Red Guardian

===============
RED GUARDIAN
===============
____________________________________
ඉස්සරහට, ඊලඟ අවුරුද්දෙ Black Widow Movie එක එන්න තියන නිසාත්, කට්ටියටම වැදගත් වෙයි කියලා හිතන නිසාත් මේ post එක දාන්නෙ.
____________________________________
✦"Red Gardian" (Russian: Красный страж, Krasnyy Strazh) කියලා කීවට තනි character එකක් විදියට කොටු කරන්න බෑ. මොකද Red Gardian කියන Role එක කාලයත් එක්ක කීපදෙනෙකු ම අරගෙන තියෙනවා. America වලට Captain America ඉන්නවා වගේ Soviet Union (සෝවියට් සමූහාණ්ඩුව) ට ඉන්නේ Red Gardian . කොහොමහරි දෙවන ලෝක යුද්දයෙන් පස්සේ Soviet සමූහාණ්ඩුව බිද වැටුනට පස්සෙ නම් මෙයා ගැන අපිට අහන්න/දකින්න ලැබෙන්නේ නෑ. මේ Red Gardian කියන Name එක Claim කරගත්ත අය කීපදෙනෙක් ම Marvel Comics තුළදි දැක ගන්න පුළුවන්.
✦Red Gardian ලා ටික ගැන පොඩි විස්තරයක් පහලින්...👇
____________________
🔶Aleksey Lebedev
Aleksey Lebedev කියන්නේ Red Gardian ගැන කථා කරද්දි මුලින්ම මතක් වෙන චරිතය. මෙයා තමා අපි පලවෙනියට කතා කරන Red Gardian මෙයා වඩත් ප්රසිද්ධ ම Red Gardian කියලත් කියන්න පුළුවන් මොකද මෙයා තමා Comic වල Golden age එකේදි Red Gardian චරිතයට පණ පෙව්වෙ. මුලින්ම Namor The Sub-Mariener #1 Anual (Writers: Dana more shead,Mike Thomas Artist: Phil Hester) එකෙන් (1991,June) අපිට Aleksi Lebedev ව Red Gardian වශයෙන් දැක ගන්න හැකි වෙනවා. මෙයා ගැන වැඩි විස්තරයක් නම් නෑ. මෙයා Captain America සමගත් එකට එකතුවෙලා සටන් කරලා තියනවා. Aleksey Lebedev විසින් Potsdam conference fight ඒකත් එකතු වෙලා තියෙනවා. මෙයා 1945 July වලදි තමන්ගේ දෙවන ලෝක යුද්ද Career එක පටන් ගන්නවා. දෙවන ලෝක යුද්දේ අවසානෙදි Aleksey Lebedev හට All Winning Squad (Invaders) ලව ත් හම්බෙනවා. අනිත් හැම Red Gardian කෙනෙක් වගේම Red Gardian : Aleksey Lebedev වත් නිර්මාණය කරලා තියෙන්නේ Captain America ගේ Russian, එහෙමත් නැත්තං Soviet version එකක් විදියට. මෙයා ඒත් 1950' ගණන් වල වෙච්ච Purges වලින් මරණයට පත්වෙලා තියෙනවා.
🔶Alexei Shostakov
මෙයත් Red Gardian ගේ Role එක ගත්ත තවත් එක character එකක්. මෙයාව දෙවනියට කතා කරන Red Gardian. මෙයා ගැනනම් ටිකක් වැඩිපුර විස්තර කියන්න පුළුවන්.
✦Character Biography:
Alexei Shotsakov උපත ලබලා තියෙන්නේ Moscow නගරයෙදි. ඒ වගේම තමයි Comic වලදි මෙයා Natasha Romanova (Natalie) ගේ Husband. මේ දෙන්නම තීරණය කරනවා Soviet Union එකේ Agents ලා එහෙමත් නැත්තං රහස් නියෝජිතයන් විදියට කටයුතු කරන්න.
