Kingpin


කවුද මේ Kingpin කියන්නේ? Marvel රසිකයෙක් නම් මේ වෙද්දි බොහෝ විට Kingpin ගේ නම අඩුම තරමේ අහලාවත් ඇති. Kingpinbගේ Origin එක ගැනයි, Kingpin ගැනයි පොඩ්ඩක් අපි මේ කෙටි ලිපියෙන් කතාකරලා බලමු.

                    *        *        *

★History
--------------

Kingpin ගේ History එක සළකලා බලද්දි මුලින්ම අපිට Kingpin ව දැකගන්න ලැබෙන්නේ Marvel Comics ලගේ The Amazing Spider-Man #50 කියන Comic එකෙන්. ඒ 1967 ජූලි වල. Stan Lee (writer) සහ John Romita Sr. (artist) කියන දෙදෙනා අතින් තමයි මේ චරිතය නිර්මාණය වෙන්නේ. Wilson Grant Fisk තමයි Kingpin ගේ සැබෑ නම. Kingpin ගේ Origin එක සිද්ධ වෙන්නේ New York වල. ඒ Crime Lord කෙනෙක් විදිහට. New York නගරයේ ප්‍රධානම අපරාධ කල්ලි නායකයා සහ Marvel විශ්වයේම ඉන්න බලවත්ම Crime Lord කෙනෙක් තමයි Kingpin කියන්නේ. මුල්කාලයේදී Kingpin ව ප්‍රධාන වශයෙන් Spiderman Comics වල ඔහුගේ Villain කෙනෙක් ලෙස දක්වා තිබුණත් පසුකාලීනව Kingpin, Daredivil ගේ ප්‍රධානතම සතුරෙක් එහෙමත් නැත්තං Villain කෙනෙක් විදිහට වෙනස් වුණා. Kingpin ව ඕනෙම තැනකදි හදුනගන්න පුළුවන් ඔහුගේ Signature Look එක නිසා. විශාල Muscle වලින් පිරුණු ශරීරයත්,සුදු ජැකට්ටුව සහ ඔහුගේ අතේ නිතරම ඇති දියමන්තියක් ඇල්ලූ යශ්ටියත් තමයි ඔහුගේ Signature Look එක වෙන්නේ. Marvel විශ්වයේ සිටින වඩාත් ප්‍රසිද්ධ Mafia ඝණයට අයත්වන "Crime Lord" යන නමෙන් හදුන්වන්න පුළුවන් ප්‍රධානම චරිතයක් තමයි Kingpin කියන්නේ.

★Origin
-------------

Kingpin ගේ ආරම්භක Story Arc (The Amazing Spider-Man #50–52) එකේදී අපිට Kingpin ව පෙන්නලා දීලා තියෙන්නේ සම්පූර්ණයෙන් ම අපරාධ කල්ලි නායකයෙක් විදියට. කලින් කිව්වත් වගේ Spiderman ගෙන් පටන්ගතත් පස්සේ Daredivil Comic Series එක්කින් Kingpin ව Daredivil ගේ පරම-සතුරෙක් තත්වයට පත්කරන්වා. කොහොමහරි අදටත්
Daredevil,Punisher සහ Spiderman Comics වල ප්‍රධාන හතුරෙක් විදිහට Kingpin ව දැකගන්න පුළුවන්.

                      *        *        *

Wilson Fisk ඒ කියන්නේ Kingpin ගේ ළමා කාලය එච්චර සුන්දර වුණු එකක් නෙවෙයි. New York වල ළමා කාලය ගෙවපු Wilson නිතරම ඔහුගේ කුඩා කල සිට තිබුණු අධික තරබාරු සිරුර නිසාම අනෙක් ළමුන්ගෙන් නිතරම අඩත්තේට්ටම් වලට ලක්වුණා. කොහොම හරි නිතරම මේ ගැන හිතපු Wilson, Train වෙන්න ගත්තා. ඊට පස්සේ ඔහුට නිරමාණය කරගත්තා තමන්ටම කියලා Gang එකක්, එහෙමත් නැතිනම් කල්ලියක්. තමුන්ට උසුළු විසුළු කළ පුද්ගලයින්ව පවා ඔහු වටා එක් කරගන්නට Wilson Fisk සමත්වුණා. මෙහෙම කාලය ගෙවෙද්දි තමයි Don Rigoletto කියන අපරාධ කල්ලි නායකයට Wilson ගැන දැනගන්න ලැබෙන්නේ. ඔහු Wilson ව ඔහුගේ යටතට අරන් ඔහුගේ Bodyguard බවට පත්කරගන්නවා. කොටින්ම කියන්වානම් Don, Wilson ව ඔහුගෙ Right-hand-man කරගන්නවා. හැබැයි Wilson Fisk ඔහුගේ බොස්, ඒ කියන්නේ Don Rigoletto ව මරාදමමින් ඔහුගේ Crime Empire එක එහෙමත් නැතිනම් අපරාධ කල්ලි සමූහයේම නායකත්වය ලබාගන්නවා. New York හි පාතාලය මේ වෙද්දි දුවන්නේ Wilson Fisk යටතේ. මේ වෙද්දි Wilson, Miles Morales එක්ක සම්බන්ධ වෙනවා. හැබැයි මේ අපි දන්න Miles හෙම නෙවෙයි හොදේ... අපරාධකාරයෙක්!

