Spider Man
❤️🕷ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ ස්පයිඩර් වර්ස් එක ? කවුද එකේ ඉන්නෙ කියල...මම ඕගොල්ලන්ට කලිනුත් කිව්ව ස්පයිඩර් වර්ස් එක ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්නම් කියල..ෆෝන් එක රීසෙට් උන නිසා පොඩ්ඩක් පරක්කු උනා.මුලින්ම බලමු මොකක්ද මේ ස්පයිඩර් වර්ස් එක කියන්නෙ කියල.ස්පයිඩර් වර්ස් එක කියන්නෙ ස්පයිඩර් මෑන්ල ගොඩකගේ එකතුවක්..ඒ කියන්නෙ ස්පයිඩර් මෑන්ල ගොඩක් ඉන්නවනෙ..මයිල්ස් මොරල්ස් , බෙන් රයිලි , ස්පයිඩර් මෑන් 2099 , අයන් ස්පයිඩර් මෑන් , ස්පයිඩර් ක්නයිට් ඒ වගේ හැමෝම පොදුවෙ ගත්තහම ඒ හැමෝටම පොදුවෙ කියන්නෙ ස්පයිඩර් වර්ස් එක කියල..ඒ කියන්නෙ හැම ස්පයිඩර් මෑන් කෙනෙක්වම ගත්තහම හැමෝගෙම එකතුවට කියන්නෙ ස්පයිඩර් වර්ස් එක කියල.😍ප්‍රශ්න තියෙයිනම් අහපන්...ඉතින් මම මුලින්ම කියන්න හදන්නෙ අපි කවුරුත් දන්න ස්පයිඩර් වර්ස් එකේ ප්‍රධානම චරිතෙකුත් මාවල් යුනිවර්ස් එකේ ප්රධානමම චරිතෙකුත් වෙන ස්පයිඩර් මෑන් ගැන ඒ කියන්නෙ පීටර් පාකර් ස්පයිඩර් මෑන් ගැන...මම හිතන්නෙ ස්පයිඩර් මෑන් ගැන නොදන්න කෙනෙක් නෑ..හරි කෙලින්ම කතාවට බහිමුකො...😍🕷මුලින්ම මම ලේසි වෙන්නත් එක්ක කොටස් කොටස් වලට දෙන්නම් ...😍
❤️🕷නිකුත් කිරීම - Marvel Comics
❤️🕷මුල් වරට හදුන්වා දීම - Amazing Fantasy #15 (අගෝස්තු 1962)
❤️🕷චරිතය නිර්මාණය - ස්ටෑන් ලී සමග ස්ටීව් ඩිට්කො
❤️🕷*බ්ලැක්කැට් එක්ක එකිනෙකාට උදව් කරගත්ත ටිකක් ප්‍රබල පාට්නශිප් එකක් තිබ්බ කියලත් කියනව
❤️🕷ඇවේන්ජර්ස්ලට , නිව් ඇවේන්ජර්ස්ලට , ඩේලි බග්ල් එකට ඒ වගේම Parker industries එකෙත් මූ වැඩ කරල තියනව
❤️🕷විස්තරය - පීටර් බෙන්ජමින් පාකර් කියන්නෙ උසස් පාසලක ඉගෙනගන්න ශිෂ්‍යයෙක්...මෙයාගෙ දෙමාපියන්ගෙ මරණයෙන් පස්සෙ ජීවත් උනේ බෙන් මාම සහ මේ ඇන්ටිත් එක්ක....ඉතින් හොදම යාලුව උනේ හැරී ඔස්බෝර්න් කියන එකා තමයි (ගොබ්ලින්ගෙ පුතා) , ඒ වගේම අපි හැමෝටම ඉන්නව වගේ මූටත් ක්‍රෂ් එකක් හිටිය 😂නම මේරි ජේන්....දැන් ගොඩක් අය කියයි නෑ ග්වේන් ස්ටේසි කියල...ඒක වෙනම යුනිවර්ස් එකක වෙනම කතාවක්...ඒත් පීටර්ගෙ ඇත්තම ක්‍රෂ් එක තමයි මේරි ජේන් වොට්සන් කියන චරිතය..ඉතින් ෆ්ලෑෂ් තොම්ප්සන් කියන්නෙ පීටර්ව හැම වෙලේම කොන් කරපු හැම වෙලේම චා කරපු එකෙක්....ඉතින් පීටර් පට්ට ආසයි පොටෝග්‍රැෆි වලට...😍දවසක් මුන් සෙට් එක මකුලු ප්‍රදර්ශනයක් බලන්න යනව...නමුත් එක මකුලුවෙක් දර්ශන පෙට්ටියෙන් මිස් වෙලා...කවුරුත් ඒ ගැන තැකීමක් කලේ නෑ...ම්ම් කොහොමහරි ඒ මකුලුව පීටර්ට දෂ්ඨ කලහම තමයි ඒ සුපිරි බලය ස්පයිඩර් මෑන්ට ලැබෙන්නෙ...ටිකක් සැහැල්ලුවෙන් විහිලුවක් දෙකක් කරගෙන හිටියට සෑඩ් මූමන්ට් වලදි තරහ ගියහම Unstoppable Character එකක් තමයි මූ...හොද උන්ට තරහ ගියහම දන්නවනෙ.