Black Knight



ඉදිරියේදී නිකුත් වීමට නියමිත The Eternals චිත්රපටියේ Non Eternals character එකක් විදියට MCU first appearance එක ගන්ඩ යන Black Knight ගැන තමයි අද කතා කරන්ඩ යන්නේ Game of thrones හි " Jon Snow " චරිතයට රංගනයෙන් දායක උන Kit Harington තමයි The Eternals එකේ Black knight චරිතයට රංගනයෙන් දායක වෙන්න්නේ.
Black knight ගැන කතා කරනකොට Marvel history එකේ Black knight ලා තුන් දෙනෙක් ඉදලා තියනවා. මේ අයගෙන් Dane Whitman කියන කෙනා තමා වර්තමාන Black knight විදියට ඉන්නේ මෙයාට කලින් Sir Percy of Scandia සහ Nathan garrett කියන Black knights ලා දෙන්නා තමයි හිටියේ. Sir percy of scandia තමයි මේ අයගෙන් මුල්ම Black Knight විදියට එහෙමත් නැත්නම් Black knights ලගේ ආරම්බය විදියට තමයි මෙයාව හදුන්වන්නේ. Stan Lee සහ Joe Maneely ගේ නිර්මාන දායකත්වයෙන් 1955 මැයි මාසේ නිකුත් උන Black knight #1 කොමික් ඉශූ එකෙන් තමයි මේ Black knight කියන චරිතය Marvel comics වලට එකතු වෙන්නේ.
C.E හයවෙනි ශතවර්ශයේදී තමයි Black knight ගේ ආරම්බය සිද්ද වෙන්නේ. Sir percy කියන්නේ එවකට King Arthur ගේ Court members ලගෙන් කෙනෙක් වගේම මෙයාගේ තාත්තා Arthur ගේ තරුන කාලයේ ඉදන්ම හොද මිත්රයෙක්. Percy ගේ තාත්තා Percy කුඩාකාලයේදීම එයාගේ අම්මත් එක්ක Merlin ගේ උපදෙස් අනුව Camelot වල ඉදන් Scandia කියන ප්රදේශයට යනවා. Scandia වල තමයි කුඩා Percy හැදී වැඩෙන්නේ වගේම මෙහෙදී තමයි Percy තමන්ගේ Combat skills සහ Knight කෙනෙක් වෙන්ඩ අවශ්ය හැමදේම ඉගෙනගන්නේ. කොමහරි Percy ගේ දෙමාපියන්ගෙන් මරණයෙන් පස්සේ Merlin ආයෙත් Percy ව Camelot වලට ගෙන්වගන්නවා මෙතනින් පස්සේ Percy, Merlin ගේ Privet agent කෙනෙක් විදියට කටයුතු කරනවා වගේම මේ කාලෙදී තමයි මෙයා " Black Knight " කියන අන්වර්ත නම පාවිච්චි කරන්ඩ ගන්නේ.
කාලයත් එක්ක King Arthur ගේ illegitimate Son කෙනෙක් උන Mordred ගෙත් මෙයාගේ නැන්දනිය උන Morgan le Fay ගෙත් රාජ්ය පැහැරගැනීමේ කුමන්ත්රණ වලදී King Arthur ව මරන්ඩ එවපු Assassins ලා කන්ඩායමකින් Arthur ව බේරගන්ඩ Black knight සමත් වෙනවා. මේ සිදුවීමෙන් පස්සේ තමයි Black knight aka Sir Percy නිලවශයෙන් King Arthur ගේ Knight කෙනෙක් වෙන්නේ.
මේකෙන් පස්සේ Merlin මෙයව Pool of Blood කියන තැනට එක්කගෙන යනවා කාලකෙට කලින් පෘතුවියට කඩාගෙන වැටුන "ebony Starstone" කියන උල්කාවෙන් හදපු Weapons තියන තැනක් තමයි මේක. මෙතන්දී Merlin, Sir percy ට කැමති වෙපන් එකක් තෝරගන්න අවස්තාවක් හම්බෙනවා මෙතන්දී තමයි ,Black knights ලගේ ප්රසිද්දම වෙපන් එකක් වෙන Ebony Blade එක Sir percy තෝරගන්නේ. Sir percy , Ebony blade එක තෝරගත්තට පස්සේ මර්ලින් අනිත් ආයුද ටික විනාස කරලා දානවා. මෙතන ඉදන් විවිද අවස්තාවලදී සිද්ද උන Mordred ගේ කුමන්ත්රණ වලදිත්, Lady Rosamund ව අවස්තා කීපයකදීම Mordred විසින් පැහැරගැනීම් වලදිත් Sir percy , King Arthur ට ලොකු සහයෝගයක් දක්වලා තියනවා.
