Ms. Marvel

============
Ms.Marvel
============
__________________________________
මේ පෝස්ට් එක Ms. Marvel ගැන... ඉස්සරහට Disney+ එකේ මෙයා ගැන series එකක් යන්න නියමිතයි නේ. අනික තමා Marvel ලා කියලා තියනවා මේ Ms. Marvel (Kamala Khan) ව ඉදිරියේදී පැමිණීමට නියමිත MCU Movies වලට හෙමත් ගන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මේ හේතූන් නිසා අපිට Ms. Marvel ටිකක් වැදගත්....
____________________________________
Comic Book History
××××××××××××××××
දශක ගණනක ඉතිහාසයක් තියෙන අනික් Marvel comics එක්ක සහ ඒවායේ characters එක්ක බලනකොට Ms. Marvel කියන්නේ සාපේක්ෂව ඇලුත් චරිතයක්. මොකද මුලින්ම අපිට මේ Ms. Marvel ව හම්බවෙන්නේ 2013 දි ආපු Captain Marvel #14 කියන captain marvel comic එකෙන්. තමන්ගෙම කියලා Comic book එකක් headline කරන්නට සමත් වුණු පළමු මුස්ලිම් ජාතික කොමික් චරිතය කියලා හදුන්වන්න පුළුවන්. Kamala khan Ms. Marvel ගේ සැබෑ නාමය. තමන්ගේම කියලා Solo එකක් මේ Ms. Marvel (kamala khan) ට හම්බ වෙනවා 2014 පෙබරවාරි වලදි. Ms. Marvel ගේ Creators ලා වෙන්නේ, Sana Amanat stephen wacker කියන editors ලා සහ G. Willow Wilson කියන Writer සහ Adrian Alphona කියන Artist අතුළු සෙට් එක.
Character History
××××××××××××××
Normal life-
Kamala khan (Ms. Marvel) කියන්නේ පාකිස්තානු-ඇමරිකානු සම්භවයක් තියෙන Jersey City වල ඉපදුණු ගෑනු ළමයෙක්. මෙයාගේ අම්මගේ නම තමා Yusuf Khan, තාත්තාගේ නම තමා Muneeba Khan. මීට අමතරව Kamala ට Amir Khan කියලා වැඩිමල් සහෝදරයෙකුත් ඉන්නවා... මෙයාලා ඇමරිකාවට එන්නේ පාකිස්තානයේ Karachchi වල ඉදන්. මෙයාට පොඩි කාලෙදි (මොන්ඩිසෝරි වයසෙදි වගේ) මුන ගැසෙනවා Nakia Bahadir ව මෙයා තමා පස්සේ Kamala ගේ හොදම යාළුවා බවට පත් වෙන්නේ. Nakia කියන්නෙත් Kamala වගේම ඇමෙරිකාවට සංක්රමණය වුණු කෙනෙක්.
පස්සේ Kamala දෙකේ පන්තියට යද්දි මෙයාට සහ Kamala ගේ දෙමව්පියන් ට මුණ ගැසෙනවා Bruno Carrelli ව. මෙයත් ඇමරිකාවට සංක්රමණය වුණු කොල්ලෙක්. Bruno ට තව සහෝදරයෙකුත් ඉන්නවා Vick කියලා. Kamala ගේ ගුරුවරිය Kamala ගේ දෙමව්පියන් ට හෙළිකරනවා Bruno ගේ දෙමව්පියන් ට ඒ දෙන්නගේ බාරකාරත්වය නැති වුනා කියලා... ඒ කියන්නේ මේ Bruno ට ඉස්කෝලෙටවත් ගෙවාගන්න බැරිව දෙමව්පියෙක් වත් හරියට නැතිව අසරණ වෙලා හිටියේ... මේ අවස්තාවේදි Kamala ගේ දෙමව්පියන් ඉදිරිපත් වෙනවා පුංචි Bruno ට උදව් කරන්න. Kamala වත් Bruno ත් එක්ක සෙල්ලම් කරන්න පවා යවනවා... මුලදි ටිකක් මැලි වුනත් Kamala සහ Bruno යන දෙන්න පස්සේ තමන්ගේ සමානකම් හදුනගෙන හොද සම්බන්ධතාවක් ගොඩනගා ගන්නවා. kamala හට තමන්ගේ හොදම මිතුරන් වෙච්ච Bruno ගෙන් සහ Nakia ගෙන් අස්වැසිල්ලක් ලැබුනත් නිතරම අනෙක් සිසුන්ගෙ අඩත්තේට්ටම් වලට ලක් වෙන්නත් Kamala ත සිදු වුනා. තමන්ගේ ජාතිය සහ විශ්වාසය ගැන ගෞරවාන්විත සිතුවිල්ලක් තිබ්බත් තමන් වෙනස්,විශේෂ කෙනෙක් කියලා Kamala හැම වෙලේම විශ්වාස කලා.
