අපි නොදන්න IRON MAN

අපි හැමෝම දන්නව කියල හිතන් ඉන්න ඒත් මේක කියවන ගොඩක් අය නොදන්න iron manගෙ ඇත්ත කතාව තමයි අද කියන්නෙ. ගොඩක් දෙනා හිතන් ඉන්න විදිහට ටෝනි ස්ටාක් කියන්නෙ හොවර්ඩ් ස්ටාක් සහ මාරියා ස්ටාක්ගෙ පුතා නිසා ටෝනි පට්ටම බුද්ධිමත් කෙනෙක් කියලා. ඇත්තටම එහෙමද?

මාරියා ස්ටාක්ගෙ පලවෙනි දරු උපතෙදි ඩොක්ටර්ස්ලා පවා කියනවා මේ දරුවව බේරගන්න බැහැ ඒවගේම ජිවත් වුනත් ඒ වැඩි කාලෙකට නෙමෙයි කියල. මේ වගේ දෙයක් ඇහුවම හොවර්ඩ් මොනව කරන්න ඇත්ද? මේ කියන්නෙ හොවර්ඩ් ස්ටාක් ගැන, ඉතින් පොර තමන්ට ණයගැති සෙට් එක එකතු කරන්(ෆියුරිත් ඇතුලුව) ලොකෙ පුරාම ගිහින් විසඳුම් හොයනවා. අන්තිමට හම්බෙන විසඳුම තමයි  Area 51වල හිරකරලා ඉන්න RECORDER 451 කියන, Regellian aliensලා විසින් නිර්මාණය කරපු රොබෝ. නම වගේම මේ robo, recorder කෙනෙක්. විශ්වය ගැන තොරතුරු රෙකෝඩ් කරන කෙනෙක්.
ඉතින් සෙට් එකම බැහැලා 451ව බේරගන්නව. ඒකට කලගුණ විදිහට 451 විසින්, පට්ටම Genius level එකක කොලු පැටියෙක්ව ජාන වෙනස්කම් කරලා ඉපදෙන්න සලස්වනවා. ඊටපස්සෙ 451 යන්න යනවා. 451 කියපු විදිහට සාර්ථකව, බුද්ධිමත්ව ඉපදුනාට ළමයා paralyse. ඒ නිසා හොවර්ඩ් කරන්නෙ ළමයව ලෝකයෙන් හංගලා මැෂින් එකකට සම්බන්ධ කරලා ජීවත් කරවන එක. ඒවගේම හොවර්ඩ් තවත් ළමයෙක්ව හදාගන්න අරගන්නවා. ඒ තමයි Anthony Edward Stark A.K.A. Tony Stark.

Guardians-of-the-galaxy teamඑකට සෙට් වෙලා ඉද්දි Tonyට 451ව හම්බවෙනවා. ඒත් මෙතනදි තමයි සේරම හෙලිවෙන්නෙ. මුල ඉඳලම 451ට ඕනෙ වෙන්නෙ Aspirantsලා විසින් හදපු God killer armorඑක (Celestial Buster) හොවර්ඩ්ගෙ පුතා විසින් පාලනය කරලා විශ්වයට සාමය ගේන්න. ඒකනිසයි හොවාර්ඩ්ගෙ පුතාට එච්චරම බුද්ධියක් එක්ක මැෂින් එකකට සම්බන්ධ වෙලා ඉන්න වෙන විදිහට 451 වැඩ කරන්නෙ.

මේගැන 451 කිව්වට ටෝනිට මඥ්ඥං වගේ වෙනවා. මොකද, ටෝනි දන්නෙත් නෑ Arno ගැන, 451 දන්නෙත් නෑ ටෝනි ගැන. ඉතින් 451 ටෝනිව armorඑකට සෙට් කරනව. ඒත් God killer armorඑක ටෝනිට වැඩ කරන්නෙ නැති නිසා 451 පෘථිවිය විනාශ කරන්න auto pilot දානවා. ලොකු සටනකින් පස්සෙ ටෝනිට පුළුවන් වෙනවා 451ව පාවිච්චි කරලා god Killerගෙ missionඑක abort කරලා වෙනත් dimension එකක හිරකරලා පැනගන්න.