Alexei Shotsakov විසින් මුලදි Soviets ලගේ Test-Pilot කෙනෙක් විදිහට ක්රියා කරනවා. ඊට පස්සේ තමා Captai America ගේ Russian Version එකකට සමාන වන Red Gardian විදියට මෙයා වැඩ පටන් ගන්නේ. සෝවියට් සමූහාණ්ඩුව ට හිටපු හොදම Pilot කෙනෙක් විදියට Alexei ව සලකනවා. දෙවැනි ලෝක යුද්දෙ කාලෙදි Eastern Front (නැගෙනහිර පෙරමුණ) එකේ සටන් කරණ Alexei Shotsakov විසින් සමත් වෙනවා Luftewaff-Fighter වර්ගයේ ගුවන්යානා රාශියක් විනාශ කර බිම හෙලන්නට සමත් වෙනවා. Stalingrad සහ Kusak යන ප්රදේශ වල රුසියානු ආදිපත්යය පවත්වාගෙන යාමට Alexei Shotsakov විසින් විශාල මෙහෙයක් ඉටු කරලා තියෙනවා.ඒ Akexei සතු ඉහළ දක්ෂතා නිසාම ඔහුව තෝරගන්නවා අනතුරුදායක ම සහ රහසිගතම වූ ප්රහාරක ගුවන් යාන Tests වලට. ඒ වගේම තමා Soviets ලා වෙනුවෙන් මුලින්ම Mig-15 වර්ගයේ ප්රහාරක ජෙට් යානයක පළමු Test-Pilot විදියට යොදාගැනෙන්නෙත් Alexei Shotsakov ව. Korean යුද්ධ සමයේදි Mig යාන ගත්තොත් එහිදී ඉහලින් ම සිටින්නට සමත් වෙන්නේ රුසියාව. ඒකට මූලික ම හේතුව වෙන්නේ Alexei Shotsakov දක්වපු දක්ෂතාවන්. ඒ හේතුව නිසා "Hero" කෙනෙක් විදියට Alexei ව Soviet Union එක හදුන්වනවා. මෙයාගේ පෞද්ගලික ජීවිතයත් සාර්ථක එකක් කියන්න පුළුවන් මොකද මෙයා Marry කරලා හිටියේ Natasha Romanova ව.
1950, සීතල යුද්ධ සමයෙදි Nakita Khurushcher (soviet premier) තේරුම් ගන්නවා America වට Captain America ඉන්නවා වගේ සෝවියට් සමූහාණ්ඩුව ටත් Super Soldier කෙනෙක් ඕනෙ කියලා. මේ වැඩේට Khurushcher විසින් තෝරගන්නේ Alexei Shotsakov ව. (පළමුව අභ්යවකාශ ගත වුණ මිනිසා වෙච්ච Yuri Gagarin ටත් උඩින් තමා මෙයාව මේ වැඩේට තෝරගන්නේ).KGB (Russian security committee) එක විසින් මෙයාගෙ මරණයත් Fake කරනවා. Natasha ත් හිත්න් ඉන්නේ එතකොට ඇත්තටම Alexei මැරුණා කියලා. ඊට පස්සේ KGB එක විසින් Alexie ව Train කරනවා Red Gardian බවට පත් කරන්න. මෙයාගේ Combat skills,Strength එක සහ වෙනත් skills වැඩි කරන්න එයාලා සමත් වෙනවා. ඒ නිසාම මෙයා Combat වලදි සහ Athletics වලදි Master කෙනෙක් බවට පත්වෙනවා. අපේ කැපාට එයාගෙ Shield එක තියෙනවා වගේ Red Gardian ටත් තියෙනවා එයාගෙම Whepon එකක්... ඒක තමා එයාගේ Belt Buckle එකේ තියෙන Disc එක (Belt-Buckle-Disk). (මේ Belt-Buckle Disk එකට පුළුවන් Magnetic