Anti-Venom

අද පෝස්ට්එක අනිත් සිම්බියෝට්ලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වුණ සිම්බියෝට් කෙනෙක් ගැන. ඒ තමයි Anti-venom. නමෙන්ම තේරෙනවනෙ වෙනම්ගෙ ප්රතිවිරුද්ධ කෙනා තමයි Anti-venom කියන්නෙ කියලා. ඉතින් අපි දැන් මාතෘකාවට බහිමු..(⚠️⚠️⚠️️ මේ පෝස්ට්එක කියවන්න කලින් මම Venom ගැන ලියපු පෝස්ට්එක කියවල ආවොත් කතාව පැහැදිලි වෙයි.)
සුදුපාට ශරීරයේ කළුපාටින් මකුළුවෙක්ට සමාන සළකුණක් තියෙන සිම්බියෝට් කෙනෙක් වුන Anti-venomව නිර්මාණය කලේ Dan Slott සහ John Romita Jr. විසින්.. පලවෙනි වතාවට Anti-venomව බලාගන්න ලැබෙන්නෙ 2008දි නිකුත්කරපු Amazing Spider-Man #569 කොමික්📖️ එකෙන්..ඒවගේම 2011දි Amazing Spider-Man #671 කොමික්📖️ එකේදි Anti-venom මැරෙනවා.
Anti-venomගෙ කතාව සිද්ධවෙන්නෙ කොහොමද කියල අපි දැන් බලමු.👇👇
ගොඩක් කට්ටිය දන්න විදිහට එඩී බ්රෝක් තමයි වෙනම්. ඒත් වෙනම් ගැන කලින් ලියපු පෝස්ට් එකේදි මම කිව්ව එඩී ඇරුනම තවත් Hostල(ධාරකයො) එක්ක වෙනම් සිම්බියෝට් සම්බන්ධ වෙලා තියෙනවා කියලා.(Hostල listඑකක් වෙනම් ගැන ලියපු පෝස්ට් එකේ තියෙනව) ඉතින් ඔයවිදිහට එකපාරක් වෙනම් සිම්බියෝට් එඩීගෙන් වෙන්වෙලා ඉද්දි Mac Gargan(Scorpion)ට සම්බන්ධ වෙන්න Venom symbioteට සිද්ධවෙනවා. ඒත් වෙනම් නොහිතපු විදිහට තමන්ට Macව පාලනය කරන්න බැරිවෙනවා. ඒවෙනුවට Mac වෙනම්ව පාලනය කරනවා. මේ මැක් ගාගන් තමයි Scorpion කියන ස්පයිඩිගෙ හතුරා. මැක්ට ස්කෝපියන් කියන්නෙ මිනිහ ගෝනුස්සෙක්(scorpion) වගේ ඇඳුමක් යොදාගෙන අපරාධ කරන නිසා.( Spider-man homecoming එකෙන් මැක්ව බලාගන්න ලැබුණු නිසා.ඉස්සරහට mcuඑකෙන් ස්කෝපියන් විදිහට මැක්ව බලාගන්න ලැබෙයි.)
ඉතින් වෙනම් සිම්බියෝට් සම්බන්ධ වුණාට පස්සෙ අලුත් වෙනම් කෙනෙක් විදිහට අපරාධ කරමින් මැක් ඉද්දි නෝමන් ඔස්බෝන් (green goblin) හදපු Thunderbolts කණ්ඩායමට මැක්ගෙ වෙනම්වත් බඳවාගන්නවා. (Thunderbolts කියන්නෙ DC comicsවල තියෙන Suicide Squad වගේ කණ්ඩායමක්)
මේ දේවල් වෙන අතරෙ එඩී ඉන්නෙ තමන්ට තියෙන පිළිකාවෙ අන්තිම අවධියෙ. ඉතින් එඩී Our Lady of Saints Churchඑකේදි දෙවියන්ගෙන් තමන් කරපු වැරදි වලට සමාව ඉල්ලලා යාච්ඤා කරමින් ඉද්දි Martian Li එතනට එනවා.( මාටින් ලී කියන්නෙ Mr. Negative, සහ F.E.A.S.T. එකේ අයිතිකාරයා ) ඉතින් මාටින් ලී, එඩීට Jobඑකක් විදිහට FEASTඑකේ ඉන්න අසරණ අයට පිහිටවෙන්න අවස්ථාවක් දෙනවා.
