Task Master

2020 මැයි 1 නිකුත් වෙන Black Widow Movie එකේ Main villain Taskmaster කියලා කට්ටිය දන්නවා ඇහිනේ ඉතින් අද බලමු කව්ද මේ Taskmaster කියන්නේ කියලා....😎 

David Michelinie සහ George Pérez කියන දෙන්නගේ නිර්මාන දායකත්වයෙන් 1980 මැයි මාසේ නිකුත් උන The Avengers #195 කියන Comic issu එකෙන් තමා Taskmaster මුල්ම වතාවට කොමික් ලෝකයට ප්රවිශ්ට වෙන්නේ මෙතන ඉදන් Comic issues 500ක ඉතරක මේ Taskmaster ගේ Appearance එක සිද්ද වෙලා තියනවා. කොහොම උනත් කොමික් වලදී මෙයාට ලොකූ ඔරිජින් ස්ටෝරි එකක් දීලා නෑ The avengers #195 මෙයාගේ First appearance එකෙන් පස්සේ 2010 ආපු Taskmaster vol.2 එකෙන් තමා මෙයාගේ ඔරිජින් ස්ටෝරි එක සම්පූරණ කරන්නේ. 

උපතින්ම ලැබුනු photographic reflexes එහෙමත් නැත්නම් කෙනෙක්ගේ චලනයන් ඒ විදියටම අනුගමනය කරන්න පුලුවන් හැකියාවක් එක්ක Bronx, New York වල තමයි Tony Anthony Masters උපත ලබන්නේ. වයස අවුරුදු 8 දී ඉතර ටීවී ශෝ එකක දැකපු කව් බෝයි කෙනෙක්ගේ ලනුව විසි කිරීම කව් බොයිගේ චලනයන් වලින් ඒ විදියටම ඉගෙනගන්න ටෝනි එතනින් පස්සේ තමා තමන්ගේ හැකියාවන් ගැන දැනගන්න පටන් ගන්නේ. උසස් පාසලේදී පාසලේ ඉන්න හොදම ෆූට් බෝල් ක්රීඩකයන්ගේ චලනයන් අනුගමනය කරන ටෝනි පොඩි කාලයක් ඇතුලත ස්කෝලේ ඉන්න හොදම ෆූට් බෝල් ක්රීඩයෙකුත් වෙනවා. 
කොහොමහරි තමන්ගේ හැකියාවන් එක්ක තරුණ වියට එන ටෝනිට Shield එකේ ඒජන්ට් කෙනෙක් විදියට වැඩ කරන්න අවස්තාව හම්බෙනවා මේ වෙනකොට ශීල්ඩ් එකේ ඉන්න හොදම ඒජන්ට් ලගෙන් කෙනෙක් තමයි ටෝනි කියන්නේ.

Baron Von Strucker ගේ යටතේ හයිඩ්රා එකෙන් පාලනය කරන neo nazi organization එකකින් ඇඩොල්ෆ් හිට්ලර්ගේ ලේ යොදාගෙන අත්හදා බලන Super soldier serum එකක් ගැන දැනගන්න ශීල්ඩ් එක මේ තැන වටලන්ඩ ටෝනිගේ නායකත්වය යටතේ ශීල්ඩ් ඒජන්ට්ලා කීපදෙනෙක්ව පිටත් කරනවා. කොහොමහරි මේ අය මෙතනට ලගා වෙනකොටත් මේ Supre soldier serum එක ගැන පරීක්ශන කරමින් හිටපු Horst Gorscht පපුවට වැදුනු වෙඩිල්ලක් එක්ක ලැබ් එක ඇතුලේ වැටිලා ඉන්නවා ටෝනිට හම්බෙනවා Gorscht මේ සිරම් එක ගැන හැම විස්තරයක්ම ටෝනිට කියනවා කොහොමහරි මේ වෙනකොට හදිසියේම සිද්ද උන ලොකු පිපුරුමක් නිසා මේ ලැබ් එක සම්පූර්න විනාස වෙන ගමන් තමයි තියෙන්නේ ලැබ් එක විනාස උනාට පස්සේ තමන් හොයාගත්ත හැමදෙයක්ම නැති වෙනවා කියලා දැනගත්ත Gorscht ඒ වෙනකොට හදලා ඉවර උන සිරම් එක සාම්පල් එකක් ටෝනිගේ අතට දෙනවා. ලැබ් එකෙන් පිටවෙන්ඩ මොහොතකට ඉතර කලින් ටෝනි මේ සිරම් එක තමන්ගේ ඇගට ඉන්ජෙක්ට් කරගන්නවා ඉතින් මේ සිරම් එකේ අතුරු ප්රතිපලයක් විදියට ටොනිගේ හැකියාවල් තවත් වර්දනය වෙනවා වගේම මෙයාගේ පෞද්ගලික මතකයන් Rewrite විමක් සිද්ද වෙනව ඉතින් ඔය හේතුව නිසා ටෝනිගේ එයාගේ වයිෆ් වෙන Mercedes Masters වත් තමන් ශීල්ඩ් ඒජන්ට් කෙනෙක් කියන එකත් අමතක වෙන්න පටන් ගන්නවා. 

