කවුද මේ Dr. spyridon michalakis ?

කව්ද මේ Dr. spyridon michalakis කියන්නේ...? නමනම් ටිකම් කියවන්ඩ අපහසු ඇති බට් මෙහෙම කෙනෙක් ගැන විස්තරයක් දාන්ඩ හේතුව මොකක්ද...? හේතුව තමයි Endgame එකේ Time travel සහ Quantum physics නිසා.

මුලින්ම බලලා ඉමු කව්ද මේ Dr. spyridon කියන්නේ කියලා. මෙයා Quantum physicist කෙනෙක් වගේම Outreach for the Institute for Quantum Information and Matter at Caltech university හි මැනේජ්ර් කෙනෙක් වගේම California Institute of Technology හි staff researcher කෙනෙක්ද වෙනවා. ඒ වගේම Applide Mathematics වලට PhD සහතිකයක් මෙයා scientific consultant කෙනෙක්ද වෙනවා.

මෙයා ගැන විශේෂම කාරනය තමා, Mathematics physics වල තියනවා නොවිසඳුණු ගැටලු 13 ක් මෙන්න මේ ගැටලු එහෙමත් නැත්නම් ප්‍රශ්න වලට 1999 දී ඇතුලත් උන "Quantum Hall effect" කියන ගැටලුව විසදීමේ ගෞරවය අයිති වෙන්නෙත් මේ Dr.spyridon ට.
Applied Mathematics වලට PhD එකක් සහිත Dr. Spyridon ගේ නමින් theoretical research කීපයක්ද මේ වෙනකොට නම් වෙලා තියනවා.

මීට අමතරව මෙයා Science and Entertainment Exchange හි සාමාජිකයෙක්ද වෙනවා SEE කියන්නේ Science වලට සම්බන්ද එහෙම නැත්නම් Sci-fi Category එකට අයිති වෙන movies සහ TV producers වල ඇතුලත් වෙන විද්‍යාත්මක කරුනු සම්බන්දව උපදෙස් දෙන සහ ඒ හා සම්බන්ද Script වලට වගේ දේවල් වලදී උදව් වෙන ආයතනයක්.

හැමෝම වගේ දන්නවා ඇතිනේ MCU කියන්නේ ටිකක් Scientific universe එකක් ඉතිම් මෙයා ගැන කතා කරන්ඩ හේතුව තමයි MCU හී චිත්‍රපට කීපයක් වෙන Ant-Man, Ant-Man and the Wasp, Doctor Strange, Captain Marvel, සහ Avengers: Endgame හි scientific consultant විදියට තමයි මෙයා වැඩ කරලා තියෙන්නේ ඒ කියන්නේ මේ වෙනකොට ඔයාලා දැකපු Quantum physics theorys සහ ඔය චිත්‍රපට ටිකේ ඇතුලත් වෙන බොහොමයක් විද්‍යාත්මක කරුනු වලට උපදෙස් දෙන්නේ මෙන්න මේ පුද්ගලයා තමයි...Doctor Strange එකේ අර මනුස්සයෙක්ගේ ඔලුවේ තියන බුලට් එකක් එලියට ගන්න සීන් එක මතක ඇතිනේ ඒ වෙලාවෙදී මේ මූවි එක ඇත්ත ලොකේ එහෙම දෙයක් එක්ක කොච්චර Accurate ද කියලා මේ වීඩියෝ එකෙන් බලාගන්ඩ පුලුවන් මෙකේ තියෙන්නේ Dr.Strange movie එකේ හැම Medical scene එකක්ම Real doctor කෙනෙක් විස්තර කරන හැටි සහ ඒ හැම සීන් එකකම තියන නිරවද්‍යතාව විස්තර කරන හැටි....😍

https://youtu.be/Oo0UHioaQhc

( තව වීඩීයෝ තියනවා මේ ඩොක්ට MCU Movies වල Medical scenes Explain කරන එව්වත් බලන්ඩ )

හරි ආයෙ කතාවට එමු මේ මූවීස් වල කරුනු 100% ක්ම සත්‍ය කරුනු නොවුනත් සමහරක් Quantum theorys ඇත්ත දේවල් හැමෝම වගේ දකින්න ඇති Antman ෆිල්ම් වලදී විශාල වශයෙන් Quantum physics කරුනු පිලිබදව කතා වෙනවා ඉතිම් කවුරු හරි හිතනවනම් ඒ දේවල් බොරුයි කියලා එහෙම නැහැ...! සමහර අවස්තාවල මෙහෙම වෙන්ඩ පුලුවන් කියලා නිගමනය කරන කරුනු එක්ක තමයි Script write කරන්නේ මොකද ෆිල්ම් වල තියන හැමදේම ඇත්‍ත නෙමේනේ අන්න ඒ වගේ වෙලාවල් වල ඒ ඒ විද්‍යාත්මක කරුනු ගලපගන්න scientific consultant ලගෙන් උදව් ගන්න වෙනවා....!

හරි උඩ කිව්ව විස්තරත් එක්ක දැන් තේරෙනවා ඇතිනේ Dr. spyridon michalakis කියන්නේ කොහොම කෙනෙක්ද කියලා....ඉතින් මන් දැකලා තියන හොදම විහිලුව තමයි මෙකේ ඉන්න සම-හරක් කියනවා Endgame Time travel තාත්වික නෑලු....Quantum tunnel තාත්වික නෑලු අරකලු මේකලු එහෙම වෙන්ඩ බෑලු මෙහෙමලු වෙන්ඩ ඔනේ කිය කියා දගලනවා...😐 බොහොමයක් උදවිය උසස් අද්‍යාපනයට A/l කරපු අය වගේම උසස් පෙල කරන ගමන් හරි කරන්ඩ බලාපොරොත්තු වෙන් ඉන්න අය ඉතින් අවසානේ අහන්ඩ තියෙන්නේ අර වගේ මනුස්සයෙක්ගේ උපදෙස් පිට හදපු Quantum theorys අතාත්වික හෙනම ගොං මොන ජෝක් එකක්ද මේ කියන්ඩ තරම් ඒ ඒ අදාල පුද්ගලයින්ට තියන සුදුසු කම මොකක්ද....?

අනිත් එක එහෙම කියන අය Endgame scientific theorys සංසන්දනය කරනේ තවත් ඒ වගේම scientific consultant කෙනෙක්ගෙ උදව්වෙන් හදපු Time travel ගැන තියන ෆිල්ම එකක් එක්ක....😂 TT කරන්ඩ පුලුවන් තියරීස් කීපයක්ම මේ වෙනකොට scientist ලා විසින් නිගමනය කරලා තියනවා මේකමයි කියලා නිශ්චිත එකක් නෑ කිසිම කෙනෙක් TT කරලත් නෑ හැම කෙනෙක්ම විය හැකියාව මතයි ඒ ඒ තියරීස් ගොඩනගන්නේ ඉතින් එහෙම එකේ උසස්පෙලවට Science වත් නොකරපු සමහර උදවිය Endgame එකේ TT ගොංලු.....මට දැනගන්ඩ ඔනේ එයාලා එහෙම කියන්නේ මොන පදනමකින්ද කියන එක....😂🙏

Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List