Namor


හැමෝම දන්නවා ඇතිනේ ඊලගට Black Panther movie එකේ විලන් විදියට Namor එයි කියලා ලොකු Rumor එකක් තියනවා ගොඩක් අය මෙයා ගැන විස්තර අහලා තිබ්බ නිසත් ගෲප් එකේ මෙයා ගැන ලොකු විස්තරයක් නැති නිසත් Namor ගැන ලියන්ඩ හිතුවා....😊

1939 අප්රේල් මාසයේදී Bill Everett විසින් Motion pictures Funnies weekly වලට තමයි Namor කියන චරිතය නිර්මනය කරන්නේ First appearance එකෙන් මාස හයකට පස්සේ Martin Goodman ගේ Marvel Comics #1 (October 1939) කියන කොමික් එකට Namor ව එකතු කරගන්නවා ඔය විදියට තමයි Namor කියන චරිතය Marvel Comic වලට එකතු වෙන්නේ. මෙතනින් එහාට කතාකරන්ඩ කලින් මෙයාගේ ඔරිජින් එක බලලා ඉමු.

1920 දී " Oracle " කියන ශිප් එක කැප්ටන් Leonard McKenzie යටතේ Atlantic ආශ්රිත ගවේශනයකට යනවා මේකෙදී Leonard ගේ ශිප් එක Atlantic වල Ice floe එකක හිරවෙනවා මෙතන අයිස් ටික කඩන්ඩ මෙයාලා පිපුරුම් කීපයක් සිද්ද කරනවා මේ පිපිරුම් නිසා මූද යට තියන Atlantis වලට ලොකු ඩැමේජ් එකක් වෙනවා. මොකද මෙයාගේ ශිප් එක හිර වෙලා තියෙන්නේ හරියටම Atlantis සිටි එකට උඩින්. ඔය හේතුව නිසා ඒ වෙනකොට Atlantis වල King විදියට ඉන්න King Thakorr එයාගේ දුව වෙන Princess Fen ව Spy කෙනෙක් විදියට යවනවා මතුපිට සිද්ද උන පිපුරුම් වලට හේතුව හොයන්න කෝමහරි මෙතෙන්දී Oracle ශිප් එකේ crew එකට Fen ව අහුවෙලා මෙයාව Leonard ලගට ගෙනියනවා ඔය විදියට තමා මුල්ම වතාවට Namor ගේ අම්මයි තාත්තයි හම්බෙන්නේ. කොහොමහරි මෙතනින් සතියකට ඉතර පස්සේ මේ දෙන්නගේ Marriage ceremony එකෙදී Atlantis වල General krang ගේ යටතේ ආපු Atlantean soldier ලා වගයක් Leonard ට වගේම Crew එකටත් පහර දීලා Fen ව පැහැරගෙන යනවා මේ විදියට පැහැරගෙන යනකොටත් Fen ඉදලා තියෙන්නේ Pregnancy වෙලා ඉතින් පහරදිමෙන් ටික කාලෙකට පස්සේ Atlantis වලදී තමයි Namor the sub-mariner ව ඉපදෙන්නේ.

මෙතනින් අවුරුදු 19 කට ඉතර පස්සේ 1939 දී Namor මතුපිට ලෝකයට විරුද්දව තමන්ගේ පලවෙනි පහරදීම එල්ල කරනවා ඒ S.S Recovery කියන නැවට පහර දීලා එකේ Divers ලා දෙන්නෙක්ව මරනවා Namor ගේ තාත්තා තමා මේ නැවේ කැප්ටන් විදියට ඉන්නේ පස්සේ කාලෙක හොයාගන්නවා අර Divers ලා දෙන්නා නාසි හමුදාවේ දෙන්නෙක් කියලා මෙතනින් පස්සේ Namor යනවා New york වලට World Wor II එකේදී තමයි The invaders ලා එක්ක මෙයාගේ පලවෙනි ටීම් අප් එක වෙන්නේ Captain America සහ Human Tourch ( Jim hammond ) එක්ක.

