්සෙ වෙනම්ගෙ සැබෑ පෙනුම පලවෙනිවතාවට දැකගන්න ලැබෙන්නෙ 1988දි The Amazing Spider-Man #299 එකෙන්.
එඩී බ්රෝක් එක්ක Venom Symbiote සම්බන්ධ වුනාට පස්සෙ වෙනම්ගෙ සැබෑ පෙනුම පලවෙනිවතාවට දැකගන්න ලැබෙන්නෙ 1988දි The Amazing Spider-Man #299 එකෙන්.
• Black Suit, The Other, Corrupter, Symby, Spider's Black Spirit වගේ නම් වලිනුත් Venom symbioteව කොමික් වලදි හදුන්වනවා.
• Venom Symbioteගෙ පළවෙනි ධාරකයා Spider-manවත් , Deadpoolවත් නෙමෙයි. Tel-kar කියන Kree සොල්දාදුවා.
• පෘථිවියෙ ඉන්න/හිටපු සිම්බියෝට්ලා ගැන බැලුවොත් වෙනම් තමයි වයසින් වැඩිම සිම්බියෝට් වෙන්නෙ.(පෘථිවියෙ අනිත් සිම්බියෝට්ලා වෙනම්ගෙ ළමයි,මුණුබුරු මිණිබිරියො,සහෝදරයො ,ක්ලෝන් )ඒවගේම මුලින්ම පෘථිවියට ආපු සිම්බියෝට් වෙන්නෙත් වෙනම්.
• වෙනම් සිම්බියෝට් Tel-Kar, Deadpool, Spider-Man, Eddie Brock, Scorpion, Lee Price, Mercurio, Drax, Rocket Raccoon, Groot, Thaddeus Ross, Samson, Ms Marvel(Carol), Flash Thompson, Angelo Fortunato, Anne Weying වගේම Skrull කෙනෙක් සහ තවත් පිටසක්වල ජීවින් කිහිපදෙනෙක් එක්කම Bondවෙලා ඉදලා තියෙනවා.
• Venomව කොමික්වලට📖️ අමතරව කොමික් පාදක කරගත්ත Films, Animated series(cartoon) වලින් බලාගන්න ලැබෙනවා.ඒවා තමයි මේ.
Animated series: 📺
90's Spider-Man, Spectacular Spider-Man, Ultimate Spider-Man, Hulk and the Agents of S.M.A.S.H., Marvel's Spider-man, Avengers Assemble, Guardians of the Galaxy
Films: 🎥
Spider-Man 3 2007
The Amazing Spider-Man (පොඩි cameo එකකින්)
Sony's Universe of Marvel Characters(SUMC)එකේ පලවෙනි filmඑක වුණ Venom 2018 filmඑක.
තවත් දෙයක් කියන්න තියෙනවා.වෙනම් ෆිල්ම්එක බලපු 90%ක් දෙනා වෙනම් 2018 ෆිල්ම් එක සුපිරියි කියද්දි ටිකදෙනෙක් කිව්වා ෆිල්ම් එකේ වෙනම්ව ජෝක් එකක් කරලා කියලා.මට අනුව කොමික් එක්ක බලද්දී 2018 වෙනම් තමයි මෙච්චර කාලෙකට SONY එකෙන් කරපු සුපිරිම ෆිල්ම්එක.😘😘අනික කොමික් වලදිත් මුලදි වෙනම් කරන,කියන සමහර දේවල් ජෝක් තමයි.ඒකට හේතුව මනසින් වෙනස් වර්ග දෙකක ජීවින් දෙන්නෙක් එක්කෙනෙක් බවට පත්වීම.👨+👽
("Did you ask my permission to have a girl?? It's okay 'cause we like her too! We like to @$%&* her !"
-Venom symbiote to Eddie-
in Venom-the Madness #01)😂😂
-Venom symbiote to Eddie-
in Venom-the Madness #01)😂😂
හරි.එහෙනම් අද පෝස්ට්එක මෙතනින් ඉවර කරනවා.වෙනම්ගෙ originඑක පුළුවන් තරම් කෙටියෙන් කියන්න පුළුවන් වුණා සහ මේක කියවන අය මොනවමහරි දැනගන්න ඇති කියලා හිතනවා.ඒවගේම වෙනම්ගෙ කතාව මෙතනින් ඉවර වෙන්නෙ නෑ.ඉස්සරහට තවත් සිම්බියෝට්ලා ගැන පෝස්ට් ගොඩක් දාන්න තියෙනවා.ඒවට වෙනම්ගෙ කතාවෙ ඉතිරි කොටස් සම්බන්ධයි.ඒවා ඉදිරියෙදි බලමු.✌️එහෙනම් හැමෝටම, Excelsior !!
✍️ Written by Shane Perera
Comments
Post a Comment