බලයෙන් නැවතත් Red-Gardian ගෙම අතට යන්න). Captain America ගේ Shield එකේ Star Symbol එකක් තියෙන වගේ Red Gardian ටත් තියෙනවා එයාටම ආවේණික වුණු Symbol එකක් ඒක තමා මිටිය සහ මිටි කළ හස්ථය. ඒ වගේම තමා Captain America ගෙ පපුවෙ තියෙනවනේ එයාගෙ Symboll එක ඒ වගේම Red Gardian ටත් තියෙයි Star Symbol එකක් එයගේ Costume එකෙත්. ඒ Star එකෙන් නිරූපණය කරන්නේ සෝවියට් රුසියාව. KGB එකේ ක්රියා කලාපය එපා වුණු Natasha Romanova (Black widow) යනවා US වලට නමුත් ඔවුන්ට පක්ෂපාතීව Alexie තවදුරටත් ඔවුන් සමග ක්රියා කරමින් ඔවුන් සමගම රැදී සිටිනවා. එහෙම රැදී සිටිමින් ඔහු වඩාත් දරුණු Fighter කෙනෙක් බවට පත්වෙනවා. Red Gardian විසින් තමන්ගේ chinese Ally කෙනෙක් වෙච්ච Colonal Ling එක්ක එකතුවෙලා අපේ Avengers ලා එක්කත් Fight එකක් ගිහිලා තියනවා... ඒ චීනයේ Reviele නොකරපු තැනෙක තිබ්බ චීන සමූහාණ්ඩුව ට අයත් Military base එකක තිබුණ powerfull whepon එකක් Avengers ලා විසින් ගන්න යාමේදීයි. මෙතනදි Captain America (Steve Rogers) හා Black Widow (Natasha Romanova) හට Face-To-Face මුණ ගැහෙනවා මේ Red Gardian (Alexei Shotsakov) ව. එතනදි Natasha හට තේරෙනවා මේ Red Gardian ගේ මොකක් හරි අදුනන ගතියක් තියේ කියලා... කොහොමත් Nat ගේ Husband නේ Alexei. මේ අවස්ථාවේදි තමන්ගේ Secret Identity එක හෙලි කරනවා Red Gardian විසින් Natalia ට. ඒ කියන්නේ තමන් Alexei බව හෙලි කරනවා. මෙතනදි කැපා වයි Natasha වයි මරන්න උත්සාහ දරනවා Colonal Ling විසින්. එතනදි Red Gardian Natasha වයි Cap. වයි බේරගන්න හදන අවස්තාවේදි Ling ගේ වෙඩි පහර Red Gardian ට වදිනවා. කොහොමහරි මෙතනදි සිදුවන Whepon-Laser-Blast එකක් නිසා Lava තට්ටු ගොඩ අස්සේ Alexei Shotsakov ගේ Body එක සැගවිලා යනවා.
ඊට පස්සේ Alexei වගේම හැසිරෙන්න Live Decoy එකක් යොදවනවා. ඒත් Natasha ට Decoy එක හම්බවුන පළමු පාරම එය විනාශ කර දමන්නට ඇය සමත් වෙනවා. ඊට කාලයකට පස්සේ Revile කරනවා ඇත්තටම මෙතනදි Red Gardian මැරුනේ නෑ කියලා!. මෙයා Bulgaria වෙන් Ronin වශයෙන් ඒ Role එක අරන් වඩාත් powerfull ලෙස නැගීසිටිනවා. Natasha Romanova ව උස්සන්න හදන Plan එක්කටත් මෙයා මැදි වෙනවා. නමුත් ඒ Plan එක Daredevil ගේ සහ Avengers ලාගේ උත්සාහයෙන් සහ මැදිහත් වීමෙන් නතර වෙනවා.
