Dr.Amara Perera‍

මම කලින් පෝස්ට් එකක් දැම්ම Marvel Universe එකේ ඉන්න ලංකාවෙ දෙන්නා කියල(senyaka සහ Dr.Amara Perera‍)
ඉතින් කීප දෙනෙක් කිව්ව ඒ දෙන්න ගැන පොඩි විස්තරයක් දෙන්න කියල.මම කලින් එහෙම එකක් කරල නෑ මේ පලවෙනි එක ඒනිසා අම්බානෙකට වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන් ඒ හැම එකකටම සමාවෙන්න.
අමාරා පෙරේරා කියන Character එක ඉන්නෙ Marvel Universe එකේ Earth 616 කියන Earth එකේ ඒක තමයි ප්‍රධානම Earth එක එකේ තමයි Avengers, Fantastic Four, Inhumans ආදි අපි දන්න ඔක්කොම චරිත ඉන්නෙ.
මෙයාව මුලුන්ම හදුන්වල දෙන්නෙ 2015දි Invincible Iron Man Vol 2 #1 එකේදි.
අමාරා පෙරේරා කියන්නෙ භෞතචිකිත්සක කෙනෙක්.ආයෙ කියන්න ඕන නෑනෙ මෙයා ඉපදුනේ හැදුණෙ වැඩුනෙ ලංකාවෙ.මෙයා බෙහෙතක් නිර්මාණය කරනව mutant ජාන වලින් Mutantsලට abilitiesලැබෙන එක නවත්තන්න පුලුවන් වෙන විදියෙ. නමුත් මේක theoretically විතරයි මොකද ඒ බෙහෙත මෙයා නිර්මාණය කරන්න‍ෙ නැහැ මේක නිර්මාණය කලොත් සිදුවෙන සමාජීය බලපෑම ගැන හිතල.
පස්සෙ මෙයාට ටෝනි ස්ටාක්ව හම්බෙනව ඩුබායිවල තියන සමුළුවකදි .ටෝනිට මෙයායි ආදර සම්බන්ධයක් පටන් ගන්නව (අපේ බාසාවෙන් කිව්වොත් ටෝනිට මෙයාව සෙට් වෙනව:3).පස්සෙ මේ දෙන්න New York වලදි ආයෙ හම්බෙනව එතනදි මෙයා ස්ටාක්ට අර බෙහෙත ගැන කියනව. පස්සෙ ටෝනි එනව අමාරාගෙ lab එකට.එතනදි අමාරාට ප්‍රථම හාදුව ලැබෙනව 
ටෝනිගෙන්:v

කෙහොම වුනත් අනිත් හැම එකක්ම වගේ මේ සම්බන්දෙත් කැඩෙනව.පස්සෙ අමාරා ආයෙ ලංකාවට එනව. කොහොමෙන් කොහොම හරි මෙයාට Victor von Doomව හම්බෙනව.Victor von Doomතමයි සුපිරිම විලන් කෙනෙක් වන Doctor Doom බවට පත් වෙන්නෙ.එයා මෙයාට Cambridge Universityඑකේ ලැබ් එකක් පවා සෙට් කරල දෙනව රිසර්ච් එක ඉස්සරහට කරගෙන යන්න එහෙම යද්දි ටෝනි ආපහු ඇවිත් මෙයා එක්ක සෙට් වන්න ට්‍රයි කරනව.අමාරා මේ සැරේ ටොනිව රිජෙක්ට් කරනව.වික්ටර් Doctor Doom උනාට පස්සෙත් අමාරා එක්ක connection දිගටම තියාගන්නව.මේ නිසා S.H.I.E.L.D. එකත් මෙයාගෙන් කීප සැරයක්ම ප්‍රශ්න කිරීම් කරනව කොහොම හරි මෙයාව ලැබ් එකෙනෙුත් අස් කරනව.වික්ටර් මෙයාව හම්බෙන්න ලැබ් එකට ආපු වෙලාවක The Thing(fantastic 4 වල ඉන්න ගලක් වගේ ඩයල් එක:v) මෙතනට පැනල වලියක් යනව ඒ වලියෙන් ලැබ් එකත් කුඩුපට්ටම් වෙනව.ඔහොම කාලය ගතවෙද්දි මෙයා ප්‍රෙග්නන්ට් කියල දැනගන්නව.එතනින් පස්සෙ මෙයා ගැන සදහනක් නෑ .කෙහෙමවුනත් Victor von Doom හෙවත් Doctor Doomගෙ දරුවෙක්ව(නැත්තම් ටෝනි ස්ටාක්ගෙ දරුවෙක් වෙන්නත් පුලුවන්:3 දෙයියො තමයි දන්නෙ) බිහි කරන්න ඉන්නෙ මෙයා.
මෙයා ඉන්න කොමික්ස් ටික:
>Invincible Iron
https://getcomics.info/…/invincible-iron-man-1-12-tpb-vol-…/
අනිත් එක්කෙනා ගැන පස්සෙ විස්තරයක් දෙන්නම්.මේකෙ අඩුපාඩු ගොඩක් ඇති මොකද මම මේ වගෙ ලිපියක් කලින් ලියල නෑ ඒ හැම එකකටම සොරි වෙන්න ඕන.
අඩුපාඩු තියේ නම් කමෙන්ට් එකක් දාල දැනුවත් කරන්න.

Sanjula Liyanage

Our Facebook Group👇👇





Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List