Spider Man 2099

 
Spider-man 2099 (මිගෙල් ඔහාරා)

❤️🕷ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ ස්පයිඩර් වර්ස් එක..? කවුද ඒකෙ ඉන්නෙ කියන එක...ස්පයිඩර් වර්ස් එක කියන්නෙ ස්පයිඩර් මෑන්ල ගොඩකගේ එකතුවක්..ඒ කියන්නෙ ස්පයිඩර් මෑන්ල ගොඩක් ඉන්නවනෙ..මයිල්ස් මොරල්ස් , බෙන් රයිලි , ස්පයිඩර් මෑන් 2099 , අයන් ස්පයිඩර් මෑන් , ස්පයිඩර් ක්නයිට් ඒ වගේ හැමෝම පොදුවෙ ගත්තහම ඒ හැමෝටම පොදුවෙ කියන්නෙ ස්පයිඩර් වර්ස් එක කියල..😎🕷ඒ කියන්නෙ හැම ස්පයිඩර් මෑන් කෙනෙක්වම ගත්තහම හැමෝගෙම එකතුවට කියන්නෙ ස්පයිඩර් වර්ස් එක කියල. ප්‍රශ්න තියෙයිනම් අහපන්...😍ඉතින් මම මුලින් දෙන්නෙක් ගැන කිව්ව..පීටර් ගැනයි මයිල්ස් ගැනයි...😍අද කියන්න යන්නෙ ටිකක් වෙනස් කෙනෙක් ගැන..ඒ කියන්නෙ අනාගතේ ස්පයිඩර් මෑන් කෙනෙක් ගැන...නම තමයි ස්පයිඩර් මෑන් 2099 නොහොත් මිගෙල් ඔ'හාරා කියන්නෙ.🕷

❤️මුලින්ම කියන්න ඕනි ප්‍රධාන ස්පයිඩර් මෑන් 2099 ල දෙන්නෙක් ඉන්නව...ඒ දෙන්නව බෙදෙන්නෙ මෙහෙමයි...😍🕷

🕷1.Spider Man 2099 (Earth-6375) [පළවෙනි කමෙන්ට් එකේ ඇති මුගෙ පොටෝ එකක්]  |අල්ටිමේට් ස්පයිඩර් මෑන් කාටූන් සිරිස් එකේදි උබල දැකල ඇති මේ කියන එකාව..🕷

🕷2.Spider Man 2099 (Earth-TRN588)
[දෙවෙනි කමෙන්ට් එකේ ඇති මුගෙ පොටෝ එකක්]  |උබල දන්නව මේ දවස්වල ගොඩක් ජනප්‍රිය එමින් පවතින කොමික් එකක් තමයි Spider Man 2099... ඒකෙ තියෙන්නෙ මෙන්න මේ කියන ස්පයිඩර් මෑන් 2099 ගැන...❤️🕷

#😍මුලින්ම කතා කරන්න යන්නෙ Earth-6375 ස්පයිඩර් මෑන් 2099 ගැන (රතු නිල් කිට් එක)...දෙන්නෙක් ගැන කතා කරන්න තියෙන නිසා ටිකක් දිග පෝස්ට් එකක් වෙයි මචන්..එක දෙයක් ඉල්ලනව පටලවගන්න එපා දෙන්නව...🕷❤️

❤️🕷නිකුත් කිරීම - Marvel Comics

❤️🕷මුල් වරට හදුන්වාදීම - The Amazing Spider Man #365 (August 1992)

❤️🕷චරිත නිර්මාණය - පීටර් ඩේවිඩ් සමග රික් ලියොනාර්ඩි

😍*පවර්ස් ලැබෙන විදිහ ගත්තොත් වර්තමාන ස්පයිඩර් මෑන්ගෙ විදිහටම තමයි මූටත් පවර්ස් හම්බෙන්නෙ....ඒත් ටිකක් පවර්ෆුල් විදිහට...මොකද දැන් ඉන්න මකුලුව ටිකක් පරිණාමය වෙලා ඒ කාලෙට යද්දි ඌ වෙනස් වෙන නිසා කියල තමයි කියන්නෙ...ඒක නිසා ඉක්මනට හීල් වෙන බලයක් මූ සතුව තියනව...🕷

*මිගෙල්ව හැදින්වීමට යොදා ගත්ත තව නමක් තමයි මිගී කියන්නෙ...ඒ වගේම ගොඩක් ලොකු සදහනක් නැතත් Exiles , Alchemax වගේ කණ්ඩායම් වලට තමන්ගෙ සහයෝගය ලබා දීල තියෙන කෙනෙක් තමයි ස්පයිඩර් මෑන් 2099 කියන්නෙ....ඒ වගේම පට්ට පවර්ෆුල් Character එකක්...🕷

