Posts

Showing posts from March, 2020

MARVEL විශ්වයේ ජීවින්ගේ පරිණාමය Part -1

Image
පරිණාමය එහෙම නැත්නම් පරිණාමවාදය වගේ මාතෘකා ගැන කතා කරනකොට Charles Darwin, Alfred Russel Wallace වගේ අපිට සදහන් නොකර කතා නොකර ඉන්ඩ බැරි චරිත කීපයක් ඉන්නවා වගේම තමයි Marvel universe එක ඇතුලේ මෙන්න මේ ජීවීන්ගේ පරිනාමය කියන මාතෘකාව ගැන බැලුවොත් අපිට සදහන් නොකර කතා නොකර ඉන්ඩ බැරි චරිත කීපයක් නෙමේ සම්පූර්ණ ජීවීන් කොටසක්ම ඉන්නවා Space Gods ලා එහෙමත් නැත්නම් ගොඩක් අය දන්න Celestial ලා කියන්නේ අන්න ඒ වගේ Marvel universe එක ඇතුලේ ඉන්න වැදගත්ම ජීවීන් කොට්ටාශයක්. ඉතින් අද ලිපියෙන් Celestial ලා ගැනනම් නෙමේ කතා කරන්ඩ යන්නේ අද කතා කරන්ඩ යන්නේ කොහොමද මෙයාලා Marvel universe එක ඇතුලේ ජීවීන්ගේ පරිනාමයට වගේම සමහර ජීවීන්ගේ මූලාරම්භයටම පවා වැදගත් වෙන්නේ කියන එක ගැන වගේම Marvel universe එක ඇතුලෙ ජීවීන්ගේ පරිණාමය කියන මාතෘකාව ගැන තමයි අද කතා කරන්ඩ යන්නේ 🤩🔥 Marvel Universe එක ගත්තම වර්තමානයේ අපි දකින Earth 616 කියන Prime earth එක එහෙමත් නැත්නම් Prime universe එක Marvel universe එකේ Eight incarnation එක විදියට තමයි ගන්නේ තේරෙන සිංහලෙන් කිව්වොත් මාවල් විශ්වයේ අටවෙනි අවදිය තමයි අපි මේ වර්තමානයේ දී දකින්නේ.

Thanos ගෙ මුහුණෙ කැළල Wolverine නිසාද? ඇත්ත කතාව

Image
Thanos ගෙ මුනෙ තියන කැලැල් හරියට Skrull ලගෙ මූනේ තියන කැලැල් වගේ. මේකෙන් කියවෙන්නෙ Thanos ට Skrull ලා එක්ක මොකක් හරි සම්බන්ධයක් තියනවා කියලද? නැත්තම් මේක අහම්බයක්ද? (මේක 05 Jun 2019 ගෲප් එකේ memberකෙනෙක් අහපු ප්‍රශ්නයක්.) එදා ඒකට උත්තරේ දුන්නට, ඊයෙ ආපු ප්‍රශ්නයක් නිසා ආයෙම විස්තර කරලා කියනවා. Skrullsලගෙ ancestorsලා(මුතුන්මිත්තන්ව) නිර්මාණය කලේ Xorrians කියන ජීවින් කොට්ටාශය විසින්. ඊටපස්සෙ Skrullosවලට දැනට අවුරුදු මිලියන 100කට විතර කලින් Celestialsලා ගිහින් කරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට තමයි මුල්ම skrull ancestorsලාව වර්ග තුනක් විදිහට පරිණාමය වෙන්නෙ. Celestialලා ග්‍රහලෝකයක කරන පරික්ෂණවලින් පස්සෙ එකම ජීවින් වර්ගයක කොටස් තුනක් විතර සාමාන්‍යයෙන් ඇතිවෙනවා. අපේ මුතුන්මිත්තන් ගත්තොත් Homo erectusගෙන් celestialලා කරන පරිණාමය නිසා Eternals (Homo immortalis), Deviants (Homo descendus), Mutants (Homo superior) විදිහට කොටස් 3ක් බිහි වෙනවා. ඒවගේම පරීක්ෂණවලට නොගත්ත homo erectusලා ස්වභාවිකව පරිණාමය වෙලා Humans (homo sapiens) බවට පත්වෙනව. ඒවගේම තමයි skrullsලාගේ ancestorsලත්, special powe

කවුද මේ Dr. spyridon michalakis ?

