MARVEL විශ්වයේ ජීවින්ගේ පරිණාමය Part -1

පරිණාමය එහෙම නැත්නම් පරිණාමවාදය වගේ මාතෘකා ගැන කතා කරනකොට Charles Darwin, Alfred Russel Wallace වගේ අපිට සදහන් නොකර කතා නොකර ඉන්ඩ බැරි චරිත කීපයක් ඉන්නවා වගේම තමයි Marvel universe එක ඇතුලේ මෙන්න මේ ජීවීන්ගේ පරිනාමය කියන මාතෘකාව ගැන බැලුවොත් අපිට සදහන් නොකර කතා නොකර ඉන්ඩ බැරි චරිත කීපයක් නෙමේ සම්පූර්ණ ජීවීන් කොටසක්ම ඉන්නවා Space Gods ලා එහෙමත් නැත්නම් ගොඩක් අය දන්න Celestial ලා කියන්නේ අන්න ඒ වගේ Marvel universe එක ඇතුලේ ඉන්න වැදගත්ම ජීවීන් කොට්ටාශයක්. ඉතින් අද ලිපියෙන් Celestial ලා ගැනනම් නෙමේ කතා කරන්ඩ යන්නේ අද කතා කරන්ඩ යන්නේ කොහොමද මෙයාලා Marvel universe එක ඇතුලේ ජීවීන්ගේ පරිනාමයට වගේම සමහර ජීවීන්ගේ මූලාරම්භයටම පවා වැදගත් වෙන්නේ කියන එක ගැන වගේම Marvel universe එක ඇතුලෙ ජීවීන්ගේ පරිණාමය කියන මාතෘකාව ගැන තමයි අද කතා කරන්ඩ යන්නේ 🤩🔥

Marvel Universe එක ගත්තම වර්තමානයේ අපි දකින Earth 616 කියන Prime earth එක එහෙමත් නැත්නම් Prime universe එක Marvel universe එකේ Eight incarnation එක විදියට තමයි ගන්නේ තේරෙන සිංහලෙන් කිව්වොත් මාවල් විශ්වයේ අටවෙනි අවදිය තමයි අපි මේ වර්තමානයේ දී දකින්නේ. ගොඩක් අය දන්න Galactus කියන්නේ Sixth Incarnation එකෙ Taa කියන ග්‍රහලෝකේ ඉදන් තමන්ගේ Galaxy එකේ විනාශයත් එක්ක Seventh Incarnation එකට ආපු චරිතයක් මේ දවස් වල ඔන්ගොයින් යන තෝර් රන් එක එහෙම කියෝන කෙනෙක්නම් දන්නවා මේ Sixth Incarnation එකට කෙලවපු Black winter එකම මේ දවස් වල Eight Incarnation එකටත් කෙලවන ගමන් ඉන්නේ කියලා 🤓 හරි හරි එව්වා ගැන පස්සේ කතා කරමු දැන් අපේ මූලික කාරනාවට එමුකේ ඉතින් කොහොම හරි මෙන්න මේ Prime Universe එකේ ජීවීන්ගේ පරිනාමය ගැන තමයි මූලිකවම අද අපි මේකෙන් කතාකරන්ඩ බලාපොරොත්තු වෙන්නේ 🙂✍️

