Adam Warlock


කට්ටිය මෙයා ගැන අහලා එහෙම ඇතිනේ ගෲප් එකේ දෙතුන් දෙනෙක්ම මෙයාගැන අහල තිබ්බ නිසා තමයි දැම්මේ. මෙයා ටිකක් බලවත් චරිතයක් වගේම හොද මොලකාරයෙක් වෙනවා. මේකෙදී දාන්නේ මෙයාගේ කොමික් පැත්‍ත ගැන.
සුපුරුදු විදියට මෙයාවත් හදුන්වලා දෙන්නේ american comic book වලින් තමා. මෙයා විවිද origin වලින් ඉන්නවා. මෙයාගේ නම adam warlock උනාට මෙයාව " Him " එහෙමත් නැත්නම් " Adam " විදියටත් හදුන්වනවා.
• publisher - Marvel comic books
• මුල් වරට එලිදැක්වීම -
° ( "Him" විදියට) Fantastic Four#66-67 (Sept –Oct. 1967)
° ( "Adam Warlock" විදියට ) Marvel Premiere #1 (April 1972)
• චරිත නිර්මානය -
~ ( Him) ~
• Stan Lee (writer)
• Jack Kirby (artist)
~ (Adam Warlock) ~
• Roy Thomas (writer)
• Gil Kane (artist)
• universe - marvel universe (earth 616)
• සත්‍ය නම - Adam warlock
• අන්වර්ත නාමයන් -
Him, Golden Gladiator, Master of all Souls, Mr. Smith , Subject X-31 , Jake Miller , Ultimate Avenger , God Slayer , Demon , Avenging Hand of Light , Avatar of Life , Adam Magus
• පුරවැසිබාවය - තාක්ෂණික වශයෙන් අස්ථායි, අපරාධ වාර්තාවක් නොමැත.
• උපන් ස්ථානය - The Beehive, Shard Island, Atlantic Ocean
• Origin - කෘතිම නිර්මානය කරන ලදි මිනිසා, "Beehive" යනුවෙන් හැඳින්වෙන සංකීර්ණයේ පර්යේෂකයින් විසින් නිර්මාණය කරන ලද.
• ඥාති සම්බන්දකම් -
° Enclave (creators);
° Ayesha (genetic "twin")
° Gemini (genetic kin)
° Goddess (good self)
° Magus (evil self)
° High Evolutionary (foster father)
• අවිවාහකයි
• අද්‍යාපනය - ඉහල පරිනාමවාදයේ සිට සමහර ඉගැන්වීම
• ශාරීරික ලක්ශන -
° Height - 6' 2"
° Weight - 240 lbs (109 kg)
° Eyes - White (formerly red)
° Hair - Gold
° Skin - Gold
😇 Adam warlock එහෙමත් නැත්නම් Him නිර්මානය කරන්නේ Beehive කියන පර්යේෂකයන් පිරිසක් විසින් මෙයාලගේ පරමාර්ථය වෙන්නේ විශ්වයේ පරිපූර්නම මිනිසාව නිර්මානය කිරීමයි. එහෙමත් නැත්නම් අනාගත මානව පරිනාමයේ ඉහලම තැනිම කියලත් කියනවා. මෙහෙම නිර්මානය කරපු him එයාගෙම මැවුම්කරුවන්ගේ පාලනයෙන් තොර නිර්මානයක් බවට පත් වෙනවා. මෙහෙම හැදුන him ට තේරෙනවා මෙයාගේ මැවුම්කරුවන් දුෂ්ටාත්මයක් විදියට තමන්ව යොදා ගැනීමට උත්සාහ කරනවා කියල. ඒ නිසා මෙයා පර්යේෂනාගාරයට සහ තමන්ගේ මැවුම්කරුවන්ට හානි කරලා ඉක්මනින්ම එතනින් ගැලවිලා යනවා.