F.E.A.S.T. (Food, Emergency Aid, Shelter and Training) කියන්නෙ අසරණයින්ට පිහිටවෙන්න හදපු සංවිධානයක්. කියලා සමහරු හිතන් හිටියට ඇත්තටම F.E.A.S.T. කියන්නෙ Mister Negativeගෙ Inner Demons කණ්ඩායමේ secret operation baseඑක සහ තමන්ගෙ අපරාධ වහගන්න හදපු තැනක්.😈😈
එඩී FEAST centerඑකේ ඉන්න අතරෙ මාටින්(Mr. Negative) තමන්ගෙ powersවලින් හැමෝටම හොරෙන් එඩීගෙ පිළිකාව සුවකරනවා. මේ සුවවීමෙදි එඩීගෙ රුධිරයේ ඉතුරුවෙලා තිබුණු සිම්බියෝට් අවශේෂ කොටස් සුදු රුධිරාණු සෛල එක්ක එකතුවෙලා ටිකෙන් ටික අලුත් සිම්බියෝට් කෙනෙක් හැදෙමින් තියෙනවා.
ඔය අතරෙ Thunderboltsලා Spider-manව හොයාගෙන ගේමක් දෙන්න යනවා. ඉතින් Mac Gargan/වෙනම් ඔහොම ස්පයිඩිව හොයද්දි එඩීව දකිනවා. ඉතින් Venom symbiote ලීව දාලා එඩීගෙ ළගට යන්න හදනවා. ඒත් ඒවෙලාවෙදි වෙනම්ව ප්රතික්ෂේප කරන එඩීගෙ ඇගෙන් අලුත්ම සිම්බියෝට් කෙනෙක් මතුවෙනවා. ඒ තමයි Anti-venom.🔥🔥
ඉතින් මේ Anti-venomට තිබුනෙ Anti-venom powers.😁 ඒකියන්නෙ වෙනම්ට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන් powers. ඒවගේම ඕනම රෝගයකට ප්රතිදේහ නිපදවීමේ හැකියාවක් තිබුණා. ඒකනිසා Spider-virus එකට ප්රතිකාරකයක් විදිහට පාවිච්චි කරන්න ගිහින් මේ Anti-venom symbiote විනාශ වෙලා ගියා.( Spider-Virus කියන්නෙ Peterගෙ පටක සාම්පල් එකක් භාවිතා කරලා Jackal විසින් හදපු වෛරස් එකක්.මේකෙන් මිනිස්සු මකුළුවො වගේ විකෘති වෙනවා.)
2018දි ඩොක්ටර් ස්ටීවන් anti-venom symbioteගෙ ඉතුරු වුණ කොටස් පාවිච්චි කරලා වෙනම් සිම්බියෝට් එඩීව පාලනය කරන එකට විරුද්ධව ප්රතිකාරකයක් හදනවා. එඩී මේ ප්රතිකාරකය ගන්න ගිය වෙලාවෙදි ෆ්ලෑෂ් තොම්ප්සන් එතනට එනවා.🆚
(Eugene Flash Thompson කියන්නෙ Midtown High school එකේදි පීටර්ට(ස්පයිඩි) වාතයක් වෙලා ඉදපු(පීටර්ව bully කරපු) එකා. පීට් ට Spider powers ලැබුනට පස්සෙ high school එකේදි දෙන්නගෙ ෆයිට් එකකින් පීටර් ගේමක් නැතුවම දිනනවා. ඒකට පස්සෙ ෆ්ලෑෂ්, පීට්ගෙ යාළුවෙක් වෙනවා. ඒත් ෆ්ලෑෂ් දන්නෙ නෑ පීට් තමයි Spider-man කියලා. කොහොමවුනත් ෆ්ලෑෂ් ස්පයිඩිගෙ පට්ටම රසිකයෙක්. මිනිහා Spider-man fan clubඑකකුත් හදනවා. පස්සෙ කාලෙදි U.S. Armyඑකට එකතුවෙන ෆ්ලෑෂ් ඉරාකෙදි තමන්ගෙ සහයකයව බේරගන්න ගිහින් කකුල් දෙක නැතිවෙනවා. කාලෙකට පස්සෙ ෆ්ලෑෂ් Venom symbiote එක්ක සම්බන්ධ වෙලා Agent venom විදිහට වැඩකරනවා.ඒත් පස්සෙ ආපහු වෙනම් එඩී ළඟට යනවා. )