Image
කව්ද මේ Dr. spyridon michalakis කියන්නේ...? නමනම් ටිකම් කියවන්ඩ අපහසු ඇති බට් මෙහෙම කෙනෙක් ගැන විස්තරයක් දාන්ඩ හේතුව මොකක්ද...? හේතුව තමයි Endgame එකේ Time travel සහ Quantum physics නිසා. මුලින්ම බලලා ඉමු කව්ද මේ Dr. spyridon කියන්නේ කියලා. මෙයා Quantum physicist කෙනෙක් වගේම Outreach for the Institute for Quantum Information and Matter at Caltech university හි මැනේජ්ර් කෙනෙක් වගේම California Institute of Technology හි staff researcher කෙනෙක්ද වෙනවා. ඒ වගේම Applide Mathematics වලට PhD සහතිකයක් මෙයා scientific consultant කෙනෙක්ද වෙනවා. මෙයා ගැන විශේෂම කාරනය තමා, Mathematics physics වල තියනවා නොවිසඳුණු ගැටලු 13 ක් මෙන්න මේ ගැටලු එහෙමත් නැත්නම් ප්‍රශ්න වලට 1999 දී ඇතුලත් උන "Quantum Hall effect" කියන ගැටලුව විසදීමේ ගෞරවය අයිති වෙන්නෙත් මේ Dr.spyridon ට. Applied Mathematics වලට PhD එකක් සහිත Dr. Spyridon ගේ නමින් theoretical research කීපයක්ද මේ වෙනකොට නම් වෙලා තියනවා. මීට අමතරව මෙයා Science and Entertainment Exchange හි සාමාජිකයෙක්ද වෙනවා SEE කියන්නේ Science වලට සම්බන්ද එ

X-Menලාව හැදුවෙ ඇයි? (Comicsවලින් සමාජය දකිමු)

Image
මේ වෙනකොට X- men ලා ගැන ගොඩාක් දේවල් මෙක අය දන්නවා ඇති Powers , Orgin , Characters මේ දේවල් ගැන ඇති තරම් කතා කරලා දැකලා කියවලා ඇති ඉතින් අද කතා කරන්ඩ යන්නේ මෙන්න මේ X- men ලා ගැනම වෙනස් දෙයක් Marvel universe එක ඇතුලේ ඉන්න මේ X-men කියන කොටස ගැන ගොඩක් අය නොදැකපු නොහිතපු පැත්තක් ගැන තමයි අද කතා කරන්ඩ යන්නේ ඉතින් වැඩි කතා නැතුව බලමු මොකක්ද අද කතා කරන්ඩ යන්නේ කියලා....! Stan lee සහ Jack kirby ගේ එකතුවෙන් 1963 සැප්තැම්බර් මාසේ නිකුත් උන The X- men #1 කියන කොමික් ඉශූ එක හරහා තමයි මුල්ම වතාවට Marvel comic හරහා මේ X- men ලව ඉදිරිපත් කරන්නේ. 1963 එහෙමත් නැත්නම් හැට දශකයේදී ස්ටෑන්ලීට ඔනේ වෙනවා මොකක් හරි හේතුවක් නිසා මොකක් හරි අඩුපාඩුවක් නිසා මොකක් හරි විශේෂ අවශ්‍ය තාවයක් නිසා හරි තමන්ගේ ජාතිය , ආගම , විශේෂයෙන්ම වර්න බේදතාවය ගොඩක් අය දන්නවා මේ කාලය කියන්නේ කලු සහ සුදු කියන වර්න බේදතාවය තදිම්ම ක්‍රියාත්මක උන කාල වකවානුවක් මෙන්න මේ වගේ හේතු නිසා සාමාන්‍ය ජන ජීවිතයෙන් වෙන් වෙලා ජීවත් වෙන්ඩ සිද්ද උන එහෙම නැත්නම් සමාජයෙන් කොන් වෙලා ජීවත් වෙන්ඩ සිද්ද උන තමන්ගේ මූලික අයිතිවාසිකම් පවා අහිමි වෙලා තියන

Wonder man

Image
අද කියන්න යන Character එක ගැන මීට කලිනුත් post එකක් දාලා තිබුනත් ගෲප් එක පටන් ගත්තුම කාලේ දාපු එකක් නිසාත් මුල්ම කාලෙ ලිව්ව එකක් නිසා තියෙන අඩුපාඩු නිසාත් ආයි post එකක් දාන්න හිතුව. ඉතින් මේ කියන්න යන කෙනානන් ගොඩක් අය නොදන්න character එකක්. සමහර විට මෙයා ගැන අහන්නෙත් අද වෙන්න පුලුවන්. එහෙනන් කියවලම බලන්නකො #facts About #Wonder_Man ⬛ PROFILE ⬛ නම : Simon Williams විශ්වය : 616 උස : අඩි 6 අගල් 20 බර : රාත්තල් 380 ඇස් වල වර්ණය : රතු හිසකෙස් වර්ණය : අලු පුරවැසිභාවය : ඇමරිකානු වර්ගය : මනුෂ්‍ය (Human) ⬛ ORIGIN ⬛ අපිට මේ Wonder Man ගැන මුලින්ම දැනගන්න ලැබෙන්නෙ Stan lee හා  Jack Kirby විසින් රචිත The Avengers #9 - The Coming of the Wonder Man නමින් 1964 වර්ෂයේ ඔක්තෝබර් මසදි එලිදැක්වුන comic issue එකේදීය. එතැන් පටන් මොහු මේ වන තෙක් Comic Issues 1543ක පමන දැනට සිට ඇත. 📚📚📚 මෙයාගේ Origin එක ගත්තොත් Simon කියන්නෙ බොහොම පෝසත් පවුලක කෙනෙක්. මෙයාගේ තාත්තා Sanford Williams තමියි Williams Innovations කියන විශාල සමාගමේඅයිතිකාරයා. පියාගෙ ඇවෑමෙන පසු Simon ට සමාගමෙ අයිතිය පැ

