X-Menලාව හැදුවෙ ඇයි? (Comicsවලින් සමාජය දකිමු)

මේ වෙනකොට X- men ලා ගැන ගොඩාක් දේවල් මෙක අය දන්නවා ඇති Powers , Orgin , Characters මේ දේවල් ගැන ඇති තරම් කතා කරලා දැකලා කියවලා ඇති ඉතින් අද කතා කරන්ඩ යන්නේ මෙන්න මේ X- men ලා ගැනම වෙනස් දෙයක් Marvel universe එක ඇතුලේ ඉන්න මේ X-men කියන කොටස ගැන ගොඩක් අය නොදැකපු නොහිතපු පැත්තක් ගැන තමයි අද කතා කරන්ඩ යන්නේ ඉතින් වැඩි කතා නැතුව බලමු මොකක්ද අද කතා කරන්ඩ යන්නේ කියලා....!

Stan lee සහ Jack kirby ගේ එකතුවෙන් 1963 සැප්තැම්බර් මාසේ නිකුත් උන The X- men #1 කියන කොමික් ඉශූ එක හරහා තමයි මුල්ම වතාවට Marvel comic හරහා මේ X- men ලව ඉදිරිපත් කරන්නේ. 1963 එහෙමත් නැත්නම් හැට දශකයේදී ස්ටෑන්ලීට ඔනේ වෙනවා මොකක් හරි හේතුවක් නිසා මොකක් හරි අඩුපාඩුවක් නිසා මොකක් හරි විශේෂ අවශ්‍ය තාවයක් නිසා හරි තමන්ගේ ජාතිය , ආගම , විශේෂයෙන්ම වර්න බේදතාවය ගොඩක් අය දන්නවා මේ කාලය කියන්නේ කලු සහ සුදු කියන වර්න බේදතාවය තදිම්ම ක්‍රියාත්මක උන කාල වකවානුවක් මෙන්න මේ වගේ හේතු නිසා සාමාන්‍ය ජන ජීවිතයෙන් වෙන් වෙලා ජීවත් වෙන්ඩ සිද්ද උන එහෙම නැත්නම් සමාජයෙන් කොන් වෙලා ජීවත් වෙන්ඩ සිද්ද උන තමන්ගේ මූලික අයිතිවාසිකම් පවා අහිමි වෙලා තියන පිරිසක් මූලික කරගෙන මොකක් හරි කන්සෙප්ට් එකක් නිර්මාණය කරන්ඩ ඉතින් ඔන්න ඔය අදහසේ ප්‍රතිපලයක් තමයි සරලවම කිව්වොත් මෙන්න මේ X- men ලා කියන්නේ.

කව්ද එතකොට මේ X- men ලා කියන්නේ සරලවම විස්තර කලොත් තමන්ට උපතිම්ම ලැබුන X කියන ජාන විකෘති තාවය නිසා සාමාන්‍ය මිනිස්සුන්ගෙ තමන්ගේ සමාජයෙන් දෙමාපියන්ගෙන් තමන්ගේ පවුලෙන් වෙන් වෙලා වෙනමම ජීවත් වෙන්ඩ සිද්ද උන Mutants ලා සිංහලෙන් කියනවනම් විකෘතිකයෝ පිරිසක් Charles Xavier එහෙමත් නැත්නම් ගොඩක් අය දන්න විදියට Proffessor X කියන්නෙත් මේ වගේම Mutant කෙනෙක් Charles xavier තමයි මේ Mutants ලා විකෘතිකයෝ කියලා සමාජයෙන් පැත්‍තකට කරලා දාපු කට්ටියගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරලා වර්න බේදයකින් ජාති බේදයකින් ආගම් බේදයකින් තොරව මේ හැම කෙනෙක්ටම නිදහසේ ජීවෙත් වෙන්ඩ පුලුවන් පරිසරයක් වටපිටාවක් හදලා දීපු කෙනා විශේෂයෙන්ම මෙතන්දී Magneto ගැනත් කතා කරන්ඩ දේවල් තියනවා ඒ දේවල් ගැන ඉස්සරහට බලමු සරලවම මෙතන්දී මන් කව්ද මේ X- men ලා කියන එකයි පැහැදිලි කලේ.