මෙයාට හිටියේ හරිම තදින් ක්රියා කරන දෙමව්පියන් දෙන්නෙක්. මේ හැම එක්කින්ම සිත නිදහස් කරගන්න මෙයා ගොඩක් දේවල් කලා. ඒවයින් කීපයක් තමා Video games ක්රීඩා කිරීම,සමාජ මාධ්ය සහ superheros ලට තිබ්බ කැමැත්ත සහ ආසාව. Kamala ගොඩක් ආදරය කරපු character එකක් තමා Carol Danvers (Captain Marvel) කියන්නේ. පස්සේ superhero කෙනෙක් බවට පත් වීමේදී තමන්ගේ Role-Model කෙනෙක් විදියට Kamala විසින් Carol ව සලකනවා.
Becoming a superhero-
එක් රැයකදි තමන් දුර්වලයෙක් නෙවෙයි කියලා හැමෝටම පෙන්නන අදහසින් තමන්ගේ දෙමව්පියන් ට සහ Bruno ට පිටින් යමින් Jersey waterfront එකේ තිබ්බ පාටියකට යන්න තීරණය කරනවා Kamala විසින්. ඒත් මෙයාගේ තීරණ වලට තමන්ගේ ම පන්තියේ හිටපු Zoe Zimmer සහ Josh Richardson (Boy Friend) කියන අය පවා විහිළු කරනවා... Kamala මානසිකව පහත තත්වයක තමා මේ වෙද්දි ඉන්නේ... කොහොමහරි පාටිය ඉවර වෙලා ගෙදර යන්න හදද්දි මුළු Jersey නගරයම වට වෙනවා Terrigen mist (මේක මීදුමක් වගේ දෙයක් inhumans ලට මේකට නිරාවරණය වුනාම එයාලගේ Abilities active වෙනවා) එතනදි සිහි නැතිවෙනවා Kamala ට. මේ වෙලාවෙදි Kamala හීනෙන් වගේ දකිනවා සුපිරි වීරයන් තුන් දෙනෙක්ව. ඒ තමා captain america,iron man සහ captain marvel කියන තුන් දෙනා. මේ සුපිරි වීරයෝ තුන් දෙනා තමන්ගේ දෙමව්පියන් ට විරුද්ධව යාම හා අකීකරු වීම ගැන Kamala ට දොස් පවරනවා වගේම අහනවා Kamala ගෙන් එයාට මොනවද ඕනි කියලා. ඒ වෙලාවෙදි Kamala කියනවා තමන්ට captain marvel වගේ වෙන්න ඕනි කියලා. (කොහොමත් Kamala khan ගේ ප්රියතම සුපිරි වීර චරිතයනේ captain marvel). captain marvel ව මෙතනදි Kamala විස්තර කරන්නේ ලස්සන,සුපිරි,සංකීර්ණත්වය අඩු නියම Butt-Kicking චරිතයක් විදියට. Terrigenesis නිසා kamala hasan මේ අවස්ථාවෙදි පුදුම හිතෙන දෙයක් වෙනවා. සිහිඑලවාගෙන බලනකොට Kamala khan තරුණ Carol Danvers කෙනෙක් බවට පත් වෙලා!. මෙතනදි Kamala ගොඩක් පුදුම වෙනවා මොකද Kamala ඇදගෙන ඉන්නෙත් බලනකොට Ms. Marvel Costume එක.