කොහොමහරි අන්තිමට Mordred විසින් පිටිපස්සේන් ඇනපු කඩු පාරකින් Sri Percy මිය යනවා. මෙයාගේ මරනයෙන් පස්සේ මෙයාගේ ආත්මය විසින් ඊලග Black knight වෙන්ඩ සුදුසු කෙනාවා තෝරාගැනීමක් සිද්ද වෙනවා ඔය විදියට තමයි මෙයාගෙන් පස්සේ ආපු Black knights ලට Sir percy ගේ දේවල් උරුම වෙන්නේ.
Sir Percy of scandia ගෙන් පස්සේ ඊලග Black knight වෙන්නේ Nathan garrett කියන කෙනා. marvel history එකේ පලවෙනි Villainous Black knight විදියට තමයි මෙයාව හදුන්වන්නේ. Stan Lee සහ Don Heck ගේ නිර්මාන දායකත්වයෙන් 1964 February මාසේ නිකුත් උන Tales of astonish #52 කොමික් ඉශූ එකෙන් තමයි Nathan garrett ව මුල්ම වතාවට Comic වලට හදුන්වලා දෙන්නේ. London වල උපත ලබන Nathan කියනේ අන්තර්ජාතික මට්ටමේ Research scientist කෙනෙක් වගේම Genetic manipulation specialist කෙනෙක්ද වෙනවා. Oxford විශ්වවිද්යාලයේ ආචාර්ය උපාදිය හදාරන Nathan පසුකාලීනව එහි ප්රොෆෙසර් කෙනෙක් විදියටත් කටයුතු කරනවා. කොහොමහරි පස්සේ කාලෙක මෙයා මෙතනින් ඉවත් වෙලා දේශපාලනය පැත්තට එනවා මෙතන්දා වාමාංශික සාමාජිකයෙක් වගේම රැඩිකල් කොමියුනිස්ට්වාදියෙක් වෙන Nathan පසුකාලීනව People's Republic of China හි Spy කෙනෙක් විදියට කටයුතු කරනවා.
Nathan garrett කියන්නේ Sir percy ගේ පරම්පරාවෙන් පැවතෙගන එන කෙනෙක්. දවසක Nathan යනවා මෙයාට පරම්පරාවෙන් උරුම උන Garrett castle එකට මෙතන තමයි Sir percy of scandia ගේ සිරුර එහෙමත් භූමිදානය කරලා තියෙන්නේ. කලින් කිව්වා වගේම මේ කාසල් එකේදී Sir percy ගේ ආත්මයි එහෙමත් නැත්නම් Sprite එක විසින් Nathan ව ඊලග Black knight විදියට තෝරගන්නවා හැබැයි මෙයා Ebony blade එක පාවිච්චියට නුසුදුසු කෙනෙක් බව තේරුම්ගන්න Sir percy මෙයාව Black knight තනතුරට පත් කරන එක ප්රතික්ශේප කරනවා.
මෙතනින් පස්සේ මෙයා යනවා ඇමරිකා වලට මෙහෙදී මෙයා සාමාන්ය Research scientist කෙනෙක් විදියට කටයුතු කරන ගමන්ම American government එකේ Scientific secret හැමදෙයම Chinese Government එකට සපයනවා මොකද මෙයා ඇමරිකා වලට ඇවිල්ලා තියෙන්නේ Communist China වල රහස් නියෝජිතයෙක් විදියට කොහොමහරි මෙයාගේ වැඩ Hank pym දැනගත්තට පස්සේ මෙය ගැන ඇමරිකන් ගවර්මන්ට් එක දැනුවත් කරනවා. මෙතන්දි Communist china intelligence එකේ උදව්වෙන් ව්යාජ ගමන් බලපත්රයකින් ඇමරිකන් වලින් පැනලා යන Nathan garrett මෙයාගේ Genetic manipulation දැනුම පාවිච්චි කරලා Elendil කියලා පියාඹන්ඩ පුලුවන් Mutated අශ්වයෙක්ව හදනවා වගේම මෙයාගේ Scientific දැනුම ආදාරයෙන් Powerful weapons කීපයකුත් නිශ්පාදනය කරගන්නවා ඒ වගේම Original black knight ගේ ආමර් එකට සමාන ආමර් එකකුත් නිර්මානය කරගන්න Nathan, Black knight කියන අන්වර්ත නාමයත් එක්ක පලවෙනි Villainous Black knight බවට පත් වෙනවා. පස්සේ කාලෙක Ironman සමග සිද්ද උන සටනකදී Nathan ට දරුනු විදියට තුවාල සිද්ද වෙලා පරාජයට පත් වෙනවා.
