Black widow

දෙවනි ලෝක යුද්ධය කාලෙදි රුසියාවෙ ස්ටාලින්ගාඩ් වල ගිනිගන්න ගෙයක ගැහැණු කෙනෙකුයි බබෙකුයි හිරවෙලා හිටියා. ඒ වෙලාවෙදි එතනට එන රුසියානු සොල්දාදුවෙක්ගෙ අතට ළමයව ජනේලයෙන් විසිකරන ගෑණු කෙනා ගින්නෙන් මියයනවා. මේ Ivan Petrovich කියන සොල්දාදුවා ළමයව අරගෙන ගිහින් Natalia Aliyanovna Romanova කියන නමින් හදාගන්නවා. (Natasha Romanoffගෙ Russian නම)
කාලයත් එක්ක නටාෂා දක්ෂ ශිෂ්යයෙක්, athlete කෙනෙක්, Ballerina කෙනෙක් වෙනවා. ඒවගේම Red room facility එක යටතෙ නටාෂා පුහුණු කරනවා. එතනදි නටාෂාව ආයුකාලය වැඩිවෙන්න වගේම වයස්ගතවීම අඩුවෙන්න ශාරීරිකව සහ මානසිකව වෙනස් කරනවා සහ වෙනස් මතකයන් ලබාදෙනවා.
ඒවගේම Alexei Shostacov කියන pilot සමග නටාෂා විවාහ වෙනවා. ටික කාලෙකින් Shostacov මැරුණා කියලා නටාෂාව රවටන KGBඑක නටාෂාව Black Widow කෙනෙක් (Russian Female Assassin කෙනෙක්) වෙන්න පුහුණු කරවනවා.
ඇත්තටම වෙන්නෙ ඇලෙක්සිව Red Guardian(Captain Americaගෙ Russian versionඑක) කරලා පුහුණු කරවන එක.

ඒවගේම පස්සෙ කාලෙදි නටාෂාව Black widow කියන codenameඑක යටතෙ Logan, Winter Soldier වගේ අය යටතේ පුහුණු කිරීමෙන් පස්සෙ රුසියානු ඔත්තුකරුවෙක් විදිහට යොදාගන්නවා.
Stark industriesඑකට විරුද්ධව කරන මෙහෙයුමකදි නටාෂාට Hawkeyeව මුණගැහෙනවා. ඒවගේම Hawkeyeගෙ පෙළඹවීම නිසා නටාෂා තමන්ගෙ නිදහස වෙනුවෙන් S.H.I.E.L.D. එකට සහ Avengers කණ්ඩායමට එකතුවෙනවා.
කාලෙකට පස්සෙදි නටාෂාට තවත් Black widow කෙනෙක්ව මුණගැහෙනවා. ඒතමයි Yelena Belova. Yelena කියන්නෙ highest marks තියෙන black widow. ඒවගේම olympic level gymnast කෙනෙක් සහ expert martial artist කෙනෙක් සහ yelena කියන්නෙ තමන්ගෙ mindඑක super adaptoid body එකකට එකතුකරලා හැදුණු next generation black widowකෙනෙක්. ඒවගේම නටාෂා trainවුණු red room එකෙන් තමන්ගෙ memories implant කරලා කියලා සහ තමන් ගොඩක් Black widowsලගෙන් එක්කෙනෙක් විතරයි කියලා දැනගන්නවා.

මේවෙද්දි නම් Black widow මැරිලා. Secret empire event එකේදි Captain America shield එකෙන් ගහන පාරකින් නටාෂා මැරෙනවා. (කැප් එහෙම කරන්න හේතුව announcementවල තියෙන reading order part 2 postඑකේ secret empire යටතේ දාලා තියෙනවා.)
ඒත් ඇත්තම Black widow මැරුණත් Red room programඑකෙන් නටාෂාගෙ Cloneඑකකට memories එකතුකරලා පණදෙනවා. කොහොමහරි අන්තිමට Redroomඑකටත් ගහලා අලුත් නටාෂා පැනගන්නවා.
(නටාෂාගෙ storyඑක මීටවඩා ගොඩක් දිග සුපිරි කතාවක්. කොමික් කියවලාම දැනගන්න)


Powers and Abilities :-
Red room programඑකෙන් ලැබෙන super soldier serumඑක නිසා ප්රතිශක්තිකරණය, වයස්ගතවීම පාලනය, peak human strengthඑකක්, athletic speed, Enhanced durability, Athletic reflexes, Athletic stamina, Peak human healing වගේ දේවල් Black widowට ලැබෙනවා.
Aikido, judo, karate, savate, boxing සහ තවත් සටන්ක්රම වල ප්රවීණයෙක්, Master Acrobatකෙනෙක්Weapon’s Expertකෙනෙක්, Master spy කෙනෙක්, hackerකෙනෙක් සහ Master Assassin කෙනෙක්.


Excelsior !
✍️ © Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List