මුලදි ටිකක් Kamala ට තමන්ගේ බලයන් පාලනය කර ගන්න වැඩේ ගොඩක් අමාරු වෙනවා. පස්සේ කාලය අරගෙන සන්සුන් වුනායින් පස්සේ තමන්ගේ සැබෑම powers හදුන ගන්නවා Kamala විසින්. kamala khan දැන ගන්නවා තමන්ට අවශ්ය විදියට තමන්ගේ ශරීරය ඕනෑම ස්වරූපයකට වෙනස් කරගන්න පුළුවන් කියල. හදිසියේම සිද්ද වෙච්ච සිදුවීමෙන් ටිකක් කැලඹුනු Kamala දුවගෙන තමන්ගේ අසල්වැසි ප්රදේශය හරහා දුවගෙන යද්දි ආපහු waterfront එක ගාවටම එවෙනවා Kamala ව. එතනදි kamala විසින් තමන්ගේ boyfriend වෙච්ච Josh Richardson ඉන්නවා දකිනවා. එතනදි zoey Zimmer එතනින් පල්ලේ තිබ්බ ගංගාවට වැටෙන්න යනවා. තමන්ගෙ අත දික් කරලා zoey ව වෙන්න ගියපු අනතුරින් බෙර ගන්නට සමත් වෙනවා kamala. මේ සිද්දියෙන් එතන හිටපු Media ඇතුළු හැමෝම ගොඩක් පුදුම වෙනවා. කොහොමහරි වෙච්ච දේවල් තමන්ටවත් හිතාගන්න බැරුව Kamala ආය ගෙදර එනවා. kamala තේරුම් ගන්නවා carol danvers වගේ වෙන්න නම් එයා වගේ පෙනුමින් විතරක් සමාන වෙලා මදි ක්රියාවෙනුත් සමාන වෙන්න ඕනි කියලා. zoey zimmer, kamala ට කොච්චර තදින් සැලකුවත් kamala ට තමන් කරපු වැඩේ ගැන ආඩම්බර හිතුනා. ඉස්සරහටත් මේ වගේ වැඩ කරන්න Kamala ට ඕනි වුනා. ඒ කොහොමවුනත් Kamala හොරෙන් පාටියට ගිය වැඩේ Bruno ගෙන් අහගෙන දැනගන්න kamala ගේ දෙමව්පියන් kamala ට ගෙදරින් එලියට බහින්නවත් දෙන්නැතුව grounded කරනවා.
කොහොමහරි ඒ පනිශ්මන්ට් එක ඉවර වෙනවා. මේ වෙද්දි Bruno වැඩ කරමින් ඉන්නේ ලග පාත පොඩි Store එකක (Circle Q). කමලා ඉතින් Bruno ව හම්බවෙන්න යනවා. එතනදි kamala දකිනවා සිද්ද වේගන යන ආවුද සහිත මංකොල්ලයක්. Bruno නිසා kamala ට කරදර වෙන්න සිදු වුනත් (grounded වුනේ Bruno කීව නිසානේ) Kamala සිද්දියට මැදිහත් වෙන්න තීරණය කරනවා. ඒත් මෙතනදි kamala ට වෙඩි වැදෙනවා. ඒත් kamala ට ප්රශ්නයක් වෙන්නේ නෑ මොකද kamala මෙතනදි දැන ගන්නවා තමන්ට තවත් සුපිරි බලයක් තියෙනවා කියලා ඒ තමා Ms. Marvel ස්වරූපයේ සිට නැවත තමන්ගේ Original ස්වරූපය ට එද්දි ඉබේම තමන්ව heal වෙනවා කියලා. Bruno මෙතනදි පැහැදිලි කරනවා ටිකකට කලින් ඒ Kamala මුහුන දුන් හොරුන්ගෙන් එක්කෙනෙක් තමන්ගේම සොහොයුරා Vick බව!. ඒ වගේම vick ට මෙහෙම වෙලා තියෙන්නේ "Inventer" කියලා පුද්ගලයෙක් නිසා කියලත් Bruno පැහැදිලි කරනවා. (Inventer කියන්නේ Thomas edison ගේ ක්ලෝනයක් ඒත් සිද්ද වුණු ජාන පැටලවිල්ලක් නිසා පරවියෙක් ගේ පෙනුමක් තියෙන අමුතුම ජීවියෙක් බවට මෙයා පත් වෙනවා).