කොහොමහරි මේ සිදුවීම් වලින් පස්සේ ටෝනි එයාගේ හැකියාවල් වලින් Taskmaster's Academy එහෙමත් නැත්නම් Solomon Institute For The Criminally Insane කියලා එකක් ආරම්බ කරනවා මේතනදී Criminal insane වලින් ඉන්න අයව හොදින් පුහුනු කිරීමක් තමයි සිද්ද වෙන්නේ. Crossbones පවා මේ Taskmaster ගෙන් ට්රේන් වෙලා තියනවා. හැබැයි මේ Institute එකේ ඉන්නේ Dr.Solomon , Taskmaster ගේ රිසෝසස් වලින් තමන්ගෙම ක්ලෝන් එකක් නිරමානය කරන්න උත්සහ කරනවා ඇත්තටම මේක කරන්නේ Taskmaster ට හොරෙන්. කොහොමහරි මේ Institute එකෙන් පැනලා එන දෙන්නෙක් නිසා Avengers ලට මේ තැන ගැන දැනගන්න ලැබෙනවා. ඒ වෙනකොටත් මේක ගැන දැනගෙන හිටපු Wasp, Antman සහ Yellowjacket කියන තුන්දෙනා Avengers ලට කලින් මේක ගැන හොයන්න යන වෙලාවක මේ අයව අහුවෙනවා. මෙතනදී තමා Taskmaster මුල්ම වතාවට තමන් ගැන මේ තුන් දෙනාට විස්තර කරන්නේ ( First Appearance of Taskmaster ) කොහොමහරි Dr.Solomon ගේ වැඩේ ගැන දැනගන්න Taskmaster ලැබ් එක ඇතුලෙදිම Dr.Solomon ව මරනවා. ඊට ටික වෙලාවකට පස්සේ මෙතනට එන Avengers ලා එක්ක සටනකටත් Taskmaster ට මූන දෙන්ඩ වෙනවා ඉතින් ඒ වෙනකොටත් Taskmaster තමන්ගේ හැකියාවෙන් හැම Avengers කෙනෙක්ගෙම Fighting skills ඒ අයගේ Movements හැමදේම දැනගෙන ඉන්න නිසා ලේසියෙන්ම වගේ මෙයාට අයන් මෑන්ව , කැප්ව , බීස්ට්ව එහෙම පරාද කරන්න පුලුවන් වෙනවා. හැබැයි Taskmaster ට මේ වෙලාවෙදී Jocasta ගේ Movements කොපි කරන්න බැරි වෙනවා ඇත්තටම මේක මෙයාගේ එක වීක්නස් එකක් විදියටත් හදුන්වනවා කොහොම හරි ඔය හේතුව නිසා Taskmaster මෙතනින් පැනලා යනවා. ඉතින් ඔතනින් පස්සේ තමා Taskmaster Villain කෙනෙක් විදියට Marvel comic වලට එකතු වෙන්නේ.

කොමික් ඉශූස් දෙකකින් වගේ විස්තර කරපු Taskmaster ගේ ඔරිජින් ස්ටෝරිය තමා ඔය විදියට විස්තර කලේ දැන් බලමු මෙයාගේ Powers & Abilities මොනවද කියලා. 