😂ස්පයිඩර් මෑන්ගෙ මුල් කාලෙ ගැන වෙන කියන්න දෙයක් නෑ ඉතින්..Spider Man 2002 ෆිල්ම් එක ගහල තියෙන්නෙ සම්පූර්ණ කොමික් වලට සමානව..ඒක බැලුවහම ඇති මුල ටික දැනගන්න..නමුත් ස්පයිඩර් මෑන්ට සමාජෙ කෲර ක්‍රියාවලින් පළිගන්න ගොඩක්ම ඕනි උනේ බෙන් මාමව මිනීමරුවෙක් මැරුවට පස්සෙ...මන් තාමත් ආසයි මේ වාක්‍යයට..ඒක තමයි ස්පයිඩර් මෑන්ගෙ ආදර්ශ පාඨය...😍
❤️🕷"With Great Power Comes Great Responsibility"
❤️🕷විශේෂ හැකියාවන් - (අපි තවම ෆිල්ම් වලින් ස්පයිඩර් මෑන්ගෙ විශේෂ හැකියාවන් වලින් බාගයක්වත් දැකල නැහැ හරියට)
❤️1. ඉතාමත් තියුණු බුද්ධියක් තියනව (කොටින්ම කිව්වොත් කැරි කපටියෙක්)
❤️2.පලපුරුදු විද්‍යාඥයෙක් ඒ වගේම දේවල් නිපදවන්නෙක් සොයාගන්නෙක් (ටෝනි ස්ටාර්ක්ගෙ ටෙක්නොලජි එක පීටර් විසින් හැක් කරල තියනව කිහිප වතාවකදිම..ඉතින් හිතහන් කොහොම මොළයක්ද)
❤️3.සුපර් හියුමන් කෙනෙගෙ වේගය තියනව..ඒ වගේම කල් පැවැත්ම කඩිසර බව තියනව..සුපර් සෝල්ජ කෙනෙක්ට වඩා පට්ට ශක්තියක් වේගයක් ස්පයිඩර් මෑන්ට තියනව .(ෆිල්ම් වලනම් තවම උගෙ හැකියාවන් නොදියුණු නිසා ඒ ශක්තිය පෙන්වල නෑ...හරියට ගැහුවොත් කැපාටත් නෝ චාන්ස් ඉතින් , වොල්වරීන්ගෙත් බයවල් වලින් එකක් ස්පයිඩර් මෑන්)
❤️4.ඒ වගේම මුටම විශේෂ උන තව එක හැකියාවක් තමයි ස්පයිඩර් සෙන්ස් එක...දෙයක් වෙන්න තත්පරයකට දෙකකට කලින් ඒක දැනෙනව ඒ ක්ෂණයකින් ඒක වළක්වන්න පුලුවන් හැකියාව....
❤️5.තව ඕනම රලු පෘෂ්ඨ වල ගේමක් නැතුව යන්න ඉන්න ඕනිම පරිසර තත්වයකට හැඩගැහෙන්න පුලුවන්..
❤6.තව විශේෂ හැකියාවක් තමයි ඉතාමත්ම ශක්තිමත් මකුලු දැල් විදීම..කොමික් වලනම් වොල්වරීන්ටත් , ඉලෙක්ට්රටත් දෙපාරක් උත්සහ කරන්න වෙලා තියනව ස්පයිඩර් මෑන්ගෙ මකුලු දැල් කඩල දාන්න..ඉතින් හිතහන්කො ශක්තිය...
🕷*මාවල් යුනිවර්ස් එකේ පැණිය තමයි ස්පයිඩර් මෑන් කියන්නෙ....😂කෙල්ලො කෙල්ලො කෙල්ලො
😇❤️ඉතින් ස්පයිඩර් මෑන් තවම සිනමැටික් යුනිවර්ස් එකේ පොඩි නිසා ගොඩක් වැඩ කිඩ බලාගන්න තාම අපිට හම්බුනේ නෑ...කුන්ලන් වලිනුත් පන්නපු එකෙක් දරාගන්න බැරි ශක්තිමත් බව නිසා.....තව ස්පයිඩර් මෑන්ලගෙ ප්‍රධාන විලන්ලගෙන් කීපදෙනෙක් තමයි ගොබ්ලින් , ඩොක්ට ඔක්ටොපස් , වෙනම් , සෑන්ඩ් මෑන් කියන්නෙ....😍😎
😍❤️ඉතින් මෙතන ගොඩක් දේවල් කියල නැතුව ඇති..සමහර ඒව මගෑරිල ඇති..ඒත් උබලට පුලුවන් ඕනිම දෙයක් අහන්න..මම දන්න විදිහට අනිවාරෙන්ම කියාදෙනව....ස්පයිඩර් මෑන්ල හිතාගන්නවත් බැරි ගාණක් ස්පයිඩර් වර්ස් එකේ ඉන්නව..ප්‍රධාන උන් ඉන්නෙ විසි පහක් වගේ ඉතින් උන් හැම කෙනා ගැනම මේ විදිහට දෙනව...මේක තමා පළවෙනි එක..අඩුපාඩු ගොඩක් ඇති..ඒව කියාගෙන යන්න පුලුවන්නම් ලොකු උදව්වක්..ඕනිම ප්‍රශ්නයක් අහපන් දන්න විදිහට කියන්නම්.🕷🕷❤️😎😍
Comments
Post a Comment