Binary & White holes


ඉතිං ප්‍රෙන්ස් අද කියන්න යන්නෙ කැරොල් AKA captain marvel AKA ms.marvel බයිනරි වෙන්න පවර් එක ලබාගන්න ඔරිජිනල් පවර් සෝර්ස් එක ගැන.ඒ කියන්නෙ white holes ගැන. සහ බයිනරිට ඒකෙන් ලැබෙන හැකියාවන් ගැන. white holes ගැන කතා කරන්න කලින් black holes ගැන ටිකක් පැහැදිලි කරගෙන ඉමු. ගොඩක් අය black holes ගැන අහල ඇති. ලඟදිත් ලෝකෙම කතාබහට ලක් උනා.ඒ ඉතිහාසෙ පලවෙනි වතාවට black hole එකක ෆොටෝ එකක් ගන්න පුලුවන් වීම ගැන 📸 මේ black holes සහ timetravel අතරෙත් සම්බන්ධයක් තියෙනව.ඒ ගැන ඉස්සරහට කියන්නම්. black hole එකක තියෙනව ලොකු ගුරුත්වාකර්ෂණ ශක්තියක්. මේ නිසා black hole එකක් ඒ අවට තියෙන හැම ශක්තියක්ම,හැම පධාර්ථයක්ම ඇතුලට ඇදල ගන්නව.මේ ලඟින් යන ආලෝක කිරණෙකටවත් ගැලවීමක් නෑ 🎇❌ මේ විදියට ආලෝකය පවා උරාගන්න නිසා black hole එකක් හරිම අඳුරුයි. ඉතිං මේ black holes තමන්ගෙ අවට තියෙන හැමදෙයක්ම ඇතුලට ඇදල ගන්නවනම් ඒ ඇතුලට යන දේවල් එලියට එන්නත් එපැයි. මෙන්න මේ සිද්ධිය පැහැදිලි කරන්න තමයි white holes කියන සංකල්පය එන්නෙ. ඔව් මේක තාමත් සංකල්පයක් විතරයි (timetravel වගේ) තාම කිසිම කෙනෙක් මේ කියන white hole එකක් දැකල නෑ. black hole එකක් දැකල තිබ්බෙත් නෑනෙ ලඟක් වෙනකන්. සමහර සයන්ටිස්ට්ල විස්වාස කරනව විශ්වයේ ඈත සිද්ධවෙන සුපර්නෝවා සිදුවීම් ඇත්තටම white holes ඇතිවෙලා නැතිවෙලා යන අවස්ථා වෙන්නත් පුලුවන් කියල🤔. ඒ වගේම white holes වල ක්‍රියාකාරීත්වය black hole එකක singularity එකට යද්දි ඇතිවෙන ක්‍රියාකාරිත්වය වගේ සාමාන්‍ය භෞතික විද්‍යා නියම වලට පිටින් යනව (සමහරුන්ගෙ වචන වලින් කිවුවොත් තාත්වික නෑ😏😆). එතකොට මේ white holes වල සිද්ධවෙන්නෙ සම්පූර්ණයෙන්ම black holes වල අනිත් පැත්ත ඒ කියන්නෙ white hole එකකින් ඒ අවට තියෙන ශක්තීන්,පධාර්ථයන් එලියට විදිනව. ආලෝක කිරණයකටවත් white hole එකක් ඇතුලට යන්න බෑ. මේ නිසා අපි white hole එකක් දැක්කොත් ඒක ගොඩක් දීප්තිමත්ව තමයි පේන්නෙ. මේ white holes,black holes හරිම අස්ථායි. ඕනම වෙලාවක ඇතිවෙලා නැතිවෙලා යන්න පුලුවන්. විද්වතුන් විස්වාස කරනව සැලකිය යුතු white hole explosion එකකින් universe එකක් නිර්මාණයක් වෙන්න පුලුවන් කියල. big bang theory එක අහල ඇතිනෙ. මාවල් කොමික්ස් රන් වෙන්නෙ මෙන්න මේ big bang theory එක පදනම් කරගෙන. සමහර සයන්ටිස්ට්ල ඉදිරිපත් කරන මතයක් තමයි එක universe එකක black hole එකක් තව universe එකක white hole එකකට සම්බන්ධ වෙනව කියන එක. මේ සම්බන්ධය සමහරවිට අවකාශයේ තැන් දෙකක් අතර වෙන්න පුලුවන්, නැත්තන් වෙනස් කාල දෙකක් අතර වෙන්න පුලුවන් අයින්ස්ටයින්ගෙ රෝසන් බ්‍රිජ් තියරියට අනුව. ඒ කියන්නෙ මේක ඇත්තටම timetravel කරන්න පුලුවන් හෝ අවකාශයේ තැන් දෙකක් අතර (සමහරවිට universe දෙකක් අතර) teleport වෙන්න පුලුවන් worm hole එකක් කියල කට්ටියට තේරෙනවැති🧐 ඔච්චර තමයි white holes වල විද්‍යාත්මක පැත්ත මං දන්න තරමින්. මේ විස්තර 100%ක් නිවැරදි නොවෙන්නත් පුලුවන්.

