PLANETS IN THE MARVEL UNIVERSE (Part I)


මේක විස්තරයක් නම් නෙවේ... Marvel Universe එකේ තියෙන Planets 40 ක්. හැම එකටම පොඩි හැදින්වීමක් දීලා තියේ... ඉතුරු ටික Part II එකෙන්.

1-40
------------

1. A-Chiltar III

ගොඩක් වගුරු බිම් තියෙන ග්රහලෝකයක්. ග්රහලෝකෙන් සීයට 60ක් වගේ වැහිලා තියෙන්නේ වගුරුබිම් වලින්. අධික මීත්තේන් ප්රතිශතයක් තියෙන ග්රහලෝකයක්. A-Chitarians ලගේ මව් ග්රහලෝකේ තමා මේක.

2. Aedi

Aedi කියන්නේ Aedians ලගේ මව් ග්රහලෝකේ. මේ ග්රහලෝකෙන් විකිරණශීලී ලෝපස් වර්ගයක් හොයගන්න පුළුවන්. Hlavic කියන වයිරස් එකට ප්රතිකාරකයක් විදියට මේවා යොදාගන්න පුළුවන්.

3. Alfheim

මේක ගැන කියන්න වැඩි දෙයක් නැතත් අපිට Thor 2 එකේ හෙම හම්බවෙන Relm නවයෙන් එකක් Light Elves ලගේ මව් ග්රහලෝකේ තමා Alfheim කියන්නේ.

4. Alpha Century

Centures කියන තාරකා මණ්ඩලයට තමා Alpha Century අයත් වෙන්නේ. අපිට ලගින්ම තියෙන ත්රිත්ව තාරකා පද්දතියක් නේ Alpha Century කියන්නේ. අපි කවුරුත් දන්න Yondu එන්නේ මේ ග්රහලෝකේ ඉදලා.

5. Archeopia

Archeopia කියන්නේ Archeopians ලාගේ මව් ග්රහලෝකේ. Galactus විසින් මේ ග්රහලෝකේ විනාශ කරලා දානවා.

6. Asgard

හදුන්වලා දෙන්න දෙයක් නෑනේ ඉතින් Thor ගේ Planet එක තමා. Relm නවයෙන් එකක්. Asgard වල තියෙන Bifrost පාලමේන් Relm නවයෙන් ඕනෙම ඒකකට ගියහැකි. Marvel Universe එකේ God ලගේ Planet එක තමා.

7. Berhart

Berhart කියන්නේ Sagittarians ලාගේ මව් ග්රහලෝකය. මේක පොඩිවට Gardians Of The Galaxy vol2 එකේදි බලාගන්න පුළුවන් වුනා.

8. Biphasia

Biphasia කියන්නේ Bhipasians කියන කට්ටියගේ මව් ග්රහලෝකය. මේ ග්රහලෝකයේ අලෝකමත් පැතිකඩක් වගේම අදුරු පැතිකඩකුත් තියෙනවා.

9. Birj

Birj කියන්නේ Marman කියන වායු යෝධ ග්රහලෝකයට (අපේ බ්රහස්පති වගේ) අයත් 6 වැනි චන්ද්රියා. මේ Biej කියන ග්රහලෝකය Birjans ලගේ මව් ග්රහලෝකය විදියටත් හදුන්වන්න පුළුවන්.

10. Black World

Black World කියන්නේ න්යෂ්ටික පිපිරීමක් නිසා විනාශ වුණු, Regellians කියන කට්ටියගේ මව් ග්රහලෝකය. මේක වෙනම අන්තර් මානයක පිහිටන ග්රහලෝකයක්.

11. Broi

Broi කියන්නේ Tsiln කියලා ජීවී කොට්ඨාශයකට මව් ග්රහලෝකය වෙච්ච ග්රහලොවක්. ඒක පිහිටලා තියෙන්නේ තමන්ගේ මව් තාරකාවේ ඉදලා දෙවනි ස්ථානයේ.

12. D'Rill

D'Rill කියන ග්රහලෝකය ගැනත් Agents Of S.H.I.E.L.D බලපු අය දන්නවා ඇති. මේ D'Rill කියන්නේ D'Rillians ලාගේ මව් ග්රහලෝකයයි.

