Ghost Rider (Johnny Blaze)

Ghost rider , marvel universe එකේ විශේෂ චරිතයක් තමා. supernatural antihero කෙනක් විදියට තමයි මෙයාව හදුන්වන්නෙ. මෙයාව එලියට එන්නේ සුපුරුදු විදියට marvel comics වලින්ම තමා....😀
🔥 Ghost riders ලා කීප දෙනෙක්ම ඉන්නවා මේකෙදී කියන්නේ Johnny Blaze කියන ghost rider ගැනයි...මෙයාට කලින් riders ලා 5ක් ඉතර ඉන්නවා වෙන universe එක්ක සේරම 28ක් ඉතර ඉන්නවා...
🔥 කලින්ම කිව්වා වගේ මෙයාගේ publisher වෙන්නේ marvel comics තමා...
• මුල්ම ඉදිරිපත් කිරීම - marvel spitlight #5 (august 1972)
• චරිත නිර්මානය කිරීම
- Gary friedrich (writer)
- Roy Thomas (writer)
- Mike ploog (artist)
• universe - marvel universe (Earth - 616)
• සත්‍ය නම - Johnathon "Johnny" Blaze
• පුරවැසිබාවය - U.S.A
• උපන් ස්තානය - waukegen, illinois
• රැකියාව- stunt rider, adventurer, formerly carnival owner, demon hunter, movie stuntman,accountant and various other odd jobs
• පවුල් සම්බන්දතා -
* Roxanne Simpson Blaze (බිරිද)
* Craig Blaze (පුතා,මියගොස්)
* Emma Blaze (දුව,මියගොස්)
* Barton Blaze (පියා,මියගොස්)
* Naomi Kale (මව,මියගොස්)
* Craig "Crash" Simpson (හදාවඩා ගත් පියා,මියගොස්)
* Mona Simpson (හදාවඩා ගත් මව,මියගොස්)
* Barbara Ketch (සහෝදරිය,මියගොස්)
* Dan Ketch (අර්ද සහෝදරිය)
* Andrew Kale (ඥාතියෙක්,මියගොස්)
* Jennifer Kale(ඥාති)
* Joshua Kale (සීයා,මියගොස්)
* Illyana Kale, Noble and Pastor Kale, Magdalena (මුතුන් මිත්තන්)
• ශාරීරික විස්තර -
උස
5'10" (Blaze), 6'2" (Ghost Rider)
බර
180 lbs. (Blaze), 220 lbs. (Ghost Rider)
ඇස්
Blue (Blaze), flaming red (Ghost Rider)
කොන්ඩය
Reddish-blond (Blaze), none (Ghost Rider)
• අද්‍යාපන විස්තර - High-school graduate
• සහබාගී වෙලා හිටපු කන්ඩායම්
Ghost riders
Thunderbolts
Midnight Sons
New Fantastic Four
The Defenders
New Avengers
Dark Avengers
Champions of Los Angeles
හරි දැන් බලමු මෙයා ghost rider උනේ කෝමද කියලා....👌🔥
° මුල්ම supernatural ghost rider තමයි මෙයා. Blaze තමන්ගේ පියාගේ ජීවිතය රැක ගැනීම සදහා තමන්ගේ ආත්මය මෙෆිස්ටෝට (king of hell)  පුද කීරීමට එකග වෙනවා. මේ ගණුදෙනුව වෙනුවෙන්  ජොනීට ghost rider වෙන්න වෙනවා. ඒකියන්නෙ spirit of vengeance වෙන්න වෙනවා. හේතුව නිසා Johnny Blaze රාත්‍රියේදී තමන්ගේ ශරීරය hellfire (නිරාගින්න)ට පරිවර්තනය වෙනවා ඊට පස්සේ තමයි මෙයා ghost rider බවට පත් වෙන්නේ මෙයාට පුලුවන් මෙයාගේ බයික් එක තමන්ගේ hellfire බාවිතයෙන් තමන්ට අවශ්‍යය විදියට හැඩගස්වාගන්ඩ....පසු කාලීනව මෙයා දැන ගන්නවා තමන්ගේ ආත්මය සාතරෝස් කියන ආත්මය එක්ක එකට බද්ද වෙලා තියන බව.
