Gladiator (Kallark)

Marvel universe එක ඇතුලේ තියන Kree empire, Skrulls empire, Xandar, Klyntar සහ Brood වගේ Empires, Civilization සහ විවිද Races ගැන කතා කතාකරනකොට කතානොකරම ඉන්ඩ බැරි Empire එකක් තමයි Shi'ar Empire එක කියන්නේ ඉතින් අද පෝස්ට් එක මෙන්න මේ Shi'ar empire එකෙන් පටන් ගන්ඩ හේතුව තමයි අද කතා කරන්ඩ යන Character එක ගොඩක්ම මේ Shi'ar empire එකත් එක්ක සහ මෙකේ Imperial guard කියන ටයිටල් එකත් එක්ක ගොඩක් සම්බන්ද වෙන නිසා Shi'ar Empire's Imperial Giards ලා කිව්වම අනිවාරෙන් ම කතා නොකරම බැරි Character එකක් වෙන Gladiator එහෙමත් නැත්නම් Kallark ගැන තමයි අද කතා කරන්ඩ යන්නේ.

Chris Claremont සහ Dave Cockrum දෙදෙනාගේ නිර්මාණ දායකත්වයෙන් 1799 ඔක්තෝබර් මාසයේ නිකුත් උන X-men 107 issue එකෙන් තමයි මේ Gladiator එහෙමත් නැත්නම් Kallark කියන චරිතය Marvel comics වලට එකතුවෙන්නේ එතන ඉදන් අද දක්වා මේ Character එකේ Buildup එක අද වෙනකොට මෙයාව Marvel universe එකේ Powerful ම චරිතයක් දක්වා ඉහලට ඔසවලා තියනවා.

කොහොමහරි Gladiator ගැන කතා කරන්ඩ කලින් Shi'ar empire එක සහ මොකක්ද මේ Imperial guard කියන්නේ කියලා දැනගෙන ඉන්ඩ ඔනේ මොකද Kallark ගේ Background එක Origin story ය වගේ දේවල් කෙලිම්ම මේ කරුනු දෙකක් එක්ක සම්බන්ද වෙන නිසා.

Shi'ar History එක Pre- History එක Shi'ar Race එක ගැන විස්තර කරන්ඩ ගියොත් වෙනම පෝස්ට් එකක් ලියන්ඩ තරම් කරුනු තියන නිසා අපේ Topic එකට ඉතරක් අදාල වෙන කරුනු ගැන ඉතරක් පැහැදිලි කරන්නම් Empire එක ගැන සරලවම විස්තර කලොත් ග්‍රහලෝක මිලියනයක ඉතර එකතුවකින් හැදිලා තියන ඒ අතරින් තෝරාගත් ග්‍රහලෝක වල එකතුවක් එහෙමත් නැත්නම් High council එකක් මගින් පත් කරගත්ත Majestor (male) හෝ Majestrix (female) කෙනෙක් ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන Imperial government එකක් මගින් පාලනය වෙන අති විශාල intergalactic Empire එකක් තමයි මේ Shi'ar Empire එක කියන්නේ. මෙතන Imperial government එක සහ Imperial guard කියන දෙකක් ඒ නිසා මුලදිම ඔය දෙක පටලගන්ඩ එපා. කොහොමහරි Empire එක ඇතුලෙදී Majestor එහෙමත් නැත්නම් Majestrix ගේ Limitation වලට යටත්ව ස්වාධීන පාලනයක් පවත්වගෙන යන්ඩ පුලුවන් අවස්තාව මේ Empire එක ඇතුලේ තියන අනික් ග්‍රහලෝක වලට සහ Shi'ar Empire එක විසින් යටත් කරගන්න Worlds වලට එහෙමත් නැත්නම් Civilization වලට ලබදීලා තියනවා. ප්‍රදාන වශයෙන් මේ හැම World එකක්ම Shi'ar world එකක් විදියට තමයි හදුන්වන්නේ ගොඩක් දුරට මේ හැම World එකක්ම Shi'ar Galaxy එක ඇතුලේ තමයි පිහිටලා තියෙන්නේ. Shi'ar ලගේ Home planet එක වෙන Chandilar වල තමයි ( Aerie තමයි මෙයාලගේ මුල්ම Home planet එක වෙන්නේ එතනින් පස්සේ මෙයාලා Chandilar වලට Move වෙනවා ) සම්පූර්ණ Empire එකේම Central base එක වෙන Throneworld එක පිහිටලා තියෙන්නේ Imperial government එක Majestor / Majestrix සහ මූලික පාලන කටයුත් සියල්ලම සිද්ද වෙන්නේ මේ Throneworld එක ඇතුලේ. හරි ඉතිම් අපේ Main Topic එකට අදාලව Shi'ar Empire එක ගැන ඔය කරුනු ටික දැනගත්තම හොදටම ඇති. පස්සේ කාලෙක වෙලාවක් තිබ්බොත් Shi'ar ගැන වගේම අනිත් Empires ගැනත් විස්තර කරන්නම් Skrulls race එක ගැනනම් කලින් පෝස්ට් එකක් ලියලා තියෙන්නේ ඔනේ කෙනෙක්ට මන් යටින් ලින්ක් එකක් දාල තියෙන්නම්.

