Planets In The Marvel Universe (Part II)


කලිං Post එකෙන් Marvel Universe එකේ Planets ටිකක් ගැන දැම්මානේ. මේකෙන් ඉතුරු ටික ගැන දානවා. Planets 40 ක් ගැන ඒකෙන් දැම්මා නේ. ඒ Part I එකේ Link එක පල්ලෙන්.👇
Planets 41-110
------------------------
41. Lar
Lar කියන්නේන් Pegususians කියන ජීවීන් කොට්ඨාශයගේ මව් ග්රහලෝකය. මේ Pegususians ලා ගැන මං පොඩ්ඩක් Beyonders Post එකේදි කීවා. මෙයාලා Beyonders ලාගේ Agents ලා විදියට කටයුතු කරලා තියෙනවා. Beyonders ලාට Counter Earth එක ගන්නත් මෙයාලා තමා උදව් කරන්නේ.
42. Laxidazia
Laxidazia කියන්නේ Laxidazians කියන කට්ටියට අයත් එයාලාගේ මව් ග්රහලෝකය.
43. Leitner
Marvel Agents Of S.H.I.E.L.D TV Series එක බලපු අය දන්න තවත් ග්රහලෝකයක්. Isaiah කියන ජීවී කොට්ඨාශයගේ මව් ග්රහලෝකේ තමා මේ Leitner කියන්නේ.
44. Lemista
Lemista කියන්නේ Lem ලාගේ Home Planet එක එහෙමත් නැත්නම් මව් ග්රහලෝකය...
45. Lumin
Lumin කියන්නේ Charter කියන Confederation (ඒකාබද්ද සමූහයක්) එකේ කොටසක්. තව මේ Lumin කියන්නේ Luminas ලාගේ මව් ග්රහලෝකය.
46. Maklu IV
Maklu IV කියන්නෙත් මාහා මැගලන් වලාව තුළ පිහිටලා තියෙන ග්රහලෝකයක්. ඒ වගේම තමා මේ Maklu IV කියන්නේ Makluans ලාගේ මව් ග්රහලෝකය.
47. Maarin
මේ Maarin කියන ග්රහලෝකය තුළ ජීවත් වුණු සියල්ලෝම පාහේ දරුණු වයිරසයක් නිසාවෙන් මිය යනවා.
48. Majesdane
Majesdane කියන්නේ Majesdanians ලා ජීවත් වෙන ඔවුන්ගේ මව් ග්රහලෝකය. ඒක පිහිටලා තියෙන්නේ ධවල වාමන තරුවක කොරෝනාවටත් (තරුවක් ස්ථර වලින් එකක්) ඇතුලින්. මේ ග්රහලෝකය තුළ උෂ්නත්වය කෙල්වින් අංශක 50,000 කටත් වැඩියි. ගුරුත්ව ත්ත්වය බැලුවොත් ඒක අපේ පෘථිවියට වඩා 300,000 ගුණයකටත් වඩා වැඩියි. පිටුවහල් කරපු Frank Dean සහ Leslie කියන අය මෙහෙ තමා ඉන්නේ. මේ Majesdanians ලව නැවත නම් කරලා තියෙනවා Gibborim නමින්. මෙයාලට පෘථිවියේ වායුගෝලය හමුවේ නොමැරී ඉන්න, මිනිස්සුන්ව Posses කරන්න පුළුවන්.
49. Marven
Marven කියන්නේ Marvenites කියන කට්ටියගේ මව් ග්රහලෝකය.
50. Maveth
Maveth ග්රහලෝකය Agents Of S.H.E.I.L.D එකෙන් Feature වුනු තවත් ග්රහලෝකයක්. පෘථිවියෙන් ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් තමා මේ Marven පිහිටලා තියෙන්නේ. මේ ග්රහලෝකයේ කලින් ඉතා දියුණුමට්ටමේ ජනවාස බිහිවෙලා තිබ්බත් පෘථිවියෙන් පිටුවල් කෙරුණු Hive කියන Inhuman ඒ මුළු Civilization එකම විනාශ කරලා
දානවා.