මේක දැන ගත්තායින් පස්සෙ Bruno යි kamala යි දෙන්න එකතු වෙලා Vick ව හොයා ගෙන Greenville වල තිබ්බ අතඇරලා දාපු නිවසකට යනවා. මේකට යද්දි kamala තමන්ම හදාගත්ත Costume එකක් අරගෙනයි යන්නේ. මේ වෙලාවෙදි kamala තේරුම් ගන්නවා තමන් මෙතන ඉන්නේ තනියම නෙවෙයි Inventer ගේ තරුණ Minions ලගෙන් මෙතන පිරිලයි තියෙන්නේ කියලා. මෙයාලව Lead කරන්නේ Doyle කියලා පොඩි කොල්ලෙක්. මෙයාට රොබෝ මකුළු හමුදාවක් ම ඉන්නවා. ඒ නිසාම kamala ගේ ඒ බේරා ගැනිමේ උත්සාහය ව්යාර්ථ වෙනවා. Doyle ගෙන් බේරිලා නැවත ගෙදර එන kamala ට එයා ගැන upset වෙලා හිටපු දෙමව්පියන් ව මුන ගැසෙනවා. පසු බැහැලා හිටපු kamala ව නැවත දිරි ගන්වනවා kamala වේ තාත්තා... ඒ, kamala ඉන්න විදියටම සර්වසම්පූර්ණයි කියලා පැහැදිලි කරලා දෙමින්. මේ වචන ටික kamala හොදින් හිතට ගන්නවා. අරන් තමන්ගේ powers හෙම Bruno ත් එක්ක එකතු වෙලා වැඩි දියුණු කරගෙන නැවත Vick ව බෙර ගන්න kamala යනවා. එතනදි Doyle ගෙන් vick ව සාර්ථකව මුදවා ගන්න kamala සමත් වෙනවා. ඒත් ඒ වැඩේ නිsaa Inventer ගේ උදහසට ලක් වෙනවා kamala. එතන ඉදන් kamala පොරොන්දු වෙනවා Jersey නගරය රැකීමට ඇය ඇප කැප වී වැඩ කරන බවට.
The Inventer-
Inventer ගෙන් සිදු වුනු ප්රහාර කීපයකටම පස්සේ kamala යනවා Sewer පද්දතියට අහන්නට ලැබුනු අමුතු ශබ්ද කීපයක සුල-මුල සොයා ගෙන. එතනදි kamala ට මුහුණට මුහුණ මුන ගැසෙනවා Inventer ව. මෙතන්දි තමා Inventer ගේ මූලාරම්භය පිළිබද හැමෝටම දැන ගන්න ලැබෙන්නේ. කලින් කිව්වත් වෙගේ Inventer කියන්නේ Gregory Knox කියන ජාන විද්යාඥයා විසින් නිර්මාණය කරපු Thomas A. Edison ගේ කොපියක් එහෙමත් නැත්තං ක්ලෝනයක් කියලා. මේ ක්ලෝනිකරණ කටයුත්ත අතරමගදි Knox ගේ සුරතල් කොකටුවා(ගිරා විශේෂයක්) මේකට මැදි වෙනවා. මේකෙන් හැදෙනවා අමුතුම කුරුළු-මිනිස් දෙමුහුම් විකෘතියක්. Edison ට තිබ්බ විද්යාත්මක දැනුමත් මේ Inventer ට තිබුණා. ඒක යොදාගෙන Inventer කලේම නගරයම බියවද්දන එක. Kamala ව මරන්න මෙයා ජාන විකෘති කරලා හදපු Alligators (කිඹුල් විශේෂයකි) ලා වගයක් එවනවා. එත් වාසනාවට wolverine අතින් kamala බේරෙනවා.
(wolverine එන්නේ Julie Harrison කියලා පැනලා ගියපු සිසුවියක් හොයාගෙන) ඊට පස්සේ දෙන්න එකතු වෙලා සත්තු හමුදාවම විනාශ කරලා දානවා. ඊට පස්සේ Magagator වත් පරාද කරනවා දෙන්න. ඒත් ඊට පස්සේ Inventer ගේ උගුලකට අහුවෙනවා දෙන්නා. Inventer ගේ උගුලෙන් කොහොම හරි මිදිලා යන මේ දෙන්නට Julie ව හම්බවෙනවා. මේ වෙද්දි එයාව සංකීර්ණ උපාංග සහ වයර් වලට සම්බන්ධ කරලයි ඉන්නේ. ඇයගේ ශරීරය Power constraption (බලය ලබාගන්න වගේ) වලා යොදාගෙන තියෙන බවත් මෙහෙම කරලා තියෙන එකම ළමයා ත් තමන් නොවන බවත් ඇය ඉන් පසු හෙලි කරනවා. මෙතනදි wolverine තේරුම් ගන්නවා මේ kamala කියන්නේ අර්ද වශයෙන් inhuman කෙනෙක් කියලා. ඒ නිසාම Medusa ට කථා කරල මේ ගැන wolverine කියනවා. ඒක අහපු medusa Lockjaw ව එවනවා kamala ගැන ඇහැගහගෙන ඉන්න...