එතනින් පස්සේ Imperial guard ගැන බැලුවෙත් සම්පූර්ණ Shi'ar Empire එකම ආවරනය වෙන විදියට හැම Shi'ar World එකකිම්ම තෝරගත්ත Super- Powered Champions ලගේ එකතුවක් තමයි මේ Imperial guards ලා කියන්නේ. Shi'ar law එක Empire එක සහ Majestor හෝ Majestrix ගේ ආරක්ශාව කියන කරුනු ටික තමයි මෙයාලගේ මූලිකම වගකීම් ටික වෙන්නේ. මුලින් කිව්වා වගේ හැම Shi'ar World එකකින්ම Imperial guards ලා තෝරගන්න නිසා අති විශාල Imperial guards ලා ප්‍රමානයක් මේ Shi'ar Empire එක සතුව ඉන්නවා මෙතනින් ඒ ඒ අවස්තාවට අදාල වෙන විදියට Majestor හෝ Majestrix විසින් පත් කරන තනි කන්ඩායමකට එහෙමත් නැත්නම් Champions legion එකකට තමයි මූලික වශයෙන් මේ Imperial guards ලා කියලා කියන්නෙ Elite Corps of the Shi'ar Empire, protectors of the Majestor or Majestrix කියන නම් වලිනුත් මේ අයව හදුන්වනවා. Shi'ar imperial guard කෙනෙක් බවට පත්වෙන්ඩ මේ හැම Champion කෙනෙක්ටම තමන්ගේ Home planet එකේදී වෙනම Training session එකක් සම්පූර්ණ කරන්ඩ වෙනවා මෙන්න මේ Training session එක ලබාදෙන්ඩ Shi'ar Government එකෙන් හැම Shi'ar world එකකටම පත් කරපු Elder Council එකක් ඉන්නවා. මේ Elder Council එකෙන් තෝරගත්ත Cadets ලා විදියට තමයි මුල් කාලයේදී මේ Champions ලව හදුන්වන්නේ Elder Council එක විසින් තෝරගත්ත සහ Training session එක සම්පූර්ණ කරපු Cadets ලා ඒ ඒ Shi'ar world එකේ Elder council එක විසින් Majestor හෝ Majestrix ට ඉදිරිපත් කලායින් පස්සේ තමයි අදාල Majestor හෝ Majestrix විසින් ඒ අයව Imperial guard කෙනෙක් බවට පත් කරන්නේ. මෙතනින් පස්සේ මේ හැම Shi'ar World එකකිනම ඉදිරිපත් කරපු හැම Cadets Team එකකටම Shi'ar Empire එකට තම තමන්ගේ Loyalty එක එහෙමත් නැත්නම් පක්ශපාතීත්වය ඔප්පු කරන්ඩ Majestor හෝ Majestrix විසින් පවරන වෙනම Mission එකකට මුහුන දෙන්ඩ සිද්ද වෙනවා බොහෝදුරට මේ Task එකේදී අර තෝරගත්ත Imperial guards ලා විශාල ප්‍රමානයකට දිවි අහිමි වෙන එක සාමාන්‍ය දෙයක් කොහොමහරි මේ Mission එකේදී පක්ශපාතීත්වය පරික්ශාවකට ලක් කිරීමකට අමතරව තවත් Process එකක් සිද්ද වෙනවා ඒ තමයි Majestor හෝ Majestrix විසින් තමන්ගේ " GLADIATOR " ව එහෙමත් නැත්නම් සම්පූර්ණ Imperial guards ලගෙම Leader විදියට හදුන්වන " Praetor of the Imperial Guard " ව තෝරගැනිම Enhancement process to become Gladiator කියන Majestor හෝ Majestrix විසින් පවරන Mission එක තමයි මේ හැම Imperial gurd කෙනෙක්ගෙම මුල්ම Task එක වෙන්නේ. ඉතින් මේ Mission එකෙන් පස්සේ Majestor හෝ Majestrix තමන්ගේ Gladiator ව තෝරගැනීමෙන් පස්සේ Shi'ar Empire හි නව Gladiator යටතේ ඉන්න Imperial guards ලව ඒ ඒ අදාල වගකීම් වලට යොමුකිරීම සිද්ද කරනවා.