🕷විස්තරය - මිගෙල්ගෙ අම්මගෙ නම තමයි කොන්චටා ඔ'හාරා කියන්නෙ...එතකොට තාත්ත තමයි ටයිලර් ස්ටෝන් කියන පොර...ඒ වගේම ගේබ්‍රියල් ඔ'හාර කියල සහෝදරයෙකුත් ඉන්නව...තව ගේබ්‍රි ඔ'හාර කියල පුතෙකුත් ඉන්නව...මිගෙල් ඔ'හාර ගැන ගත්තොත් සාමාන්‍ය වැඩුණ තරුණයෙක්ගෙ ගාණ...උස අඩි 6'0 වගේ...බර 79 kg වගේ වෙනව....😍ඇස් වල වර්ණය දුඹුරු....හැබැයි මචන් මූනම් මෝඩයෙක් නෙවෙයි..පට්ට බුද්ධිමත් පොරක් කියල තමයි කියන්නෙ (විද්‍යාඥයෙක්)...ඒ වගේම මුගෙ බර ඉසිලීමේ හැකියාව කොහොමද කිව්වොත් අඩි සීයක ඉදන් පනින ගමන් ටොන් 20 වගේ උස්සගෙන ඉන්න පුලුවන් කියල තමයි කියන්නෙ .ඉතින් හිතහන් කොච්චර පවර්ෆුල් එකෙක් වෙන්න ඇතිද...🕷තව ගත්තොත් මූ පීටර්ව මුණගැහිල තියෙනව දෙතුන් පාරකදිම ඩිමෙන්ෂන් වල ගිය සීන් නිසා.😂 හැබැයි හම්බුණ සමහර අවස්ථාවල හායි මචන් ෆිට් එක කියල පිළිඅරගෙන නෑ...ගහගෙන තියෙනව අවස්ථාවකදි දෙකකදිම...හැබැයි පීටර් එක්කනම් ටිකක් අමාරු උනා කියල තමයි කියන්නෙ...හැබැයි පීටර්ට වඩානම් පට්ට පවර්ෆුල් Spider Man 2099..😍

🕷ඊලගට කතා කරන්න හදන්නෙ මුගෙ විශේෂ හැකියා පිළිබද...මම කලිනුත් කිව්ව මූ පට්ට පවර්ෆුල් Character එකක් කියල...උබලට තේරෙයි එහෙම කිව්වෙ ඇයි කියල..මූත් අයිති වෙන්නෙ මානව විකෘති (Human Mutate) ගණයට තමයි...🕷

🕷❤️1.සුපර් සෝල්ජ කෙනෙක්ගෙ වේගය , කල් පැවැත්ම , ශක්තිම කියන මේ දේවල් ගොඩක් වැඩියෙන් පිහිටල තියෙනව....තව ගත්තොත් නිල් පැහැති ඉතාමත් ශක්තිමත් මකුලු දැල් විදීමේ හැකියාවක් මූට තියෙනව ...පියාසර කිරීමේදී මකුලු දැල් අනිවාර්‍යයි...ඒ වගේම මහන්සිය දැනෙනව බොහොම අඩුයි...

🕷❤2.සාමාන්‍යය අපි දන්න ස්පයිඩර් මෑන් කෙනෙක්ට වඩා ශක්තියත් , ශබ්ද ඇසෙන ප්‍රමාණයත් සෙන්ස් එකත් බොහොම වැඩියෙන් පිහිටල තියෙනව....ඒ වගේම යම් කිසි සුවදක් ආඝ්‍රාණය කරල හදුනාගැනීමේ හැකියාවකුත් තියෙනව කියල තමයි කියන්නෙ....ටොන් විස්සක් තිහක් ගේමක් නැතුව උස්සගෙන යම් කිසි පෘෂ්ඨයක ඇවිදින්න උනත් පුලුවන්...😍

🕷❤️3.ඒ වගේම තවත් සුවිශේෂ හැකියාවක් තමයි වැඩි දියුණු කරපු හෙල්ත් එකක් එහෙම නැත්නම් ජීවයක් තියනව...තුවාල වීමේ සම්භාවිතාවය අනික් ස්පයිඩර් මෑන් කෙනෙක්ට සාපේක්ෂව ඉතාම අඩුයි...ඒ වගේම තමයි ඉක්මන් සුව වීමක් එහෙම නැත්නම් හීල් වීමක් පිහිටල තියෙනව(ඩෙඩ්පූල්ගෙ තරම් නැතත් ලොගාන් හා සමානව)....ඉතින් හිතහන් කොහොම පවර්ෆුල් වෙන්න ඇතිද කියල....😍