දැන් යමු ෆැන්ටසි පැත්තට. ෆැන්ටසි ලෝකෙ එක එක සුපිරි වීරයො මේ white holes හරහා බලය ලබාගෙන තියෙනවලු😕 මං ඒ අය ගැනනම් දන්නෙ නෑ. දන්න කෙනා ගැන කියන්නම්කො. ඒ තමයි මාවල් කොමික්ස්වල කැරොල් ඩැන්වර්ස්. කැරොල් ඔරිජිනල් බයිනරි ෆෝර්ම් එකට යන්න බලේ ලබාගන්නෙ white holes වලින්. කැරොල්ට පුලුවන් white holes create කරන්න. මේකට කොච්චර ලොකු පවර් එකක් ඕනද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මෙහෙම හදන white hole එක සම්බන්ධ වෙන black hole එකෙන් absorb කරගන්න ඒ black hole එක ඕපන් වෙන  universe එකේ energy එක තමයි කැරොල් white hole එක හරහා absorb කරගන්නෙ. මේ energy එකේ limit එක තීරණේ වෙන්නෙ කැරොල් හදන white hole එකේ ප්‍රමාණෙ මත. පොතේ හැටියට කැරොල්ට absorb කරගන්න පුලුවන් energy එකට limitations නෑ. හිතන්න, කැරොල් එහාපැත්තෙ universe එකම absorb කරගන්න පුලුවන් තරම් white hole එකක් හැදුවොත් මොනව වෙයිද? පලවෙනියටම  වෙන දේ තමයි, කැරොල් ජීවීන් බිලියන ට්‍රිලියන ගානකගෙ මරණ වලට වගකිවයුතු  multiversal villain කෙනෙක් වෙන  එක 🤬  ඔන්න ඔය හේතුව නිසා බයිනරිගෙ maximum level එකට යන්න කැරොල් කැමති නෑ 😔 කැප්ටන් මාවල් උනාට පස්සෙ කැරොල් බයිනරි පවර්ස් ගන්නෙ එයාගෙම ඇඟේ තියෙන energy එකෙන්, නැත්තන් කාගෙ හරි ඇටෑක් එකකින්,බාහිර පවර් සෝර්ස් එකකින් energy absorb කරගෙන. ඒ විදියට හම්බෙන බයිනරි ෆෝර්ම් එක white hole එකක පවර් එකෙන් හැදෙන බයිනරි තරම් powerful නෑ😑


අපි දැන් බලමු අර හේතුව කොහොමහරි විසඳගෙන කැරොල් බයිනරිගෙ ෆුල් පවර්ස් පාවිච්චි කරොත් එයාට කරන්න පුලුවන් දේවල්.

energy manipulation - මේක දැනටත්  පුලුවන්. absorb කරගන්න energy එකෙන් ෆෝටෝන් බ්ලාස්ට් හදන්නෙ මේ ability එක පාවිච්චි කරල. මේ ability එක තවත් advance වෙයි.