මෙයාගේ ප්රදානම හැකියාව තමා Photographic reflexes කියන්නේ. මෙයාට පුලුවන් කෙනෙක්ගේ චලනයන් දිහා එක පාරක් බලාගෙන ඉදලා ඒ චලනයන් ඒ විදියටම අනුගමනය කරන්ඩ මෙයාගේ මේ හැකියාව කොච්චරද කියනවනම් කෙනෙක් අවුරුදු ගානක් තිස්සේ පුහුනුවෙලා කරන දෙයක් උනත් එක පාරක් ඒ දේ දිහා බලාගෙන ඉදලා ඒ විදියටම කරන්න පුලුවන් හැකියාවක් මෙයාට තියනවා. කොහොමහරි මේකත් එක්ක වයසින් ලොකුවෙන ටෝනි කරන්නේ හැම හීරෝ කෙනෙක්ගෙම fighting styles දැනගන්න එක වගේම අවශ්ය වෙලාවකදී ඒවා ගැන හොද මතකයකුත් මෙයාට තියනවා. ඒ වගේම මෙයාට පුලුවන් කෙනෙක් එක්ක සටනකදී එයාගේ චලනයන් දිහා බලලා එයාගේ ඊලග පියවර මොකක්ද කියන එක වේලාසනම තීරනය කරන්ඩ, Civil war එකේදී ෆ්රයිඩේ කැප්ගේ fighting style Analys කලා වගේ මෙයාට පුලුවන් මේක තනියම කරන්ඩ. හොදම දේ තමා මෙයාට පුලුවන් මේ හැම චලනයක්ම කලින් කෙනාට වඩා දෙගුනයක ඉතර වේගයකින් කරන්න පුලුවන් වගේම සාමාන්ය කෙනෙක්ට වඩා දෙගුනයක ඉතර වේගයකින් මොකක් හරි දේකට ප්රතික්රියා දක්වන්න පුලුවන් හැකියාවකුත් මෙයාට තියනවා. ඉතින් ඔය නිසා ගොඩක් අයට වදයක්ම වෙච්ච විලන් කෙනෙක් විදියටත් මෙයාව හදුන්වන්ඩ පුලුවන්. 

ඒ වගේම මෙයාගේ තව හැකියාවක් තමා Voice Mimicker කියන්නේ. පැය කීපයක් පුරුදු උනාට පස්සේ මෙයාට පුලුවන් කෙනෙක්ගේ කටහඩ ඒ විදියටම අනුගමනය කරන්ඩ....voice-activated locks වලට තමා මෙයා මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ.

Master martial artist කෙනෙක් Marvel Universe එකේ ඉන්න හොදම Martial artists ලගෙන් කෙනෙක් විදියට තමයි මෙයාව හදුන්වන්නේ. මේ වෙනකොට මෙයා ගනන් කරලා ඉවර කරන්න බැරි තරම් Fighting skills ගනනාවක්ම දන්නවා. ගෙඩක් අය දන්න ඩෙයාඩෙවිල්ට , අයන් ෆිස්ට පවා වදයක් උන කෙනෙක්. 
ඒ වගේම ඕනෙම Weapon එකක් ඉතාමත් හොදින් හැසිරවීමේ හැකියාවක් මෙයාට තියනවා...උදාහරනයක් විදියට Hawkeye ගේ දුන්න කැප්ගේ ශීල්ඩ් එක ඩෙයාඩෙවිල් ගේ Billy Clubs කියලා ඉවරයක් කරන්න බැරි තරම් Weapons ප්රමානයක් පාවිච්චි කරන්ඩ පුලුවන් හොද හැකියාවක් මෙයාට තියනවා.

හරි ඉතින් ඔය ටික තමා මෙයාගේ ප්රදානම හැකියාවල් වෙන්නේ. ඔයිට අමතරව මෙයාට පුලුවන් මෙයාගේ හුස්ම ගන්න වේගය පාලයන කරන්න වගේම Master Tactician කෙනෙක් Master Acrobat කෙනෙක් Master Assassin කෙනෙක් වගේම Master Marksman කෙනෙක්ද වෙනවා වගේම මෙයාට බාශාවන් කීපයකින්ම කතා කිරීමේ හැකියාවකුත් තියනවා. 