51. Mercury
Mercury කියන්නේ ඉතින් අපේ බුද ග්රහයට නේ. "Niki" ඉපදිලා තියෙන්නේ 21 වන ශතවර්ෂයේදී Mercury වලදි.
52. Mobius
Xeron-The Star Slayer ගේ නිවහන ව ඇත්තේ මේ Mobius නමින් හදුන්වන ග්රහලොවයි.
53. Moord
Capella පද්දතියට අයත් Lamora කියන තාරකා පද්දතියේ ඇතුළේ පිහිටලා තියෙන ග්රහලෝකයක් තමා මේ Moord කියන්නේ. badoon කියන ජීවී කොට්ඨාශයගේ වාසස්ථානය තමා මේ Moord කියන ග්රහලෝකය.
54. Morag
අපිට මේ Morag කියන ග්රහලෝකය නම් Gardians Of The Galaxy වගේම Avengers: Endgame සිනමාපට වලිනුත් දැක ගන්න පුළුවන් වුනා. Power Stone එක තිබ්බේ මේ Morag වල කියලා අපි හැමෝම දැක්කා නේ. දැං මෙහෙම තිබ්බට කලින් මේ ලෝකේ දියුණු ශිෂ්ටාචාරයක් පැවතිලා තියෙනවා. නමුත් කවුරුත් නොදන්නා අයුරකින් එය විනාශ වෙලා. කොහොම වුනත් Comic වලදි නම් Morag කියන්නේ Hala වල Leader කෙනෙක්.
55. Muspelheim
මේ Muspelheim කියන්නේ Relm නවයෙන් එකක්. මේ ග්රහලෝකය තමා Suture එහෙමත් නැත්නම් Thor Ragnarok එකේදී දේව යුද්ධය (Ragnarok) ගැන අනාවැකිය කියලා අන්තිමට Asgard එකමයි Hela වයි විනාශ කරන Fire Giant හේ නිවහන.
56. Naro-Atzia
Cryo-Freeze Chambers හදන්නේ මේ ග්රහලෝකෙදි තමා. Cryo-Freeze Chambers කියන්නේ ඉතා දිගු අන්තර් තාරීය ගමන් වලදි ශිෂිරතරණය කරන්න යොදාගන්න කුටීර වලට. මේ ග්රහලෝකයත් Agents Of S.H.E.I.L.D කතා මාලාවෙදි Feature වුණු ග්රහලෝකයක්.
57. New Xnath
New Xnath කියන්නේ Xnathas ලාගේ අලුත් නිවහන තමා මේ මේ New Xnath කියන්නේ මොකද මෙයාලාගේ මුල් මව් ග්රහලෝකය වෙච්ච Xnath කියන ග්රහලෝකය විනාශ වෙනවා.
58. Nidavellir
මේ ග්රහලෝකය ගැන නම් ගොඩක් අය දන්නවත් ඇති මොකද මේක තමා අපිට අර Avengers: Infinity War එකේදි හෙම හම්බවුණු, Thor අර Stormbreaker එක හදාගන්න යන ග්රහලෝකය. මේකේ ඉන්නවා Dwarf ලා එහෙමත් නැත්තන් කුරුමිට්ටන්. මෙයාලාගේ නායකයා තමා Eitri කියන්නේ. අපි හැමෝම Eitri ව දැක්කානේ Avengers: Infinity War එකේදි. Nidavellir කියන්නේ බහු වළලුමය ඒකකයක් සහිත නියුට්රෝන තාරකාවක්. Eitri ඇතුළු Dwarf ලා තමා නේ Infinity Gauntlent එක සහ Mijolnir එක හෙම සාදන්නේ. ඒත් Thanos මේ Dwarf ලා 299 ක් මරලා Eitri ව විතරයි නේ ඉතුරු කරන්නේ.