එහෙම කරලා පෘථිවියට එන ටෝනි ස්ටාක් 451 කියපු දේවල් ගැන හොයද්දි හොවර්ඩ්ගෙ ලිපිවලින් Maria Stark Foundationඑක ගැන ටෝනි දැනගන්නවා. එතන තමයි හොවර්ඩ්ගෙ සහ මාරියාගෙ ඇත්තම දරුවා වෙන Arno Stark ඉන්නෙ.

ටෝනිගෙ ඇත්තම දෙමව්පියන් තමයි  S.H.I.E.L.D. Agentsලා දෙන්නෙක් වුණු Amanda Armstrong සහ Jude. ඒත් Jude undercover Hydra agent කෙනෙක් කියලා දැනගන්න Amanda Judeව මරනවා. මේ නිසා ඇතිවෙන කම්පනයෙන් ඇමැන්ඩා S.H.I.E.L.D. එකෙන් ඉල්ලනවා තමන්ගෙ ලැබෙන්න ඉන්න පුතාට ආරක්ෂිත පවුලක් හොයලා දෙන්න කියලා. ඉතින් S.H.I.E.L.D. Director Nick Fury මාර්ගයෙන් Tonyව Stark familyඑකට ලැබුණෙ ඔය විදිහට.

ටෝනිගෙ Ironman origin එක ගැන නම් වැඩිදෙයක් කියන්න නෑ. Movie එකේදි වගේම තමයි වෙන්නෙ.

සෑහෙන කාලයක් යනකම් හැමදෙනෙක්ම හිතන් හිටියෙ Iron man කියන්නෙ ටෝනි ස්ටාක්ගෙ Bodyguard කියලා.

Mallen කියන terrorist එක්ක කරන සටනකදි ටෝනිට ඉතාමත්ම හානි වුනත් Extermis ලබාදීම නිසා ටෝනි සුවවෙනවා. ඒවගේම තාක්ෂණික දේවල් එක්ක සම්බන්ධ වෙන්න ටෝනිට හැකියාවක් ලැබෙනව. (Extremis කියන්නෙ supersoldier drug project එකක්. (Virusඑකක්)) Skrull invasion එකේදි ටෝනිගෙ armorඑක alien cyber virus එකකින් ආසාධනය වීම නිසා extermis virusඑක සම්පුර්ණයෙන්ම ටෝනිගෙ ශරීරයෙන් ඉවත් වෙනවා.

Civil War කාලෙදි S.H.I.E.L.D. Director Maria Hill ටෝනිව S.H.I.E.L.D. director විදිහට ප්‍රකාශ කරනවා. මීටපස්සෙ ටික කාලයක් යනකම් ටෝනි director විදිහට ඉඳලා නැවතත් U.S.වල President විසින් Maria Hill Directorවෙනවා.

Civil War 2 එක වෙන්න ටික කාලෙකට කලින් ටෝනි තමන්ගෙ ඇත්ත දෙමාපියන්ව හොයනවා. ඒවගේම ටෝනි දැනගන්නවා එයාගෙ අම්මා ඒවෙද්දි ජනප්‍රිය music producer කෙනෙක් වෙන Amanda Armstrong කියලා.

Civil war 2හිදි ටෝනි, Captain Marvelගෙ පාරවල් වලින් කෝමා තත්ත්වයකට පත් වෙනවා.

