The Watchers

==============
THE WATCHERS
==============
(COSMIC BIENGS #4)
_______________________________
★අද අපි කතා කරමු Marvel විශ්වයේ තවත් වැදගත් Cosmic Beings ලා කොට්ඨාශයක් වන Watchers ලා ගැන. මමත් වැඩි දෙයක් මෙයාලා ගැන නොදන්න නිසා වෙනත් source වලින් information ගත්තා. මේක ටිකක් කෙටි පෝස්ට් එකක්. ඔයාලා මේක ගැන හිතන දේ යටින් දාගෙන යන්න.
_______________________________
★හරි අපි දැන් බලමු මෙයාලා ගැන... මේ Watchers ලා කියන්නේ අපේ marvel තුල ඉන්න පැරණිතම ජීවීන් කොට්ඨාශයන් ගෙන් එක් කට්ටියක්. මෙයාලගේ purpose එක එහෙමත් නැත්නං අරමුණ තමා Multiverse එක ගැන සොයා බලමින් ඒ පිළිබද අවදානයෙන් යුතුව කටයුතු කිරීම. මේ ගොල්ලන්ගේ Creators ලා තමා අපි කවුරුත් දන්න Jack kirby සහ Stan Lee කියන දෙන්නා. මුලින්ම marvel comics තුළ අපිට දැක ගන්න පුළුවන් වුන Watcher ගෙ නම තමා Utau. මේ Utau ව අපිට 1963 අප්රේල් වල පලවුණු Fantastic Four #13 කියන Comic issue එකෙන් බලාගන්න පුළුවන්.
★Watchers ලා කියන්නේ Marvel ලගේ ඉන්න පැරණිතම bieng ලා කොට්ඨාශයක් කියලා කීවනේ. ඉතින් මෙයාලා ගේ පැවැත්මේ අරමුණ තමා විශ්වයේ වෙසෙන වෙනත් ජීවීන් පිළිබද අවදානය යොමු කරමින් ඒ ජීවී කොට්ඨාශයන් පිළිබද තව තවත් තොරතුරු එක්රැස් කිරීම. කොහොමහරි මෙයාලගෙ එක් Rule එකක් එහෙමත් නැත්තං නීතියක් තියෙනවා ඒ තමා කවදාවත් කිසිම විටකදි වෙනත් ජීවීන් ගේ ක්රියාවන් සදහා අත පෙවීමෙන් වැලකී සිටීම. ඒ කියන්නේ අනෙක් ජීවීන් පිළිබද තොරතුරු සෙවීමේ ක්රියාවලියේදී එම ජීවීන්ගේ අන්තර්ක්රියා සදහා බාධා කිරීම,සම්බන්ධ වීම සිදු නොකිරීම. මේක මෙයාලා මුල් කාලීනව පිළිපැදපු නීතියක් නෙවේ මෙයාලා මෙහෙම කරන්න පෙලඹෙන්න හේතුවක් තියෙනවා. මෙයලා Prosilicans කියන ජීවී කොට්ඨාශය හට දියුණු තාක්ෂණය ලබා දෙනවා. ඒ කියන්නේ වැඩිය දියුණු නොවුනු මේ ජීවීන් කොට්ඨාශය හට Nuclear (න්යෂ්ටික) තාක්ෂණය පවා ලැබෙනවා මේ Watchers ලගේ මැදිහත් වීම නිසා. ඒත් මේ Prosilicans ලා හට මේ Power එක එයාලගේ ජීවී මට්ටමත් එක්ක ගද්දි ගැලපෙන්නේ නෑ... එයාලා ඒ තාක්ෂණය ට Ready මදි. ඒකෙන් වෙන්නේ Prosilcans ලා න්යෂ්ටික ආයුධ බිහිකර ගැනීම. මේ න්යෂ්ටික ආයුධ වලින් ම මේ Prosilcans ලා නැසිලා යනවා. ඊට පස්සේ මේ Prosilcans ලා වෙතට නැවත Watchers ලා යනවා එතනදි මේ ස්ව්යංවිනාශයෙන් survive වුණු/බේරුණු කට්ටිය මේ විනාශයට Watchers ලා තමා වග කියන්න ඕනි කියලා චෝදනා කරනවා. මේ සිද්දිය නිසාම, මේ Prosilcans ලට වෙච්ච විනාශය වගේ විනාශයක් නැවත් සිදු නොකිරීමේ අරමුණෙන් Vow එකක් (පොරොන්දුවක්) දෙනව නැවත කිසි දිනෙක වත් වෙනත් ජීවී කොට්ඨාශයන් සමග සම්බන්ධ වෙන්නට/කටයුතු කරන්නට නොයෙන බවට. තත්වෙ මෙහෙම උනත් මේ Vow එක කඩනවා Utau කියන Watcher විසින්. Utau The Watcher විසින් තමන් කවුද යැයි