ඉතින් මෙහෙම යන him ට ලොකූ ජීවිත අත්දැකීමක් නැනේ...මේ අතරමග මෙයාට හම්බෙනවා Thor ව ඒත් මෙතනදී අපේ him , lady sif ව පැහැරගන්න හදනවා මෙ හින්දා thor එක්ක සටනකින් මෙයාව පරාද වෙනව මෙහම පරාද වෙන him එතනින් පැනලා යනවා ඒ යන අතරමග මෙයාට හම්බෙනවා high evolutionary ( මහා පරිනාමවාදීන් ) කියන කට්ටියව මේ අය තමයි මෙයාට මුල් වරට warlock කියම නම දාන්නේ. ඉතින් මේ high evolutionary ලා මෙයාගෙන් උදව් ඉල්ලන්වා counter-earth කියන ලොකය man-beast ගෙන් බේරලා දෙන්න කියල මේ වෙනුවට warlock ට soul gem එකත් හම්බෙනවා. ඉතින් මේ විදියට man- beast කියන කෙනා warlock ගේ ලොකුම හතුරෙක් බවට පත් වෙනව. මේ counter-earth වලදී warlock ට හම්බෙනවා David Carter, Jason Grey, Eddie Roberts, සහ Ellie Roberts කියන හතරදෙනාව මේ අතරින් Ellie කියන කෙනා තමයි මෙයාට Adam කියන නම දෙන්නේ මේ විදියට තමයි මෙයා Adam warlock බවට පත් වෙන්නේ.
මේ දේවල ටික මෙහෙම වෙනකොට khobra කියන කෙනා man-beast ට පනිවිඩ යවනවා adam ගේ පැමිනීම ගැන ඒ වගේම Rhodan කියන කෙනාව adam පස්සේ යවන්නත් මෙයා කටයුතු කරනවා. මේ rhodan කියන කෙනාව adam ට හම්බුනාට පස්සේ මෙයා මෙයාගෙ කට්ටියත් එක්ක යනවා man- beastව හොයාගෙන man-beast ව හම්බුනාට පස්සේ beast මෙයාට බල කරනවා තමන් එක්ක එකතු වෙන්න කියලා මේ අතර තුර man - beast තව දෙයක් කරන්වා ඒ තමයි මෙයා adam ට අගවනවා එයාගේ යලුවෝ එයාව පාවාදුන්නා කියල. ඒත් මේ කිසි දෙයක් ගනන් ගන් නැති adam, man - beast ව පරාද කරනවා.
ඉතින් මේ විදියට මෙයා counter- earth වල පලවන superhero බවට පත් වෙනවා.....😇💪
මෙතනින් පස්සෙ මෙයාට ටිකක් දිග කතාවක් තමයි තියෙන්නේ සේරම මේකේ දැම්මොත් ගොඩක් දික් වෙන නිසා ඒ ටික ඊලග කොටසෙදි දාන්නම්. Counter-earth වලින් පස්සේ මෙයාට Thanos , gamora , captain marvel , one above all වගේ ගොඩක් විශේෂ චරිත හම්බෙනවා. ඒ ගැන ඉලග කොටසෙදි දාන්නම්. මෙයාගේ powers ගැන කියනකොට soul gem එක ගැනත් කියවෙන නිසා තමයි counter-earth වලට එනකම් කතාව කිව්වේ මෙයාට infinity gluntlet එකත් එක්කත් ලොකු සම්බන්දයක් තියනවා ඒවා ඊලග කොටසෙදි ගේන්නම්....😁✌️
Adam warlock කියන්නේ universe එකේ intelligence ලා ගෙන් ගොඩක් ඉහලින් ඒ වගේම ගොඩක් ශක්තිමත් චරිතයක් විදියට තමයි සලකන්නේ. හරි දැන් බලමු මෙයාගේ powers , weakness , wepons මොනාද කියලා.
• POWERS
Adam ගේ powers ගොඩක් හම්බෙලා තියෙන්නේ ජෛව විද්‍යාත්මක විදියට කියල තමා කියන්නේ. මෙයාගේ මේ powers විවිද පාරිසරික තත්ව යටතේ ඒ ඒ අවස්තාවට ගැලපෙන විදියට වෙනස් කම වලටද බාජනය වෙනව. Adam කියන්නේ තමන් වගේම අදිවිතීය පුද්ගලයෙක් කියල තමයි තානෝස් කියන්නේ. Xandarian Worldmind කියන විදියට adam ගේ power එක Quasar ටත් එහා ගිය එකක් කියල තමා කියන්නේ. ඒ වගේම කියන්ඩ ඔනේ මේකෙදී දාලා තියෙන්නේ soul gem එකත් එක්ක හම්බුන powers ඉතරයි මන් කිව්වනේ මෙයාට infinity gluntlet එකත් එක්කත් සම්බන්දයක් තියනවා කියලා ඒ powers මේකට add කලේ නෑ පැටලෙන නිසා.