✦මෙන්න මෙයා ගැන සාරාංශය... 👇
✦First appearance: The Avengers #43 (1967,August)
✦Team affiliations: KGB (Russian security commitee-රුසියානු ආරක්ෂක කමිටුව)
✦Abilities:
1.අති දක්ෂ Athlete කෙනෙකි.
2. Hand-To-Hand Combat වලදී ඉහල දස්කම් පෙන්වයි.
3.Expert Pilot කෙනෙක්.
4. තමාටම ආවෙණික වූ Belt-Buckle Disk එකක් ඇත.
✦Creators:
Roy Thomas
&
John Busceman
🔶Josef Petkus
Josef Petkus කියන්නේ අපි කතා කරන්න යන තුන්වෙනි "Red Gardian" Role එක උසුලපු තැනැත්තා. 1989 දී මුලින්ම Captain America #352 කියන ComicBook එකෙන් appear වෙන Red Gardian (Josef Petkus) Avengers #319-#324 (1992,July-October) සහ Incredible Hulk #393 (1992,May) කියන Comics වලිනුත්, ඊට පස්සේ ආපු Soviet Super Soldiers #1 (1992,November) කියන Comic Books වලිනුත් Iron Man #9 (1992,October) න් Steel Gardian විදියටත් appear වෙලා තියෙන බව දැක ගන්න පුළුවන්. Supreme Soviets ලගෙ Part එකක් විදියට Red Gardian (Josef Petkus) ට Entry එකක් ලැබෙනවා. (official handbook-Marvel Univers-update 89' #7)
Josef Petkus විසින් සෝවියට් සමූහාණ්ඩුවේ Special Operative (විශේෂිත ක්රියාකරුවෙක්) විදියටත් වැඩ කරලා තියෙනවා. Supreme Soviets ලගේ ගේ Member කෙනෙක් වෙච්ච Josef Petkus විසින් Captain America සමගත් එක්ව වැඩ කරලා තියෙනවා. Dark-Forces වලින් සමන්විත වුණු වලසෙක් වගේ creature කෙනෙක් සමගත් මේ Red Gardian සටන් කරලා තියෙනවා. මෙයා Join වෙලා හිටපු Supreme Soviets ලව පසුකාලීනව නම් කරනවා පශ්චාත්-සෝවියට්-රුසියානු Super Team එකක් වෙච්ච "Winter Gaurd" ලෙසින් නම් කරනවා. Josef Petkus විසින් Avengers සහ Alfa Flight ලා සමග එකතු වෙනවා pease Corps,Atlantian Army,The Combine හා සටන් කිරීමට.Red Gardian (Josef Petkus) පසුකාලීනව Winter Gaurd Splinter-Group එකක් වෙච්ච"Peoples Protectorate" එකට සම්බන්ධ වෙනවා. තමන්ව Steel Gardian ලෙස හදුන්වාගන්න Josef Petkus විසින් Time-Lord Immortus ව හොයාගෙන යනවා vanguard ගේ සහෝදරිය වෙච්ච Lanyia හට නැවත පණ දීමට. ඒ Deal එකට Immortus කැමති වෙනවා, හැබැයි එක් කොන්දේසියක් පිට. ඒ තමා Dire wraith's Relm එක ආක්රමණය කර ඔහුව පරාජය කිරීම... මෙතනදි මෙයා මිය යනව.
✦Josef Petkus ගැන සාරාංශයක්...👇
✦First appearance: Captain America #352
✦Creators:
Mark Gruenwald
&
Kieron Dwyre
✦Real name: Josef Petkus
✦Affilliations:
Supreme Soviets
&
Winter Gaurd
✦Abilities & Whepons:
1. High Skilled Athlete කෙනෙකි.
2. Steel Shield එකක් සතුය.
🔶Krassno Granitsky
අපි ඊලඟට කතා කරන්න යන Red Gardian තමා Krassno Granitsky කියන්නේ. Maverick #10 (1998,June) වලින් අපිට මේ Krassno Granitsky ව Red Gardian විදියට මුලින්ම දැකගන්න පුළුවන්. මේකෙ Creators ලා ගත්තොත්, Writer: Jorge Gonzales සහ Artist: Leo Fernandez කියන අය දක්වන්න පුළුවන්. Crime Lord කෙනෙක් වෙච්ච අයෙක් සමග Fight කිරීමට මේ Red Gardian (Krassno Granitsky) Maverick ලා එක්ක Team-Up වෙලා තියෙනවා.