ටෝනි කෝමා එකෙන් හිටපු කාලෙදි,
Victor von Doom, Model prime armorඑක හොරකම් කරලා මීළඟ iron man බවට පත්වෙනවා.
ටෝනිගෙ මනසේ digital copy එකක් ක්‍රියාත්මක වෙලා Riri Williamsට(ironheart) සහය වෙනවා.
ටෝනිගෙ අවසන් කැමැත්ත අනුව Amanda Armstrong Stark industriesවල CEO වෙනවා.
Punisher තමන් හොයාගත්ත war machine armorඑකක් පාවිච්චි කරලා මීළඟ War machine වෙනවා. (Punisher : War machine කියන්නෙ කියවන්න ඕනෙම Comic series එකක්)

කාලයත් එක්ක තමන් රහසිගතව ශරීරයට කරපු වෙනස්කිරීම් නිසා ටෝනිගෙ ශරීරය restart වෙනවා. ඒවගේම Civil war 2 එකේදි මැරුණ Rhodeyගෙ ශරීරයට ආපහු පණ දෙන්නත් ටෝනිට පුළුවන් වෙනවා. ටෝනි සහ රෝඩ්ස් ආයෙමත් ආවට පස්සෙ ගොඩක් දේවල් තිබුණු විදිහට වෙනස් වෙනවා.

 2019දි Stark Industriesඑක Stark Unlimited කියන නමින් වෙනස් වෙනවා.

ටෝනි Captain America, Black Widow, Black Panther සහ Shang-Chi මගින් නිරායුද සටන්ක්‍රම ඉගෙනගෙන තියෙනවා.

Tony Starkගෙ girlfriendලගෙන් කිහිපදෙනෙක්,
Meredith McCall
Sunset Bain
Joanna Nivena
Pepper Potts
Natasha Romanoff
Janice Cord
Marianne Rodgers
Whitney Frost
Bethany Cabe
Janet van Dyne
Indries Moomji
Heather Glenn
Brie Daniels
Rae LaCoste
Kathy Dare
Dr. Su Yin
Veronica Benning
Rumiko Fujikawa
Calista Hancock
Anna Wei

Stan Leeට අනුව ටෝනිගෙ personalityඑක නිර්මාණය කිරීමට එකල inventor කෙනෙක්, multi-millionaire කෙනෙක් වූ Howard Hughesව පදනම් කරගෙන තියෙනව.

Iron Man Vol 4 #7 කොමික් එකට අනුව ටෝනි පෘථිවියේ පොහොසත්ම පුද්ගලයින් අතර 36වෙනි ස්ථානය ලබාගෙන තියෙනවා.

Ultron agenda(2019) comic series එකේදි අල්ට්‍රොන් විසින් ටෝනිව armorඑක එක්ක merge කලාට පස්සෙ ටෝනි nano ironbot කෙනෙක්ව තමන්ගෙ ශරීරයට ඇතුල් කරගෙන පරික්ෂා කරද්දි ටෝනිට දකින්න ලැබෙනවා තමන්ගෙ ශරීරයත් කොච්චර කෘත්‍රිම වෙලාද කියලා. සරලවම කිව්වොත් ටෝනි දකිනව තමන් දැන් TONY STARK කියන පුද්ගලයගෙ simulation එකක් කියලා. Civil war 2 (2016දි) එකේදි TONY STARK මැරිලා දැන් ඉන්නෙ artificial life form එකක් කියලා. මේ නිසා ප්‍රසිද්ධියේම මේ ගැන කියලා ටෝනි සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට අතුරුදහන් වෙනවා. ඒවගේම  මේ සිදුවීම් නිසා Stark unlimited සතු සියලුම දේවල්වල අයිතිය(armorsවල අයිතිය ඇතුලුව) ඇත්තම ස්ටාක්ට ලැබෙනවා.

ඒත් ආනෝ කියන විදිහට තමන්ට පැරණි නටඹුන් වලින් වැඩක් නෑ. වැඩක් තියෙන එකම දේ අනාගතය. "God Buster armorඑක, ඒ තමයි 2020 iron man !

2020වසර උදාවෙන්න තත්පර තුනයි. බෙල් එක වැදිලා අලුත් අවුරුද්ද උදාවෙනවත් එක්කම New york නගරයේ අහසේ Iron man 2020ව බලාගන්න ලැබෙනවා.

 ලංකාවෙ වැඩිම marvel fansලා ගණනක් ඉන්න අපේ Facebook groupඑකටත් join වෙන්න👇👇
https://www.facebook.com/groups/1936179566669834/?ref=share

✍️ © Shane Perera
Part of the journey is THE END..........

Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List