Nathan garrett ගෙන් පස්සේ තමයි වර්තමාන Black knight විදියට හදුන්වන Dane whitman එන්නේ. Roy Thomas, George Tuska සහ John Verpoorten ගේ නිර්මාන දායකත්වයෙන් 1967 දෙසැම්බර් මාසේ නිකුත් උන Avengers #47 කියන කොමික් එකෙන් තමා මුල්ම වතාවට Dane whitman ව හදුන්වලා දෙන්නේ. මෙයා Natha garrett ගේ බෑනෙක් වෙනවා. ඉතින් කලින් වගේම මෙයාටත් මෙයාගේ මමගේ කාසල් එක උරුම වෙනවා මෙකෙදී Dane තමන්ගේ මාමා ගැන හැම විස්තරයක්ම දැනගන්නවා වගේම Black knight ගැනත් හැම දෙයක් වගේම Dane හොයාගන්නවා කොහොමහරි Nathan ට වගේම මෙයවත් Sir percy විසින් ඊලග Balck knight විදියට පත් කරනවා Ebony blade එක ගැනත් Black knight ගේ ඉතිහාසය ගැනත් හැමදෙම Sir percy විසින් විස්තර කලාට පස්සේ Dane තීරනය කරනවා හීරෝ කෙනෙක් විදියට කටයුතු කරන්ඩ හැබැයි මුලදිම Dane මෙයාගේ මාමගේ අඩිපාරේ එහෙම ගිහිල්ලා Nathan සම්බන්ද වෙලා හිටපු Masters of evil කියන Barno zemo, Octopus , Crimson cowl වගේ අය ඉන්න Villainous group එකට එහෙම ජොයින් වෙලා හිටියට පස්සේ තමයි තේරුම්ගන්නේ තමන් යන පැත්ත වැරදී කියලා. කාලයත් එක්ක තමන්ගේ වැරදි තේරුම් ගන්න Dane එතනින් පස්සේ Avengers ලට සම්බන්ද වෙන්ඩ කටයුතු කරනවා කොහොම උනත් මෙයාගේ කලින් වැඩ නිසා Avengers ලට මෙයා ගැන සම්පූර්ණ විශ්වාසයක් තිබ්බේ නෑ කොහොමහරි කාලයත් එක්ක මෙයාට Avengers team එකට සමබන්ද වෙන්ඩ අවස්තාව හම්බෙනවා.
පස්සේ කාලෙක Ebony blade එකේ තියන blood curse එකක් හන්දා මෙයා මේක අතෑරලා Garrett castle එකේ කෞතුකාගාරයේ තියන King arthur ගේ Excalibur එක එහෙම පාවිච්චියට ගන්නවා.
අනිත් දෙන්නා ගැන ලොකූ වැදගත්කමක් නැති නිසා වගේම අනිත් දෙන්නා ගැනත් කියන්ඩ ගියොත් මේක ඔනෑවට වඩා දික් වෙන හන්දා ( දැනටමත් එහෙමද මන්දා 😄 ) මන් Dane whitman ගේ Powers & abilities ගැන ඉතරක් විස්තර කරන්නම්.
POWERS & ABILITIES
==================
Dane whitman කියන්නේ genetic and mechanical engineering කෙනෙක් වගේම Physics specialist කෙනෙක්.
සාමාන්ය මිනිහෙක්ට යන්ඩ පුලුවන් උපරිම මට්ටමේ දරගැනීමේ හැකියාවක්, ශාරීරික ශක්තියක්, වේගයක් Dane ට පිහිටලා තියනවා.
Dane කියන්නේ Expert Swordsmen කෙනෙක් කඩුසටන් කරන අයගෙන් හොදම කෙනෙක් විදියට තමයි Dane ව හදුන්වන්නේ කොටින්ම කිව්වොත් පට්ට පදිරි Swordsman කෙනෙක් 😄 Swords වලට අමතරව ඔනෙම ආයුදයක් මනාව හැසිරවීමේ හැකියාවකුත් Dane ට පිහිටලා තියනවා.