මෙයාගෙ නම, "Krassno Granitsky" කියන එක එන්නේ James Bond නවකතාවක ඉන්න character එකක් ආශ්රයෙන්. මෙයා Ed brubaker ගේ Captain America Comic එකකිනුත් (Issue,Title දන්නේ නෑ) appear වෙලා තියෙනවා. මේ Comic එකේදි Aleksander Lukin අතින් Krassno Granitsky මිය යනවා.
🔶Anton
✦දැන් අපි ඊලග Red Gardian ගැන කතා කරමු. මෙයා ගැන ලොකුවට විස්තරයක් නෑ... පොඩිවට පල්ලෙන් දාලා තියෙනවා.👇
First Appearance: Hulk (First Issue)
Creators: Joph Loeb
Affiliations: Winter Gaurd එකේ Member කෙනෙක් වශයෙන් ක්රියා කර ඇත.
වැදගත් තොරතුරු:
1.Engineer කෙනෙක් සහ Crimson Dynamo Pilot කෙනෙකි.
2.Dire wraith කෙනෙක් අතින් හිස කදින් වෙන්වෙන්නම මරලා දානවා. නමුත් මෙයාගෙ හිස කොටස සජීවීව Storage එකක තියලා තියෙනවලු.
🔶Nicolai KrylenKo
✦මීලග Red Gardian මෙයා. වැඩි විස්තර නෑ. පල්ලෙන් කරුණු කීපයක් තියේ. 👇
✦ Nicolai Krylenco කියන්නේ vanguard ටම තමා.
✦Winter Gaurd එකට නායකත්වය සපයා ඇත.
____________________________________
දැන් අපි Red Gardian ගේ වෙනත් versions ගැන කතා කරමු. 
____________________________________
🔷Captain Russia
✦ Ultimate Marvel Universe එකේ Alexy Shotsakov ගේ ම Red Gardian ස්වරූපයකි.
✦ රුසියානු Super-Soldier කෙනෙකි.
✦Captain America ගේම Russian parallel එකක් වැනිය.
✦Superhuman strengths සහ Abilities සහිතය.
✦දරුණු Crazy චරිතයකි.
✦මෙයාට Shield එකක් ඇත. එය සෑදී ඇත්තේ මිනිස් ශරීර කොටස් වලිනි.
✦වරක් Black Widow හටද Married ව ඉද ඇත.
✦Captain Russia සහ Captain America අතර battle එකක් සිදු වී ඇති අතර හදවත පස්සරු කරගෙන යැවූ උල් දැවයකින් මරා දමා ඇත. (මේක හරියට ඉතින් Oak wood වලින් Warewolf කෙනෙක් ට ඇන්නා වගේ තමා).
🔷Colonal abdul al-rahman
✦Colonal abdul al-rahman යනු Asarbijan හි Libarators ලාගේ නායකයා වේ.
✦මොහුද Captain America ගේ parallel russian version එකක් වැනිය.
✦අනික් Red Gardians ලා ට මෙන්ම Red Costume එකක් සහිතය.
✦Colonal al-rahman ව Super-Soldier කෙනෙක් බවට පත්කරනවා Russian විද්යාඥයන් විසින්.