59. Niffleheim
Niffleheim කියන්නෙත් ඉතින් Relm නවයෙන් එකක්ම තමා. Hela ව කලින් හිර කරලා තියෙන්නේ මේ Niffleheim වල තමයි නේ... විශ්වයේ පහත්ම තැනක පිහිටන සීතල,කටුක අපායක් වගේ ලෝකයක් තමා ඉතින් මේක කෙටියෙන් කියනවා නම්.
60. Nix
Nix කියන්නේ ප්රධාන Relm නවයට පිටතින් පිහිටන පොඩි ග්රහලෝකයක්.
61. Nornheim
Nornheim කියන්නෙත් ප්රධාන Relm නවයෙන් පිටතින් පිහිටන ග්රහලෝකයක්. Asgardian Dimension එක ගත්තොත් එහි සිටින සුපිරිම මායා හැකියාවන් තියන Karnilla ඉන්නෙත් මේ ග්රහලෝකේම තමයි.
62. O'erlanii
O'erlanii කියන්නේ A'askvarii කියන කට්ටියගේ මව් ග්රහලෝකය. කොහොමවුනත් Gardians Of The Galaxy vol2 එකේදී මේ ග්රහලෝකේ නම A'askvariia කියලා වෙනස් කරනවා.
63. Oorga
Oorga කියන්නේ Aakons ලාගේ මව් ග්රහලෝකෙට. මේකේ නම වෙනස් වෙනවා Aakon ලෙසට Gardians Of The Galaxy Vol2 එකේදි.
64. Paramatar
මේ ග්රහලෝකේ ක්රියා කරනවා අභ්යවකාශ ගමන් සදහා නිකන් තොටුපළක්,අතරමැදි ස්ථානයක් වගේ.
65. Planet 0259-S
Planet 0259-S කියන ග්රහලෝකය "The Garden" ලෙසත් හදුන්වා. Thanos විශ්වයෙන් බාගයක් විනාශ කරලා දාල Planet 0259-S වලට තමා Farm එකක් හෙම හදාගෙන යන්නේ Rest කරන්න. අපි හැමෝම මේ ග්රහලෝකය දැක්කානේ Avengers: Endgame එකේදී. Thanos Stones ටික විනාශ කරලා සුප් එකක් හද හද ඉන්නේ මෙහෙදි තමා... 😅. කොහෙද Thor කපලා දානවනේ...
66. Pluto
Pluto ඉතින් සෞරග්රහ මණ්ඩලය ඇත්ළේ තියෙන වාමන ග්රහලෝකයක් කියලා අපි දන්නවානේ. මේ Pluto වලදි තමා Martinex ඉපදෙන්නේ.
67. Power Planet 4
මේ Power Planet 4 කියන ග්රහලෝකය Rigel කියන තරුවට ලගින් තමා පිහිටලා තමා තියෙන්නේ. ඔරායන් නිහාරිකාව තුළ තමා මේ Power Planet 4 පිහිටලා තියෙන්නේ.
68. Pruxius IX
Pruxius IX වල ස්වාභාවya ගැන පැහැදිලි කිරීමක් නෑ. ඝන ග්රහලෝකයක් වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්තං අපේ බ්රහස්පති වගේ වායු යෝධ ග්රහයෙක් වෙන්නත් පුලුවන්. "Tomb Clouds Of Pruxius" මේ ග්රහලෝකේ පාවෙමින් තියෙනවා දැක ගන්න පුළුවන්.
69. Pyree
Pyree කියන්නේ චන්ද්රයින් කිහිපයක් තියෙන Agents Of S.H.E.I.L.D කතා මාලාවෙදි Mention වුණු ග්රහලෝකයක්.
70. Quon
Quon කියලා කියන්නෙ Qones ලාගේ මව් ග්රහලෝකයට.
71. R'Makl'Z
R'Makl'Z ගැන කියන්න වැඩි දෙයක් නෑ. මේ R'Makl'Z තමා R'Makl'i ලාගේ මව් ග්රහලෝකය.