හරි දැන් හැමෝටම Shi'ar Empire එකේ පාලනය කව්ද මේ Imperial guards ලා වගේම මේ දෙක අතර සම්බන්දය ගැන පොඩි හරි අවබෝධයක් ලැබැන්ඩ ඇති කියලා හිතනවා දැන් බලමු අපි කතාකරන්ඩ ගත්ත අපේ Main Topic එක වෙන Kallark aka Gladiator ගැන....😎🔥

Kallark ට Gladiator කියන නම බාවිතා කරන්නේ ඇයි කියන එක හැමෝටම මේ වෙනකොට තේරෙන්වා ඇතිනේ...ඔව් මේ වෙනකොට Shi'ar Empire එකේ වත්මන් Majestor විදියට ( මොකක් Majestor ? 😐 ඔව් ඔව් ඒ ගැන මන් තව ඉස්සරහට විස්තර කරන්නම් ) වගේම Praetor of the Imperial Guard විදියට තමයි Kallark කටයුතු කරන්නේ Kallark , Imperial gurd කෙනෙක් වෙනකම් මෙයාගේ දෙමාපියන් ගැන හෝ වයසක් ගැන වගේ දේවල් ගැන ලොකූ Pre- History එකක් සදහන් වෙන්නේ නෑ සාමාන්‍යයෙන් මේ වෙනකොට මෙයාගේ වයස Near Centuries විදියට තමයි ගන්නේ කොහොමහරි ඒ කාල වකවානු ඇතුලත මෙයාගේ History එකක් ගැන සදහනක් නැහැ මෙයාගේ මව් ග්‍රහලෝකය වන Strontia හි Elder Council එක මන් උඩදි සදහන් කරපු Cadet කෙනෙක් විදියට මෙයාව තෝරගත්ත තැන ඉදන් තමයි Kallark ගේ Storyline එක ආරම්භ වෙන්නේ මෙයාගේ කුඩා කාලේ ඉදම්ම Elder council එක මෙයාව බලාගත්ත කියලා තමයි සදහන් වෙන්නේ. Imperial guards ලා ගැන මන් පොදුවේ මුලදිම විස්තර කලා වගේම Kallark සහ තවත් Stronatian ලා නමදෙනෙක්ගෙත් සමන්විත Cadets Team එකක් තමයි Stronatian Elder Council එකේ පුහුනුවීම් යටතේ Majestor T'Korr ගේ පාලන කාලයෙදී Imperial guards ලා බවට පත් වෙන්නේ මෙතන ඉදන් මන් ඉස්සෙල්ලාම Kallark මුලිම්ම කොහොමද Gladiator උනේ කියම එක විස්තර කරන්නම්.