Captain america සහ Wolverine තරමටම Skilled fighter කෙනෙක් විදියට තමයි Dane ව හදුන්වන්නේ, කිසිම ආයුදකින් තොරව Captain america සහ Wolverine ව පරාජයට පත් කරපු කෙනෙක් කිව්වොත් හිතාගන්ඩ පුලුවන්නේ.
ඒ වගේම මෙයා Expert horsemen කෙනෙක් ද වෙනවා මෙයා ගාව Lady of the lake ගෙන් තෑග්ගක් විදියට ලැබුන Strider කියලා Winged horse කෙනෙකුත් Valinor සහ Valkyrie ගෙන් තෑගි ලැබුනු Aragorn කියලා Winged horse ලා දෙන්නෙකුත් මෙයා ගාව ඉදලා තියනවා. Winged horse කියන්නේ පියාඹන්ඩ පුලුවන් අශ්වයෝ ( අර Endgame එකේ Valkyrie ලග හිටියේ )
ඔයිට අමතරව මෙයා skilled tactician කෙනෙක්ද වෙනවා Avengers team එකත් මෙයා එකපාරක් ලීඩ් කරලා තියනවා සහ මෙයාට පරාම්පරිකව ලැබුන සාමාන්ය මට්ටමේ Magical knowledge එකකුත් පිහිටලා තියනවා.
මෙයාගේ ආයුද ගැන කතා කලොත් Dane whitman ගාව Black knight armors එකොලහක් ඉතර තියනවා කියලා තමයි සදහන් වෙන්නේ
Black knight කෙනෙක්ගේ අනිවාර්ය වෙපන් එකක් තමයි Ebony blade කියන්නේ මන් කලින් කිව්වා වගේම මේ බ්ලේඩ් එකට තියන Blood curse එකක් නිසා පස්සේ කාලෙක් මෙයා මේක අතාරිනවා. Ebony blade එක ගැන කිව්වෙත් මේක Magical attacks වලට ප්රතිවිරුද්දව කටයුතු කිරීමේ හැකියාව පිහිටලා තියනවා ( මොකද මේක Merlin විසින් නිර්මානය කරපු කඩුවක්නේ ) ඒ වගේම මේකට ශක්තීන් අවශෝශනය කිරීමේ හැකියාවක් වගේම අවශ්ය අවස්තාවලදී ඒ ශක්තීන් පිට කිරීමේ හැකියාවකුත් තියනවා. කියන විදියට Ebony blade එකට විරුද්දව පාවිච්චි කරන්ඩ පුලුවන් වෙන්නේ මේක නිර්මානය කල විදියටම නිර්මානය කල ආයුදයකට ඉතරයි ඒත් මන් කලින් කිව්ව වගේ Sir percy , Ebony blade එක තෝරගත්තට පස්සේ Merlin මේකත් එක්ක හදපු අනිත් හැම ආයුදයක්ම විනාස කරලා දානවා.
කලින් කීවා වගේම Ebony Blade එක අතෑරියට පස්සේ මෙයා Panton Sword, Sword of light ( මේකත් Lady of the lake ගෙන් ලැබුන කඩුවක් Lady of the lake ගැන පොඩ්ඩක් හොයලා බලන්ඩ මට විස්තර කරන්ඩ බෑ මේක ඉවර වෙන්නේ කොයි වෙලේද බල බල ඉන්නේ 😑 ) සහ King Arthur ගේ Excalibur එකත් පාවිච්චි කරලා තියනවා ( ඒක ගැන ඉතින් අමුතුවෙන් කියන්ඩ ඔනේ නැනේ 😄 )
හම්මෝ හරි එහෙනම් ඔය විදියට තමයි Black knights ලා ගැන විස්තර වෙන්නේ. ඉස්සරහට MCU එකට සම්බන්ද වෙන්ඩ තියන Character එකක් නිසාත් ගෲප් එකේ හරිහමන් විස්තරයක් මෙයා ගැන නැති නිසාත් තමයි Black knight ගැන ටිකක් දිග විස්තරයක් ලියන්ඩ හිතුවේ....😉 Black knight ගැන කට්ටිය තව දන්න දේවලුත් පහලින් කමෙන්ට් කරගෙන යන්ඩ එහෙනම්....ජයවේවා..❣️
© Thesindu liyanage

Our Facebook Group 👇👇


Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List