යන වග revile කරනවා එහෙමත් නැත්තං හෙළි කරනවා Fantastic Four කණ්ඩායමට. එතනදි Utau විසින් තමන් කවුද යන වගත්,තමන්ගේ ජීවී කොට්ඨාශය සහ ඔවුන්ගේ අරමුණත් පැහැදිලි කරල දෙනවා. මෙයා මුල් වතාවේ මුණගැසුනු අවස්තාවෙදි Red ghost සහ එයාගෙ සුපිරි-වානරයන් එක්ක සටන් කරන්නට සලස්වනවා අපේ චන්ද්රයා ගේ පාලනය ලබා ගැනීමේ අරමුණින්. මේ සටනින් පසු Utau විසින් Reed Richards ව වර්ණනා කරලා කියනවා තමන් මන්දාකිණියේ වෙනත් ඈත කොටසකට යන බාවත් එහි සිට මනුෂ්ය වර්ගයාව අද්යනයේ යෙදෙන බවත් කියා සිටිනවා. ඔහු විසින් මනුෂ්ය වර්ගයාට ගෝලීය වශයෙන් වැදගත් වුණු ගැටළු රාශියකදි ම උදව් කරලා තියෙනවා. (Galactus,Molocule man,Overmind ගෙන් හෙම ආපු Threats වලදි) The Leader (මෙයා සුපිරි බුද්ධිමය සහ සුපිරි හැකියාවන් තියෙන villain කෙනෙක්. ගොඩක් Hulk comic වල ඉදලා තියෙයි අර incredible hulk එකේ ඉන්න Hulk ට උදව් කරන Mr. Blue ඉන්නේ... එයා තමා පස්සේ Leader වෙන්නේ) විසින් මෙය ඉන්න location එක හොයාගෙන එයාගෙ Planet එකට Hulk ව යවනවා Ultimate Machine එක අරන් එන්න. Ultimate machine එක තුළ විශ්වයේ සියලුම තොරතුරු අන්තර්ගත වෙනවා. මෙතනදි Hulk ට Amphibious Qnax වත් මුණ ගැසෙනවා. මෙයාවත් එවලා තියෙන්නේ Ultimate Machine එක උස්සන්න. මේ දෙන්න අතර මෙතැනදි battle එකක් සිදුවෙනවා. Utau විසින් මේ දෙන්නව Machine එක ගාවින් ඉවත් කරනවා. මේ battle එකෙන් Hulk දිනනවා.Hulk දින්නයින් පස්සේ Qnax ව Hulk විසින් එයාගෙ මව් ග්රහලෝකෙටම ආපහු යවනවා. ආපහු තමන්ගේ අරමුණ වෙච්ච Ultimate Machine එක අරගෙන Utau ගේ අනතුරුඇගවීම් නොසලකා හරිමින් Hulk විසින් Ultimate Machine එක අරගෙන යනවා. Leader විසින් ඊට පස්සේ Ultimate Machine එක පාව්ච්චි කරන්න Try කරනවා. කොච්චර powerfull සහ බුද්ධිමත් උනත් Machine එක Leader ටත් දරාගන්න බැරිවෙනවා. හරියට අධික බුද්ධියෙන් overload වෙනවා වගේ තමා... එතනදි Leader බිම ඇදවැටෙනවා... ආය හෙලවෙන්නේ වත් නෑ. Hulk හිතාගන්නවා මේකේ අධික knowledge එක නිසා ඇති වෙච්ච Shock එක නිසා Leader මියගියා කියලා. ඊට පස්සේ Hulk Try කරනවා මේ Ultimate Machine එක තමා විසින්ම පාව්ච්චි කරලා බලන්න... එතනදි Utau විසින් Hulk ට Rick Jones (මෙයා Cap ට,hulk ට උදව් කරලා තියෙන ටිකක් Hulk ට සමීප sidekick චරිතයක්) ගේ හඩ ඇසෙන්න සලස්වනවා. ඊට පස්සේ Hulk තමන් කරන්න ගිය වැඩේ නවත්වනවා. ඒකෙන් පස්සේ Ultimate Machine එක තමන්ගේ ග්රහලෝකෙටම Transport කරනවා Utau කියන Watcher විසින්. මේ වගේ වැඩ නිසාත් Mar-vel (Kree සොල්දාදුවා) වැනි අය සමගත්, වෙනත් ජීවීන් සමගත් සම්බන්ධකම් පැවත්වීම නිසා Utau ව Watchers ලාගෙ අධිකරණය හමුවේ ඉදිරිපත් කරනවා. නමුත් නැවත් කිසිදිනක වෙනත් ජීවී කොට්ඨාශයන් සමග සම්බන්ධ නොවීමේ පොරොන්දුව පිට Utau ව නිදහස් කරනවා.