මේ හැට දශකයේදී එහෙමත් නැත්නම් 1950 - 1960 දක්වා කාලයේදී වැඩි වශයෙන්ම කතා බහට ලක්වෙච්ච මාතෘකාවක් තමයි Civil Rights කියන දේ දෙවන ලෝක යුද්ධයේ අවසානයත් එක්ක කලු ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් වැඩි හරියක්ම කඩවෙච්ච කාලවකවානුවක් සහ මේ අයටත් අනිත් අයට වගේම සමාන අයිතිවාසිකම් ලබාදෙන්ඩ කියලා බොහෝපිරිසක් තමන්ගේ ජාතියේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා බහ කරපු කාලවකවානුවක් ඉතින් මෙන්න මේ Civil Rights කියන මාතෘකාව මුල් කරගෙන තමයි Stan lee සහ Jack kirby මෙන්න මේ X- men ලව නිර්මාණය කරන්නේ.

“ Those stories have room for everyone, regardless of their race, gender, religion, or color of their skin, The only things we don't have room for are hatred, intolerance, and bigotry.”

මේක තමයි X- men ලා ගැන Stan lee ගේ අදහස කෙනෙක්ගේ Gender එක ජාතිය ආගම හමේ වර්නය මේ දේවල් කොහොම උනත් මේ හැම කෙනෙක්ටම මෙන්න මේ X- men ලා ඇතුලේ ඉඩක් ලබාදීලා තියනවා. ආගම්වාදය, ජාතිවාදය, වර්නබේදවාදය, එකිනෙකා කෙරෙහි තියන වෛරය ඉරිසියාව මේ කිසිම දෙයක් මෙන්න මේ X- men ලා ඇතුලේ නැහැ කියන එක තමයි Stan lee ගේ අදහස වෙන්නේ. මෙකෙදී කියවෙන්නේ නෑ මේ Mutants සමාජය ඇතුලේ හැම Mutant කෙනෙක්ම මේ විදියයි කියලා සුදු කලු වගේම තමයි මේ Mutants සමාජය ඇතුලෙන් ඉන්නවා හොද සහ නරක කියලා කොටස් දෙකක් මෙතන්දී මූලිකවම Stan lee කියන්නේ මෙන්න මේ X- men ලා ගැන මිසක් සම්පූර්ණ Mutants සමාජය ගැනම නෙමේ. ඊලගට මෙතන්දි Stanlee සහහන් කරනවා මෙන්න මේ X- men ලා ඇතුලේදී කෙනෙක්ගේ Gender එක වැදගත් වෙන්නේ නැහැයි කියන එක. Gender එක කිව්වම මෙතන්ට ආදාල වෙන්නේ ස්ත්‍රී එහෙම නැත්නම් පුරුශ කියන පාර්ශව දෙක ඉතරද නෑ ඇත්ටම Stanlee මෙතන්දී LGBTQ මේ හැම කෙනෙක්ගැනම සදහන් කරනවා X- men ලා ඇතුලේ මේ හැම Gender එකකටම සමතැනක් හම්බෙලා තියනවා අද වර්තමානදී උනත් දකින්ඩ ලැබෙන සාමාන්‍ය දෙයක් මේ LGBTQ අයව පොඩිවට හරි සමාජය ඇතුලේ අපහසුතාවයට පත් කරන එක. කොහොමහරි මෙන්න මේ X- men කියන කන්සෙප්ට් එක ඇතුලෙදී Real world එක ඇතුලේ මේ අයට ලැබෙන්ඩ ඔනේ සමතැන සම අයිතිවාසිකම් ගැනත් පෙන්වලා දීල තියනවා කොමික් වලදී ගොඩක් අය දන්න Iceman කියන චරිතය මුල්ම වතාවට එන්නේ Gay character එකක් විදියට සහ 2003 X2: X- men United එකේදී එකතැනකදී Bobby drake aka Iceman අහනවා " Have you tride not to being a mutant ? " කියලා Mutants ලට සම්බන්ද කරලා මේ ප්‍රශ්නේ ඇහුවත් මේකෙන් ඇත්තටම අදහස් වෙන්නේ මෙන්න මේ LGBTQ කියන චරිත ගැන වගේම මේ අය සමාජය ඇතුලෙදී අනිත් අය වගේම සාමාන්‍ය ජනජීවිතයක් ගතකරනකොට කොච්චර අපහසුතාවයට පත්වෙනවද කියන එක.