මේ වෙද්දි Wilson, Crime Lord කෙනෙක් විදිහට පාතාල ලෝකයකම පාලනය ගෙනයමින් Kingpin ලෙසින් සුඛිත මුදිත ජීවිතයක් ගතකරත්, මේ වෙනකොට ඔහු ඉතාම බලවත් සතුරු කදවුරු 2ක් හදාගෙන තිබ්බා. ඒ තමයි Maggia crime syndicate සහ අපි කවුරුත් දන්න Hydra එක. ඒ කණ්ඩායම් දෙක එකතු වෙලා Kingpin ට එරෙහිව කටයුතු කරන්නට ආරම්භ කරපු නිසා Wilson Fisk ට ජපානයට පලායන්නට සිද්ද වෙනවා. කොහොමහරි මෙහෙම පලාගියායින් පස්සේ ඔහු ජපානයේ වෙළෙඳ වැඩ කිහිපයක් අරඹනවා ඔහුගේ මූල්‍ය තත්වය නැවත යහපත් අතට හරවගන්න. ඊට පස්සේ ඇමරිකාවටම නැවත යන Kingpin New York හි අපරාධකරුවන් අතර යුද්ධයක් ආරම්භ කරනවා. මුළු New York නගරයම යුධ පිටියක් කරමින් නැවත ඔහුගේ අපරාධ කල්ලි නායකත්වය අතට ගන්නට මෙහිදී Kingpin ට හැකිවෙනවා.

අපරාධකරුවෙක් උනත් බොහෝ විට Wilson පිටස්තර ලෝකයට යහපත් පුද්ගලයෙකු සේ පෙනී ඉන්න උත්සාහ දරලා තියනවා. ඒ අනුව ඔහුගේ ව්‍යාපාර මගින් ලබන මුදල් වලින් පරිත්‍යාගයන් පවා ඔහු සිදුකරලා තියන්වා. මේ නිසාම ඔහුව හදුනගන්න Vanessa කියන කාන්තාව සමඟ විවාහ වෙනවා. ඔවුන් දෙදෙනාට දාව පිරිමි දරුවකු ඉපදෙන අතර ඔහුව Richard Fisk ලෙස නම්කරනවා. මේ වෙද්දි Vanessa දන්නේ නැහැ මේ Wilson ගේ සැබෑ තත්වය. ඔහු Kingpin බවත්,අපරාධ කල්ලි නායකයෙකු බවත් දැනගත්තම Vanessa තර්ජනය කරනවා ඔහු හැරදමා යනවායි කියලා. මේ නිසාම් සිය අපරාධකාර ජීවිතය Kingpin අත්හරිනවා. ඔහු සිය බිරිඳ සහ දරුවා සමඟ ජපානය කරා යනවා...

කොහොමහරි Richard තමන්ගේ පියාගේ අපරාධකාර ජීවිතය ගැන කිසිමදෙයක් දන්නේ නැහැ. Collage ගියායිනුත් පස්සේ යුරෝපය කරා සංචාරයක යන Richard පියා ගැන සත්‍ය දැනගැනීමෙන් පසු Skiing අනතුරකින් මියගිය බවට ජපානයේ Vanessa ට සහ Wilson ට ආරංචි වෙනවා. ඒත් ඇත්තටම Richard මියගිහින් නැහැ. මේ සියල්ල Schemer කියන ප්‍රතිවාදී අපරාධ කල්ලි නායකයෙකුගේ වැඩක්. මේ බව ආරංචි වුණායින් පස්සේ Kingpin නැවතත් ඔහුගේ අපරාධකාර ජීවිතයටම යොමුවෙනවා. Schemer ට විරුද්ධව සටන් කිරීමේදී Spidsrman ගේ මැදිහත්වීමකුත් සිදුවෙනවා. කොහොමහරි අන්තිමේට Kingpin Retire වෙන්නේ Spiderman ව මරන්න ගත් අසාර්ථක උත්සාහයකිනුත් පස්සෙයි. Kingpin ගේ Story එක අදවෙනකං ම කොහොමහරි Contineu වෙනවා. නවතම Comic කිහිපයකිනුත් අපිට Kingpin ව දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම Miles Morales සමඟත් Kingpin එකතු වෙනවා අපිට දැකගන්නත් පුළුවන්. නමුත් Kingpin ගේ Story එක මම මෙතනින් නවත්වනවා.

