Posts

Showing posts from February, 2019

Franklin Richards

Image
ඔන්න කාලෙකට පස්සෙ ආයිත් Character Post එකක් ගෙනාවා…  😍 😍 😍 ගෲප් එකේ ගොඩක් කට්ටිය අහලා තිබ්බ නිසාත් ඒ වගේම Marvel විශ්වයේ ඉතාමත් වැදගත් චරිතයක් නිසාමත් අද Post එක වෙන කවුරුවත් ගැන නෙවෙයි “ Franklin Richards” ගැන…… 😱 😱 😱 සමහරු මෙයා ගැන දන්නව ඇති, ගොඩක් අය මෙයාගේ නම දැකලා ඇති ගොඩක් Post වල, සමහරු අහලවත් නැතුව ඇති…. 🤔 🤔 🤔 ඉතින් ඒ හැමෝම දැනගමු කවුද මේ චරිතේ කියලා.. 😜 😜 😜 # facts About  # Franklin_Richards 💥  Profile 💥 • නම : Franklin Benjamin Richards • විශ්වය : Earth – 616 • උස : අඩි 4 අඟල් 8 • බර : රාත්තල් 100 • ඇස් වල වර්ණය : නිල් • හිස කෙස් වර්ණය : කහ (Blonde) • පුරවැසිභාවය : ඇමෙරිකානු • වර්ගය : විජානක (Mutant) 💥  Origin 💥 අපිට මේ Franklin Richards ගැන මුලින්ම අහන්න ලැබෙන්නේ 1968 අවුරුද්දෙදි, ඒ අවුරුද්දේ November මාසේ නිකුත් වුනු Fantastic Four Annual #6 කියන Comic Issue එකෙන්. ඒ වගේම මෙයාගේ නිර්මාණය කරන්නේ Stan-lee හා Jack Kirby කියන Legends ලා දෙන්නා අතින්. ඉතින් මෙම Comic Issue එකේ ඉදන් අද වෙනකම් අපිට Franklin ව Comic Issues 1329 කින් පමන දැකගන්න පුලුවන්.

THE ONE ABOVE ALL

Image
ගොඩදෙනෙක්ගෙ ඉල්ලීම නිසා මේ පෝස්ට් එක දාන්න හිතුවා. ඉතින් අද පෝස්ට්එක One Above All ගැන. One Above All(OAA) එහෙමත් නැත්තම් "හැමෝටම වඩා උසස් කෙනා" කියන්නෙ MARVEL multiverseඑකේ කාලයට සහ අවකාශයට වඩා ඉහළින්(omniversal levelඑකේ) ඉන්න, සීමාවක් නැති Omnipotent(සර්වබල), Omniscient(සියළුම දේ දන්න), Omnipresent(සර්වවාසී) බලයන් තියෙන කිසිම දුර්වලතාවයක් නැති Supreme Being. එහෙමත් නැත්තම් බලගතුම MARVEL චරිතය. ඒවගේම MARVEL multiverseඑකේ තේරුම්ගන්න අමාරුම චරිතය තමයි OAA. ඒකට හේතුව OAAව කොමික් පොත්වලින් බලාගන්න ලැබෙන්නෙ අවස්ථා කිහිපයකදි විතරක් වීම සහ OAAගෙ ඉතිහාසයක් කොහෙවත් සඳහන් නොවීම. මේ නිසා OAA කියන්නෙ අභිරහස් චරිතයක්. සමහරු කියන විදිහට OAA කියන්නෙ MARVEL සමාගමේ නිර්මාතෘ. තවත් අය කියන විදිහට OAA කියන්නෙ Stan Lee. තවත් වෙලාවකට Jack Kirby. කොහොමවුනත් OAAට නිශ්චිත ස්වරූපයක් නෑ. ඕනෙම ආකාරයකින් OAAට පෙනී ඉන්න පුළුවන්. ගොඩක්වෙලාවට OAA පෙනී ඉන්නෙ MARVEL comics ආයතනයේ සුපිරිම නිර්මාණකරුවන්ගෙ පෙනුමෙන්. දැන් බලමු OAAව කොමික් වලින් බලාගන්න ලැබුණු අවස්ථා  👇 👇 👇 වරහන් ඇතුලෙ අදාළ Comi

Knull

Image
සිම්බියෝට් පෝස්ට් සීරිස් එකෙන් දාන අන්තිම පෝස්ට් එක තමයි අද ගෙනාවෙ. ඉතින් අද පෝස්ට් එකෙන් අපි බලමු සිම්බියෝට්ලගෙ God ගැන. එහෙමත් නැත්තම් Knull ගැන. Knull කියන්නෙ මාවල් විශ්වයේ හිස් අවකාශයේ ඉපදුණු පැරණිම දෙවිකෙනෙක් වගේ ජීවියෙක්. මුලින්ම Knull තමන්ගෙ පාඩුවේ අන්ධකාරයේ තනියම තමයි හිටියෙ. ඒත් සෙලෙස්ටියල්ස්ලා විශ්වය ගොඩනගද්දි විශ්වය ආලෝකමත් වෙලා knull නින්දෙන් අවධිවෙනවා.  🔦 මේ ආලෝකය, අන්ධකාරයේ හිටපු knullගෙ නිදහසට බාධාවක් වෙනවා. ඉතින් මේ විදිහට විශ්වය වෙනස්වෙලා තමන්ගෙ නිදහස නැතිවෙන නිසා knull තමන්ගෙ හෙවනැල්ලෙන් All black කියන ජීවත්වෙන කඩුවක් හදනවා.(මේ කඩුව ජීවත් වෙනවා කියන්න හේතුව තමයි මේකත් සිම්බියෝට් කෙනෙක්. හරියටම කියනවනම් මේ කඩුවත් සමහර සිම්බියෝට්ලා තමන්ගෙ අත් කඩුවල ස්වරූපයට වෙනස් කරගත්තම තියෙන විදිහට තමයි තියෙන්නෙ.) ඊටපස්සෙ Knull මේ කඩුව පාවිච්චි කරලා Celestial කෙනෙක්ව මරණවා. ඉතින් මේ සෙලෙස්ටියල් මැරුණම අනිත් සෙලෙස්ටියල්ස්ලා knullට පහරදීලා තනිකරලා යනවා. ඊටපස්සෙ knull අනිත් සෙලෙස්ටියල්ස්ලට විරුද්ධව විශ්වය ආයෙමත් අඳුරු කරලා පාලනය කරන්න හිතනවා. 🌑 ඉතින් knull, මැරුණු සෙලෙස්ටියල්ගෙ හි