★ඒ කොහොම උනත් Utau ව තමන්ගේ ජීවී කොට්ඨාශයෙන් පිටුවහල් කර දැමීමට අනෙක් Watchers ලා තීරණය කරනවා මොකද මෙයා විසින් Fantastic Four ලට තමන්ගේ nephew වුන Aron (The Renegade Watcher) කියන Watcher විසින් මුළු විශ්වයම විනාශ කිරීමට යාමේදි එය නවත්තන්න ට උදව් කිරීම නිසා. The Dreaming CELESTIAL විසින් Utau ව Scan කරලා දැන ගන්නවා Utau තම වර්ගයා දුන්නු Vow එක හාරසීය වතාවකට වඩා කඩලා තියෙන බව. මේ CELESTIAL තව දෙයක් හෙලි කරනව ඒ තමා Watchers ලාත් CELESTIALS ලා වගේම Fulcrum (මැදිහත් නොවීම වගේ දෙයක් මේකෙ තේරුම මං හිතන්නේ) කියන concept (සංකල්පය) එකේ Servants ලා බව. ඒ කොහොම උනත් ජීවී කොට්ඨාශයන් රැසකගේ කටයුතු වලට,වැදගත් සිදුවීම් වලදී හෙම මේ Watchers ලා මැදිහත් වෙලා තියෙනවා කලාතුරකින්. වැඩිය මේ වගේ දේවල් වලට සෘජුව Watchers ලා සම්බන්ධ නොව්නත්, ලෝක පිටින් විනාශ කිරීමට සමත් Omegex කියන Robot ගේ appearance එක සිදුවුන අවස්ථාවේදී එයට සෘජුව සම්බන්ධ වුනා... එහෙම සිදු කලේ ඔහුගේ Threat lvl එක සලකා බැලීමෙන් අනතුරුවයි.
★NOVA විසින් එක් අවස්ථාවකදී Watcher කෙනෙක් වුණු Utau ව Visit කරන්න යනවා. NOVA ට එතනදි දැක ගන්න හම්බ වෙනවා Utau විසින් විවිද වූ යතාතථ්යයන් අද්යනය කරමින් සිටින ආකාරය. එතනදි Utau විසින් මේ වගේ වෙනත් ජීවී කොට්ඨාශයන් ගේ කටයුතු වලට මැදිහත් වීමේ අරමුණ NOVA ට තේරුම් යනවා. Utau ගේ තාත්තා තමා Prosilcans ලා හට Nuclear technology (න්යෂ්ටික තාක්ෂණය) ලබා දීලා තියෙන්නේ. ඉතින් Utau ගේ අරමුණ තමා විවිද ග්රහලෝක වල විවිද ජීවීන් පිළිබද අද්යනය කරමින් තම පියාට වැරදුණු නැති,ඔහුගේ ක්රියා නිසා යහපතක් සිදුවුනු එක් civilization (ජන කොට්ඨාශයක්) හෝ සොයා ගැනීම.
★මේ කොහොම උනත් අපිට marvel comics තුළදී ටිකක් විසුළු සහගත ස්වරූපයක් දරන Watchers ලා කණ්ඩායමකුත් දැක ගන්න පුළුවන්. මොවුන් තමන්ව හදුන්වා ගන්නේ "The Critics" නමින්... Critics ලා කියන්නේ ඉතින් විචාරකයන් ට නේ... ඒ වගේ තමා මේ ගොල්ලොත් මේ කට්ටිය අනික් Watchers ලා වගේ නෙවේ මොවුන් විසින් උඩ කීවා වගේ විශේෂිත සිදුවීම් වගේ දේවල් අද්යනයේ යෙදෙනවට අමතරව ඒවා සිදුවන අතරතුර විවිද විචාරාත්මක අදහස් පල කිරීමත් සිදු කරනවා. මේ ගොල්ලොත් සාමාන්ය Watchers ලට ස්වරූපය අතින් සමහර සමානකම් පෙන්නුවත් උඩු රැව්ලක් තියෙන,sunglasses දාන,අමුතුම Sport Coat එකක් දාගෙන ඉන්න අමුතුම Set එකක්.