13. Dakkam

Dakkam කියන්නේ Beta Rigel කියන තාරකා මණ්ඩලය ඇතුළේ පිහිටලා තියෙන ග්රහලෝකයක්. Dakkamites ලා ජීවත් වෙන්නෙත් මේ අපේ ක්ෂීරපථ මන්දාකිණිය ඇතුළෙම පිහිටලා තියෙන Dakkam කියන ග්රහලෝකය ඇතුළේ.

14. Deo

Deo කියන්නේ Denebola කියන තාරකාව වටා කක්ෂගත වෙලා තියෙන ග්රහලෝකයක්. මේ Deo ග්රහලෝකය තුළ තමා Deonists කියන කට්ටිය ජීවත් වෙන්නේ.

15. Dervani

අහස දක්වාම විහිදුණු ගස් වගේ ව්යූහ කොට්ඨාශයකින් වැහුණු අමුතුම ග්රහලෝකයක් තමා Dervani කියන්නේ. මේ ගස් වගේ ව්යූහ ඉතා විශාල ප්රමාණ දක්වා විහිදිලා තියෙනවා.

16. Drez-Lar

Drez-Lar කියන්නේ මහා මැගලන් වලාව (Large Magellanic Cloud) තුළ පිහිටලා තියෙන Kree Empire එකට එහෙමත් නැත්නම් Kree ලගේ අධිරාජ්යයට අයත් ග්රහලෝකයක්.

17. Chronica-2

Agents Of S.H.E.I.L.D බලපු අය ටිකක් මේ ගැන දන්නවා ඇති. Shrike කියන ජීවීන් කොට්ඨාශය මේ ග්රහලෝකේ විනශ කරන්න කලින් මේක Chronicoms කියන ජීවීන් කොට්ඨාශයගේ මව් ග්රහලෝකේ විදියට තමා තිබ්බේ. Sygnus කියන තාරකා මණ්ඩලයේ තමා මේක තියෙන්නේ.

18. Conjunction

Conjunction කියන්නේ කාන්තාරීකරණය වුණු ග්‍රහලෝකයක්. මන්දාකිණියේ ටිකක් අප්‍රසිද්ධ කොටසක තමා මේ Conjunction කියන ග්‍රහලෝකේ තියෙන්නේ. තාක්ෂණික උපකරණ වගේ දේවල් විකුණන Black Market එකක් වගේ තමා මේ Place එක.

19. Contraxia

Elidra කියන තාරකා පද්දතිය තුළ පිහිටලා තියෙන ග්‍රහලෝකයක් තමා මේ Contraxia කියන්නේ. අපේ ක්ෂීරපථ මන්දාකිණිය ඇතුළෙම තමා තියෙන්නේ. මේක ඇවිල්ලා Contraxians ලාගේ මව් ග්‍රහලෝකේ. Gardians Of The Galaxy vol2 එකේ නම් හැබැයි මේක පෙන්නන්නේ Yondu ගෙයි Raveges ලගේයි Home planet එක විදියට.

20. Counter-Earth

Counter-Earth කියන එකේ තියෙන්නේ ප්‍රති-පෘථිවිය වගේ අර්ථ‍යක්. අපේ පෘථිවියේම Duplicate එකක්. ඒ වුනාට වෙනස්කම් ගොඩක් තියේ. මුලින්ම Counter-Earth එක නිර්මාණය වෙන්නේ High-Evolutionary අතින්. කොහොම වුනත් මේක Beyonders ලා විසින් සෞරග්‍රහ මණ්ඩලයෙන්ම ඉවතට අරන් යනවා. ඊට පස්සේ Infinity Gauntlent එකෙන් විනාශ වෙනවා. ඊට පස්සේ නැවතත් Counter-Earth එකක් හදනවා Franklin Richards විසින්.

21. Cron

Cron කියන්නේ Autocrons කියන කට්ටියගේ මව් ග්‍රහලෝකය. මේක පිහිටලා තියෙන්නේ Betelgeus කියන තාරකා මණ්ඩලය ඇතුළේ.

22. Cyber

Cyber කියන්නේ කෙටියෙන් කියනවනම් Transformers එකේදියි Bumblebee එකේදි හෙම අපි දැකපු Cybertron ග්‍රහලෝකේ Marvel වර්ශන් එක.