🕷❤️4.ඒ වගේම වැඩි දියුණු කරන ලද දැක්ම...එහෙම නැත්නම් විෂන් එක....ඒ කියන්නෙ මූගෙ හැකියාවන් අතරට (කිට් එකේ නැති ඒත් මිගෙල්ට උරුම) දුරේක්ෂ ඇස්...ඒ කියන්නෙ ගේමක් නැතුව ඉතාමත් දුර තියන දෙයක් බලාගැනීමේ හැකියාව පිහිටල තියෙනව...ඒ වගේම නයිට් විෂන් (අදුරේදී දැකිය හැකි) හැකියාවක් පිහිටල තියෙනව....ඊලග දේනම් ඇත්ත නැත්ත බොහෝ දුරට මම දන්නෙ නෑ...උබල දැකල ඇති MW3 , Black Ops III එකේ එහෙම තියෙනව බිත්තියෙන් එහා පැත්ත බලන්න පුලුවන් තුවක්කු...අන්න ඒ වගේ දැකීමේ හැකියාවක් ස්පයිඩර් මෑන් 2099 සතුව තියෙනව කියලත් කියනව...😍

🕷❤️5.බුද්ධිමය මට්ටම ඉතාමත් ඉතාමත් ඉහළ පුද්ගලයෙක් විදිහට මිගෙල් ඔ'හාරව හදුන්වාදෙන්න පුලුවන්...හැබැයි පීටර් තරම් කපටියෙක් නෙවෙයි..ඒ උනාට විශිෂ්ඨ බුද්ධිමත් ප්‍රයෝජනයට ගත්ත අවස්ථා අම්බානට තියෙයි...😍

🕷❤️6.ඊලගට කිව්වොත් ශබ්ද නොනැගෙන සේ ගමන් කිරීම..අත් ඇගිලි වලිනුත් පාද ඇගිලි උපයෝගී කරගනිමිනුත් කිසිදු ශබ්දයක් නොනැගෙන සේ ගමන් කිරීමේ හැකියාවක් මූ සතු වෙනව....බරක් ඔසවාගෙන බිමට පැන්නත් කිසිදු ශබ්දයක් නොනැගෙන විදිහට බිම පතිත වෙන්න මිගෙල්'ඔහාරට එහෙම නැත්නම් ස්පයිඩර් මෑන් 2099 ට පුලුවන්...ඒ වගේම කාබනික ශක්තිමත් මකුලු දැල් විදීමෙ හැකියාවක් මූ සතු වෙනව..😍

7.තව වායුතීරු සමග අස්ථායී අණුවලින් සැකසුන නොනැමෙන සුලු ඇදුමක් සහ ඒ ආශ්‍රිත ටෙක්නොලජි එකක් ස්පයිඩර් මෑන් 2099 සතු වෙනව...ඒ වගේම Reality Jumper කෙනෙක් හැටියට නම් කරල තියෙනව...😍

😍ඉතින් ගොඩක් අය ගොඩක් විස්තර දන්නෙ නැති උනාට ස්පයිඩර් වර්ස් එකේ ඉන්න ගොඩක් බලවත් චරිතයක් තමයි ස්පයිඩර් මෑන් 2099 කියන්නෙ....මුගෙ හතුරන් හැදෙන්නෙත් ඒ කාලෙට සාපේක්ෂව..ඒ කියන්නෙ මුගෙ Villainla ත් ගොඩක් බලවත් කියන එක...ඉතින් මූ ගැන විස්තර මෙච්චරයි...හැබැයි මූ සුපිරිම වැඩ්ඩෙක් තමයි....🕷

#😍ඊලගට කතා කරන්න යන්නෙ ඊලග ස්පයිඩර් මෑන් 2099 ගැන...ඒ කියන්නෙ Earth-TRN588 මිගෙල් ඔ'හාර ගැන....මූ ගැන ලොකු විස්තරයක් නෑ...කෙටියෙන් කියන්නම්...මොකද පවර්ස් ඇබිලිටි ඔක්කොම අරූට සමාන නිසා..සුලු සුලු වෙනස්කම් ටිකක් තමයි තියෙන්නෙ..😍🕷❤️ඒ ටික දන්න විදිහට කියන්නම්..❤️

🕷නිකුත් කිරීම - Marvel Comics

🕷මුල් වරට හදුන්වාදීම - Age Of Ultron #10 (August 2013)

🕷චරිත නිර්මාණය - ඩෑන් ස්ලොට් සමග පීටර් ඩේවිඩ්

*😍පවර්ස් ලැබෙන විදිහ ගත්තොත් මකුලුවෙක් දෂ්ඨ කිරීමෙන්ම නොවේ...උබල දන්නවනෙ මිගෙල් කියන්නෙ දක්ෂ විද්‍යාඥයෙක් කියල...තමන්ගෙ boss තමන්ට ගැලවෙන්න බැරි DNA වෙනස් කරන drug එකක් දුන්නට පස්සෙ ඒකෙන් ගැලවෙන්න පරීක්ෂණ කරමින් ඉද්දි ඉරිසියාකාරයෙක්ගෙ ක්‍රියාකලාපය නිසා තමන්ගෙ DNA නියැදිය Spider-man(Peter Parker)ව replicate කරන්න හදපු DNA නියැදියක් එක්ක මාරු වෙන නිසා තමයි මිගෙල් Spider-man 2099 වෙන්නෙ.