Kallark සහ මෙයාගේ අනිත් Stronatian ලා නම දෙනාම T'korr යටතේ Imperial guards ලා උනාට පස්සේ Chancellor Vitana ගේ තොරතුරු අනුව T'korr විසින් මෙයාලට කියනවා නැවත තමන්ගේ Home world එකට එහෙමත් නැත්නම් Stronatian වලට ගිහින් තමන්ගේ Elders ලව මරලා Strontia's sun එකත් විනාස කරලා හැම Stronatian කෙනෙක්වම Home world එකෙ දාල එන්ඩ කියලා කොහොම හරී මේකෙදී Kallark ඇර අනිත් හැම Stronatian imperial guard කෙනෙක්ම මරනයට පත් වෙනවා අවසානෙදි Kallark Stronatian's sun එක විනාස නොකර තමන්ව කුඩා කාලයේ ඉදලම හදාගත්ත Elder Council එක විනාස කරලා නැවත T'korr ලගට එනවා මෙතන්දී තමයි T'korr විසින් තමන්ගේ නව Praetor of the Imperial Guard එහෙමත් නැත්නම් Gladiator විදියට Kallark ව නම් කරන්නේ.

මෙතනින් පස්සේ මෙයා Shi'ar Empire වල Majestor වෙනකම් ලොකු ඉතිහාසයක් තියනවා ඒ සේරම නැතුව Kallark කොහොමද Majestor වෙන්නේ කියන එක පැහැදිලි කරන්නම්. මෙතන්දී Kallark Majestor වෙන්නේ කොහොමද කියලා කතා කරන්ඩ කලින් Vulcan කියන්නේ කව්ද Shi'ar empire එකත් එක්ක මෙයාට තියන සම්බන්දය මොකක්ද සහ Kallark මෙයා එක්ක සම්බන්ද වෙන්නේ කොහොමද කියලා බලලා ඉමු.

හැමෝම දන්න Scott Summers aka Cyclops සහ Alexander Summers aka Havok ගේ සහෝදරයා තමයි Vulcan aka Gebriel Summers කියන්නේ. Shi'ar Empire එක ඇතුලෙදිම තමයි Gabriel ගේ කතාව පටන් ගන්නේ. මේ කාලෙ වෙනකොට Shi'ar Empire වල Majestor වෙලා ඉන්න D'ken විසින් Gebriel ගේ අම්මවයි තාත්තවයි පැහැරගෙන යනකොට Gabriel කියන්නේ Unborn child කෙනෙක් ඉතින් කොහොමහරි මේ පැහැරගැනීම් අතර තුරේදී Gebriel ගේ අම්මා එහෙමත් නැත්නම් KatherineSummers මිය යනවා D'ken බේරෙන Christopher Summers , Gebriel ගේ තාත්තා මෙයාව අම්මගෙන් වෙන්කරලා incubation-accelerator එකකට සම්බන්ද කරලා Gebriel ව බේරගෙන මෙයාව ආරක්ශිතව පෘතුවියට එවනවා. කාලයත් එක්ක Kid vulcan විදියට X- men ලට එහෙම සම්බන්ද වෙන Gebriel D'ken ගැන වගේම තමන්ගේ අම්මා තාත්තා ගැන දැනගෙන ආයෙත් Shi'ar වලට එන අතරතුරේදී Gebriel ට දැනගන්ඩ ලැබෙනවා D'ken ඒ වෙනකොට කෝමා තත්වයක වගේම Shi'ar වල පාලනය තියෙන්නේ D'ken ගේ සහෝදරිය වෙන Lilandra ගේ යටතේ කියලා. ( D'ken ගෙන් Lilandra ට Empire එක හම්බෙන එක ගැනත් ලොකු විස්තරයක් තියෙනවා ඒ සේරම විස්තර කලොත් මේක කියෝල ඉවරයක් නැති වෙයි 😄 ) කොහොමහරි D'ken ඒ වෙනකොට කෝමා තත්වයක උනත් Gebriel , Lilandra ගේ සහෝදරිය වෙන Deathbird aka Cal'syee Neramani ව පැහැරගෙන Imperial guards ලා එක්කත් දරුනු සටනකට මැදිහත් වෙනවා කොහොමහරි මේකෙදී Imperial guards ලත් කීපදෙනෙක්ට ජිවිතය අහිමි උනත් Gladiator විසින් Gabriel ව පරාද කරලා මෙයාව Phygim වල Prison එහක හිරකරනවා.