72. Ria
පොඩි වෙලාවකට මේ Ria කියන ග්රහලෝකය Gardians Of The Galaxy Vol2 එකේදිත් පෙන්නලා දීලා තියෙනවා. මේ ග්රහලෝකේ ඉන්නේ Stonemen ලා අර Korg ව හැමෝටම මතක ඇති නේ. Thor Ragnarok එකෙයි Endgame එකෙයි ඉන්නවා දැක්ක ලොකු ගල් වලින් වගේ හැදුනු ඩෑල් එක මේ ග්රහලෝකේ ඉදන් ආපු පොරක් තමා.
73. Ryas
Druffs ලාගේ මව් ග්රහලෝකය තමා අපි Ryas කියලා හදුන්වන්නේ. මේ ග්රහලෝකය තමන්ගේ මව් තාරකාව වන Psori වටා හතර වෙනි ස්ථානයේ තමා කක්ෂගත වෙලා තියෙන්නේ.
74. Sakaar
Thor Ragnarok එකේදි අපි මේ ග්රහලෝකය දැක්කානේ. Planet Hulk කියවලා තියෙන අය නම් Sakaar ගැන හොදට දන්නවා ඇති. මොකද Planet Hulk ස්ටෝරි ලයින් එකේ ප්රධානම වැදගත්ම අංගයක් මේ Sakaar ග්රහලෝකේ. මේ ග්රහලෝකේ ජීවත් වෙන අයව නම් කරලා තියෙන්නේ Sakaarians කියන නමින්. මේ ග්රහලෝකේ Mentioned වෙලා,පෙන්නලා තියේ,
Superhero Squad
Hulk And The Agents Of S.M.A.S.H
Thor Ragnarok
Lego Marvel Super heroes 2
කියන Shows වලදි...
75. Saturn
Saturn ඉතින් Marvel Comic වලදී Celestials ලාගේ Home Base එකක්. මේක අපිට වැදගත් වෙනවා මොකද මේකේ උපග්රහයෙක් නේ Titan කියන්නේ. සීඝ්ර ජනගහන වර්ධනය නිසා විනාශ වෙලා ගිය Thanos ගේ මව් ග්රහලෝකේ තමා Titan කියන්නේ.
76. Sirius III-IV
Sirius III-IV කියන්නේ ඒකාධිපති ආණ්ඩුවක් මගින් පාලනය වෙන ග්රහලෝකයක්.
77. Skrullos
නම අහපු ගමන් ටිකක් මතක් වෙන්න ඇති නේ Skrullos කියන්නේ Skrulls ලගේ Origin එක සිද්ධ වුණු ග්රහලෝකය. Captain Marel Film එකේදී Kree ලගේ විනාශකාරී ක්රියාකලාපය නිසා මේ Skrulls ලට මෙහෙන් යන්න වෙනවනේ.
78. Sovereign
Sovereign කියන්නේ Sovereign ලාගේ මව් ග්රහලෝකය. Gardians Of The Galaxy එකේදි අපි දැකපු අයේශා (අර රත්තරං පාට... Gardians ලාට වැඩක් හෙම දෙන්නේ) ඇතුලු ඔවුන්ගේ ජීවී කොට්ඨාශය මේ ග්රහලෝකෙ තමා ඉන්නේ. මෙයාලා සහ Adam Warlock ගේ Cacoon එක හෙම අපි දැක්කානේ Gardians Of The Galaxy Vol2 එකේදී.
79. SsZardil
SsZardil කියන ග්රහලෝකය තමා Reptoids කියන ජීවීන් Race එකේ මව් ග්රහලෝකය.
80. Stent
Stenth ලාගේ මව් ග්රහලෝකය තමා අපි Stent කියන නමින් හදුන්වන්නේ.
81. Stonus I-V
Stonians ලාගේ මව් ග්රහලෝකය තමා Stonus I-V කියලා හදුන්වන්නේ.