Flash එඩීව හොයාගෙන එන්නෙ එඩීගෙන් ආපහු වෙනම් සිම්බියෝට්ව බලෙන්ම ගන්න. වෙනම්ගෙත් ෆ්ලෑෂ්ට අකමැත්තක් නෑ. ඒ එඩී වෙනම්ගෙ පාලනය ගන්න හැදුවත් ෆ්ලෑෂ් වෙනම්ගෙ යාළුවෙක් වගේ ඉන්න නිසා. ඉතින් දෙන්නා වෙනම්ට රණ්ඩු කරන අතරෙ කලින් කියපු අධිසාණ්ද්ර ප්රතිකාරකය ෆ්ලෑෂ් එක්ක ඒවෙලාවෙදි සම්බන්ධ වෙලා හිටපු වෙනම් සිම්බියෝට්ගෙ ඇඟට වැටිලා ආයෙමත් Anti-venom කෙනෙක් හැදෙනවා. මේ Anti-venom symbioteගෙ ධාරකයා වුනේ ෆ්ලෑෂ් තොම්ප්සන් එහෙමත් නැත්තම් ඒජන්ට් වෙනම් නිසා මේ දෙවෙනි Anti-venomව හඳුන්වන්නෙ "Agent Anti-venom" කියලා.
කොහොමවුනත් Agent Anti-venom විදිහට ඉද්දි ෆ්ලෑෂ් Red Goblin අතින් මැරෙනවා. ඒත් එක්කම Anti-venom Symbioteත් මැරෙනවා.(Red Goblin කියන්නෙ කවුද කියලා දන්නෙ නැත්තම් මම කානේජ් ගැන ලියපු පෝස්ට්එක කියවන්න.ඒකෙන් හම්බවෙයි.) මෙතනදි Miles morales, Human torch, Silk හොඳටම ගුටිකාලා අසාධ්ය වෙලා ඉන්නෙ. ඉතින් මෙහෙම දිගටම හිටියොත් Red goblin අනිවාර්යයෙන්ම ඒ අයව මරණවා. ඉතින් ෆ්ලෑෂ් තමන් ගැන නොහිතා ඒඅයව සුවකරනවා. මේනිසා Anti-venom symbiote දුර්වලවෙලා ඉන්න අතරතුරේ Red goblin ෆ්ලෑෂ්ව මරණවා.
Agent Anti-Venomව නිර්මාණය කලේ පරණ Anti-venomව නිර්මාණය කරපු Dan Slott, සහ Ryan Stegman විසින්.
Agent anti venomව මුලින්ම අපිට දකින්න ලැබෙන්නෙ 2018 Amazing Spider-Man: Venom Inc. Alpha #1 කොමික්📖️ එකෙන්. ඒවගේම අන්තිමට බලාගන්න ලැබුණෙත් 2018දීම Amazing Spider-Man #800 කොමික්📖️ එකෙන්.
ඕක තමයි Anti-venomගෙ කතාව..දැන් Anti-venomගෙ අනිත් විස්තර බලමු..👇👇
POWERS AND ABILITIES :
• වෙනම්ගෙ සියලුම හැකියා සහ ස්පයිඩිගෙ හැකියා Anti-venomටත් තියෙනවා.(Venom postඑක කියවල එන්න කිව්වෙ ඒකයි.😉)
• ඒවගේම Anti-venomගෙ ස්පර්ශයට අනිත් සිම්බියෝට්ලව පිච්චෙනවා. හරියටම කියනවනම් Anti-venomව ගෑවුණොත් අනිත් සිම්බියෝට්ලට ඇසිඩ් එකක් ගෑවුනා වගේ.(විශේෂයෙන්ම වෙනම් සිම්බියෝට්ව)
• ස්පයිඩිගෙ Spider-sense වගේ අනතුරු හඳුනාගැනීමේ හැකියාවක් Anti-venomටත් තියෙනවා. ඒත් Anti-venomගෙ මේ හැකියාව ස්පයිඩිට වඩා දියුණුයි.💢
• ඇඳුම් විදිහට වෙනස්වෙන්න වගේම,නොපෙනීයාමේ හැකියාවක් Anti-venom සතුයි.👕👖👗
• ඒවගේම Anti-venom හානිවීම්වලට පට්ටම ප්රතිරෝධීයි.