කාලයක් මේ Prison එකේ ඉන්නකොට Shi'ar Empire එකේ Secret order එකක් විසින් Gebriel ව නිදහස් කරගෙන Deathbird ලගට එක්කගෙන යනවා Secret Order එකට ඔනේ කොහොමහරි නැවත් Lilandra ගෙන් D'ken ගේ යටතය Shi'ar Empire එකේ පාලනය ලබාගන්ඩ. කොහොමහරි Deathbird ගෙන් Gabriel කරපු දේට Excuse එකක් එහෙම ලැබුනට පස්සේ මේ දෙන්න අතර පොඩි සම්බන්දයක් එහෙම පටන් ගන්නවා ❣️😁 Deathbird ගෙන් පස්සේ Gabriel තමන්ගේ Powers වලින් D'ken ව සනීප කරනවා මෙතන්දී D'ken ගේ ඉල්ලීම වෙන්නේ Deathbird ව Marry කරලා Gebriel ට Shi'ar empire හි පාලයන ලබාගන්ඩ කියලා මෙතනින් පස්සේ Deathbird ව Marry කරන Gebriel තමන්ව Shi'ar Empire හි නව Majestor විදියය නම් කරගන්නවා මෙකෙදී Lilandra ට පක්ශපාතී Shi'ar Troops ලා සහ D'ken ට පක්ශ පාතී Shi'ar Troops ලා අතර ඉතාමත් දරුනු Civil war එකක් පටන් ගන්නවා Civil war එක අවසානෙදී Lilandra පරාද වෙනවා වගේම Gebriel විසින් තමන්ගේ තාත්තවත් මරලා දානවා. මෙතනින් පස්සේ Gebriel විසින් Shi'ar Empire එක තවත් ව්‍යාප්ත කරගන්න අරමුනෙන් Kree Empire එකට Surprise Attack එකක් දියත් කරනවා කොහොමහරි ආයිත් Shi'ar Empire එක සහ Kree Empire එක අතර දෙවෙනි වතාවටත් Gebriel විසින් දරුනු Civil war එකක් පටන් ගන්නවා මේ වෙනකොට Kree Empire හි පාලනය තියෙන්නේ Black bolt ඇතුලු Inhumans ලගේ යටතේ කොහොමහරි ලොකු සිදුවීම් මාලාවකින් පස්සේ මේ Civil war එකේ අවසානයෙදී Black Bolt විසින් පුපුරවන T- Bomb එකකින් Space & Time Fabric එකේ හැදෙන Hole එකකට Gebriel ව ඇදිලා යනවා. මෙතනින් පස්සේ Gebriel ගැන කිසිම සදහනක් දැකගන්ඩ ලැබෙන්නේ නෑ. Kree සහ Shi'ar Empire එක අතර Civil war එකෙන් පස්සේ Gebriel ගේ පාලනය නැති වෙනවත් එක්කම තමයි Kallark එහෙමත් නැත්නම් Gladiator තමන්ගේ යටතට Shi'ar Empire හි පාලනය ලබාගන්න්නේ.

එතන ඉදන් මේ වෙනකනුත් Shi'ar Empire හි පාලනය තියෙන්නේ Gladiator ගේ යටතේ. ඉතින් ඔය විදියට තමයි Gladiator එහෙමත් නැත්නම් Kallark ගේ Storyline එක Buildup වෙලා තියෙන්. මෙච්චර වෙලා මෙයාගේ Origin එක බැලුව නිසා දැන් මෙයාගේ Powers සහ Abilities වගේ දේවල් ගැන බලමු.