82. Strontia
Strontia යනු Sagittarius සහ Centures තාරකා පද්දතීන් ආසන්නයේ පිහිටා ඇති ග්රහලෝකයක්. Strontia ග්රහලෝකේ තමා Strontians ලා සහ Gladiator සිටින්නේ.
83. Swartalfheim
Swartalfheim කියන්නේ Marvel විශ්වයේ තියෙන Asgard වලට අයිති Relm නවයෙන් එකක්. Thor: The Dark World එකේදි අපි දැක්ක Dark Elves ලාගේ මව් ග්රහලෝකෙට තමා Swartalfheim කියන්නේ. Dark Elves ලා සහ Melekith තමා Thor: The Dark World එකේදී Either (Reality Stone) එක ගන්න හදන්නේ.
84. Taa
Galactus කියන්නේ අපේ Universe එකට කලින් Universe එකේ හිටපු Explorer කෙනෙක් විදියට ජීවිතේ ගෙවපු කෙනෙක් නේ. ඉතින් ඔහුගේ ඒ කාලේ මව් ග්රහලෝකයට තමා Taa කියන්නේ.
85. Tarnax IV
තමන්ගේ මව් ග්රහලෝකය විනාශ වුනාට පස්සේ Skrulls ලා තෝර ගන්නේ මේ ග්රහලෝකය තමා තමන්ගේ නව ග්රහලෝකය විදියට. මේ ග්රහලෝකය Throneworld කියලත් නම් කරනවා. ඒ කොහොම වුනත් මේ ග්රහලෝකය Galactus අතින් විනාශ වෙනවා.
86. Taur
Taurus මන්දාකිණිය තුළ පිහිටලා තියෙන ග්රහලෝකයක් තමා Taur යන නමින් හදුන්වන්නේ. මේ ග්රහලෝකයේ ජීවත් වන අය Taurians කියන නමින් නම් කරලා තියෙනවා. කොහොම වුනත් මේ ග්රහලෝකයත් Galactus අතින් විනාශ වෙනවා.
87. Tayp
Kormuk තාරකා පද්දතිය තුළ පිහිටලා තියෙන ග්රහලෝකයක් තමා Tayp යන නමින් හදුන්වන්නේ. මේක උභයජීවී ජීවී කාණ්ඩයකට නිවහන වෙනවා.
88. Tekton
Tekton කියන්නේ Teknos නමින් හදුන්වන්නන් ජීවත් වන ඔවුන්ගේ මව් ග්රහලෝකය.
89. Terma
Gardian Of The Galaxy Vol2 එකේදි Mention වුණු ග්රහලෝක අතරින් එකක් තමා Terma කියන්නේ. Universal Neural Teleportation System (විශ්වීය ස්නායුක Teleporting පද්දතිය) එකක් හරහා මේ ග්රහලෝකයට පහසුවෙන්ම යන්න පුළුවන්. හදුනාගත් උප ග්රහයින් තුන් දෙනෙකුත් මේ ග්රහලෝකයට තියෙනවා.
90. The World
The World කියන්නේ අතිශයින් ම කටුක වටපිටාවක් සහිත හිස් ග්රහලෝකයක්. මේක අනික් චක්රාවාට වලට කොච්චර ඈතින්ද තියෙන්නේ කියනවා නම් ඒවා සියල්ලම තනි තිතක් වගේ තමා මේ ග්රහලෝකයේ ඉදන් බලන කෙනෙක්ට පේන්නේ. පළවෙනියට බිහි වුණු ග්රහලොව විදියටත් මේක සලකනවා. මේ ග්රහලෝකේ කිසිම ජීවයක් නෑ... කාලයත් සමග ඉතිරි උනේ මේ ග්රහලෝකයේ තියෙන M'Kraan Crystal එක විතරයි.