23. Easik

Easik කියන්නේ ඒ ග්‍රහලෝකේම නම තියෙන Easik කියන ජීවීන් කොට්ඨාශයටම අයිති ඔවුන්ගේ මව් ග්‍රහලෝකය. මේ Easik ග්‍රහලෝක Gardians Of The Galaxy Vol2 එක හරියට බැලුවා නම් ඔයාලත් පොඩි වෙලාවකට දකින්න ඇති.

24. Ego The Living Planet

ග්‍රහලෝක කැටගරියට මෙතනදි දැම්ත් Ego කියන්නේ MCU එකේදි නම් Celestial කෙනෙක්. අර Gardians Of The Galaxy Vol2 එකේ ඉන්න Star-Lord කාරයගේ තාත්තා තමා මේ Ego. හැබැයි Comic වලදි නම් Ego කියන්නේ ග්‍රහලෝකයක් එක්ක එකතුවුනු Elder කෙනෙක්.

25. Elanis

Elanis කියන්නේ Beta Scorpii කියන තාරකා මණ්ඩලය ඇතුළේ කක්ෂගත වෙලා තියෙන ග්‍රහලෝකයක්. මේ Elanis කියන ග්‍රහලෝකය Elans ලා කියන ජීවීන් කොට්ඨාශයකගේ මව් ග්‍රහලෝකයකය.

26. Femizonia

Femizonia කියන්නේ වෙනත් Alternate Reality වල 23 ශත වර්ශයේ අපේම පෘථිවියට දීලා තියෙන නමක්. මේක ඇවිල්ලා නමටම හරියන Feminist ග්‍රහලෝකයක් 😅. මේ ග්‍රහලෝකය ජානමය තාක්ෂණයන් අතින් ඉතා ඉහළින් ඉන්න ග්‍රහලෝකයක්. ගැහැණු Warriors ලා පිරිමින්ව වහල්ලු වගේ යොදාගනිමින් ඉන්න අමුතුම ප්ලේස් එකක්. Savage She-Hulk,Thundra,Lyra වගේ කට්ටිය මේ ග්‍රහලෝකේ ඉදන් ආපු අය තමා.

27. Galdor

කියන්න තරම් දෙයක් නෑ. Galdor කියන්නේ ROM සහ Spaceknights ලාගේ ග්‍රහලෝකය.

28. Hala

Hala කියන්නේ Cotati ලගේ සහ Kree ලගේ මව් ග්‍රහලෝකය. Hala ගැන නම් අපි කවුරුත් ටිකක් දන්නවා. Captain Marvel හැමෝම බලන්න ඇති නේ... ඒකේ Kree ලගේ ග්‍රහලෝකය විදියට පෙන්නන්නේ මේ Hala කියන ග්‍රහලෝකය විදියට. Kree ලා විසින් දියත් කරපු මහා ජනසංහාරයකින් පස්සේ Cotati ලා මේ Hala වලින් වෙන ග්‍රහලෝකයන් වලට ඉවත් වෙනවා.

29. Half World

Half World කියන්නේ Keystone Quadrant එක ඇතුළත තියෙන ඉතා කුඩා ග්‍රහලෝකයක්. Gardians Of The Galaxy එකේදි අපිට හම්බ වෙන Rocket මේ ග්‍රහලෝකේ ඉදන් ආපු කෙනෙක්. නම වගේම තමා මේ ග්‍රහලෝකය පරිසර ස්වභාවයන් අනුව දෙකකට බෙදිලා තියෙන්නේ.

30. Harokin

Herokin කියන්නේ Asgardians ලා අතින් ආරක්ෂා වෙන ප්‍රධාන Relm නවයට පිටතින් පිහිටලා තියෙන ග්‍රහලෝකයක්.

31. Hb'Btt

Hb'Btt කියන්නේ අපේ ක්ෂීරපථ මන්දාකිණිය අතුළේ තියෙන පිහිටන ග්‍රහලෝකයක්. මේක Beta Lyrea කියන තාරකා පද්දතියේ හතරවෙනියට පිහිටලා තියෙන ග්‍රහලෝකය.

32. Huj

Huj කියන්නේ Hujah ලගේ මව් ග්‍රහලෝකය. මේ ග්‍රහලෝකය මේ තාරකා පද්දතියේ දාහත්වෙනි තැන කක්ෂගත වෙලා තියෙන ග්‍රහලෝකය.