• අනිත් සිම්බියෝට්ලගෙ දුර්වලතාවය වුන ශබ්දයෙන් , තාපයෙන් Anti-venomට හානි කරන්න බෑ.🔥🔊
• අනිත් සිම්බියෝට්ලට වඩා සුපිරි Healing Factor(සුවවීමේ හැකියාව) එකක් Anti-venomට තියෙනවා. ඖෂධ වලින් සුවකරන්න බැරි රෝග පවා ප්රතිදේහ හදලා සුවකිරීමේ හැකියාවක් Anti-venomට තියෙනවා.(ධාරකයවත්, වෙනත් අයවත් සුවකිරීමේ හැකියාවක්)
• පුද්ගලයෙක්ගෙ ශරීරයෙ තියෙන ආගන්තුක ද්රව්ය(වෛරස්,විකිරණ,සිම්බියෝට්ලා,මත්ද්රව්ය වගේ දේවල්) සංවේදනය කරන්න Anti-venomට පුළුවන්. ඒවගේම මේ ද්රව්ය ඉවත් කරන්නත් Anti-venomට පුළුවන්.
(මේනිසා Anti-venomට Spider-manගෙ Radioactive-blood(විකිරණශීලි ලේ) සාමාන්ය තත්ත්වට පත් කරන්න පුළුවන්.ඒකියන්නෙ ස්පයිඩිගෙ powers නැතිකරන්න පුළුවන්.)☢️☢️
Anti-venomගෙ දුර්වලතා ගැන කිව්වොත්,
• නෝමන් ඔස්බෝන් හදපු විෂකට Anti-venom ඉතාමත්ම දුර්වලයි.
EXTRAS :
• Anti-venomට හැඟීම් දැනීමක් නෑ.
• ඒවගේම Anti-venomට මනසක් නෑ.ඒකනිසා ධාරකයට සිම්බියෝට්ගෙ සම්පූර්ණ පාලනය ලැබෙනවා.(Anti-venom කියන්නෙ ධාරකයාම විතරයි.)
• Anti-venom කියන වචනෙ "ඇන්ටි-වෙනම්" සහ "ඇන්ටයි වෙනම්" කියල තැන් කිහිපයකදීම විවිධ චරිත විසින් හදුන්වලා තියෙනවා.
• 📺 Anti-Venomව Ultimate Spider-Man animated seriesඑකෙන් බලාගන්න පුළුවන්. ඒකෙදි නම් Anti-venomව Micheal Morbius(The living vampire) සහ Doctor Octopus එකතුවෙලා Venomගෙ sample එකකින් තමයි හදන්නෙ. ඒවගේම host විදිහට ඉන්නෙ හැරී ඔස්බෝන්.(මේ seriesඑකෙන් වෙනම්ව, කානේජ්ව, ඒජන්ට් වෙනම්වත් බලාගන්න පුළුවන්.)
Anti-venom ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඉතින් අද පෝස්ට් එක මෙතනින් ඉවරයි. ඊලඟ පෝස්ට් එක දාන්නෙ කට්ටියගෙ කැමැත්ත මත. Symbiotes පෝස්ට් සීරිස් එකෙන් කතාකරන්න ඉතුරුවෙලා තියෙන්නෙ Toxin, Mania, Scorn, Knull කියන සිම්බියෝට්ලා ගැන විතරයි. ඉතින් කට්ටිය ඊලඟට දාන්න ඕනෙ කවුරු ගැනද කියලා comment කරන්න. එහෙනම් තවත් පෝස්ට් එකකින් හම්බවෙමු.
Excelsior !!!
✍️ Written by Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List