ඊලගට X-men ලා සහ Mutants ලා ගැන කතා කරනකොට වැදගත්ම චරිත දෙකක් තමයි Charles Xavier සහ Magneto කියන්නේ. මන් මුලදි කිව්වා කලු සහ සුදු වගේම Mutants සමාජය ඇතුලෙත් ඉන්නවා හොද සහ නරක කියලා කොටස් දෙකම් ගොඩක් අය මේ හිතනවා ඇති මේ Xavier සහ Magneto කියන චරිත දෙකක් මෙන්න මේ හොද සහ නරක කියන කොටස් දෙක නිරූපනය කරවාය කියලා නැහැ ඇත්තටම මේ චරිත දෙකෙන් පෙන්වන්නේ Mutants සමාජය ඇතුලේ තියන හොද සහ නරක කියන දෙක නෙමේ. ඇත්තටම මොකක්ද මේ චරිත දෙකෙන් නිරූපනය කරන්නේ එහෙනම් ? උඩ ඉදන් කියෝගෙන ආපු කෙනෙක්නම් මේ වෙනකොට යම් අවබෝදයක් තියනවා මේ X- men කියන කන්සෙප්ට් එක ඇතුලේ Mutants ලව උපයෝගී කරගෙන Stanlee ගොඩක්ම පෙන්වන්ඩ උත්සහ කරලා තියෙන්නේ සමාජයේ ජීවත් වෙන හැම කෙනාටම ලැබෙන්ඩ ඔනේ Civil Rights එහෙමත් නැත්නම් සම අයිතිවාසිකම් කියන මාතෘකාව කියන එක. මෙතනින් පස්සේ Stan lee ට උවමනාවෙනවා මේ Mutants ලගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙයාලට සමාජය තුල ලැබෙන්ඩ ඔනේ සමතැන ඒ ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්ඩ පුලුවන් මේ Mutants කියන පිරිස වෙනුවෙන් සමාජය ඉදිරියේ ලෝකය ඉදිරියේ පෙනීඉන්ඩ පුලුවන් ප්‍රබල චරිතයක් නිර්මාණය කරන්ඩ ඔන්න ඔය අදහසේ ප්‍රතිපලයක් විදියට තමයි Charles Xavier සහ මේ Magneto කියන චරිත දෙක නිර්මාණය වෙන්නේ. හොදට බැලුවොත් ඔනෙම කෙනෙක්ට තේරෙන දෙයක් තමයි මේ චරිත දෙකෙන් පෙන්වන්ඩ උත්සහ කරලා තියෙන්නේ Mutants සමාජය ඇතුලේ තියන හොද සහ නරක කියන කොටස් දෙක නෙමෙයි කියන එක ඇත්‍තටම මේ චරිත දෙකටම අදාල වෙන පොදු කරුනක් තියනවා ඒක තමටි මේ දෙන්නම කරන්නේ සමාජය ඉදිරියේ ලෝකය ඉදිරියේ තමන්ගේ මේ Mutants කියන වර්ගයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමයි මේ දෙන්නම කතා කරන්නේ හැබැයි මේ දෙන්නා මේක කරගෙන යන්නේ විදි දෙකකට අන්න එතනයි මේ චරිත දෙක අතර තියන වෙනස Charles Xavier කියන චරිතයට අවශ්‍ය බොහොම සාමකාමී විදියට තමන්ගේ මේ Mutants කියන පිරිසට සාමාන්‍ය ජනතාව ඇතුලේ සාමාන්‍ය සමාජය ඇතුලේ ලැබෙන්ඩ ඔනේ සම තැන ලබාදීලා මෙයාලට ලැබෙන්ඩ ඔනේ අයිතිවාසිකම් ඒ විදියට ලබාදීලා මෙයාලට සාමාන්‍ය සමාජය ඇතුලේ නිදහසේ ජීවිත් වෙන්ඩ පුලුවන් පරිසරයක් වටපිටාවක් හදලා දෙන එක මෙන්න මෙතන්දී තමයි Stan lee විසින් Martin luther king කියන චරිතය පාදක කරගෙන මේ Charles Xavier කියන කෙනාව නිර්මාණය කරන්නේ. කව්ද මේ Martin luther King කියන්නේ American Christian minister විදියට කටයුතු කරපු Martin luther king තමයි 1955 සහ 1968 දී මෙතුමාගේ ඝාතනය සිද්ද වුන කාලය ඇතුලේ Civil Rights ගැන වැඩි වශයෙන්ම කතාබහ කල පුද්ගලායා විදියට හදුන්වන්නේ Mahatma Gandhi ගේ ක්‍රියාකලාපයන් තුලින් යමින් සාමකාමීවම Civil Rights පිලිබදව සමාජය තුල කතා බහ කරපු කෙනෙක් විදියට තමයි Martin luther king ව අදටත් හදුන්වන්නේ. Charles Xavier සහ Martin luther king අතර තියන සමානකම තමයි මේ දෙන්නගෙම ක්‍රියාමාර්ග ඉතාමත් සාමකාමී වගේම මේ දෙන්නම කතා කලේ ජාති බේදයකින් වර්න බේදයකින් ආගම් බේදයකින් තොරව හැම කෙනෙක්ටම ලැබෙන්ඩ ඔනේ Civil Rights ගැන කිසිම ජාතියකට , ආගමකට, වර්නයකට ඉතරක් ලැබෙන්ඩ ඔනේ අයිතිවාසිකම් ගැනවත් සම තැන ගැනවත් නෙමෙයි පොදුවේ හැම කෙනෙක්ටම ලැබෙන්ඩ ඔනේ සම අයිතිවාසිකම් ගැන තමයි කතා කලේ මෙතන්දී Xavier තමන්ගේ Mutants ලට ලැබෙන්ඩ ඔනේ අයිතිවාසිකම් ගැන කතා කරපු එක එක වර්ගයක් විශේෂ කරලා කතා කලානේද වගේ පෙනුතත් X- men කියන තැනදී මෙන්න හැම ජාතියකම හැම වර්ගයකම හැම ආගමකම Mutant කෙනෙක්ට Xavier සම තැන සම අයිතිවාසිකම් දීල තියනවා ඒ නිසා මේ දෙක පටලගන්නේ නැතුව ඉන්ඩ බලන්ඩ පුලුවන් තරම්.

