Silver sufer

Silver sufer ව ඉතින් හැමෝම දන්නවා ඇතිනේ..ඒත් නොරින් කියන කෙනා silver surfer වුන විදිහ හා ඊට පස්සේ උන දේවල් ගොඩක් අය දන්නේ නැතුව ඇති..Fox හා Disney deal එක නිසා මෙයාව MCU movies වලත් ඉදිරියට දැක ගන්න පුලුවන් වෙයි..මේ ලිපිය ඒ ගැන...තව කියන්න ඕනේ මේක මගේ පලවෙනි ලිපිය අඩුපාඩු තිබ්බත් දැක්කේ නෑ වගේ ඉදපන් හොදේ 😂
ප්‍රකාශක - Marvel comics
මුල්ම පෙනීසිටිම - Fantastic Four #48 ( 1996 මාර්තූ )
නිර්මාණකරු - Jack kirby

මෙයා silver surfer වෙන්න කලින් නම නොරින් රැඩ් ඒ වගේම මෙයා ජීවත් උනේ සෙන්-ලා ( zenn-la ) කියන ග්‍රහලොවේ...ඔහොම ඉන්නකොට දවසක් ගැලැක්ටස් කියන තඩි cosmic ජීවියා(මෙයා ගැන කියනවනම් වෙනම ලිපියක් ලියන්න ඕනේ ) මේ සෙන්-ලා ග්‍රහලෝකේ විනාශ කරන්න එනවා( ගැලැක්ටස් ට ජීවත් වෙන්න ග්‍රහලොක කන්න ඕනේ )**මූ හෙන බඩජාරියා හැබැයි**ඉතිං මුගෙන් ග්‍රහලොකේ බේර ගන්න ඕනේ නිසා නොරින් යනවා මූත් එක්ක කතා කරන්න..මේ කතාවෙන් පස්සේ ගැලා කියනවා ග්‍රහලොකේ අත අරින්න ඕනේ නම් නොරින් ට ගැලැක්ටස් ගේ herald කෙනෙක් වෙන්න ඕනේ කියලා ( herald කෙනෙක් වෙනවා කියන්නේ ගැලාට කන්න සුදුසු ග්‍රහලෝක උට හොයලා දෙන එකෙක් වෙනවා කියන එක ) herald කෙනෙක් උනාම ගැලා ගේ cosmic power එකෙන් පොඩ්ඩක් heralds ලටත් දෙනවා..ඉතිං ඔය cosmic බලයෙන් නොරින් ට ලෝහ ශරීරෙකුයි surfboard 🏄 එකකුයි හම්බෙනවා ඔය surfboard එකේ පිහිටෙන් ආලෝකේ වේගෙටත් වඩා වේගයෙන් ගමන් කරන්න පුලුවන් වෙනවා..ඔන්න ඔහොම තමා silver surfer ව හැදෙන්නේ.
ඔහොම ගැලා ට කන්න ග්‍රහලෝක හොය හොය යද්දී නොරින්ට එක ග්‍රහලෝකයක් හම්බෙනවා ඒ වෙන මුකුත් නෙමෙයි පෘථිවිය..එතකොට තමයි මෙයාට Fantastic four කට්ටිය හම්බෙන්නේ ඉතින් මුලින් මේ කට්ටිය වලියට බර උනත් අන්තිමේදී නොරින් මේ දේ කරන්නේ ඇයි කියලා දැන ගත්තට පස්සේ මේගොල්ලෝ නොරින්ට උදව් කරන්න ලෑස්ති වෙනවා..ඉතින් නොරින් පෘථිවිය හොයා ගත්තූ නිසා ගැලාත් එනවා බඩජාරියා වගේ මේක කන්න ඒත් නොරින් සහා fantastic four එකතු වෙලා කොහොම හරි ගැලා ව පරද්දනවා..හැබැයි ගැලා පරාද වෙලා යන්නේ නිකන්නම් නෙමෙයි. යන්න කලින් නොරින් ව පෘථිවියෙන් එලියට යන්න බැරි වෙන්න බාධකයක් දාලා තමයි යන්නේ..
පෘථිවියේ ඉන්න කාලේ මෙයාට නිකන් ඉන්න හම්බෙන්නේ නෑ මෙයාගේ cosmic බලය ඕන වුන Doctor doom වගේ හතුරන් එක්ක මෙයාට සටන් කරන්න වෙනවා..තව Mephisto👹👹වගේ මෙයාගේ ආත්මය ලබා ගන්න හදපු යක්ෂයින් එක්කත් සටන් කරන්න වෙනවා..ඔය වගේ අභියෝග වලට මූන දෙන්න මෙයාට උදව් කරේ AI B. Harper කියලා පොරක්..අන්තිමේදි පොරටත් මැරෙන්න වෙනවා..😕