• symbiotic bond with soul gem : Adam ට soul gem එකත් එක්ක ගොඩක් ඉහල බැදීමක් තමයි තියෙන්නෙ ජෙම් එක පාලනය කිරීම අතින් Adam ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියල තමයි කියවෙන්නේ. ඒ නිසාම මෙයාට " Master of all soul " කියලා අන්වර්ත නාමයකුත් වැටෙනවා.
• superhuman physiology : පර්යේෂනාගාරයක නිපදවුන Adam ගේ කායික විද්‍යාව ඉතා ඉහල මට්ටමක තමයි තියෙන්නේ මේ හේතුව නිසා තමයි මෙයාගේ ශරීරය විවිද පාරිසරික තත්ව වලට ගැලපෙන විදියට ඒ ඒ අවස්තාවලට වෙනස් කම් වෙන්නේ.
• Energy consumption : බලශක්ති පරිබෝජනය කිරීමේ හැකියාව
• Supernatural strength : Adam සතුව අදික ශාරීරික ශක්තියක් තියනව වගේම මෙයාට මේක අවශ්‍ය අවසතා වලදි වැඩි දියුනු කරගන්න පුලුවන් ලැයිස්තු ගත කිරීම් වල 4 වන ස්තානයේ හිටපු ඇඩම් පැයකටත් අඩු කාලයක් තුල 40 වන ස්ථානයට අවා කියලා කියවෙනවා ( මේක ගැනනම් හරි තේරුමක් නෑ මට ) මෙයා Wonder Man, Thor, සහ Ulik වැනි ජීවීන්ට තුවාල කරල එහෙම තියනවා.
• superhuman speed : මෙයාගේ වේගය පියවි ඇසින් දැකගන්ඩ අමාරුයි කියල තමා කියවෙන්නේ. මෙයා මේ වේගය බාවිතා කරල ගැලැක්ටස් එක්ක පොඩි සටනකින් දිනලා තියනවා.
• Superhuman agility : Adam ගේ උද්යෝගය, සමබරතාවය හා කායික සම්බන්ධීකරණය ඉහළ මට්ටමේ මානව මලල ක්‍රීඩකයෙකුගේ ස්වභාවික භෞතික සීමාවන් පවා ඉක්මවනවා.
• Flight : Adam ට පුලුවන වායුගෝලයක් තුල පැයට සැතපුම් 770 වක වේගයක් ලබා ගන්න ( ආසන්න වශයෙන් ශබ්දයේ වේගයට සමාන අගයක් ) ඒ වගේම අබ්‍යවකාශය තුලනම් මෙයාට ආලෝකයේ වේගයටත් වඩා වේගයකින් fly කරන්ඩ පුලුවන්.
• immortality : අමරනීයබාවය. Adamව සටනකදී මරලා දාන්න පුලුවන් උනත් එයාව ඇත්තටම මැරෙන්නෙ නෑ මෙයාට පුලුවන reborn වෙන්න එහෙමත් නැත්නම් නැවත් උපදින්න.
• cellular regenerative : මෙයාගේ පුනර්ජනනිය හැකියාවන් ඉතාමත් ඉහල මට්ටමක් තමයි තියෙන්නෙ.
• Clairvoyance : ස්ථාවර බාවය. යම් සිදුවීමක් යම් කාලයක් අර්ථවත් කරන කාලය තුළ Adamට කාලය ගත කළ හැකිය.
• Enargy construct : adamට විවිධ ආකාරයේ බලශක්ති නිර්මානය කරන්ඩ පුලුවන්. ඒක එයාගේ පාරභෞතික ක්වොන්ටම් ශක්තියෙන් හෝ වෙනත් ආකාරයේ ශක්තියෙන් කරන දෙයක්, මේ විදියට මෙයාට කඩු, යුද්ධායුධ කට්ටල හා පළිහවල් නිර්මානය කිරීමේ හැකියාව තියනවා.
• Time travel : කාලය හරහා ගමන් කිරීමේ හැකියාව.
• Pyrokinesis : අදික තාප ශක්තියක් නිපදවීමේ හැකියාව.
• Linguistice : soul gem එකේ බලය නිසා මෙයාට පුලුවන් ඕනෙම ජිවයක් හදුනාගන්ඩ.
• Light of truth : soul gem එක බාවිතා කරල මෙයාට පුලුවන් කෙනෙක්ගේ ආදරය, ජීවිතය, මතකය ගැන බලන්න සහ එයාගේ මනස පාලනය කරන්න.