සේරම එකපාර ඇදලා ගන්ඩ කලින් ඉස්සෙල්ලම පෘතුවියේ ජීවීන්ගේ පැවැත්මේ ආරම්බය සහ පරිනාමය වගේ දේවල් ගැන බලලා ඉමු පොඩි වෙලාවකට මාවල් විශ්වය ගැන අමතක කරලා අපේ එහෙම නැත්නම් Humans ලගේ පරිනාමයේ මුල්ම අවදිය විදියට එහෙමත් නැත්නම් අපේ Ancestors ලා විදියට ගන්නේ කාවද ? ඔව් සරලවම අපේ ආදිතමයන් විදියට වානරයන්ව තමයි අපි සදහන් කරන්නේ ඒ කියන්නේ වර්තමානයේ මිනුස්සු කියන මේ ජීවීන් කොට්ටාශය පැවතගෙන එන්නේ වානරයෝ කියන ජීවීන් කොටසකින් මේ වානරයෝ කියන තැන ඉදන් වර්තමානයේ මිනිස්සු කියන ලෙවල් එකට එකනම් සිද්ද උන පරිනාමය සම්පූර්ණයෙන්ම සිද්ද වෙලා තියෙන්නේ ස්වාභාවික විදියට කියන එක හැමෝම දන්නවනේ එකත් ඔලුවේ තියාගෙන ආයෙත් පොඩි වෙලාවකට අමතක කරපු අපේ මාවල් විශ්වය ගත්තොත් මෙකෙදිත් පෘතුවියේ මිනිස්සුන්ගේ ආදිතමයන් විදියට ගන්නේ වානරයන්වම තමයි වගේම මාවල් විශ්වය ඇතුලෙදිත් වානරයෝ කියන තැන ඉදන් වර්තමානයේ මිනිස්සු කියන තැනට එකකම් මිනිස්සුන්ගේ එහම නැත්නම් Homo sapiens ලගේ පරිණාමය සම්පූර්ණම සිද්ද උනේ ස්වාභාවික විදියටම තමයි හැබැයි මෙතන විශේෂම දේ තමයි Homo Sapiens ලා හෙමින් හෙමින් පරිනාමය වෙනකොට තවත් ප්‍රදාන ජීවීන් කොටස් දෙකක් පෘතුවිය ඇතුලේ නිර්මාණය වෙනවා. Eternals සහ Deviants කියන්නේ මෙන්න මේ විදියට පෘතුවිය මත බිහිවෙච්ච ප්‍රධානම ජීවින් කොටස් දෙකක් හැබැයි මෙයාලගේ ආරාම්බය පටන් ගන්නේ ස්වාභාවිකව නෙමෙයි මෙන්න මෙතන්දී තමයි අපිට Celestial කියන කොටස සම්බන්ද වෙන්නේ.

කව්ද මේ Celestial ලා කියන්නේ ? හැම විශ්වයටම උපතක් තියනවනේ ඒ වගේම තමයි මාවල් විශ්වයටත් උපතක් තියනවා හැමෝම දන්න Big - Bang කියම කොස්මික් ඉවෙන්ට් එකත් එක්ක තමයි මාවල් විශ්වය බිහිවෙන්නේ ( Infinity War එකෙදී වොන්ග් මෙක පැහැදිලි කරනවා ) ඉතින් මෙන්න මේ කොස්මික් ඉවෙන්ට් එකත් එක්කම බිහිවෙච්ච ජීවීන් කොටසක් තමයි මේ Celestial ලා කියන්නේ සරලමව කිව්වොත් මෙයාලගේ ප්‍රදානම කර්තව්‍යයක් තමයි විශ්වයේ ජිවීන් සම්බන්දයෙන් විවිද Genetic Experiment සහ Exploration කරන එක සහ කාලෙන් කාලෙට තමන්ගේ Experiments ගැන නැවත අද්‍යනය කරන එක. මනුෂ්‍ය වර්ගයාගේ ඉදන් මාවල් විශ්වය ඇතුලේ බහුතරයක් ජීවීන්ගේ පරිණාමයට වගකියන්ඩ ඔනේ සෙට් එකක් තමා මේ Celestial ලා කියන්නේ 🤖👽

// මෙයාලා ගැන විස්තර කරන්ඩ ගියොත් මේක ඔනාවට වඩා දික් වෙන නිසා කාටහරි මෙයාලා ගැන වැඩි විස්තර ඔනෙනම් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්ඩ 🙂

https://m.facebook.com/groups/1936179566669834?view=permalink&id=2371715686449551 //