★Abbilities
------------------

Kingpin ට කියලා විශේෂ Superpower එකක් වගේ විශේෂත්වයක් නැහැ. නමුත් ඔහු සතුව තියෙන කායික විශේෂතා වගේම හැකියා ගැන ටිකක් බලලා ඉමු.

1. සන්නද්ධ හා එසේ නොවන සටන් කලාවන් කිහිපයකම ප්‍රවීණයෙකි.

2. Criminal Mastermind කෙනෙක්. ඒ කියන්නේ සුපිරි මොළයක් වගේම ඔහුටම විශේෂ වුණ ක්‍රම පිළිවෙලක් තියෙනවා.

3. සාමාන්‍ය මිනිස් ශක්තියට වඩා මදක් වැඩි දරාගැනීමේ සහ කායික ශක්තිය.

4. නිතරම Kevlar Armor එකක් පළදිනවා. ඒ නිසා බොහෝ අහිතකර අවස්ථාවාන් වලින් බේරිලා තියෙනවා.

5. Kingpin ගේ යෂ්ටිය- නිතරම Kingpin අතේ තියෙන මේ යෂ්ටියේ Laser Gun එකක් පවා තියෙනවා. ඒ වගේම එක් කොනක තියෙන දියමන්ති කොටසේ Sleeping Gas තියෙනවා!

6. මීට අම්තරව Master Sumo ක්‍රීඩක දක්ෂතා පෙන්වන්නෙක් මේ Kingpin.

★වෙනත් Versions

Kingpin ගේ වෙනත් Universe සහ Reality වගේම කාලය්න්ගේත් විවිධ ස්වරූප කිහිපයක් හමුවෙලා තියෙනවා. ඒවගෙන් කිහිපයක් පොඩ්ඩක් බලමු.

1. Marvel 1602 universe එකෙහි Wilson Fisk කියන්නේ මුහුදුකොල්ලකාර නෞව්කාවක නායකයෙක්. එක HMS Vanessa ලෙසත් නම් කරලා තියෙනවා.

2. 2008-2009 "Old Man Logan" storyline එකෙහිදී වියහැකි අනාගතයක Supervillains ලා අතින් විනාශ වූ ඇමරිකාවක ඔවුන්ට නායකත්වය Kingpin විසින් දෙනවා බලාගන්න පුළුවන්.

3. Marvel Zombies 3 හිදී Earth 616 (ප්‍රධාන විශ්වය) ආක්‍රමණය කිරීමට එන්නෙකු ලෙස Kingpin ව දක්වා ඇත.

4. Punisher Kills The Marvel Universe Comic එකෙහිද Kingpin ගේ Alternate Version එකක් දැකගත හැක.

5. "What if" Comic Series කිහිපයකම වෙනස් ස්වරූප වලින් Kingpin පෙනී සිට ඇත.
Ex: What If the Punisher had Killed Daredevil?/What If Venom had Possessed the Punisher?/What If Karen Page Had Lived?

6. 2015 Secret Wars storyline එකෙහිද වෙන්ත් Kingpin කෙනෙකු දැකගත හැක.

7. Batman & Spider-Man: New Age Dawning crossover එකේදි Kingpin, Ra's al Ghul එක්ක එකතු වෙලා New York නගරය විනාශ කරන Plan එකකට එකතු වෙනවා. ඒ සිය බිරිඳ වන Vanessa හට මේ වනවිට තිබූ Cancer එකකට ප්‍රතිකාරකයක් ලබා ගැනීමේ අරමුණින්.

                        *         *         *

Kingpin ගැන ලිපිය මං මෙතනින් අවසන් කරනවා. කොහොමද කියලත් පහළින් කියාගෙන යමු... 😉

#SLMFU
#Dilshan ✍

Comments

  1. Batman , spiderman crossover වෙන්නෙ මල්ටිවර්ස් දෙකක යුනිවර්ස් දෙකක් කනෙක්ට් වෙලා ද ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List