✦මෙයා ධවල මන්දිරය ඉදිරිපිටදී Captain America සමගත් සටන් වැදී ඇත. එහිදී Hulk ගේත් උදව් ඇතිව Cap. විසින් මෙයාව පරාජය කරනවා.එතනදි al-rahman මිය ගියාම එයාගේ Body එක අරන් යනවා S.H.I.E.L.D එකට.
🔷Exiles (Earth 3470)
✦Full Body Armor එකක් සහිතය.
✦Earth 3470 ට අයත් Red Gardian වේ.
🔷Civil War: House Of M
✦Soviet Super Soldier කෙනෙකි.
✦Captain America ගෙම Russian parallel version එකක් වැනිය.
🔷Marvel Zombies
✦Marvel Zombie-Verse එකට අයත්ය.
✦New York හි ගැවසෙන තවත් Zombie කෙනෙකි.
___________________________________
මෙයා Comics වලදි හැරුනහම Avengers Assemble Animated series එකෙත් ඉදලා තියෙනවා. (secret Avengers episode)මේකෙදි Red Gardian ට හඩ කවන්නේ Troy Baker විසින්. මේකෙදි මෙයා පෙනීසිටින්නේ Winter Gaurd එකේ Member කෙනෙක් විදියට. Winter Gard එක සහ Avengers ලා අතර මේකෙදි ගැටුමක් ඇති වෙනවා වැරදි වටහා ගැනීමක් නිසා. ඒ Power source එකක් වෙනුවෙන් (ඒ russian Radio-active man ලෙස පසුව හදුනාගැනෙනවා). කොහොමහරි පස්සේ Captain America ත් එක්ක එකට වැඩ කරනවා Red Gardian. එතනදි Red Gardian තේරුම් කරලා දෙනවා Winter Gaurd එක කියන්නේ America වට Avengers ලා ඉන්නවා වගේ රුසියාවට තියෙන Super Hero Team එක කියලා සහ තමන් S.H.I.E.L.D එකේම counter part එකක් බවත්.
___________________________________
ඉස්සරහට එන්න තියෙන BlackWidow Film එකෙනුත් අපිට Red Gardian (Alexei Shotsakov) ව දැක ගන්න ලැබෙයි. 2020 May වල එන්න තියෙන Blackwidow movie එකේදි David Harbour විසින් Red Gardian චරිතය රගපානවා බලා ගන්න පුළුවන් වෙයි.
___________________________________
Red Gardian ගැන දැනගන්න කියවන්න/බලන්න පුළුවන් Comic/Other Reference ටිකක් පල්ලෙන්...👇
^ Official Handbook of the Marvel Universe A-Z Update 2010 #4
^ Avengers #43-44
^ Marvel Graphic Novel Vol. 1 #61
^ Daredevil, vol. 2, #64
^ Captain America #352-353
^ Avengers #319-324
^ Iron Man vol. 3, #9
^ Darkstar and the Winter Guard #2
^ She-Hulk Vol 2. #35
^ Hulk vol. 2, #1 (Jan. 2008)
^ Hulk: Winter Guard 1 (December 2009), Marvel Comics
^ a b Darkstar and the Winter Guard #2-3
^ Marvel Encyclopedia: Updated and Expanded.
^ Incredible Hulk Vol 1 #393 May 1, 1992
^ Soviet Super Soldiers Vol 1 #1 Nov 1992
^ Darkstar and the Winter Guard Vol 1 #2–3 2010
^ Iron Man Vol 1 #109-112 1978
^ Age of Heroes Vol 1 #3 Jul 21 2010
^ Exiles #84
^ Civil War: House of M #2
^ Ultimate Nightmere #1-4
^ Official Handbook of the Marvel Universe #1-2
^ Ultimates 2 #1-13
^ Bullet Points #5
^ "Secret Avengers". Avengers Assemble. Season 2. Episode 17. May 10, 2015. Disney XD.
____________________________________
Credits should go to wikipedia and Fandom sites
____________________________________
Hope You Enjoyed the post 😋
____________________________________
#Dilshan

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List