Wonder man

අද කියන්න යන Character එක ගැන මීට කලිනුත් post එකක් දාලා තිබුනත් ගෲප් එක පටන් ගත්තුම කාලේ දාපු එකක් නිසාත් මුල්ම කාලෙ ලිව්ව එකක් නිසා තියෙන අඩුපාඩු නිසාත් ආයි post එකක් දාන්න හිතුව. ඉතින් මේ කියන්න යන කෙනානන් ගොඩක් අය නොදන්න character එකක්. සමහර විට මෙයා ගැන අහන්නෙත් අද වෙන්න පුලුවන්. එහෙනන් කියවලම බලන්නකො

#facts

About #Wonder_Man

⬛ PROFILE ⬛

නම : Simon Williams

විශ්වය : 616

උස : අඩි 6 අගල් 20

බර : රාත්තල් 380

ඇස් වල වර්ණය : රතු

හිසකෙස් වර්ණය : අලු

පුරවැසිභාවය : ඇමරිකානු

වර්ගය : මනුෂ්‍ය (Human)

⬛ ORIGIN ⬛

අපිට මේ Wonder Man ගැන මුලින්ම දැනගන්න ලැබෙන්නෙ Stan lee හා  Jack Kirby විසින් රචිත The Avengers #9 - The Coming of the Wonder Man නමින් 1964 වර්ෂයේ ඔක්තෝබර් මසදි එලිදැක්වුන comic issue එකේදීය. එතැන් පටන් මොහු මේ වන තෙක් Comic Issues 1543ක පමන දැනට සිට ඇත. 📚📚📚

මෙයාගේ Origin එක ගත්තොත් Simon කියන්නෙ බොහොම පෝසත් පවුලක කෙනෙක්. මෙයාගේ තාත්තා Sanford Williams තමියි Williams Innovations කියන විශාල සමාගමේඅයිතිකාරයා. පියාගෙ ඇවෑමෙන පසු Simon ට සමාගමෙ අයිතිය පැවරුනත් මේගොල්ලොන්ට හිටිය ලොකුම තරඟකාරයා වෙච්චි Stark Industries නිසා මේ Williams Innovations කියන සමාගම බංකොලොත් වෙනව. මේ හේතුව නිසාTony ඇතුලු මුලු Avengers කණ්ඩායමෙන්ම පලිගන්න Simon, Baron Zemo ගේ පර්යේෂණයකට සහභාගි වෙනව. මෙම පර්යේෂණය නිසා Simon ව අයනික බලයන්ගෙන් යුතු ජීවියෙක්ට පරිවරත්නය වෙලා Super Powers සහිත කෙනෙක් බවට පත්වෙනව.Zemo ගේ අදහසට අනුව මුලින්ම Hero කෙනෙක් විදියට Avengers ලට Join වෙලා පසුව ඔවුන්ට ද්‍රොහි වෙන්න තීරණය කරත් පුව තම අදහස වෙනස් කරගෙන මොහු Avengers ලත් සමග එකට වැඩ කරන්න පටන් අරන් Hero කෙනෙක් වෙනව.

ඉතින් අපු දැන් බලමු මෙයාගේ Powers කොහොමද කියල.

⬛ POWERS ⬛

◾ Ionic - Energy Physiology

Simon ට කරපු රසායනික හා විකිරණශීලි පර්යේෂණය නිසා මෙයාගෙ ප්‍රධානතම බල මූලාශ්‍රය වෙන්නෙ මේ Ionic Energy එක. ඒක මෙයාගෙ මුලු ශරීරය පුරවටම පවතින ශක්තියක් විදියට තමා සැලකෙන්නෙ.☢️☢️☢️

◾ Superman Strength

Ionic Energy එක නිසා Simon ට අතිවිශාල ශක්තියක් තියෙනව. මොහුට Thor සමගත් කරට කර fight කරන්න පුලුවන් තරම් Strength එකක් තියෙනව. වරක් Captain America ත් කියල තියෙනව Wonder man ගෙ Strength එක Sentry ගේ Level එකට සමානයි කියල.💪💪💪

◾ Superhuman Speed

Ionic Energy එක නිසා Simon ගේ වේගයත් ඉතාම ඉහල මට්ටමක පවතිනව.🏃🏃🏃

◾ Superman Stamina

Simon ගේ දරාගැනිමේ හැකියාවත් ඉතාම ඉහලයි.🏋️🏋️🏋️

◾ Superhuman Reflexes

මොහුගේ ප්‍රතික්‍රියා වේගයත් සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉතාම ඉක්මන්.🤺🤺🤺

◾ Enhanced Vision & Hearing

සාමාන්ය මනුෂ්‍යයෙක්ට ඇසිය හා දැකිය නොහැකි පරාසයක දේවල් පවා Ionic Physiology එක නිසා මොහුට හොඳින් දැක අසා ගැනිමට පුලුවන්. මේ හේතුවෙන් Simon ගේ ඇස් ඉතාමත් තද රතු පාටකින් දිස් වෙන නිසා මෙයා ගොඩක් වෙලාවට Sunglasses පාවිච්චි කරනව.🕶️🕶️🕶️

