Jason Aaron




Jason Aaron කියන්නෙ Thor, The Other Side, Scalped, Ghost Rider, Doctor Strange, Avengers, Wolverine සහ PunisherMAX (Adult only marvel comics) කියන comic titles යටතේ Comics ලියපු සහ ලියන 46 හැවිරිදි comic book writerකෙනෙක්. පෞද්ගලිකව මගෙ favourite Comicbook writer තමයි Jason Aaron.

Jason Aaronට පොඩිකාලෙ ඉඳලම ඕනෙ වුනේ comic writer කෙනෙක් වෙන්න.  2001දි Marvel Comics talent search contestඑකකින් Aaron ජයගන්නව. ඒ දහස්ගාණක්දෙනා ලියපු scriptවලින් පුරවපු යෝධ මල්ලකට දාපු Aaron ලියපු Wolverine comic එකක scriptඑකක් නිසා. ඒ script එකට අදාල කොමික් එකත් marvel සමාගමෙන් නිකුත් කරනව. ඒ තමයි Wolverine #175 (2002) කොමික් එක. මේ නිසා  Aaronට ලැබෙන jobඑක Marvel Comic editorsලට අලුත් අදහස් දීම.
2006දි, Aaron Vertigoඑකට (DC Comics imprint එකක්) The Other Side comicඑක සහ Scalped කියන comic seriesඑක නිර්මාණය කරනවා. 2007දි, Marvel editor Axel Alonso විසින් Aaronව Wolverine, Black Panther සහ Ghost Rider comics ලියන්න hire කරනවා. 2008දි Marvel එක්ක contract එකක් sign කරනවා.

ඊටපස්සෙ Aaron විසින් Wolverine: Weapon X වගේම 2012දි Thor: God of Thunder, Original Sin story ලියනවා. මෙතනින් තමයි MARVEL Comicsවල අලුත්ම ස්වරූපය Aaron පටන්ගන්නෙ.
ඒවගේම 2017දි, Aaron විසින් A New Hope සහ Empire Strikes Back අතර කතාවක් වන Star Wars comic seriesඑකක් ලියන්න ගන්නවා. 2018දි Mike del Mundo සමඟ Thor සහ Ed McGuinness සමඟ The Avengers Comic seriesඑක ලියනවා. ඒවගේම Mahmud A. Asrar සමඟ 2019දි Conan the Barbarian series එකත් ලියන්න පටන්ගන්නවා. ඒවගේම 2019 San Diego Comic Conඑකේදි 2021 නොවැම්බර් 5දි නිකුත්වීමට නියමිත Thor: Love and Thunder movieඑක Aaronගෙ Thor storylineඑකේ වගේම Jane Fosterව Thunder God කෙනෙක් කරනවා කියලත් announce කරනවා.

Aaron කොච්චර සාර්ථකව MARVEL multiverseඑක වෙනස් කලාද කියනවනම් මේවෙද්දි MARVEL Comics සේරම වගේ පදනම් වෙන්නෙ Aaronගෙ future plan එකේ කොටස් විදිහට. 2012දි Thor storyline එකක් අලුතින්ම නිර්මාණය කරලා කරපු මේ දේ නිසා තමයි Thorට mjolnirඑක උස්සන්න බැරුව unworthy වෙන්නෙ, පිළිකාවකින් මැරෙන්න ළංවුණ ගැහැණු කෙනෙක් මීළඟ තෝර් වෙන්නෙ, විද්‍යා ප්‍රභන්ධයක් වුණු Venomගෙ කතාව දේවවාදී කතාවක් වෙන්නෙ, පලවෙනි සිම්බියෝට් ධාරකයා දෙවිවරු මරන්න පටන්ගන්නෙ, අනාගතයේ දේවල් එක එක comic storylineවලින් පෙන්නන්න පටන්ගන්නෙ (Thor අන්තිම දෙවියා වෙන්නෙ, Logan විශ්වයේ අලුත් ආරම්භයේදි Thorව තවත් බලවත් කරලා මැරෙන්නෙ, Thor පෘථිවියෙ ජීවය ආපහු නිර්මාණය කරන්නෙ, thorගෙ මිණිබිරියන්ව බලාගන්න ලැබෙන්නෙ) House of ideas එකෙන් Wolverine, Thor, Spider-man ගැන කතා තමයි වැඩිපුරම තියෙන්නෙ කියලා ලෝකි දකින්නෙ, අනාගතය Doom, Thanos වගේ අය පාලනය කරන්නෙ. Death (හිස්තැනක්) වෙන්නෙ. (හිස්තැන නම් පට්ටම mindblowing Surprise එකක්. ඒකනිසා ඒගැන කියන්නෙ නෑ.) BLA BLA BLA... DARK FUTURE OF MARVEL MULTIVERSE !!