Xavier ගෙන් පස්සේ Magneto ගැන බැලුවොත් Xavier වගේම මෙයත් තමගේ වර්ගයා වෙච්ච Mutants ලා වෙනුවෙන් සමාජය ඉදිරියේ පෙනී ඉන්න කතා කරන චරිතයක් හැබැයි Xavier ගෙන් Magneto ව වෙනස් වෙනේ Magneto කතා කරන්නේ සම්පූර්ණ ම තමන්ගේ Mutants ලගේ අයිතිවාසිකම් ගැන ඉතරයි Charles Xavier තමන්ගේ Mutant ලත් ඇතුලුව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සාමාන්‍ය ජනාතාවත් එක්ක ඉතාමත් සාමකාමී ක්‍රියාපිලිවෙතක් අනුගමනය කලත් Magneto තමන්ගේ Mutant වර්ගයා ගැනම පමනක් කතාකලා ගොඩක් වෙලාවට දකින්ඩ ලැබෙන්නේ Magneto මේ අවස්තාවලදී කිසිසේත්ම සාමකාමී ක්‍රියාමාර්ගයක් නෙමෙයි අනුගමනය කරන්නේ ඔන්න ඔය හේතුන් නිසා තමයි Stan lee විසින් Malcolm X කියන චරිතය මූලික කරගෙන Magneto කියන චරිතය නිර්මාණය කරලා තියෙන්නේ. Malcolm X කියන්නේ හිටපු American Muslim minister කෙනෙක් වගේම Nation of Islam (NOI) කියන African American political and religious කියන සංවිදානයේ වෙනුවෙන් කතා කරපු චරිතයක් මේ සංවිදානයේ විශේෂත්වය තමා මෙයාගේ Anti LGBTQ වගේම Antisemitism සංවිදානයක් මෙයලා සම්පූර්ණ කතා කලේ මුස්ලිම් ජාතිකත්වය ගැන ඉතරක්ම වීම තමයි මෙයාලගේ විශේෂත්වය මෙයාලගේ ක්‍රියාකාරකම් කොහොමද කියනවනම් මේ සංවිදානය Southern Poverty Law Center එක විසින් Hate Group එකක් විදියට තමයි නම් කරලා තියෙන්නේ නැවත නැවත මතක් කරන්ඩ අකමැති උනත් පසුගිය පාස්කු ප්‍රහාරයත් එක්ක ලංකාවේ රජය විසින් මේ වගේ සංවිදාන කීපයක්ම නීතිවිරෝධී සංවිදාන විදියය නම් කලා මතක ඇති. ඉතින් මෙන්න මේක තමයි Magneto සහ මේ Malcolm X අතර තියන සම්බන්දය සමානකම එක ජාතියක් පමනක් විශේෂ කරගෙන තමයි මේ අය සමාජයත් එක්ක ගැටෙන්නේ රටක නීතියකය නොගැලපෙන විදියට තමයි මේ අය ගොඩක් දුරට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔන්න ඔය හේතුන් නිසා තමයි charles xavier ත් Magneto කියන චරිතයක් එකම අරමුනකින් කටයුතු කලත් මේ අය ඒ සම්බන්ද ව කටයුතු කරන ආකාරය එකිනෙකට පරස්පර වෙන්නේ.