33. Inaku

Inaku කියන්නේ ඒ ග්‍රහලෝකේ නම ම තිඋඑන Inaku කියන කට්ටියගේ මවු ග්‍රහලෝකේ. මේ ග්‍රහලෝකය විනාශ වෙනවා Unknown Event එක්කින් විනාශ වෙනවා. ඒකෙන් බිහි වෙන "Last Children" ලා පස්සේ "Weird World" එක තමන්ගේ නිවහන කර ගන්නවා.

34. Jötunheim

Jötunheim කීවම නම් අපි කව්රුත් දන්නවා. මේක තමා අපිට Thor ෆිල්ම් එකේදි දකින්න ලැබුණු Frost Giants ලාගේ මව් ග්‍රහලෝකේ. ඒකෙදි අපි දැන ගන්නවනේ Loki කියන්නේ Odin විසින් Jötunheim වලින් බේරගෙන ආපු පොඩි ළමයෙක් කියලා. Lufay ලගෙත් මව් ග්‍රහලෝකේ තමා මේක.

35. kallu

Kallu කියන්නේ ඒ තාරකා පද්දතියේ තුන්වෙනියට පිහිටලා තියෙන ග්‍රහලෝකය. මේකෙන් සීයට 74 ක් ම ජලයෙන් තමා පිරිලා තියෙන්නෙ. (බොහෝමයක් අයිස් ත්ත්වයේ). මේ ග්‍රහලෝකේ වායුගෝලයෙන් සීයට 47 ක් ම නයිට්‍රජන් වලින් පිරිලා තියෙන්නේ. සීයට 41 ක් ඔක්සිජන් වලින් පිරිලා. මේකේ ගුරුත්ව තත්වය පෘථිවියට ටිකක් සමානයි.

36. Kitson

Agents Of S.H.I.E.L.D බලපු අය දන්න තවත් ග්‍රහලෝකයක්. Casino,Strip Club වගේ දේවල් වලින් පිරිච්ච ග්‍රහලෝකයක්. මේකේ Sexual Business පාලනය වෙන්නේ Mister Kitson අතින්. මේ ග්‍රහලෝකේ නම හැදිලා තියෙන්නේ Agents Of S.H.I.E.L.D කතා මාලාවේ Writer කෙනෙක් සහ Assistant කෙනෙක් වෙච්ච George Kitson ගේ නමින්.

37. Korbin

Korbin කියන්නේ Beta Ray Bill ගේ සහ Korbinites ලගේ ග්‍රහලෝකේ. මේ ග්‍රහලෝකේ Beta Century වල බිහි වෙච්ච ග්‍රහලෝකයක්.

38. Kreelar

Krelar කියන්නේ කියන්නේ Kree ලාගේම ග්‍රහලෝකයක්. මේ ග්‍රහලෝකේ Colonal Yonn Rog,Captain Mar-Vell,Captain Atlas සහ Una කියන අයගේ Home Planet එකත් මේ Krelar ම තමා.

39. Krylor

Krylorians ලාගේ මව් ග්‍රහලෝකයම තමා Krylor කියලා හදුන්වන්නේ. Agents Of S.H.E.I.L.D Telivision Series එකේදිත් මේ Krylor කියන ග්‍රහලෝකය Mention වෙලා තියෙනවා.

40. Klyntar

Klyntar කියන්නේ Symbiotes ලා විසින් නිර්මාණය කරපු කෘතීම ග්‍රහලෝකයක්. මේ ග්‍රහලෝකයම තමා Knull ගේ Cage එක. Symbiotes ලාගේ බසින් Cage කියන එක පරිවර්තනය වෙන්නේ Klyntar කියන වචනයට. එහෙම තමා මේකට නම ලැබුනේ.

වෙලාවක් නැති නිසයි මෙහෙම පොඩ්ඩක් දැම්මේ නැත්තං ඔක්කම එක Post එක්කින් දානවා. තව Planets ටිකක් ගැන පස්සේ දාන්නම්.

___________________________________
Hope You Enjoyed The Post 😋
___________________________________
#Dilshan
___________________________________
#SLMFU
___________________________________

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List