මෙතනින් එහාට මෙයා ගැන ලොකු හිස්ට්රි එකක් තියන නිසා මෙයාගේ වැදගත් විස්තර ටික ඉතරක් මේකෙදී කියන්නම්. Namor McKenzie තමයි මෙයාගේ සම්පූර්ණ නම Aveng-ing Son කියන තේරුමෙන් තමයි මෙයාට Namor කියන නම වැටිලා තියෙන්නේ. Namor කියන්නේ Anti - Hero කෙනෙක් මෙයා Avengers / X-men / Captain america / Fantastic four වගේ හීරෝස්ලා එක්ක වගේම Doctor Doom වගේ විලන්ලා එක්කත් එකට වැඩ කරලා තියනවා ඒ වගේම මෙයා Mutant කෙනෙක් Marvel Universe එකේ පලවෙනි mutant විදියට තමයි මෙයාව හදුන්වන්නේ ( පරනම Mutants නෙමේ )

මෙයාගේ ටීම් අප් ගැන කතා කලොත් වැදගත්ම දේ තමයි මෙයා Illuminati කෙනෙක් Tony Stark. Namor, Charles Xavier, Black Bolt, Iron Man, Dr Strange, Reed Richards, Black Panther කියන අය එකතු වෙලා හදාගෙන තියන රහස් සංවිදානයක් තමයි ඉලුමිනාටි කියන්නේ කොහොමහරි Hulk ව අභ්යාවකාශයට පිටුවහල් කරන්ඩ ගත්ත තීරනයක් නිසා මෙයා මේකෙන් අයින් වෙනවා ඉලුමිනාටිලගේ ඔය තීරනේ හන්දා තමයි World war Hulk event එකත් සිද්ද වෙන්නේ. Namor කියන්නේ ටිකක් තද තීරන ගන්න කෙනෙක් සම්පූර්ණ Illuminati එකෙන්ම මෙයා ඉතරයි හල්ක්ට ගත්ත තීරණය විරුද්ද වෙන්නේ අන්තිමට කොහොමහරි මෙයාගේ තීරනේ හරියනවා වගේම ඒ ගත්ත තීරනේ නිසා වෙයි කියලා කියපු දේවලුත් ඒ විදියටම වෙනවා. ඔයිට අමතරව මෙයා All - winners squad , Avengers, Defenders, X-men, Defenders of the deep වගේ ටීම් වලටත් සම්බන්ද වෙලා තියනවා

හරි ඉතින් ඔය ටික තමයි මෙයාගේ වැදගත් විස්තර වෙන්නේ ඒ වගේම ගොඩක් අය දන්නවා ඇතිනේ මෙයා පැන්තර්ගේ විලන් කෙනෙක් කියලා Avengers Vs. X-men එකේදී මෙයා වකන්ඩා වලට දරුනු විදියට පහර දෙනවා ඔය හේතුව නිසා තමයි මෙයා පැන්තර්ගේ විලන් කෙනෙක් වෙන්නේ.

POWERS & ABILITIES
==================

මෙයා Human & Atlantean hybrid කෙනෙක් වගේම Mutant කෙනෙකුත් වෙන නිසා Homo mermanus සහ Homo superior කියන දෙවර්ගයෙන්ම එන Power level එකක් තියනවා. Human & Atlantean DNA වලින් එන Power level එකක් තමයි මෙයාට තියෙන්නේ මෙයාගේ Flying ability එක X ජාන වලින් එන හැකියාවක් කියලත් කියනවා Alpha - level එකේ Mutant කෙනෙක් විදියට තමයි මෙයාව හදුන්වන්නේ Planet එකේ ඉන්න strongest beings ලගෙන් කෙනෙක් විදියටත් මෙයාව හදුන්වනවා. මෙයාගේ Superhuman strength එක ගැන බැලුවොත් මෙයාට සාමාන්යයෙන් ටොන් දහස් ගානක seacraft එකක් උනත් කිසිම අපහසුවකින් තොරව උස්සන්ට පුලුවන් හැකියාවක් තියනවා ඒ වගේමෙ මෙයාගේ පහරක් සම්පූර්ණ island එකක් උනත් හෙලවෙන්ඩ තරම් ප්රබල වෙනවා. මෙයගෙ ශරීරය ගොඩක්ම හැඩගැහිලා තියෙන්නේ Underwater එකට හරියන විදියට සාමාන්යයෙන් මෙයාට මුහුදේ ගැඹුරුම තැන තියන පීඩනය යටතේ උනත් කිසිම අපහසුවකින් තොරව ඉන්ඩ පුලුවන් වගේම ගැඹුරු මුහුදේ තියන අදුරුම තැනක් උනත් පැහැදිලිව බලාගන්ඩ පුලුවන් හැකියාවක් (Augmented Vision) මෙයාට තියනවා. අතිවිශාල Impact force එකක් Orbit level fall එකක් Powerful energy blast එකක් high caliber bullets එකක් උනත් දරාගන්ඩ පුලුවන් Durability එකක් මෙයාට ලැබිලා තියනවා. සාමාන්යයෙන් Underwater එකේදී Thor, Captain marvel, iron man, Thing, Hercules, She- hulk වගේ කෙනෙක්ගේ පහරක් උනත් කිසිම අපහසුවකින් තොරව දාරාගැනීමේ හැකියාවක් මෙයාට තියනවා වගේම Luke Cage , She- hulk, Red hulk වගේ අයවත් මෙයා පරාද කරලා තියනවා වගේම ටික වෙලාවකට මෙයා Sentry එක්කත් තනියම ෆයිට් කරලා තියනවා.