kamala, Lockjaw ව ගෙදර එක්කන් එනවා. මීට අමතරව kamala Julie Harrison ගැන හොයලා බලන්න පටන් ගන්නවා. kamala හොයා ගන්නවා Julie අන්තිමට දාපු post එක geotag වෙලා තිබ්බේ Beyonne කියන ප්රදේශයෙන් වැඩි ඈතකින් නෙවෙයි කියලා. Lockjaw ට Teleport powers හෙමත් තියෙනවා කියලා දැන ගන්න kamala ඒ location එකට Lockjaw ගේ උදව්වෙන් යනවා. එතන තියෙන්නේ අතඇරලා දාපු Power-plant එකක්. ඒ power-plant එකට ඇතුල්වෙන්න හැකි වෙනවා kamala ට ඒත් ඒ Inventer ගේ රොබෝ කෙනෙක් වත් පැරැද්දුවාට පස්සෙයි. එතන ඉදලා Julie වගේම පොඩි තරුණ කොල්ලෙක්ව හොයා ගන්නවා මේ Kamala විසින්. ඔහුව පස්සේ hospital එක්කටත් ඇතුළු කරනවා. ඒත් kamala මෙතනදි දැනන් නොහිටපු දේ තමා අර රොබෝවා kamala ගේ tracer එකක් එයාව හොයාගන්න පුළුවන් වෙන විදියට සවි කරපු බව.
ඊට පස්සේ දවසක Kamala ඉස්කෝලේ ඉද්දි එයාව හොයාගෙන ආපු Inventer ගේ රොබෝ හමුදාව ඉස්කෝලෙන් බාගයක් ම වනසලා දානවා. kamala ට වෙන කෙනෙක් ගේ පෙනුම ගන්න බැරි වෙන නිසා Lockjaw එක්ක එකතු වෙලා මූණ හංගගන තමා සටන් කරන්නෙ. ඒත් සටනෙදි ඉක්මනින් heal වෙන්න බරි වුනු නිසා Medusa ඇවිල්ලා kamala සහ Bruno ව Transport කරනව New Attilan වලට. එතනදි Vinatos ලා අතින් kamala සුව වෙනවා. මෙතනදි තමන්ගේ inhuman සම්භවය හෙලි වීම නිසා මෙයා shock වෙනවා. ඊට පස්සේ Inventer සමග සටනට තනිව යාමට kamala තීරණය කරනවා. ඒ Medusa ගෙ සහ Vinatos ලගේ අබිප්රායටත් පිටින් යමින්. එයාලගෙ උදව් නැතුව vick සහ Lockjaw එකක් kamala යනවා Inventer ගේ lair එකට. ඒ අර අහින්සක,බලය ලබාගැනීමට ගන්න ළමයි ටික බේරගන්න හිතාන. ඒත් kamala මෙතනදි පුදුම වෙනවා මොකද මෙ කට්ටිය මෙතන ඉදලා තියෙන්නේ කගෙවත් බලපෑමකින් තොරව!. Inventer විසින් එයාලගේ හැගීම් පිළිබද දැනගෙන ඔවුන් කොච්චර ඵල රහිතයි ද කියලා කියලා ඔවුන්ට ඒත්තු ගන්වලා, ඔවුන්ගේ කැමැත්තෙන්ම බල ප්රබවයන් විදියට බාවිත කරමින් සිටියා. ඒත් මේ teenager ලට ඇත්ත තේරුම් කරලා දීලා සටන Inventer වෙතටම අරන් යන්න kamala සමත් වුනත් ඒ වෙද්දිත් තමන් තවත් සිය ගනනින් teenager ලව අල්ලගෙන (Nakia ත් ඇතුළුව) ඉන්න බවට Inventer කියනවා. මෙතනදි තමා සතු වූ විශාලතම රොබොල්වා ව Ms. Marvel ව පරද්දන්න එව්වත් එතනදි ශරීරය කුඩා කරගෙන රොබෝවා ඇතුළට ගිහින් එය තමන්ගේ පාලනයට ගන්න kamala සමත් වෙනවා. විද්යුත්-චුම්බක බල යොදාගනිමින් පරාජය කරන්න හැදුවත් අර බේරගත්ත ළමයි ටික ඇවිල්ල මෙයාලට උදව් කරනවා. ඒත් තමං පැරදීගෙන එන බව තේරුම් ගත් kamala, Bruno ලවා පොලීසියට කතා කරලා කොහොමහරි Inventer ව අත්අඩංගුවට පත් කරනවා. ඊට පස්සේ Nakia ඇතුළු ළමයි ටික ඉස්පිරිතාලෙට ඇත්ළත් කරනවා Kamala විසින්. ඊට පස්සේ මේ සිදුවීම් සියල්ලෙන් පස්සේ තමා Kamala ට තේරුම් යන්නේ තමන්ගේ සාමාන්ය ජීවිතය කියන්නේ අතීතයක් පමණයි කියලා. ඊට පස්සේ kamala හරියටම තමන්ගේ role-model වුණ Danvers ව ආභාශයට ගනිමින් හරියටම Ms. Marvel බවට පත් වෙනවා...