91. Timor
Ch'od ලාගේ Home Planet එක එහෙමත් නැත්තන් මව් ග්රහලෝකය තමා Timor කියලා හදුන්වන්නේ.
92. Torfa
Torfa කියන ග්රහලෝකය කියන්නේ අධික විෂ සහිත වායුගෝලයක් හිමි ග්රහලෝකයක්. ඒ ග්රහලෝකයට එහෙම වෙලා තියෙන්නේ Vibranium සදහා කළ කැනීම් නිසා. Captain Marvel Film එකේදී මේ ග්රහලෝකය Kree ලාගේ බලප්රදේශ මායිමේ තමා පිහිටලා තියෙන්නේ. Captain Marvel Film එකෙව්දී Skrulls ලා සහ Kree ලා අතර සිද්ද වෙන ගැටුම සිදු වෙන්නේ මේ Torfa වලදි. Kree ලා එන්නේ එයාලගේ රහස් ඔත්තුකරුවෙක් හොයා ගෙන නේ. ඒත් අන්තිමට හෙළි වෙලා ඒ ඉන්නෙත් Skrull කෙනෙක් කියලා හෙම වෙන සීන් ටිකෙන් නේ Film එක පටන් ගන්නේ.
93. Trinawa
Trinawa කියන ග්රහලෝකය Agents Of S.H.I.E.L.D කතා මාලාවෙදිත් Mention වෙලා තියෙනවා. මේ ග්රහලෝකයේ මතුපිට අති විශාල ඔක්සිජන් සාගර වලින් පිරිලයි තියෙන්නේ.
94. Tsorcherhi
Shiar වල Ella තාරකා පද්දතිය තුළ පිහිටලා තියන ග්රහලෝකයක් තමයි Tsorcherhi කියලා හදුන්වන්නේ.
95. Tun
S'Vihn-Hoont කියන තාරකා පද්දතිය තුළ තමා මේ Tun කියන ග්රහලෝකය පිහිටලා තියෙන්නේ. 'Ring Nebulae M-57' කියන චක්රාවාටය වටා තමා මෙය ගමන් ගන්නේ. Axi-Tun කියන කට්ටියගේ මව් ග්රහලෝකය තමා මේ Tun ග්රහලොව.
96. Uranus
අපේ සූර්යයාගේ ඉදන් 8 වෙනියට පිහිටන වායුමය-අයිස් ග්රහලෝකේනේ ඉතින් Uranus කියන්නේ. Marvel Comics වලදී Uranus කියන්නේ Kree ලගේ Outpost (මුරපොළක් වගේ) එකක්.
97. Vanaheim
Vanaheim කියන්නේ Asgard වල Relm නවයෙන් එකක් වන ග්රහලෝකයක්. Vanir ලාගේ මව් ග්රහලෝකයත් මේ Vanaheim ම තමා. මෙයාලව "Wise Gods Of Old" කියලත් හදුන්වනවා. Thor:The Dark World Film එකේදී Hogun ඇතුළු Vanir ලාගේ නිවහනත් මේ Vanaheim ම තමා.
98. Vega Superior
Vega Superior කියන්නේ Vagen තාරකා පද්දතියේ Agents (Agents Of Vegan) ලාගේ ග්රහලෝකයට.
99. Vomir
Vomirians ලගේ මව් ග්රහලෝව තමා Vomir කියන්නේ. Vomir ග්රහලෝකය අපිට Avengers: Infinity War එකේදී Thanos Soul Stone එක ගන්න යද්දිත්, Clint,Natasha දෙන්නා Soul Stone එක ගන්න යද්දිත් දැක්කා නේ 😥. Soul Stone එකට යන අයට Red Skull මග පෙන්වනවා.
100. Vrellnex
Vrellnexians ලාගේ මව් ග්රහලෝකය තමා අඔඉ Vrellnex කියන් නමින් හදුන්වන්නේ.
101. Wilamean
Wilamean කියන ග්රහලෝකය තමා Wilameanis කියන ජීවීන් කොට්ඨාශය ගේ මව් ග්රහලෝකය.