gravity manipulation - මේක දැනටත් පුලුවන්.කැරොල්ට flying ability එක එන්නෙ මේ නිසා. දැනට කැරොල්ට පුලුවන් තමන් වටේ gravity එක පාලනේ කරන්න විතරයි. මේක තව advance උනොත් මැග්නිටෝගෙ level එකේ හෝ ඊටවැඩි පවර් එකක් හම්බෙනව 😮

super-speed - මේක දැනටත් තියෙනව universe එක පුරාම කරක්ගහන්න light-speed එකට සමාන වේගයක් ලබාගන්න කැරොල්ට පුලුවන් 🤩

super-strength - දැනට බයිනරි පවර්ස් නැතුව කැරොල්ට ටොන් 100කට වඩා බරක් උස්සන්න පුලුවන් කියල කියනව. avengers#1 2018 කොමික් එකේදි කැරොල් අභ්‍යවකාශෙ ඉඳන් පෘථිවියට වැටුන සෙලෙස්ටියල්ස්ලව නගර උඩට වැටෙන්නෙ නැතිවෙන්න උස්සගෙන ගිහින් ජනශුන්‍ය තැන් වලට අතාරිනව. බයිනරිගෙ උපරිම අවස්ථාවෙ strength එක හිතාගන්න 😱

teleportation - මේක දැනට තියෙනව කියල හිතනව. ගොඩක් දුර ස්ථාන වලට සෙනික යන්න ඕන වෙනවනෙ. හැබැයි මේකෙ උපරිම මට්ටමේදි ඊටවඩා දේවල් පුලුවන්. ඒ කියන්නෙ dimensions අතර universes අතර ගමන් කිරීම සහ timetravel 🤩

matter manipulation - මේ තමයි පට්ටම පවර් එක 😍 මේක දැනට කැරොල්ට නෑ. ඒත් බයිනරිගෙ උපරිම මට්ටමට යන්න පුලුවන් උනොත් එයාට පධාර්ථ හසුරවන්න පුලුවන් වෙනව. ඒ කියන්නෙ ඕන දේකින් ඕන දෙයක් හදන්න පුලුවන් (ග්‍රහලෝකයක් තඩි ෆුට්බෝලයක් කරනව වගේ,නැත්තන් තමන්ගෙම කියල පුංචි පහේ universe එකක් හදාගන්න). ඔය වැඩේ සුපිරියටම කරන්න පුලුවන් එකම මනුස්සය මං දන්න විදියට ෆ්රැන්ක්ලින් රිචාර්ඩ්ස් 😎

උඩ කියල තියෙන ඇබිලිටීස් මං නිකන් හිතල දාපුව නෙමෙයි. ඒව සාමාන්‍යයෙන් white hole එකකට තියෙන abilities.කාටහරි පුලුවන්නම් white hole එකකින් energy absorb කරගන්න එයාට white hole එකේ  abilities ලැබෙන්නත් ඕන. ඔන්න ඕකයි බයිනරිගෙ සහ white holes වල කතාව 🙂

ප.ලි: කොමික් කියන්නෙ ඉතිං ෆික්ශන් තමයි ඒත් ඔයාල කොමික් එකක් කියවද්දි, කොමික් බේස්ඩ් ෆිල්ම් එකක්,ඇනිමේශන් එකක් බලද්දි නොතේරෙන වචනයක් හම්බුනොත් ඒක නිකන් සයන්ස් පැත්තට බරයි වගේ හිතුනොත් ශේප් එකේ ගූගල් සර්ච් පාරක් දාල බලන්න. නොදන්න ගොඩක් දේවල් ඉගෙනගන්න හම්බවෙයි. "අපි හැමදේම දන්නව 😏 ඕක ඔහොම නෙමෙයි මෙහෙමයි වෙන්නෝන" වගේ ළිං ක්‍රමේට හිතන්නෙපා 😒 හොඳම උදාහරණෙ එන්ඩ්ගේම් timetravel concept එක. ෆිල්ම් එක හෝ කොමික් එක බලල එවෙලෙට ගන්න තියෙන ආතල් එක අරන් ඒක අයින් කරල දාන්නෙපා. හිතන්නෙවත් නැති තැන්වල හිතන්න ගොඩක් දේවල් තියෙන්න පුලුවන් 😌 🙂

#Binary

#Captain_marvel

#Ms_Marvel

#SL_Marvel_Fans_United

Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List