මෙයාගේ Speed එක ගැන බැලුවොත් මතුපිටදි නම් මෙයා ලොකු වේගයක් අරගෙන නෑ Military aircraft එකක වගේ වේගයක් තමයි මෙයාට මතුපිටදී තියෙන්නේ වතුරෙදී මෙයාගේ වේගය 300 Knots ඉතර වෙනවා ( 345 mph ) සාමාන්ය Atlantean කෙනෙක්ග්වෙ වේගය වෙන්නේ 60 mph ඉතර.

ඒ වගේම මෙයාට Undersea Animal Mimicry කියන හැකියාවත් ලැබිලා තියනවා ඔනෙම මුහුදු ජීවියෙක්ගේ හැකියාවක් පාලනය කරන්ඩ මෙයාට පුලුවන් Blind fish කෙනෙක් පාවිච්චි කරන Radar power එකක් Electric eel කෙනෙක් පාවිච්චි කරන Electric force එකක් වගේ දේවල් මෙයාට පාවිච්චි කරන්ඩ පුලුවන් හැකියාවක් තියනවා වගේම මෙයාගේ Marine telepathy power එකෙන් ඔනෙම මුහුදු ජීවියෙක් සහ Atlantean කෙනෙක් එක්ක සන්නිවේදනය කිරීමේ හැකියාවක් තියනවා සමහර අවස්තාවල මෙයාට Humans ලා එක්කත් මේ ටෙලිපති වලින් සම්බන්ද විමේ හැකියාවත් තියනවා

මෙයාගේ ශරීරයට සිද්ද වෙන ඔනෙම Injured එකක් හීල් වෙන Aquatic healing power එකක් මෙයාට ලැබිලා තියනවා.

මෙයාට Radiation absorbing power එකකුත් ලැබිලා තියනවා ඔනෙම මට්ටම Radiation එකක් තමන්ගේ ශරීරයට Absorb කරන්ඩ පුලුවන් හැකියාවක් මෙයාට තියනවා.

අනිත් Atlantean ලට වඩා Namor ට හම්බෙලා තියන විශේශම හැකියාව තමයි මෙයාගේ වළලුකර ආශ්රිතව මෙයාට හම්බෙලා තියන Wings දෙක මේ ආදාරයෙන් තමයි මෙයාට පියෑඹීමේ හැකියාව ලැබිලා තියෙන්නේ කලින් කිව්වා වගේම මෙයාට Military aircraft එකකට වඩා වේගයකින් මේ ආදාරයෙන් පියෑඹීමේ හැකියාවත් තියනවා වගේම ටොන් 50ක වගේ බරක් උස්සගෙන උනත් ඒ වේගයෙන්ම fly කිරීමේ හැකියාවක් මෙයාට තියනවා.

ඔයිට අමතරව මෙයාට Water Emission, ස්වාබාවිකව ලැබුනු Sonar හැකියාවක් සහ Aquatic Life Mimicry කියන හැකියාවත් ලැබිලා තියනවා මෙකෙදී මෙයාට මුහුදු ජීවීන්ගේ සමහර ලක්ෂන අනුකරන කිරීමේ හැකියාවක් තියනවා. ඒ වගේම මෙයා Expert combatant කෙනෙක් Expert tactician කෙනෙක් Skilled engineer කෙනෙක් ( Atlantean technology ) ද වෙනවා.