102. Woblar
Wobb කියලා හදුන්වන කට්ටිය ජීවත් වෙන ඔවුන්ගේ ග්රහලෝකය තමා Woblar කියන නමින් නම් කරලා තියෙන්නේ.
103. Wraith World
Wraith World කියන්නේ Dark Nebula හි Black Sun වටා යන Dire Wraiths ලාගේ මව් ග්රහලෝකයටයි.
104. Wandagore II
අපිට පෙනෙන දීප්තිමත් ම තරුව වන, සූර්යා මෙන් දහස් ගුණයක් විශාල Sirius වටා කක්ෂගත වෙලා තියෙන ග්රහලෝකයක් තමා මේ Wandagore II කියන්නේ. ඇත්තටම Wandagore කියන්නේ නැගෙනහිර යුරෝපයේ තියෙන කන්දක නමක්.
105. X
මේ ග්රහලොව Taluhnia කියලත් හදුන්වනවා. Groot වගේ ශාකමය Sentient arboroforms ලා ජීවත් වෙන ග්රහලෝකයක් තමා මේ "X".
106. Xandar
Xandar ග්රහලෝකය නම් අපිට කලින් හම්බවෙලා තියෙයි නේ Gardians Of The Galaxy Film එකෙන්. Nova Corps ලාගේ මූලස්ථානය පිහිටලා තියෙන්නේ මේ Xandar කියන ග්රහලෝකේ නේ. Power Stone එක මෙතන ආරක්ෂාවට තියල තිබ්බත් Avengers: Infinity War Film එකේ මුල්දිම Thanos ට Power Stone එක තිබ්බ නිසා Nova Corps ලාගෙන් Thanos Xandar ග්රහලෝකේම වනසලා ගත්තා කියලා හිතාගන්න පුලුවන්.
107. Xanth
X කියලත් මේ ග්රහලෝකය හදුන්වනවා. Xanthas ලාගේ මව් ග්රහලෝකය වෙන්නෙත් මේ Xanth ග්රහලෝකය. කොහොමහරි මේ ග්රහලෝකය ග්රාහක ඝට්ටනයක් නිසා විනාශ වෙලා යනවා.
108. Zen-Whoberi
ලා කොළ පැහැති සමක් තියෙන Zehoberi ලා ගේ මව් ග්රහලෝකය තමා Zen-Whoberi කියන්නේ. Gamora ත් Zehnoberi කෙනෙක්. ඒත් ඒ ග්රහලෝකේ ට කඩා පනින Thanos ග්රහලෝකයෙන් බාගයක් ම සමූල ඝාථනය කරලා Gamora වත් අරගෙන යනවා නේ.
109. Zenn-La
Zenn-La කියන්නේ Zenn Lavians ලාගේ මව් ග්රගලෝකේ. අපි කවුරුත් දන්න Silver Surfer ගේ මව් ග්රහලෝකය වෙන්නෙත් මේ Zenn-La කියන ග්රහලෝකය.
110. Titan කියන්නේ Mad Titan එහෙමත් නැත්තන් Thanos ගේ මව් ග්රහලෝකය. කලින් ඒ ලෝකේ Titans ලා ජීවත් උනත් අධික ජනගහනය නිසාම මුළු ග්රහලෝකෙම විනාශ වෙලා කාන්තාරීකරණය වෙනවා. මේ කතාව Thanos Avengers ලටයි Gardians ලටයි Avengers: Infinity War එකේදි කියනවා.
_____________________________________
ඔන්න Planets 110 ක් ගැනම දැම්මා. එකක් දෙකක් මිස් වුනත් මෙතන අපිට වැදගත් බොහෝ Planets ගැන දැම්මා.
_____________________________________
Hope You Enjoyed The Post! 😋
_____________________________________
#SLMFU
_____________________________________
#DILSHAN
_____________________________________
© To the Original Sites
_____________________________________

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List