Binary & White holes

Image
ඉතිං ප්‍රෙන්ස් අද කියන්න යන්නෙ කැරොල් AKA captain marvel AKA ms.marvel බයිනරි වෙන්න පවර් එක ලබාගන්න ඔරිජිනල් පවර් සෝර්ස් එක ගැන.ඒ කියන්නෙ white holes ගැන. සහ බයිනරිට ඒකෙන් ලැබෙන හැකියාවන් ගැන. white holes ගැන කතා කරන්න කලින් black holes ගැන ටිකක් පැහැදිලි කරගෙන ඉමු. ගොඩක් අය black holes ගැන අහල ඇති. ලඟදිත් ලෝකෙම කතාබහට ලක් උනා.ඒ ඉතිහාසෙ පලවෙනි වතාවට black hole එකක ෆොටෝ එකක් ගන්න පුලුවන් වීම ගැන 📸 මේ black holes සහ timetravel අතරෙත් සම්බන්ධයක් තියෙනව.ඒ ගැන ඉස්සරහට කියන්නම්. black hole එකක තියෙනව ලොකු ගුරුත්වාකර්ෂණ ශක්තියක්. මේ නිසා black hole එකක් ඒ අවට තියෙන හැම ශක්තියක්ම,හැම පධාර්ථයක්ම ඇතුලට ඇදල ගන්නව.මේ ලඟින් යන ආලෝක කිරණෙකටවත් ගැලවීමක් නෑ 🎇❌ මේ විදියට ආලෝකය පවා උරාගන්න නිසා black hole එකක් හරිම අඳුරුයි. ඉතිං මේ black holes තමන්ගෙ අවට තියෙන හැමදෙයක්ම ඇතුලට ඇදල ගන්නවනම් ඒ ඇතුලට යන දේවල් එලියට එන්නත් එපැයි. මෙන්න මේ සිද්ධිය පැහැදිලි කරන්න තමයි white holes කියන සංකල්පය එන්නෙ. ඔව් මේක තාමත් සංකල්පයක් විතරයි (timetravel වගේ) තාම කිසිම කෙනෙක් මේ කියන white hole එකක් දැකල නෑ. black hol

Gladiator (Kallark)

Image
Marvel universe එක ඇතුලේ තියන Kree empire, Skrulls empire, Xandar, Klyntar සහ Brood වගේ Empires, Civilization සහ විවිද Races ගැන කතා කතාකරනකොට කතානොකරම ඉන්ඩ බැරි Empire එකක් තමයි Shi'ar Empire එක කියන්නේ ඉතින් අද පෝස්ට් එක මෙන්න මේ Shi'ar empire එකෙන් පටන් ගන්ඩ හේතුව තමයි අද කතා කරන්ඩ යන Character එක ගොඩක්ම මේ Shi'ar empire එකත් එක්ක සහ මෙකේ Imperial guard කියන ටයිටල් එකත් එක්ක ගොඩක් සම්බන්ද වෙන නිසා Shi'ar Empire's Imperial Giards ලා කිව්වම අනිවාරෙන් ම කතා නොකරම බැරි Character එකක් වෙන Gladiator එහෙමත් නැත්නම් Kallark ගැන තමයි අද කතා කරන්ඩ යන්නේ. Chris Claremont සහ Dave Cockrum දෙදෙනාගේ නිර්මාණ දායකත්වයෙන් 1799 ඔක්තෝබර් මාසයේ නිකුත් උන X-men 107 issue එකෙන් තමයි මේ Gladiator එහෙමත් නැත්නම් Kallark කියන චරිතය Marvel comics වලට එකතුවෙන්නේ එතන ඉදන් අද දක්වා මේ Character එකේ Buildup එක අද වෙනකොට මෙයාව Marvel universe එකේ Powerful ම චරිතයක් දක්වා ඉහලට ඔසවලා තියනවා. කොහොමහරි Gladiator ගැන කතා කරන්ඩ කලින් Shi'ar empire එක සහ මොකක්ද මේ Imperial guard කියන්නේ කියල