Marvel Future Fight

 මං මේ කියන්න යන්නේ Marvel Future Fight ගැන.

 එක පෝස්ට් එකෙන් හැමදේම කියන්න අමාරු නිසා කොටස් කිහිපයකට දෙන්නම්. මෙකෙන් කියන්නේ ගේම් එකේ බේසික් එක, ස්ටෝරිය වගේ දේවල්. 
ඉස්සෙලම කිව්වොත් මගේ පුද්ගලික අත්දැකීම් උඩ මෙක තමා දැනට තියන හොදම marvel mobile ගේම් එක. මෙ game එකේ developersලා තමා netmarble කියන company එක. මේ ගේම් එක ඉස්සෙලම හදුනවලා දුන්නේ 2015 අවුරුද්දේ. ඒ කියන්නේ මේක දැන් අවුරුදු 3ක් පරණයි. ඒක හින්දම තමා ඔයාලාට අලුතෙන් පටන් ගන්න මේක හොදම කාලේ වෙන්නේ. මොකද කියනවනම් 3 years anniversary එක වෙනුවෙන් අලුත් playersලට වගේම පරණ අයටත් ගොඩ free gift ඒවා මේවා හම්බෙනවා. 
හරි අපි බලමු ස්ටෝරිය මොකද්ද කියලා. කින්න කලින් මට සමාවෙන්න ඕනේ මට මුලම ටික පොඩ්ඩක් මතක නෑ දැන් මතක විදිහට කියන්නම්. ඉස්සෙලම අපිට ස්ටෝරියේ තියෙන්නේ Ultron පරද්දන්න. එක පාරම බෑ, ස්ටේජ් එකෙන් ස්ටේජ් එක යන්න ඕනේ. පස්සේ අපිට තියනවා Loki පරද්දන්න. මෙකෙදි අපිට ගොඩක් heroesලාත් එක්ක සටන් කරන්න. මොකද ලොකී එයාලගේ මනස පාලනය කරන නිසා. පස්සේ අපිට inhumansලාත් එක්කත් ගහගන්න තියනවා. (Maximums වගේ inhuman villainsලා) පස්සේ අපිට තියනවා Thor එක්ක එකතුවෙලා Ragnarok එක නවත්තන්න. මෙකේදි Odinගේ කඩුව suture අරගන්නවා. අපිට enchantress suture එක්ක සටන් කරන්න තියනවා. ඒ කඩුව අරන් ආපහු odinට දෙන්න ඒත් ගොඩක් අසාර්ථක වෙලා අන්තිමට ලොකු බැටල් එකක් යනවා New York Time Squareවල. අහ් අපිට හෙලාගේ වෘක්කයා එක්කත් සටන් කරන්න වෙනවා. ඔක්කොම ඉවර කරලා අන්‍තිමේ කඩුව ඕඩින්ට ලැබුනට ඔඩින්ගේ මනස suture අවුල් කරලා දැන් ඕඩින් asgardian army එකත් එක්ක පෘථිවිය විනාස කරන්න ඇවිල්ලා අපිට ඔඩින් එක්කත් සටන් කරන්න වෙනවා. ඔඩින්ව පැරැද්දුවහම 10වෙනි chapter එක ඉවර වෙනවා. 1st clear reward එක විදිහට ඔඩින්වත් හම්වෙනවා (rank 1 හම්බෙන්නේ. Character bildup එක ගැන වෙනම කියලා දෙන්නම්) 
ඊටපස්සේ තමා අන්තිම චැප්ටර් එක. එකේ තියෙන්නේ අපිට ultimateලා එක්ක එකතුවෙලා තානෝස්ව පරද්දන්න. මෙකෙදි anti-man වගේ villainත් එක්ක වගේම හීරෝස්ලා එක්කත් ගහගන්න වෙනවා. Black panther එහම මුලින්ම හිතන්නේ අපි වෙන dimension එකකින් ආපු කට්ටියක් කියලා. ඉතිං ඔහොම ඔහොම ගිහින් අන්තිමට තානෝස් එක්ක තමා ෆයිනල් බැටල් එක තියෙන්නේ. මෙකේ 1st clear reward එක විදිහට Blue Marvelව සහ C.T.P of Energy එකක් හම්බෙනවා (character bildupවල character එකෙ අමතර powers වැඩි කරන්න "custom gears" කියලා එකක් තියනවා. එකට දාන්නේ obelisk. Ctp කියන්නේ obeliskවලට වඩා පවර්ෆුල් ඉතාම කලාතුරකින් හම්වෙන එකක්.) ඔතනින් මේන් ස්ටෝරි ලයින් එක ඉවර වෙනවා. 
