Ronin

Ronin ?💀 කවුද මේ රොනින්
Marvel හි රොනින් ගැන කතා කරන්න කලින් අපි බලමු රොනින් කෙනෙක් කියන්නේ කවුද ? ඇයි එහෙම කියන්නේ කියලා
🔴සත්‍ය ලෝකේ රොනින් වරයකු ?
ලෙස හදුන්වන්නේ ජපානයේ වැඩවසම් සමයේ (1185–1868) තුල මාස්ටර් කෙනෙක් නැති සමුරායිවරයෙක්ට හෝ මාස්ටර් මිය ගිය සමුරවයෙක් නැතහොත් අප්‍රසාදයට හෝ ගෞරවය අහිමි වුන මාස්ටර් කෙනෙක්ගේ සමුරවරයකු වීම නිසා ඔවුන්ව හදුන්වන්නේ Ronin ලෙසින්. තනි වූ රණශූරයා ලෙසද හදුන්වනු ඇත (lone warrior)
Ronin වරු අශ්රිතයෙන් සත්‍ය කතාවක් පදනම් කරගෙන චිත්‍රපටයක්ද පවා 2013 අධ්‍යක්ෂණය කරා ඒ Keanu Reeves රගන 47 ronin.මේ චිත්‍රපටය නිපදවෙන්නේ 18වන සියවසේ තමන්ගේ මාස්ටර් අහිමු වූ සමුරාවරු 47ක් ගේ සිද්ද්යක් සම්බන්ද කොටගෙන.වැඩිය ඒ ගැන කතා කරන්න යන්නේ නැ අපි කොමික් චරිතය දෙසට හැරෙමු 🎲
♥️Ronin Marvel ♥️
Marvel හි රොනින් චරිතයත් නිර්මාණය කරන්නෙත් ජපානයේ රොනින් මුල් කොටගෙන හැබයි කලින් කියූ මාස්ටර් නැති සමුරවුකුවකු නෙමෙයි .මෙහෙදී රොනින් යනු විවිධ හේතු නිසා Marvel විශ්වයේ වීරයන් කිහිප දෙනෙක් භාවිතා කළ අනන්යතාවකි Marvel Comics Universe තුල බහුතරයක් දෙන මේ රොනින් කියන මේ අන්වර්ථ නාම බාවිතා කරලා තියනවා.පළමුවෙන්ම මෙම අනුවර්ත නාමය බාවිත කරලා තියෙන්නේ මායා ලෝපස්..
1 මායා ලෝපස්☠️
මායා ලෝපස් ගේ මුල්ම සම්ප්‍රාප්තිය වන්නේ 1990 Daredevil #9 දී.මායා ලෝපස් ගේ සුපර්හීරෝ නම Echo වන අතර මායා Daredevil සමග ආදර සම්බන්දයක් පාවා තිබිලා තියෙනවා. මායා බිහිරි කාන්තාවක් වන අතර මයාට විශේෂ වූ පවර් එකක් තියෙනවා ඒ
Photographic Reflexes = දෙයක් දෑස් මගින් එක් වරක් පමණක් නිරීක්ෂණය කිරීමෙන් පසුව ඕනෑම භෞතික චලනය හෝ ක්රියාවන් අනුකරණය ක්රිමට හැකියාව තියෙනවා සහා වේගවත් ප්‍රතිචාරයක් දැක්වීමට හැක .
මායා රොනින් ලෙසින් පළමු වතාවට එන්නේ New Avengers #11 2005 දී නිකුත් කල ඉශු එකේදියි.
මායා රෝනින් බවට පත් වන්නේ ජපානයේ Silver Samurai ගැන සොයා බැලීම සදහායි.
 ගොඩක් දුරට මායා ලෝපස්ව Daredevil හි TV සීසන් වල ඉස්සරහාට දැකගන්නට පුළුවන් වෙයි
2 ක්ලින්ට් බර්ටන්☠️🏹
ක්ලින්ට් බර්ටන් එහෙම නැත්තන් AKA Hawkeye තමයි දෙවැනි රොනින්. (Civil War 2006 – 2007 කොමික් ) avengers අතර සිදුවුන ගැටුමෙන් පසු avengers ටීම් එක දෙපැත්තට බෙදන අතර. Civil War වලින් පසු නැවත අලුතින් එකතු වෙන New Avengers ටීම් එකට Hawkeyeයි එකතු වෙන්නේ Ronin විදියටයි.
මේ ආකාරයටම තමයි MCU එක කොමික් comic adaptation එක අරගන තියෙන්නේ
අපිට ක්ලින්ට් බර්ටන් avengers 3 නැත්තන් avengers 4 එකේදී රොනින් විදයට දැක ගන්න පුළුවන් වෙයි New Avenger කෙනෙක් හැටියට.
3 ඇලෙක්සෙයි ශොස්ටොකොව් (Alexei Shostakov)☠️🔫
ගොඩක් අය මෙයා ගැන අහලා නැති වුණාට මෙයාගේ වයිෆ් වනම් දන්නවා MCU මුවි කීපයකත් ප්‍රදාන චරිතයක් විදියට හිට්යා වෙන කව්රුත් නෙමයි ඒ Black widow ගේ හිටපු සැමියයි ඔහුව හදුන් වන තවත් නමක් තමයි aka Red Guardian
Alexei Shostakov රොනින් විදියට එන්නේ Widow Maker 2010 – 2011 කියන crossover එකට මේ crossover එකට සම්බන්ද වෙන්නේ Hawkeye & Mockingbird සහා Black Widow යි ( Agent of shield Tv සීරියස් එක බලන අයනම් දැනටමත් දන්නවා Mockingbird කියන්නේ Bobbi Morse කියලා බොබී අක්කා ) මේ රොනින් එන්නේනම් Mockingbird වයි Black Widow ඝාතනය කරන්නයි
 MCU විසින් Black Widow හි චිත්‍රපටයක් සමහරක් විට එන්න පුළුවන් එම එම වුනොත් අපිට ඇලෙක්සෙයි ශොස්ටොකොව් බලාගන්න පුළුවන් වෙයි
4 Eric Brooks 💀☠️⚔️
එරික් එහෙම නැත්තන් Blade ද රොනින් විදියට Mighty Avengers කොමික් එකට සම්බන්ද වෙලා තියෙනව මේ ගැනනම් වැඩි විස්තරයක් හොයාගන්න හම්බුනේ නැ
☢️මේ පොස්ට් එක දාන්න හිතුවේ MCU ඉදිරි චිත්‍රපට සදහා රොනින් සම්බන්ද වෙන නිසයි.
#
ටොම් හෝලන්ඩ්

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List