Howard the DUCK


Howard the Duck කියන්නෙ Earth-791021 universeඑකේ Duckworld කියලා හඳුන්වන planetඑකක ඉඳපු ජීවියෙක්. මේ අය පෘථිවියෙ ඉන්න තාරාවන්ගෙ පෙනුමට සමාන, ඒත් මිනිස්සු වගේම බුද්ධිමත් ජීවින් වර්ගයක්. Howard මේ අය අතරින් ගොඩක්ම බුද්ධිමත් සහ දක්ෂ කෙනෙක්.
Thog the Nether-Spawn කියන demonගෙ magic powers නිසා howardව තමන්ගෙ home dimensionඑකෙන් වැනිෂ් වෙලා Earth-616 ෆ්ලොරිඩාවලට වැටෙනව. ඒ වගේම Nexus of All Realities හරහා ආපහු තමන්ගෙ විශ්වයට යන්නත් howardට පුළුවන් වෙනවා. (nexus of all realities කියන්නෙ floridaවල පිහිටලා තියෙන multiverse එකටම access කරන්න පුළුවන් inter-dimensional gatewayඑකක්.(සිංහලෙන් කියන්න නමක් හිතාගන්න බෑ😅))මේකෙ ආරක්ෂකයා තමයි man-thing.) පස්සෙ කාලෙදි howard විවිධ universeවලට ගිහින් වැඩ කරලා තියෙනවා.
cab driverකෙනෙක්, ළමයි බලාගන්න කෙනෙක්, video store clerkකෙනෙක්, computer salesmanකෙනෙක්, නළුවෙක්, ගායකයෙක්, Private Investigater කෙනෙක්, A.R.M.O.R agent කෙනෙක් විදිහට, Defenders, Fearsome Four, Circus of Crime, guardians-of-the-galaxy කණ්ඩායම් සාමාජිකයෙක් විදිහට සහ Man-Thing, Korrek the Barbarian, She-Hulk, Spider-Man, එක්කත් වැඩ කරලා තියෙනවා.

• මලල ක්රීඩකයෙක් වගේ කායික හැකියාවක්, වගේම doctor strange යටතේ mystic arts සහ තමන්ගෙ ජාතියෙම කෙනෙක්ගෙන් martial arts ඉගෙනගෙන තියෙනවා. ඒවගේම ඉතාමත් වේගයෙන් දේවල් ඉගෙනගන්න howardට පුළුවන්. Duckworld එකේ බුද්ධිමත්ම පුද්ගලයා වෙන්නෙත් howard.

• Big Freaking Gun (BFG) කියලා හඳුන්වන ගොඩක් powerful gunඑකක් howardට තියෙනවා.

• Comicsවලදි වගේම Howard the duck :1986, Guardians of the galaxy, Guardians of the galaxy vol.2 , Avengers Endgame moviesවලිනුත් Howardව දැකගන්න පුළුවන්.

© Shane Perera 

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List