Blaze , ghost rider චරිතයට 1972 සිට 1983 දක්වා සහබාගී වෙනවා...පසු කාලීනව Danny ketch අලුත් ghost rider විදියට 1990 සිට 1998 දක්වා සහබාගී වෙනවා. Blaze එහෙමත් නැත්නම් ප්‍රසිද්ධම ghost rider මේ සීරිස් එකේදී සහයක චරිතයක් විදියට තමයි ඉන්නේ (supporting character ) පසු කාලීනව blaze දැනගන්නවා ketch කියන්නේ එයාගේ සහෝදරිය බව. 2000 අවුරුදේ Marvel comics වලදී Blaze නැවතත් ghost rider විදියට එනවා ඒ ketch ගේ අනුප්‍රාප්තිකයා විදියට.🔥
• powers -
මුලින්ම ghost rider's ලට තියන පොදු හැකියාවල් ටික බලමු. Ghost rider යනු අද්භූත බලවේගයක් බවට පත්කර ඇති මිනිසෙක්. මෙයාලා බවිතා කරන වාහන ඕනෑම සාම්ප්‍රදායක වාහනයට වඩා වේගයෙන් ගමන් කරනවා ,ඒ වගේම මෙයාලගේ යතුරුපැදිය ගත්තොත් සාමාන්‍ය යතුරුපැදියකින් නොලැබෙන පරිදි ජල පෘෂ්ඨයන් හරහා ගමන් කිරීමට සහ සිරස් පෘෂ්ඨය ඔස්සේ ගමන් කළ හැකිය. දෙවියන් මොවුන් මැවූ බවත්, දෙවියන්ට පමණක් ඔවුන් විනාශ කළ හැකි බවත් කියවෙනවා. මෙයාලගේ ශරීරය ghost rider ට හරවගත්තම මෙයාලගේ ශරීරය නිරාගින්නෙන් යුක්ත අස්ති සහ යකඩ දම්වැල් සහිත වෙනවා. මොවුන්ට අව්යාජ හා අමරණීය විය හැකි ය. අස්ථි hellfire වලින් සමන්විත වෙනවා. Ghost Riders ලට ඉතා විශාල මානව ශක්තියක් (superhuman strength ) සහ අදික වේගයක් තියනවා , Hellfire (නිරාගින්න) පාලනය කීරීමට පුලුවන්. hellfire බාවිතයෙන් ආත්මයන් පිලිස්සීමට ඇති හැකියාව, අජීවී වස්තු වලට තමන්ගේ hellfire ඇතුලත් කර තමන්ට අවශ්‍ය විදියට ඒවා හැසිරවීමට පුලුවන් (motorcycle , sword ,cars , weapon ). ආත්මයන් වලට බලපෑම් ඇති කරන්ඩ පුලුවන් . පුනර්ජනනය වගේම ගොඩක් හොද healing factor එකක් තියනවා ඒ වගේම මෙයාලට ඕනේම මතුපිටක ගමන් කිරීමට හැකියාවක් තියනවා....🔥
🔥 හරි දැන් බලමු අපේ Blaze ගේ powers මොනාද කියලා.....
• මෙයාට තමන්ගේ යතුරුපැදිය ආයුධයක් විදියට ප්‍රක්ෂේපණය කිරීමේ හැකියාව තියනවා. Hellfire මගින් තම ප්‍රතිවාදියාට කායික තුවාල නොකර ඔහුගේ ආත්මයට බලපෑම් කරලා ප්‍රතිවාදියාට දැඩි පීඩනයක් එල්ල කරන්ඩ පුලුවන්. Blaze තුවක්කු භාවිතා කරන අතර pistol සහ shotgun සම්බන්දව ප්‍රවීනයෙක්ද වෙනවා. නිරාහාරව සිටීමට සහ දම්වැල් නිපදවීමේ හැකියාව තියනවා මීට අමතරව උඩ කියපු පොදු හැකියාවන්ද තියනවා....🔥
ඒ වගේම මෙයාගේ weapons ගැන කියනවනම් hellfire chain (නිරාගිනි දම්වැල්) තමයි බාවිතා කරන්නේ...
හරි මෙයාගේ විලන්ලා ගැන බැලුවොත් ලොකූ ලිස්ට් එකක් තියනවා....මන් හිතන්නේ කොමික් ඇතුලු මෙයාගේ හැම විලන් කෙනෙක්ම මෙතන ඇති....එක එක්කෙනා ගැනනම් විස්තර දාන්න බෑ නම් ටික දාන්නම්.....
Aqueduct , Black Rose , black heart , black out , centuritous , deacon , deathwatch , doghead , death ninja , dormamu , hagand troll , hoss , kid blackheart , lilith , lucifer , madcap , mephisto , scarecrow , steel vengeance , steel wind , vengeance , zadkiel , zarathos
හම්මේ......😁
Blaze ගේ References ටික සේරම වගේ තියනවා ඕන්නම් කියන්න ඒ ටිකත් දාන්නම්.....
Thesindu liyanage ✌️

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List