හරි ආයෙ අපේ මාතෘකාවට එමු දැනට අවුරුදු මිලියනයකට ඉතර කලින් මෙන්න මේ විදියේ Celestial ලා දහදෙනෙක්ගෙන් සමන්විත කන්ඩායමක් එනවා පෘතුවියේ ඒ වෙනකොට ඉන්න ජීවීන් ගැන පරීක්ශන කරන්ඩ පෘතුවියට ආපු " First Host " ලා කියන්නේ මෙන්න මේ කන්ඩායමට තමයි. මේකේදී මේ First Host මූලිකවම තමන්ගේ පර්යේෂණ වලට තෝරගන්නේ මන් උඩදී සදහන් කරපු වානරයන්ව එහෙමත් නැත්නම් Apes ලව Pre - mens ලා කියලත් මෙයාලව හදුන්වනවා. මේ First Host ලගේ ඉන්නවා Gammenon the gatherer කියලා සෙලෙස්ටියල් කෙනෙක් මෙයාගේ රාජකාරිය තමයි අදාල ග්‍රහලෝකවල ඉන්න ජීවීන්ගේ සාම්පල් එකතු කරන ඉතින් Gammenon මේ Pre men ලව අල්ලගෙන Incuba - Tubes ( මේ ටියුබ් වල තමයි සෙලෙස්ටියල් ලා තමන් එකතු කරගන්න ජීවින්ගේ තියාගෙන විවිදි පරියේශන කරන්නේ ) වලට දාලා Ziran The Tester කියන සෙලෙස්ටියල්ට බාර දෙනවා. මෙතනින් පස්සේ Ziran කරන්නේ තමන්ට ලැබුන Pre - Men ලා ආදාරයෙන් විවිද ජානමය පරීක්ශන කීපයක් කරන එක මෙන්න මේ පරීක්ශන වල ප්‍රතිපලයක් විදියයට තමයි මුල්ම වතාවට Deviant ( Homo Descendus ) කියන අලුත් ජීවීන් කොටස පෘතුවිය මත මුල්ම වතාවට බිහිවෙන්නේ. Deviant ලා කියන්නේ Skrulls ලා වගේම ටිකක් විකෘති පෙනුමක් තියන සෙට් එකක් මේ දෙගොල්ලෝ අතට ජානමය සම්බන්දතාවයක් එහෙම තියනවා ඒ ගැන ඉස්සරහට බලමු. The Eternals ෆිල්ම් එකෙන් බලාගන්ඩ පුලුවන් වෙයි Deviants ලව. 🧟👽

Ziran ගෙන් පස්සේ මේ Pre - men ලව හම්බෙන්නේ Nezzar The Calculator කියන සෙලෙස්ටියල් ට. මෙයා කරන්නේ මේ Pre men ලගේ Durability ය සහ Longevity එක ගැන පර්යේෂණ සිද්ද කරන එක මෙන්න මේ Nezzar ගේ පර්යේෂන වල ප්‍රතිපලයක් විදියට තමයි මුල්ම වතාවට Eternals ( Homo Immortalis ) කියන ජීවීන් කොටස පෘතුවිය මත බිහිවෙන්නේ. Eternals ලා ගොඩක්ම මිනිස් පෙනුමක් තියන සෙට් එකක් මෙයාලා ගැන වැඩි විස්තරයක් ඉස්සරහට හම්බෙයි කියෝගෙන යන්ඩකෝ. 👨👩

