Free Avengers Infinity War Ticket Giveaway Contest

SL Marvel Fans' United විසින් සංවිධානය කරන ලද Infinity War සදහා ටිකට් පත් ලබා දීමේ තරගයේ ජයග්‍රහකයන් තේරූ වගයි.
Black Panther තිරගත වීමත් සමගම Group එකේ යහපත හා Marvel රසිකයන්ගේ යහපත උදෙසා අප නව වැඩකට අත ගැසූ බව ඔබ කව්රුත් දන්නවා ඇති. ඒ තිරගත වන නවතම Marvel චිත්‍රපට සදහා ටිකට් පත් ලබා දීම. ඒ සදහා ඔබ කල යුතු වූයේ Marvel Characters ගැන විස්තර කෙරෙන ගුණාත්මක ලිපි පල කිරීම පමණයි. ඒ අතරින් හොදම ලිපි 2 පල කරන්නන් තෝරා ඔවුන්ට ටිකට් පත් ලබාදීම අප සිදු කරනවා. එසේම මෙවර Infinity War නැරඹීම සදහා වාසනාව උදාකරගත් වාසනාවන්තයින් වන්නේ NiRo ShAnJayaSooriya සහ Roshiths Vihanga යන දෙපලයි. එම ජයග්‍රහකයන් දෙදෙනාට 27 වන දින උදෑසන 10.30 Scope හි ප්‍රථම දර්ශන වාරයේ Infinity War නැරඹීමට අවස්ථාව උදා වෙනවා. ඉදිරියේදීද මෙවන් අවස්ථා ඔබ වෙත ලබා දීමේ අපේක්ෂාවෙන් අප සිටින අතර. ඔබද එහිදී උත්සාහ කර ජයග්‍රාහී වාසනාවන්තයෙක් වන්න.
ස්තූතියි
මීට ඇඩ්මින් මණ්ඩලය

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List