*ඒ වගේම අනික් ස්පයිඩර් මෑන් 2099 තරන්ම පවර්ෆුල් චරිතයක්...පවුල් පසුබිම අර වගේමයි...නමුත් ඇස් වල වර්ණය යම්තාක් දුරට රතු පැහැයක් අරගෙන තියෙනව...අයත් වෙන්නෙ මානව විකෘති කැටගරි එකටම තමයි...🕷❤️

🕷විද්‍යාඥයෙක් ඒ වගේම නිදහස් සටන්කරුවෙක්...❤️

🕷මූත් ස්පයිඩර් වර්ස් එකේ විශේෂ ඒ වගෙම පවර්ෆුල් චරිතයක් තමයි...හැකියා ටික බොහොම කෙටියෙන් කියන්නම්...මොකද කලින් කිව්ව එකා වග්ම තමා නිසා...මුගෙ කිට් එකේ පාටනම් රතු සුදු සහ යම් යම් තැන්වල කලු පැහැයක් ගන්නව..ශක්තිමත් ද්‍රව්‍යයකින් හදල තියෙන්නෙ...😍මුගෙ විශේෂත්වය තමයි පියාසර කිරීම සදහා මකුලු දැල් අත්‍යවශ්‍ය වෙන්නෙ නැහැ...මොකද ඇදුමෙ තියන බලයක් මගින් පියාසර කරන්න පුලුවන් නිසා...මූ ඉන්න Earth එකෙත් සිනිස්ට සික්ස් ඉන්නව...ඒ කියන්නෙ 2099 සිනිස්ට සික්ස්ල...🕷 

🕷තව මූට පුලුවන් යම්කිසි විද්‍යුත් ධාරාවක් නිපදවන්නත් ඒ මගින් පහර දෙන්නත් ඉලෙක්ට්‍රික් මකුලු දැල් නිපදවන්නත්....ඒ වගේම අනික් එකාට වගේම ශබ්ද නොනැගෙන සේ ගමන් කරන්න දකින්නත් , බර උසුලන්නත් පුලුවන්...ඒත් කලින් එකාගෙ තරම් දියුණු සුව වීමේ හැකියාවක්නම් නෑ.

🕷හැබැයි අනික් ස්පයිඩර් මෑන් 2099 වගේම ස්පයිඩර් වර්ස් එකේ බලවත් චරිතයක්...ඉතින් මූ ගැන ගොඩක් විස්තර සදහන් වෙන්නෙ නැත්තෙ තවමත් එමින් පවතින කොමික් එකක් නිසා...මමත් ආසම කොමික් වලින් එකක් තමයි..උබලත් කියවල බලහන්..පට්ට ස්ටෝරියක් තියෙනව...

🕷මුගෙ විශේෂත්වයක් තමයි මූට උපදෙස් දෙන කෙල්ලෙක් ඉන්නව Lyla කියල...අහ්..කෙල්ලෙක් නෙමෙයි..උබල දන්නවනෙ අයන් මෑන්ගෙ ජාර්විස්...අන්න ඒ වගේ AI එකක් තමයි Lyla කියන්නෙත්...

🕷ඉතින් මේක තමයි ස්පයිඩර් වර්ස් එක ගැන දාන තුන් වෙනි පෝස්ට් එක..මේක ස්පයිඩර් වර්ස් එකේ ඉන්න ස්පයිඩර් මෑන් 2099 ගැන දැම්මෙ...අඩුපාඩුනම් ගොඩක් ඇති...දිග නිසාම කියවන්නත් කම්මැලි ඇති ..😢මොනව උනත් මේක කියවල උබල දෙයක් දැනගත්තනම් ඒක තමයි මගේ උපරිම සතුට...ඊලග එකත් ඉක්මනට දෙන්නම්...කොස්මික් ස්පයිඩර් මෑන් ගැන ඉන්ෆොමේෂන් ගොඩක් නැති නිසා ඌ ගැන දෙන්න ටිකක් කල් යයි...එහෙනම් කියෙව්වට උබලට තෑන්ක්ස්...🕷
Our new Facebook Group👇👇

#NiRoShaN 
#Marvel_Universe 
#Spider_Man_Forever


Comments

  1. දිග ලිපි දාපං බං කියවන්න කියවන්න ආස හිතෙනවා ❤️🥰

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List