දැන් බලමු මෙයාගේ Weakness එහෙම නැත්නම් දුර්වලතාවයන් මොනාද කියලා.
මෙයාගේ ප්රදානම දුර්වල තාවය තමා මෙයාට කෙනෙක්ගේ චලනයක් අනුකරනය කරන්ඩ පුලුවන් උනත් ඒ කෙනාගේ Powers අනුකරනය කරන්ඩ බෑ ඒ කියන්නේ මෙයා Wolverine ගේ Fighting skills අනුකරනය කලත් මෙයාට වුල්විගේ Claws ගන්ඩ බෑ ඒ වගේ.....Spiderman ගේ Movements අනුකරනය කලාට ස්පයිඩිගේ Superhuman strength එක ගන්ඩ බෑ ඒ වගේ.
ඊලගට මෙයාට Deadpool ගේ Fighting style අනුකරනය කරන්ඩ බෑ වගේම ඊලග Movements එක වේලසන දැනගන්ඩ විදියකුත් නෑ. Taskmaster ට වදයක් උන කෙනෙක් තමා Deadpool කියන්නේ.

මෙයාගේ ඊලග දුරවලතාවය එන්නේ මෙයා Inject කරගන්න Nazi serum එකෙන් මේ සිරම් එක නිසා මෙයාගේ Brain capacity එක හුගක් වැඩි වෙනවා ඔය නිසා මෙයාට ලොකු Knowledge එකක් Absorb කරගන්න පුලුවන් හැකියාවක් හම්බෙනවා හැබැයි මේ සිරම් එකෙන් මෙයාගේ මෙයාගෙ දිගු කාලීන මතකයන් වලට හානි වෙනවා ඒ කියන්නේ මෙයා අලුතෙන් දෙයක් මනසට දාගන්නකොට තව මොකක් හරි දෙයක් මෙයාගේ මනසෙන් අයින් වෙලා යනවා මෙයාට ඒ ගැන අමතක වෙනවා හැබැයි මේවා Permanently නැති වෙලා යන්නේ නෑ....ඉතින් ඔය නිසා මෙයා කා එක්ක හරි ෆයිට් එකකට යනවනම් ඒ කෙනාගේ Fighting styles , Movements වගේ දේවල් ආයි ආයි බලලා තමයි ෆයිට් එකට යන්නේ. 
මන් ඉස්සෙල්ලා කිව්වනේ මෙයාට බාශා කීපයක් කතා කරන්න පුලුවන් කියලා මේ සිරම් එක නිසා මෙයාට මතක තියාගන්ඩ පුලුවන් උපරිම බාශා ගාන් වෙන්නේ හරියටම අටක් ඉතරයි.
සමහර වෙලාවල් වලට මෙයාට තමන් කවුද...දැන් මන් කර කර ඉන්නේ මොකක්ද ඇයි මන් මේක කරන්නෙ කියන දේවල් පවා මේ නිසා අමතක වෙනවා. 

Facts
~~~~ 
• Villain කෙනෙක් කිව්වට මෙයාව Anti - Hero කෙනෙක් විදියටත් හදුන්වනවා.
• සාමාන්යයෙන් මෙයාට මෙයාගේ Body weight එක වගේ දෙගුනයක ඉතර බරක් උස්සන්න පුලුවන්
• Shield Agent කෙනෙක් විදියටත් Taskmaster විදියට Secret Avengers Team එකටත් මෙයාගේ දායකත්වය හම්බෙලා තියනවා
• Crossbones, Agent X දෙන්නා මෙයාගෙන් පුහුනුවෙලා තියනවා.
• Tasky, Barney Toastmaster කියන නම් වලිනුත් මෙයාව හදුන්වනවා. ඒ වගේම Jeanne Foucault නමින් දුවෙකුත් මෙයාට ඉන්නවා.
• photographic reflexes එක නිසා ටෝනි Master Sportsman කෙනෙක්ද වෙනවා. 

හරි ඉතින් ඔය විදියට තමා Taskmaster ගේ විස්තර වෙන්නේ තවත් Review එකක් එක්ක හම්බෙමු...😘

#Thessa 🍃

#Taskmaster #SLMFU

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List