ඊලගට මෙයාගේ වැදගත් වෙන තවත් එක Power එකක් තමයි මෙයාගේ Mutant Power එක කලින් කිව්වා වගේ මෙයාගේ ප්රදානම Mutant power එක තමයි Fly power ( wings ) එක. Comic history එකේ පියාඹන්ඩ පුලුවන් පලවෙනි කොමික් චරිතය තමයි Namor කියන්නේ. Mutant කෙනෙක් විදියට මෙයාට Avengers vs. X-men event එකෙදී Pheonix force එක ලැබිලා තියවා මේ විදියට Pheonix force එක ලැබුනට පස්සේ මෙයාගේ එකම දුර්වලතාවය තමයි Scarlet witch කියන්නේ. මේ විදියට Pheonix force avatar කෙනෙක් උනාට පස්සේ මෙයාට තව Abilities කීපයක් ලැබෙනවා.

Pheonix avatar කෙනෙක් උනාට පස්සේ මෙයාට රික්තයක් තුලදී උනත් ආලෝකයේ වේගයෙන් fly කරන්ඩ පුලුවන්. ඒ වගේම මෙයාට Underwater එකේදි උනත් Cosmic flames නිර්මානය කිරීමේ හැකියාවක් තියනවා. අනිත් අයගේ සිත් කියවීමේ හැකියාක්ද මෙයාට හම්බෙනවා වගේම Matter manipulation කිරීමේ හැකියාවක්ද මෙයාට මේ Pheonix force එක නිසා හම්බෙනවා.

WEAPONS
=========

මෙයාගේ ප්රදානම weapons දෙක තමයි Sacred Trident of Neptune සහ Horn of Proteus කියන්නේ.
Trident of Neptune තමයි Atlantean royalty එකේ සංකේතය විදියට හදුන්වන්නේ. මීට අවුරුදු 2000 කට ඉතර උඩදී Poseidon සහ Set කියන Elder gods එක්ක සිද්ද උන සටනකින් පස්සේ Set ගේ Atlantean culture එක විනාශ කරලා Set ව පිටූවහල් කරලා Atlantean ලගේ Protector විදියට Poseidon කාලයක් ඉන්නවා. Poseidon ආයි Olympus යන අතරතුර මෙයාගේ Trident එකේ Copy එකක් සහ Brazier of Living Flame එකයි Atlantis වල තියලා යනවා Atlantis වල පාලකයව තෝරගන්න. Enchanted-Adamantine කියන Metal එකෙන් මේ Trident එක හැදිලා තියනවා කියලා තමයි සදහන් වෙන්නේ. කොහොමහරි මේ Trident එකෙන් Water manipulation සහ Water elementals නිර්මනය කිරීමේ හැකියාවක් වගේම අදික මීදුම් සහ කුනාටු නිර්මානය කිරීමේ හැකියාවකුත් මේකට තියනවා. ඒ වගේම ජලයේ පීඩනය පාලනය කරලා අති විශාල භූමි කම්පාවක් උනත් නිර්මානය කිරීමේ හැකියාවක් මේ Trident එකට තියනවා. ඔයිට අමතරව Mystic Beams, Forcefields නිර්මානය කිරීමේ හැකියාවකුත් මේකට තියනවා.

ඊලගට Horn of Proteus එකෙන් Underwater creatur කෙනෙක් වෙන Giganto ව පාලනය කිරීමේ හැකියාවක් තියනවා.

හරි ඉතින් ඔය විදියට තමයි මෙයාගේ Powers, Abilities සහ Weapons ගැන විස්තර වෙන්නේ. හරි එහෙනම් මෙතනින් Namor ගැන විස්තර ඉවර වෙනවා. ආයි Character review එකකින් හරි වෙන පෝස්ට් එකකින් හරි හම්බෙමු.....❣️
Thesindu Liyanage

Our facebook group👇
https://www.facebook.com/groups/1936179566669834/


Comments

  1. Namor kiyanne man asama character ekak. thanks oyalata

    ReplyDelete
  2. Mruwat liyala thiyennawa . Attuma ganath pot ekak liyannako

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List