ඊටපස්සේ තියනවා dimension rift කියලා එකක්. එකේ character 15ක් වගේ ඉන්නවා. ඒ එක character එකකට එක ස්ටෝරිය ගානේ තියනවා. Dimension rift එක ගැහුවහම තමා dimension debris හම්බවෙන්නේ. මෙවගෙන් තමා character gears level 10න් පස්සේ 20 දක්වා up කරන්න ඕනේ වෙන්නේ. ඊට අමතරව comic card හම්බවෙනවා. මෙ කොමික් card 5ක් එකවර අපිට යූස් කරන්න පුලුවන්. කොමික් කාඩ් වලින් වෙන්නේ අපේ characterවල basic state එක වැඩි කරලා දෙන එක. (Hp,attack,defense) ඊටපස්සේ අපිට daily missions දෙකක් ගහන්න තියනවා දවසට. තෝරගන්න 3ක් තියනවා. පළවෙනි එකෙන් iso8, දෙවනි එකෙන් character level up xp chips + golds තුන්වෙනි එකෙන් m'kran shard(x-men ලව mystery කරන්න(පස්සේ කියලා දෙන්නම්))
හම්බෙනවා. ඊටපස්සේ timeline battleස් කියලා තියනවා දවසට 10ක් ගහන්න. මෙකෙදි අනිත් playersලා එක්ක ගහගන්න තියෙන්නේ. ඊටපස්සේ තියෙන්නේ alliance challenge කියලා. මේක ගැහුවහම gold, biometrics(character rank up කරන්නෙ මෙකෙන්) clear tickets(3s ගහපු missions ආයේ play නොකර ටිකක් එකක් දීලා ගැහුවා වගේ clear කරන්න පුලුවන්) වගේ දේවල් හම්බවෙනවා. ආයේ තියනවා special missions 20ක් මේවා ගැහුවහම ,biometrics and custom gears (obelisk) හම්වෙනවා.
ඊටපස්සේ තියෙන්නේ world bosses කියලා එකක් මෙකේ කොටස් දෙකයි. එක කොටසක් තමා black oder එක. මෙකේදි අපිට තානෝස්ගේ ළමයි එහෙමත් නැත්තං බ්ලැක් ඕඩර් එකත් එක්ක සටක් කරලා තානෝස් infinity stones ගන්න එක නවත්තන්න තියනවා. අන්තිමට තානෝස්ටත් ගහන්න ඕනේ. අනිත් කොටස තාඅ x-men age of apocalypse මෙකෙදි quicksilver, Scarlet witch, cable එක්ක සටන් කරලා අන්තිමට apocalypse එක්කත් සටන් කරන්න තියනවා. මීටඅමතරව epic quest කියලා එකක් තියනවා මෙකෙත් කොටස් දෙකයි එකක් dr.strange ගේ එක. අනිත wolverine ගෙ කොටස. මෙ දෙක ටිකක් අමරුයි, මෙක complete කරන්න ඕනේ ඩක් සහ වුල්වි අප් කරන්න. Shadowlandඑක ගැනම් දැන්ම දැනගන්න ඕනේ නෑ. ඕක තමා බෙසික්ම ටික ගේම් එකේ. Character බිල්ඩ්අප් එක තවත් සංකීර්ණ උනා මේ අලුතෙන් ආපු infinity war update එකත් එක්ක. අහ් කියන්න අමතක උනා thor ragnarok එකේ ඉදන් ඊටපස්සේ එන හැම marvel film එකකම " legendary Battles" කියලා අපිට ගහන්න ස්ටෝරියක් එනවා. තමා character bildup එක ගැන පෝස්ට් එකක් පස්සේ දාන්නම්. 
ගේම් එකෙදි අපිට alliance එකකට ජොයින් වෙන්න පුලුවන්. මට කරන උදව්වක් විදිහට අපේ alliance එකට join වෙන්න. SL AVERAGES X කියලා search කලාම එනවා. එවගේම ගේම් එක ගහද්දි එන හැම ප්‍රශ්නයක්ම මගෙන් අහන්න කියලා දෙන්නම්
#
Chathura Ishtaweera






Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List