Powers and Abilities
=================
★Watchers ලා හට විවිද Powers සහ Abilities තියෙනවා. ඉන් එකක් තමා තමාට අවශ්ය ඕනෑම දර්ශීය ස්වභාවයකින් පෙනී සිටීම. ඒ වගේම ඕනෑම Virtual effect එකක් සිදු කිරීමටත් අවශ්ය ආකාරයන්ග කාලය,අවකාශය හා අංශුමය,අණුක manipulations සිදු කිරීමේ හැකියාවත් Watchers ලා සතුයි. ඒ වගේම විවිද ශක්තීන් ප්රක්ෂේපණය කිරීමේ හැකියාවන් ට අමතරව විවිධාකාර වූ අධිමානසික හැකියාවන් ද Watchers ලා සතුයි. එපමණක් නොව විවිධාකාරී වූ ඉහළ තාක්ෂණයන් සදහා ප්රවේශ වීමේ හැකියාවද Watchers ලා සතුයි.
★වැදගත් Watchers ලා ටිකක් ගැන දැන් බලමු ▼
1. Acba- විශ්වයේ බිදවැටීම සියැසින් දුටුවෙකි.
2. Aron- අනෙක් Watchers ලට ද්රෝහි වූ Watchers කෙනෙකි.
3. Critics- Watchers ලාගෙව් branch එකකි(උඩින් කියලා තියේ)
4. Ecce- Galactus ගේ බිහිවීම දුටුවෙකි. Galactus ව ඒ මොහොතේ විනාශ නොකිරීමට තීරණය කල නිසා විනාශකාරී Galactus ගේ බිහිවීමට මොහුද වගකිව යුතුය.
5. Edda- විශ්වයේ potential collapse එකද දුටුවෙකි.
6. Egma- Quasar හා Mealstrom අතර ගැටුමද දුටුවෙකි.
7. Eihu- Stranger හා Overmind අතර Battle එක witness කල අයෙකි.
8. Emnu- Home world High Council හි නායකයා වේ. (Prosilcans Experiment එක)
9. Egnu- Uatu ගේ Trial එක අවස්ථාවේ සිට ඇත
10. Eta- weird world නම් පාවෙන island එකේ සිටින Female Watcher කෙනෙකි.
11. Ikor- Uatu ගේ පියා ය.
12. Ing- Uatu ගේ Trial එක අවස්ථාවේ සිට ඇත.
13. Ocam- stranger ගේ සහ overmind ගේ battle එක witness කර ඇත.
14. The one- Watchers ලගේ දැනුම් ගබඩාව වනිය. මොහු EXITAR අතින් මිය ගියේය.
15. Otmu- shi'ar මන්දාකිණියේ කොටසක වැඩකටයුතු කරන Watcher කෙනෙකි.
16. Qyre- recluses සොයාගත් Watcher කෙනෙකි.
17. Talmadge- අලුත ඉපදුනු Watcher කෙනෙකි.
18. Ualu- Quasar හා Otmu අතර ගැටුම අවස්ථාවේ සිට ඇත.
19. Uatu- (දන්නවනේ... උඩින් තියේ )
20. Uiling-Earth-691 හි සිටින Watcher කෙනෙකි.
21. Ulana- Female Watcher කෙනෙකි (UATU ගේ Lover)
22. Uravo- පෘථිවියේ තම Post එක අතහැර ගිය UATU ව සෙවීමට යැවූ තරුණ Female Watcher කෙනෙකි.
23. Ute- Earth-374 Watcher කෙනෙකි.
24. Watcher of the calishee- calishee ග්රහලොව අද්යනයේ යෙදුණු Watcher කෙනෙකි.
25. Zoma- She-Hulk ගේ Trial එක අවස්ථාවේ සිට ඇත.
★Watchers ලා Appeare වූ වෙනත් ආකාර සහ අවස්ථා▼
1.Earth X
EARTH-9997 දී Watchers ලා කියන්නේ CELESTIALS ලා යටතේ වැඩකරන මෙහෙකාරයෝ ටිකක් (Slaves). CELESTIALS ලගේ පරම හතුරා වෙච්ච Galactus බිහිවීමේදී එයට මැදිහත් නොවීමට දඩුවමක් විදියට Watchers ලට බලෙන් තමන් විසින් CELESTIAL බීජ වපුරලා විනාශ කරන ග්රහලෝක observe කිරීමට සලස්වනවා.