◾ Healing Factor

Simon ට සම්පූර්ණයෙන් තම ශරීරය Pure Energy බවට පත් කල හැකි නිසා ඉතාමත් ඉහල සුව වීමේ ශක්තියකුත් මොහුට ලැබිලා තියෙනව.💫💫💫

◾ Power Recycling

උඩ කිව්ව හේතුව නිසාම Simon ට එයාගේ ඇග ඇතුලෙන්ම නැවත නැවත ශක්තිය නිපදවාගන්නත් පුලුවන්.🔄🔄🔄

◾ Flight

මුල් කාලයේදි මොහු පියෑඹීමට තම Belt එකේ Rocket Pack එකක් පාවිච්චි කරත් පස්සෙ කාලෙකදි එයාගේ Energy එකෙන්ම පියාඹලා යන්න මෙයා පුරුදු වෙනව.🛬🛬🛬

◾ Immortality ◾

ඒ වගේම මොහුට අමරණීය බවකුත් මෙම ශක්තිය නිසා ලැබිලා තියෙනව. ඒ නිසා Simon ව වයසට යන්නෙ නැ.✝️✝️✝️

◾ Electromagnetic Manipulation

Simon ට එයාගේ Energy එක නිසා විද්‍යුත් චුම්භක බලයන් පාලනය කිරිමේ හැකියාවකුත් පවතිනව.🧲🧲🧲

◾ Energy Enhanced Strikes

Simon ට තමා බලය පාවිච්චි කරල Energy Attacks නිකුත් කරන්නත් පුලුවන්.💥💥💥

◾  Size Alteration

මොහුට තම සිරුරේ ප්‍රමාණය වෙනස් කරගන්නත් හැකියාව පවතිනව. මෙයා එක පාරක් Goliath තරමටම ලොකු වෙලා තියෙනව.✋✋✋

◾ Shapeshifting

ඒ වගේම මෙයාට තම ස්වරෑපය වෙනස් කරගැනිමේ හැකියාවකුත් පවතිනව.👤👤👤

◾ Self-Sustanance

Simon ට වාතය ආහර ජලය යන මූලික දේවල් නැතිව වුනත් ජීවත් වෙන්න පුලුවන්. මොකද මෙයා Energy Being එකක් නිසා මෙයාට අවශ්‍ය පෝශණය මෙයා තුලින්ම නිපදවාගන්න පුලුවන් නිසා.🕴🕴🕴

◾ Teleportation

Simon ට Energy portals භාවිතා කරලා ඕනැම තැනකට ක්ෂණයකින් යන්නත් හැකියාව තියෙනව.🏎🏎🏎

⬛ ABILITIES ⬛

◾ Expert in Hand to Hand Combat

Avengers team එකේ ඉන්න කාලෙදි Captain America මගින් නිරායුද සටන් පුරුදුවිම නිසා Simon කියන්නෙ හොඳ ද්වන්ධ සටන්කරුවෙක්.🤼‍♂️🤼‍♂️🤼‍♂️

◾ Trained Electrical Engineer

Simon කියන්නෙ හොද විදුලි ඉංජිනේරුවෙක්. මෙයාට Electrical Engineering සම්බන්දයෙන් Advanced Degree එකක් තියෙනව.👷‍♂️👷‍♂️👷‍♂️

◾ Talented Actor

ඒ වගේම Simon කියන්නෙ ඉතාම දක්ශ නලුවෙක්. මෙයා Marvel Universe එකේ ඉතාම ජනප්‍රිය Movie Star එකක්.👨‍🎨👨‍🎨👨‍🎨

◾ Experienced Stuntman

ඒ වගේම Simon ,කියන්නෙ දක්ශ Stuntman කෙනෙක්.🤸‍♂️🤸‍♂️🤸‍♂️

◾ Team Affiliations

Wonder man Avengers කණ්ඩායමට අමතරව පහත කණ්ඩායම් වලත් සාමාජිකයකු විදියට ඉදල තියෙනව.

Defenders
Force Works
S.H.I.E.L.D.
Lethal Legion
Masters of Evil
Legion of the Unliving
Revengers

⬛ EXTRAS ⬛

James Gunn ගේ Guardians of the Galaxy Vol. 2 චිත්‍රපටයට Wonder man ගෙ cameo එකක් යොදන්න තිබුනත් පසුව ඒක අයින් කරල තියෙනව.

නමුත් ඉදිරියේද අපිට මොහුව MCU එක හරහා ගොඩක් වෙලාවට බලාගන්න පුලුවන් වෙයි.

ඉතින් මේවා තමා Wonder man හෙවත් Simon Williams ගැන දැනගන්න තියෙන කරුනු. ඉස්සරහටත් මේ වගේම තවත් කෙනෙක් එක්ක හම්බෙමු. 👍

#ඒජන්ට්වෙනම්

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List