තව ඔය කාලය ඇතුලත නොරින් Hulk හා Namor එක්ක එකතු වෙලා "Titans Three" කියලා කණ්ඩායමක් හදාගෙන නරක දේවල් එක්ක සටන් කරනවා..ඔහොම යද්දී ඔය කණ්ඩායමට Doctor strange එකතු වෙලා ක්ණ්ඩායමට "The Defenders" කියලා නම දානවා ( ඔව් ඔව් අපි දන්න defenders ලා නෙමෙයි තමයි ) ඔය අතරේ නොරින් ගැලැක්ටස් එයාට දාපු බාධකය බිදලා පෘථිවියෙන් එලියට යන්නත් උත්සහා කරනවා..ඉතින් ඒක නිසා මෙයාට The Defenders කණ්ඩායමෙන් අයින් වෙන්නත් සිදු වෙනවා..
අන්තිමේදී මෙයා Reed richards ( Fantastic four එකේ නායකයා) උදව්වෙන් තාවකාලිකව පෘථිවියෙන් එලියට යන්න විදිහක් හොයාගෙන මෙයාගේ මව් ග්‍රහලොකෙ වන සෙන්-ලා වෙත යනවා..ගියාට පස්සේ තමයි මෙයා දැන ගන්නේ ග්‍රහලොකේ ගැලැක්ටස් විනාශ කරලා කියලා..තව මෙයාගේ කෑල්ල Shalla-Bal කෙල්ලව mephisto කියන යක්ෂයා ආයේ පෘථිවියට අරන් ගිහින් කියලා..ඉතින් නොරින් ග්‍රහලොකේ පැත්තකට දාලා මෙයාගේ කෑල්ලව බේරගන්න ආයේ පෘථිවියට එනවා..ඇවිත් Mephisto එක්ක සටන් කරලා පරද්දනවා..Mephisto පැරදුනාට මෙයාගේ කෑල්ලව ආයේ සෙන්-ලා වලට යවනවා..ඉතින් නොරින් ලග තියන cosmic බලෙන් පොඩ්ඩක් කෙල්ලටත් දීලා ආයේ පෘථිවියට ගෙන්න ගන්න පුලුවන් වෙනවා..මේ ලැබුන Comic බලෙන් මෙයාගේ කෙල්ල ගිහින් ආයේ සෙන්-ලා ග්‍රහලොකේ ජීවය ඇති කරනවා..ඒත් කොහොම හරි නොරින් ආයෙත් පෘථිවියෙ හිර වෙන්න සිද්ද වෙනවා.

ආයෙත් කොහොම හරි තාවකාලිකව පෘථිවියෙන් එලියට යන්න විදිහක් මෙයා හොයා ගන්න පුලුවන් වෙනවා..ඔහොම ගිහින් නොරින් Nova කියන ගැලැක්ටස් ගේ අලුත් herald ව කරදරයකින් බේර ගන්නවා ඉතින් ඒකට උදව්වක් විදිහට ගැලැක්ටස් මෙයාට දාපු බාධකය අයින් කරලා දාන්න කැමති වෙනවා..ඉතින් නොරින් සතුටින් ආපහු සෙන්-ලා වලට යනවා..හැබැයි පොර හිතන් යන විදිහට නෙමෙයි දැන් ග්‍රහලොකේ තියෙන්නේ..
YeSHaN
Source - Wikipedia,wikia

Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List