කොහොම හරි මේ සෙලෙස්ටියල් ලා මෙතනින් නවතින් නැහැ Nezzar ගෙන් පස්සේ මේ Pre men ලව ලැබෙන්නේ Oneg The Prober කියන සෙලෙස්ටියල්ට හැබැයි මෙයාගේ පර්යේෂණ වලින් මේ Pre men ලට කිසිම වෙනසක් සිද්ද වෙන්නේ නෑ ඔය හේතුව හන්දා Oneg කරන්නේ මේ Pre men ලට තමන් ලග තිබුන Latent Gene එකක් ඇතුලත් කරලා ඉතුරු Pre men ලවත් එක්කම මේ අයව නැවත පෘතුවියට නිදහස් කරන එක මෙන්න මේ Oneg The Prober විසින් Pre men ලට ඇතුලත් කරපු Latent Gene එක තමයි පෘතුවියේ Mutants ලා නිර්මාණය වෙන්ඩ පදනම් වෙච්ච වර්තමානයේ X - Gene එක කියලා හදුන්වන්නේ. 😎❌💪

මෙතනින් පස්සේ මේ X ජානය සහිත Pre men ලත් X ජානය නැති pre men ලත් අවුරුදු මිලියන් ගානක් තිස්සේ ස්වාභාවිකවම පරිනාමය වෙමින් වර්තමානයේ Humans එහෙම නැත්නම් Homo Sapiens කියන තැනට ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම Humans ලගේ පරිනාමය අවුරුදු මිලියන ගානක් තිස්සේ ස්වාභාවිකවම සිද්ද උනයි කියන්නේ Oneg The Prober ඇතුලත් කරපු X ජානය Pre men කියන තැන ඉදන් Humans කියන තැනට එනකම් මෙයාලගේ පරිනාමයට කිසිම බලපෑමක් සිද්ද කරන්නේ නෑ Humans කියන ලෙවල් එකට ආවට පස්සේ තමයි මෙන්න මේ Oneg ගේ X ජානය ක්‍රියාත්මක වෙන්ඩ පටන් ගන්නේ මෙතන ඉදන් තමයි Homo Superior ලා එහෙමත් නැත්නම් Mutants ලා බිහිවෙන්ඩ පටන් ගන්නේ.
ඉතින් ඔන්න ඔය විදියට පෘතුවිය තුල ආරම්භ උන Deviant සහ Eternals කියන ජීවීන් කොටස් දෙකත් එක්ක Pre men ලා අවුරුදු මිලියන ගානක් තිස්සේ Eternals ලා කදු මුදුන් වලත් Deviant ලා පොළව යට ගුහා වලත් Pre men ලා මතුපිටත් තම තමන්ගේ ජනාවාස වර්දනය කරගනිමින් කාලයත්‍ එක්ක පරිනාමයට දියුනුවට පත් වෙමින් ජීවත් වෙනවා.

Mutants ලා ගැන සදහන් කරනවත් එක්කම පෘතුවිය තුල ඉන්නේ තව Sup Species ලා සෙට් එකක් තමයි Inhumans ( Inhomo Supremis ) කියන්නේ මෙයාලගේ විශේෂත්වය තියෙන්නේ මෙයාලටත් Mutants ලට වගේම X ජානය ඇතුලත් වෙලා තිබ්බත් මේක ස්වාභාවිකවම ක්‍රියාත්මක වීමක් සිද්ද වෙන්නේ නෑ මෙයාලගේ X ජානය ක්‍රියාත්මක වෙලා මෙයාලව මියුටේට් වෙන්ඩනම් " Terrigen Mist " එකට නිරාවරණය වෙන්ඩ ඔනේ මේකට හේතුව තමයි Inhumans ලව හැදෙන්නෙත් තවත් Experiment එකක ප්‍රතිපලයක් විදියට 😳 එතකොට එකත් Celestial ලගෙම Experiment එකක්ද නෑ Inhumans ලව නිර්මාණය වෙන්ඩ මූලික වෙන්නේ Kree කියන Humanoid Race එක. මේක වෙන්නේ මෙහෙමයි Celestial ලගේ පරීක්ශන වලින් අවුරුදු ගනනාවකට පස්සේ Eternals ලගේ පොඩි ආරවුලක් නිසා ක්‍රී සයන්ටිස්ට් ලා සෙට් එකකට Arlok කියන මැරුන Eternal ගේ බොඩි එකක් හම්බෙනවා මේ හම්බුන Eternals ගැන පරීක්ශන කරමින් මෙයා ගැන විස්තර හොයනකොට තමයි ක්‍රී සයන්ටිස්ට් ලා දැනගන්නේ මේ ඉන්නේ Celestial ලගේ පරීක්ශන වල ප්‍රතිපලයක් කියලා.