ඉතින් මන් හිතන විදියට Martin luther king කියන චරිතයත් Malcolm X කියන චරිතයත් ඇසුරෙන් Stan lee ඉතාමත් විශිෂ්ට සරල නිර්මාණයක් බිහිකරලා තියෙනවා වගේම ලොකු කරුනු කාරනා ගොන්නක්ම Stan lee මේ චරිත දෙක ඇතුලේ ගැබ් කරලා තියනවා වගේම X- men කියන කන්සෙප්ට් එක තුලින් සමාජයේ සෑම මිනිහෙක්ටම ලැබෙන්ඩ ඔනේ සමාන අයිතිවාසිකම් පිලිබදවත් හොද අදහසක් ඉදිරිපකරලා තියෙනවා සහ මොකක් හරි හේතුවක් නිසා තමන් සාමාන්‍ය මිනිස්සුන්ගේන් වෙනස් කියලා හිතෙන අයට තමන් වෙනස් පුද්ගලයෙක් නෙමේ තමන් විශේෂ පුද්ගලයෙල් කියලා හිතන්ඩ පුලුවන් අවස්තාවක් Stan lee මේ හරහා මිනිස්සුන්ට ලබා දීල තියනවා.

මොකද හිතෙන්නේ Stan lee මේ X- men සහ Xavier , Magneto වගේ චරිත හරහා සමාජ ගත කරන්ඩ උත්සහ කරපු අදහස් ඒ විදියට සමාජගත වෙලා තියනවද එහෙම නැත්නම් මෙකත් සාමාන්‍ය Fictional එකක් විදියට ඉතරද මිනුස්සු අතරට ගිහින් තියෙන්නේ...?

Marvel universe එක ඇතුලේ මේ වගේ තව චරිත ගොඩක් ඉන්නවා Real life inspiration සහ සමාජමය කරුනුත් එක්ක නිර්මාණය වෙච්ච විශේෂයෙන්ම Black panther වගේ චරිත ඉස්සරහට මේ වගේ Inspiration ගැන ලියන්ඩ හිතන් ඉන්නවා මේකට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මොකද බහුතරයක් හිතන් ඉන්නේ Marvel comics කියන්නේ කිසිම අර්තයක් නැති නිකම්ම නිකම් Fictionals ඉතරයි කියන හේතුව නිසා...!

“ Marvel has always been and always will be a reflection of the world right outside our window, ”

- Stan Lee -

Thesindu Liyanage

Visit our facebook group👇👇 


Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List