උඩ කියලා තියෙන ටික හරියට කියෙව්වනම් තේරෙනව ඇති Aaron ආගමික සහ ගැඹුරු තේරුමක් තියෙන පැත්තකට MARVEL Comics මේවෙද්දි සාර්ථකව ගෙනත් කියලා. ඒකට හේතුව ඔහු කියන විදිහට මුල් කාලෙදි Aaron, Baptistකෙනෙක්  වුනත් පස්සෙ ඔහු අනාගමිකයෙක් විදිහට සෑහෙන කාලයක් ගතකරන්න පටන්ගන්නවා. ඒත් තමන් අතහැරපු ආගම සහ ආගම ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය කියන දෙයින් ඔහු තවදුරටත් පුදුම වෙනවා. මේ නිසයි Aaron අපිට වීරයන්, දෙවිවරු, විවිධ බලවේග ගැන විශ්වාසය තබාගන්න පුළුවන් විදිහට Comics ලියන්නෙ.

Jason Aaron කියන්නෙ MARVEL comics විතරක් ලියපු කෙනෙක් නෙමෙයි. Vertigo(DC), Image Comics වගේ ආයතය වල comics පවා ලියලා තියෙනවා.

2007, 2015, 2016 Eisner Award for Best Writer විදිහට nominate වෙලා තියෙනවා වගේම 2016දි හොඳම රචකයා සඳහා වන Eisner Awardඑක(Southern Bastards, Star Wars, Doctor Strange, Thor and Men of Wrath කොමික්වලට) සහ  2016 හොඳම Continuing Series එක සඳහා වන Eisner Awardඑක (SouthernBastards comic seriesඑකට), 2016 Inkpot Awardඑක දිනාගන්නවා.

Jane Fosterව ටිකකාලෙකට thor කරපු එක ගැන Aaron කියලා තියෙන්නෙ, අපිට ගෙඹි තෝර් කෙනෙක්ව පිලිගන්න පුළුවන්නම්, අශ්ව මූණක් තියෙන තෝර් කෙනෙක්ව පිලිගන්න පුළුවන්නම් ගෑණු කෙනෙක් ඒ මිටිය ඉස්සුව කියලත් පිලිගන්න පුළුවන් වෙන්න ඕනෙ කියලා.

Deadpool Vol 3 #40(2015) කොමික් එකෙන් Jason Aaronව බලාගන්න ලැබෙනවා. ඒ Roxxonඑකේ projectවලින් වෙන පරිසර දූෂණයට එරෙහිව කරන උද්ඝෝෂණයක ක්‍රියාකාරී සාමාජිකයෙක් විදිහට. මේකෙදි සාමාන්‍ය deadpool comicවල තියෙන විකාර සීන් වගේම Aaronටත් power එකක් දීලා තියෙනවා. Aaronට රැවුල අස්සෙන් ආයුධ ගන්න පුළුවන්. (මීයෙකුත් එනව).😂(ඉස්සර Vice city එකේ characterඑක සාක්කුවෙන් nutter tools ගන්නව වගේ😅)

ඇත්ත ජීවිතේදිත් Aaron තමන්ගෙ අත්වල Muspelheim (Fire Demonsලගෙ realmඑකේ) ලකුණ සහ mjolnirඑක වගේ mythological දේවල් tattoos විදිහට ගහගෙන තියෙනවා.

"Worthiness should not be defined by the whims of magic weapons. Rise, my son, and let the hammer be damned. Rise and remember the hero that you are."
-Jason Aaron-

Find me on Youtube👇👇
https://youtube.com/c/SLMarvelTalks

✍️ © Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List