2. Ultimate Marvel Universe
Ultimate Marvel විශවයේදී Watchers ලව නිරූපණය කරලා තියෙන්නේ මනුෂ්ය Host එකක් හරහා සම්බන්ධකම් පවතවන Machines ජාතියක් විදියට. ඔවුන් Rick Jones ව යොදාගන්නවා මනුෂ්යවර්ගයා හට ඉදිරියේදී සිදුවීමට නියමිත විනාශයක් පිළිබද දැන්වීමට.
3. Telivision
*Paul Frees විසින් 1967 Fantastic Four Animated series එකේදී Watcher Uatu හර පණ පොවා ඇත.
*The Marvel Superheros Animated series එකේ Hulk segment එකේදී Uatu The Watcher appeare වී ඇත.
* X men Animated series එකේදීත් Utau The Watcher ගේ cameo එකක් සිදුව ඇත.
*1994 Fantastic Four Animated series එකේදීත් Alan oppenheimer විසින් හඩ කැවුණු Uatu the Watcher appear වී ඇත.
* "tremble at the might of MODOK" කියන Superhero Squad episode එකේදි Uatu Watcher appear වී ඇත. (voiced by dave boat)
*ඉස්සරහට එන්න තියෙන Disney+ What if seiries එකෙන් බොහෝවිට Uatu කියන Watcher ව දැක බලා ගැනීමට හැකිවීමට ඉඩ ඇත.
4.Film
*Gardians Of The Galaxy vol.2 එකේ Stan Lee ගේ cameo එකේ ඉන්නේ අර ලෝගු දාගෙන... ඒ Watchers ලා තමා.
★Watchers ලා ගැන දැනගන්න පාව්ච්චි කරන්න පුළුවන් Reference ටිකක් පල්ලෙන්▼
1. Tales of Suspense #52-53. Marvel Comics.
2. Fantastic Four #13 (April 1963). Marvel Comics.
3. Fantastic Four #20 (Nov. 1963). Marvel Comics.
4. Fantastic Four #48 (Mar. 1966). Marvel Comics.
5. Fantastic Four #113 (Aug. 1971). Marvel Comics.
6. Tales to Astonish #73-74. Marvel Comics.
7. Tales to Astonish #75. Marvel Comics.
8. Captain Marvel #37 - 38 (March–May (bi-monthly)1975). Marvel Comics.
9. Fantastic Four #400 (May 1995). Marvel Comics.
10. Eternals vol. 7, (Oct. 2008). Marvel Comics.
11. Sensational She-Hulk #14-17. Marvel Comics.
12. Original Sin #0. Marvel Comics.
13. Quasar #25. Marvel Comics.
14. Sensational She-Hulk #14. Marvel Comics.
15. Thor #168. Marvel Comics.
16. Quasar #16. Marvel Comics.
17. Tales of Suspense #53. Marvel Comics.
18. Captain Marvel #39. Marvel Comics.
19. Weirdworld Vol. 2 #3. Marvel Comics.
20. Fantastic Four #378. Marvel Comics.
21. Fantastic Force #7. Marvel Comics.
22. Fantastic Four #400. Marvel Comics.
23. Quasar #15. Marvel Comics.
24. She-Hulk Vol. 3 #7. Marvel Comics.
25. Thing: Freakshow #1. Marvel Comics.
26. The Fantastic Four #13 (1963). Marvel Comics.
27. Guardians of the Galaxy #49. Marvel Comics.
28. FF #13. Marvel Comics.
29. Hulk Vol. 2 #28. Marvel Comics.
30. Avengers #363. Marvel Comics.
31. Thor #419. Marvel Comics.
32. What If #1 - 47 (Feb. 1977 - Oct. 1984) and What If vol. 2 #1 - 114 (Jul. 1989 - Nov. 1998). Marvel Comics.
33. Earth X:Issue X (Mar 2000). Marvel Comics.
34. Ultimate Extinction #1 - 5 (Jan. 2006 - May 2006). Marvel Comics
_________________________________
★ඔන්න ඕක තමා පෝස්ට් එක. අමතක වෙච්ච කරුණු,වැරදි හෙම තියේ නම් පල්ලෙන් කියං යමු.... ▼
_________________________________
© Fandom,Comicvine & wikipedia
_________________________________
Hope You Enjoyed The Post 😋
_________________________________
#Dilshan
#SL_MARVEL_FANS_UNITED

Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List