// Eternals ලා ගැන කාට හරි වැඩි විස්තරයක් ඔනෙනම් Arlok ව ක්‍රී ලට හම්බුනේ කොහොමද වගේ විස්තර ඔනෙනම් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්ඩ 🤓🔥

https://slmarvelfansunited.blogspot.com/2019/05/eternals.html

කොහොම හරි ක්‍රී සයන්ටිස්ට් ලා හොයාගන්ඩ තොරතුරුත් එක්ක Celestial ලගෙන් පස්සේ ක්‍රී සයන්ටිස්ට් ලා සෙට් එකක් එනවා පෘතුවියට අර වගේම Biological Experiment වලට. ක්‍රී සයන්ටිස්ට් ලා එන කාලය වෙනකොට Pre men ලා එහෙමත් නැත්නම් Homo erectus ලා යම් තාක් දුරකට පරිනාමය වෙලා සාමාන්‍යයෙන් කිව්වොත් Humans ලගේ ගල් යුගය වගේ කාලයට මෙයාලා මේ වෙනකොට පරිනාමය වෙලා. ඉතින් මේ ආපු ක්‍රී සයන්ටිස්ට් ලා මූලිකවම තමන්ගේ පරීක්ශන වලට ගන්නේ අර X ජානය ඇතුලත් වෙලා තියන Pre men ලව අවුරුදු විසිපහක් තිස්සේ ක්‍රී සයන්ටිස්ට් ලා කරපු පරීක්ශන වල ප්‍රතිපලයක් විදියට තමයි Homo Superiors (Mutants) ලගෙනුත් කැඩිලා ආපු Sub species එකක් විදියට Inhomo Supremis ලව එහෙමත් නැත්නම් Inhumans ලව නිර්මාණය වෙන්නේ. මෙතනින් පස්සේ කාලයත් එක්ක Inhumans ලා Eternals ලගේ උදව්වෙන් තම තමන්ගේ ජනාවාස නිර්මාණය කරගෙන පෘතුවිය මත ජීවත් වෙන්ඩ පටන් ගන්නවා.

ඉතින් ඔය විදියට මේ වෙනකොට පෘතුවියේ ඉතරක් Major Species ලා විදියට Humans ලත් Eternals ලත් Deviants ලත් මේ අයගේ Sub Specie එකක් විදියට Mutants ලත් Mutants ලගෙන් කැඩිලා ආපු Inhumans ලා කියන කොටස් පහක් ඉන්නවා 🌏🍃

ඇත්තටම මන් මේ පෝස්ට් එකෙම්ම Kree සහ Skrulls කියන අතිශය වැදගත් වෙන Species ලා ගැන වගේම මේ දෙගොල්ලොත් එක්ක Eternals ලට Deviant ලට වගේම Humans ලට තියන ජානමය සම්බන්ද තා සහ Kree , Skrulls දෙගොල්ලන්ගේ පැවැත්මට ආරම්බයට Celestial ලා සම්බන්ද උනේ කොහොමද වගේ දේවලුත් කතා කරන්ඩ හිටියේ බට් පොඩි පොඩි හේතු වගයක් නිසා මේක මෙතනින් නවත්වලා ඉතුරු ටික තව ලිපියකින් කතාකරන්ඩ හිතුවා එහෙනම් ඊලග පෝස්ට් එකෙන් හම්බෙනකම් කට්ටිය ගෙවල් වලට වෙලා පරිස්සමෙන් ඉන්ඩ  😘🔥💪

Thesindu Liyanage

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List