_________________________________
★Powers And Abilities:
1. Ms. Marvel හට තමන්ගේ අත්,පා,බෙල්ල වැනි ශරීර කොටස් විශාල වශයෙන් දික් කර ගැනීමේ හැකියාව සහිතය.
2. accelerated healing facter එකක් එහෙමත් නැත්තන් වේගයෙන් ශරීරයට සිදු වන හානි වලින් සුව වීමට හැක.
3. building එකක් තරමට තම ශරීරය විශාල කර ගැනීමටත් අගල් හයක් පමණ ප්රමාණයකට කුඩා වීමටත් Ms. Marvel ට හැක.
4. තමන්ගේ physical ස්වභාවය බොහෝ සෙයින් වෙනස් කරගනිමින් තම ඇදුම් පැලදුම් හා කොණ්ඩයේ ස්වභාවය පවා වෙනස් කර ගැනීමට Ms. Marvel ට හැක.
5. තම බලයන් පාව්ච්චි කිරීමෙදී කහ පැහැයෙන් යුත් දිදිලීමක් Ms. Marvel තුළින් දැක ගත හැක.
★Weaknesses:
1. කෙතරම් powerfull වුවද ඇයගෙ elastic Powers EMP (Electro Magnetic Pulse- විද්යුත් චුම්බක තරංග) හමුවේ දුර්වල වේ...
__________________________________
තව දිගට පෝස්ට් එක කියන්න පුළුවන් වුනත් මං මෙතනින් නවත්තනවා... ඔයාලම කියවලා බලන්න 😉
___________________________________
★කොමික් වලට අමතරව Animated series/Video games කීපයකදිම අපිට Ms. Marvel ව දැකගන්න පුළුවන් වෙලා තියෙනවා.
උදා÷ (video games)
1. Marvel Puzzle Quest
2. Lego Marvel's Avengers
3. Marvel Academy (mobile game)
4. Marvel Future Fight
5. Marvel Contest Of Champions
6. Marvel Heroes (online multiplayer)
7. Marvel Ultimate Alliance 3
8. Marvel Strike Force
9. Lego Marvel's Avengers 2
★මේ ටිකට අමතරව ඊලග අවුරුද්දෙ එන Avengers game එකේදිත් අපිට මෙයාව දැක ගන්න ලැබෙයි.
____________________________________
උදා÷ (Animated series)
1. Avengers Assemble
2. Spider-Man (schoole of hard knocks episode)
3. Marvel Rising: Chasing Ghosts
4. Marvel Rising: Heart Of Iron
★මීට අමතරව Disney ලගේ ඉදිරියට එන්න තියෙන Disney+ Steaming service එකෙන් අපිට Ms. Marvel series එකක් බලා ගන්න පුළුවන් වෙයි.
___________________________________
★Ms. Marvel ගේ වෙනත් version කීපයකුත් අපිට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා.
උදා÷
1. All New Wolverine #33 (අනාගත Ms. Marvel ස්වරූපයක් බලාගන්න පුළුවන්)
2. Wolverine Cartoon Series (අනාගත ස්වරූපයක්|April-2018)
3. Inhumans: Attian Rising #2 (පරණ Ms. Marvel ස්වරූපයක්)
___________________________________
★ඕක තමා පෝස්ට් එක. හොද නරක පල්ලෙන් කියං යමු. 👇

අපේ අලුත් facebook groupඑකටත් එකතුවෙන්න👇👇
___________________________________
Hope You Enjoyed The Post 😋
___________________________________
©Fandom
___________________________________
#Dilshan
___________________________________

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List