• Genius level intelligence : ආදම්ට මුල සිට වැඩ කරන්ඩ හම්බුනේ cosmic dilemmas ලා එක්ක නිසා මෙයාට ප්‍රබල දැනුමක් ලැබිලා තියනවා.
• Navigational skill : Autolycus කියන සුපිරි ගුවන් නියමුවාගේ soul එක මගින් ලබා ගත්ත සුපිරි දැනුම මගින් මෙයාට තමන්ට අවශ්‍ය දේ කලු කුහර තුලින් උනත් සොයා ගැනීමේ හැකියාවක් තියනවා.
මේවා තමයි මෙයාගේ soul gem එකත් එක්ක ගත්තම තියන විශේෂ හැකියාවන් ඒ වගේම මෙයාගේ සාමාන්‍ය හැකියාවන් ගැන බැලුවොත්.
Hacking පැත්තෙන් මෙයා හුගක් ඉස්සරහින් ඉන්නවා කියලා තමා කියවෙන්නේ.එක පාරක් මෙයා avengers ලගේ data base එකක තිබුන fils records වගයක් අරන් තියනවා විවිද සතුරන් ගැන අද්‍යනය කරන්ඩ.ඒ වගේම මෙයා master tactician කෙනක් වෙනවා. මෙයාට විවිද බාශා වර්ග රැසක් කතා කරන්ඩ පුලුවන්. Martial arts වලිනුත් මෙයා ගොඩක් හොද දක්ශයෙක් වෙනවා. 😇 මෙවා තමයි මෙයාගේ ප්‍රදාන දක්ශතාවයන් වෙන්නේ.මට මෙතන දෙක තුනක් මග ඇරෙන්නත් ඇති දන්න සේරම.වගේ දැම්මා...😁
• WEAKNESS
😇 හරි මොන මොන දේවල් තිබ්බත් හැමෝටම දුර්වලතාවයක් තියනවනේ ඒක ඉතිම් adam ට කියල වෙනසක් නෑ මෙයාටත් දුර්වලතාවන් ටිකක් තියනවා.හරි බලමු මෙයාගේ දුර්වල තාවයන්.....
• Magical Weaponry Vulnerability : Magical weapons වලින් මෙයාට බලපෑම් කරන්ඩ පුලුවන්. උදාහරනයක් විදියට ගත්තොත් Godslayer ගේ කඩුව මෙයාගේ අනාගත ආත්මය මැරීමට තරම් බලවත් එකක් වෙනවා මෙයාගේ මේ දුර්වලතාවය නිසා.
• Construct Limitations : හරි මන් කිව්වනේ මෙයාට මෙයාගේ බලශක්තිය පාවිච්චි කරලා sword , shield , wepons නිර්මානය කරන්ඩ පුලුවන් කියල හැබැයි මෙයාට මේක කරන්ඩ පුලුවන් උපරිම සීමාවක් තියනවා එතනින් එහාට මෙයාට ඒ දේවල් නිර්මානය කරන්ඩ අමාරු වෙනවා.
මේවා තමා මෙයාගේ දුර්වලතාවයන් වෙන්නේ.
• WEAPONS
• මෙයාට karmic staff කියල කාන්ඩායමක් ඉදලා තියනවා කියන විදියටනම් මෙයාලව break කරන්ඩ බෑ කියල තමා කියවෙන්නේ.
මෙයාගේ ප්‍රදාන weapon එක වෙන්නේ ඉතිම් soul gem එක තමයි....✌️
මෙයාගේ enemies ලා ගත්තොත් ටිකක් දිග list එකක් තියනවා.....
Akhenatn , Annihilus , Anwen bakian , black bolt , captain autolycus , captain sliggs , cardinal raker , count abyes , doctor doom , eve bakian , fabrikanal , fayne bakin , galactus , gamble , geirrodur , gladiator , goddes , kaer , koraththe pursuer , kray-tor , madelyne pryor , madness monster , magique , magus , man beast , matriarch , menzinbakian , mephisto
මේ සෙට් එක තමයි මෙයාගේ enemies ලා වෙන්නේ.....
ඉතින් මේවා තමයි මෙයාගේ ප්‍රදාන විස්තර වෙන්නේ. මෙයා ගැන මොනවත්ම දන් නැති කෙනෙක්ට මේ ටික හොදටම ඇති වෙයි කියලා හිතනවා adam warlock ගැන් දැනගන්න. Counter-earth වලින් පස්සේ මෙයාගේ කතාව ඉලග කොටසෙදි දාන්නම්...😇✌️
Thesindu liyanage

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List