Thanos ගෙ මුහුණෙ කැළල Wolverine නිසාද? ඇත්ත කතාව

Thanos ගෙ මුනෙ තියන කැලැල් හරියට Skrull ලගෙ මූනේ තියන කැලැල් වගේ. මේකෙන් කියවෙන්නෙ Thanos ට Skrull ලා එක්ක මොකක් හරි සම්බන්ධයක් තියනවා කියලද? නැත්තම් මේක අහම්බයක්ද?
(මේක 05 Jun 2019 ගෲප් එකේ memberකෙනෙක් අහපු ප්‍රශ්නයක්.)
එදා ඒකට උත්තරේ දුන්නට, ඊයෙ ආපු ප්‍රශ්නයක් නිසා ආයෙම විස්තර කරලා කියනවා.

Skrullsලගෙ ancestorsලා(මුතුන්මිත්තන්ව) නිර්මාණය කලේ Xorrians කියන ජීවින් කොට්ටාශය විසින්. ඊටපස්සෙ Skrullosවලට දැනට අවුරුදු මිලියන 100කට විතර කලින් Celestialsලා ගිහින් කරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට තමයි මුල්ම skrull ancestorsලාව වර්ග තුනක් විදිහට පරිණාමය වෙන්නෙ.
Celestialලා ග්‍රහලෝකයක කරන පරික්ෂණවලින් පස්සෙ එකම ජීවින් වර්ගයක කොටස් තුනක් විතර සාමාන්‍යයෙන් ඇතිවෙනවා. අපේ මුතුන්මිත්තන් ගත්තොත් Homo erectusගෙන් celestialලා කරන පරිණාමය නිසා Eternals (Homo immortalis), Deviants (Homo descendus), Mutants (Homo superior) විදිහට කොටස් 3ක් බිහි වෙනවා. ඒවගේම

පරීක්ෂණවලට නොගත්ත homo erectusලා ස්වභාවිකව පරිණාමය වෙලා Humans (homo sapiens) බවට පත්වෙනව.

ඒවගේම තමයි skrullsලාගේ ancestorsලත්, special powers නැති baseline Skrulls, Shapeshift කරන්න පුළුවන් Deviant Skrulls, super powers තියෙන Eternal Skrulls විදිහට බිහිවෙනව.
තෑනෝස් කියන්නෙ පට්ටම powerful Eternal (Homo immortalis) කෙනෙක්. ඒත් deviant syndrome කියන ජාන විකෘතිතාවය නිසා තෑනෝස්ගේ මූණ deviantකෙනෙක්ගෙ වගේ විකෘතියි. ඒවගේම daviant skrullsලත්(captain marvelඑකේ ඉන්න අය) පෘථිවියේ daviantsලට ටිකක් සමානයි. (Celestialsලා විසින් දෙගොල්ලන්වම ඇති කරපු නිසා) මේ නිසා තමයි තෑනෝස්ටත් skrull කෙනෙක්ට තරමක් දුරට සමාන මූණක් තියෙන්නෙ.

වෙන ගෲප් එකක ප්‍රශ්නයක් දැක්කා තෑනොස්ගෙ මූණෙ තියෙන සීරීම් පාරවල් තුන වගේ සළකුණක් තියෙන්නෙ කොහොමද කියලා. ඒ ගෲප් එකේ mcu specialistලා ඒකට උත්තරේ දීලා තිබ්බෙ wolverine හූරලා කියලා (ඒ ගෲප් එකේ නම් ගම් මනඃකල්පිතයි)
ඒ සළකුණට ඇත්තම හේතුවත් උඩ මම කියල තියෙන හේතුවම තමයි. සමහර deviant skrullsලගෙ ඔය සළකුණ තියෙනව. ඉතින් තෑනෝස්ටත් තියෙනව.

#slmarvelfansunited

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List