Powers and Abilities
=============================================

Colossus ව Thing පාරෙන් දෙකන් Knockout කාරන්ඩ පුලුවන් Marvel universe එකේ Physically Strongest ම Beings ලගෙන් කෙනෙක් විදියට තමයි Gladiator ව හදුන්වන්නේ මෙයාගේ Strength එක ගැන විශේෂ දේ දමයි Gladiator තමන්ගේ Abilities ගැන තියන ඉන්න Confidence එක මත මෙයාගේ Strength එක කොච්චරක් ද කියන එක තීරනය වෙනවා ඒක හන්දා මෙයාගේ Strength limit එක කොච්චරක් ද කියන එක ගැන කිසිම සදහනක් නෑ. සාමාන්‍යයෙන් Gladiator Hyperion ගේ පහරක් දාරාගන්ඩ තරම් Powerful වගේම Hyperion ගේ අස්ථි කැඩිලා යන්ඩ තරම් පහරක් එල්ල කරන්ඩ Gladiator ට හැකියාවක් තියනවා. Lilandra ව පැහැරගත්ත වෙලේදී Vulcan එක්ක ගිය Fight එකේදී Omega level mutant කෙනෙක් වෙච්ච Gebriel ට ගහන පාරකින් Gabriel වැටෙන්නේ සිහිනැතිවෙලා. Supernova explosion එකකින් පවා කිසිම හානියක් නැතිව බේරෙන්ඩ පුලුවන් Strength එකක් Gladiator ට තියනවා. දිනගනාවක් කිසිම නින්දක්, ආහාරයක් වගේම Deep space එකකදී, අධික උශ්නත්ව පරාස වලදී වගේම diseases, infections, contaminations, corrosives වගේම radiation wave එකකදි උනත් කිසිම හානියකින් තොරව Survive වෙන්ඩ පුලුවන් Strength එකක් Ability එකක් Gladiator සතුව තියනවා. ඒ වගේම මෙයාට දින ගනනාවක් උනත් හුස්ම ගන්නේ නැතුව Survive වෙන්ඩ පුලුවන් Freeze Breath කියන හැකියාව ලැබිලා තියනවා.

මෙයාගේ Fighting sped එක ගැන කතා කලොත් සාමාන්‍යයෙන් Nanosecond එකක් ඇතුලත Hyperion ගේ punch එකකට React කරන්ඩ පුලුවන් හැකියාවක් මෙයාට තියනවා Guardians of the galaxy , Human Torch වගේ අයට React කරන්ඩත් කලින් පහරදෙන්ඩ පුලුවන් හැකියාවක් Gladiator ට පිහිටලා තියනවා වගේම මෙයාගේ සාමාන්‍ය Flight speed එක ශබ්දයේ වේගයට වඩා වැඩී කියලා තමයි සදහන් වෙන්නේ. Hyperspace එකකදී Gladiator ට Light speed එකට ආසාන්න වේගයක් ලබාගැනීමේ හැකියාවකුත් තියනවා සාමාන්‍යයෙන් Heimdall ට Notice වෙන්ඩත් කලින් සම්පූර්ණ Galaxy යක් හරහා යන්ඩ පුලුවන් Speed එකක් Gladiator සතුව තියනවා හිතාගන්ඩ පුලුවන්නේ.

ඊලගට මෙයාගේ විශේශම හැකියාව Heat Beams එහෙමත් නැත්නම් Heat vision එක Gladiator ට පුලුවන් තමන්ගේ ඇස් වලදි අදික උශ්නත්වයකින් සමන්විත Heat Beams පිටකරන්ඩ Cyclops වගේ තමයි හැබැයි මේ Heat Beams වල Temperature limt එකක් නැහැ ඒ කියන්නේ Gladiator ට පිටකරන්ඩ පුලුවන් Beams වල උපරිම උශ්නත්ව මෙච්චරයි කියලා කියන්ඩ බැහැ මෙයාගේ Heat beam එකක් කොච්චර Powerful ද කියනවනම් Hyperion ගේ Atomic vision එක නැති කරලා දාන්ඩ වගේම Hulk ගේ සම පිච්චිලා යන්ඩ තරම් Temperature එකකින් මෙයාට Heat beams පිටකරන්ඩ පුලුවන්.

ඊලගට මෙයා Highly Telepathy Resistance කෙනෙක් Charles Xavier ගේ Mind attack එකකට උනත් ඔරොත්තු දෙන්ඩ පුලුවන් Telepathy Resistance එකක් Gladiator ට ලැබිලා තියනවා. Molecular level එක දක්වාම නිරීක්ෂණය කරන්ඩ පුලුවන් සහ ඔනෙම වස්තුවක් හරහා දකින්ඩ පුලුවන් Vision එකක් Gladiator ට තියනවා වගේම Cells, Body tissue වගේම අස්ථි Regenerate කරගන්ඩ පුලුවන් Healing factor එකක් මෙයා සතුව තියනවා.

Deathbird ගෙන් පවා පුහුනුවෙලා තියන Kallark shi'ar Empire වල Skilled ම Hand to Hand Combatant විදියට තමයි හදුන්වන්නේ.

අන්තිමට මෙයාගේ Weakness ගැන බැලුවොත් මෙයාගේ තියන ලොකුම දුර්වලකම තමයි මන් උඩ සදහන් කරපු හැම Power එකක්ම හැම Ability එකක්ම මෙයාගේ Conference එක මත තමයි රැදිලා තියෙන්නේ Gladiatorට තමගේ Strength එක ගැන තමන්ගේ හැකියාව ගැන තියන විශ්වාස මත තමයි ඔය හැමදේම රැදිලා තියෙන්නේ තමන් ගැන අදික විශ්වාසයකින් ඉන්නවනම් Gladiator ගේ Power level එක Beyond infinity level වගේම තමයි kallark තමන්ගේ හැකියාවල් ගැන තියන විශ්වාසය අඩුකරගන්න තරමටම මෙයාගේ Power level එක පහලට බහිනවා. මෙයාගේ Conference එකට Attack කරන්ඩ පුලුවන් එකම විදිය තමයි Mind attack එකක් එකතැනක Omega level telepath කෙනෙක් වෙන Rachel Grey සහ Rocket එකතුවෙලා හදපු Illusion එකකින් මෙයාගේ Conference එක නැති කරලා තියනවා. ඔය හේතුව නිසා තමයි මෙයා Highly Telepathy Resistance කෙනෙක් වෙන්නේ.

FACTS

• Reed Richards කියලා තියනවා Gladiator Heavy weight උස්සනකොට එවා කඩන් වැටෙන් නැතුව තියාගන්ඩ මෙයාගේ බෙල්ට් එකේ තියන Device එකක් පාවිච්චි කරනවා කියලා මොකද එක තැනක Gladiator සම්පුර්ණ Baxter Bulding එකම උස්සලා තියනවා කිසිම කඩන් වැටීමකින් තොරව.
• Stronatian Race එකේ අවසාන ජීවීයා තමයි Kallark කියන්නේ. හැබැයි මෙයාට Kubark (Kid Gladiator) කියලා පුතෙක් සහ Xenith කියලා Cousin කෙනෙක් එහෙම ඉන්නවා.

හරි එහෙනම් ඔය විදියට තමයි Gladiator එහෙමත් නැත්නම් Kallark ගැන විස්තර වෙන්නේ ගොඩක් වැඩ රාජකාරි මැද්දේ පුලුවන් තරම් Shortout කරලා තමයි Gladiator ගැන ලිව්වේ සහ ගොඩ කාලෙකින් තමයි ගෲප් එකට මෙහෙම පෝස්ට් එකක් ලිව්වේ D'ken ගෙන් lilandra ට Shi'ar Empire එක හම්බුන හැටි Gebriel ගේ Civil wars වල සිද්ද උන් සිදුවීම් X- men ලා එක්ක Gladiator වැඩ කරලා තියෙන්නේ කොහොමද ඒ වගේම gladiator ට වර්තමාන තත්වය වගේ ගොඩක් Storyline එක්ක Tie- in කරලා මීටත් වඩා විස්තර කරන්ඩ පුලුවන් Character එකක් තමයි මේ ගානට Shortout කරලා ලියලා තියෙන්නේ ඒ නිසා අපහැදිලි තැනක් තියේනම් කමෙන්ට් එකක් දාන්ඩ....❣️🔥

Thesindu Liyanage.

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List