Wanda සහ Agnes අතර සම්බන්ධය ගැන

ඇගතා හාක්නස් කියන්නෙ හරියටම වයසක් දන්නෙ නැති, ඒත් ඇට්ලැන්ටිස් මුහුදු පතුලේ ගිලෙන්නත් අවුරුදු පන්සීයකට කලින් වුණු දේවලුත් දන්න කෙනෙක්.....

මෙයාගෙ ප්‍රධානම power එක තමයි Sorcery ඒකියන්නෙ මායාවන්.... 


ඇගතාගෙ අතීතෙ ගැන දේවල් කිව්වොත්, (වොන්ඩාගෙ සම්බන්ධෙ ගැන කියවන්න පෝස්ට් එකේ යටට යන්න ඕනෙ වෙයි...)

දාහත්වෙනි සියවසේදි, Salemවල කොලනියක මෙයා ජීවත් වෙලා තියෙනව... . ඒවගේම මෙයා මැජික් පුරුදුවෙන්න witchesලගෙ කන්‍යාරාමයක් හදලා තියෙනවා.

මේ කාලෙදි පියුරිටන්ස්ලා මේ මායාකාරියන්ව අල්ලගෙන මරනවා. මේක තමයි  "Salem Witch Trials" කියලා හඳුන්වන ප්‍රසිද්ධ සිදුවීම.


ඒත් ඇගතා මේකෙන් බේරෙනවා... ඒවගේම ඇගතා කියලා තියෙන විදිහට මේකෙන් වුණු එක හොඳක් තමයි මේ සිද්දියෙන් පස්සෙ මායාකාරියන්  තවත් මානසිකව ශක්තිමත් වුණු එක... අගතා මේකෙන් පස්සෙ New Salemවල (කොලරාඩෝ) magical community එකක් හදලා තියෙනවා....

ඒවගේම මැජීෂියන්ලා සහ විච්ලාව මරන්න සාමාන්‍ය මිනිස්සුන්ට උදව් වෙලා තියෙනවා. දුර්වල අයව අයින් කරලා බලවත් අයව වැඩි කරන්න... මේ අයට සාමාන්‍ය මිනිස්සුන්ට වඩා සෑහෙන කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලත් සඳහන් වෙනවා... 


Wandavision seriesඑකේදි මෙයාගෙ හස්බන්ඩ් කවුද කියලා පෙන්වන්නෙ නෑ වගේම කොමික්වලදිත් කවදාවත් මෙයගෙ හස්බන්ඩ්ව පෙන්වලා නෑ...

ඒත් ඇගතාට නිකලස් ස්ක්‍රැච් කියලා පුතෙක් ඉඳලා තියෙනව... (පස්සෙ මෙයාගෙන් මුණුපුරන් 7ක් ලැබෙනවා)


දහඅටවන සියවස අගබාගෙ ඇමෙරිකන් විප්ලවේ කාලෙදි ඇගතා "Daughters of Liberty" කියලා හඳුන්වන කාන්තා සටන් කණ්ඩායමේ ඉඳලා තියෙනවා... මේකෙ සාමාජිකයින්ටත් මෙයා මිස්ටික් ආට්ස් උගන්වලා තියෙනව...

දෙවෙනි ලෝකයුද්ධ කාලෙදි U.S. Army එකෙත් ඉඳලා තියෙනව.....


ඒවගේම දුප්පත් ළමයින්ට උගන්වන ගුරුවරියක් විදිහටත් සේවය කරලා තියෙනවා... ඒවගේම අපේ most powerful superhuman කොලුවා Franklinගෙ නැනී විදිහට වැඩ කලෙත් ඇගතාම තමයි......


ඒවගේම මේ කාලෙදි මෙයාට එබෝනි කියලා පූසෙක් හිටියා.... පූසෙක් කිව්වට මූට බ්ලැක් පැන්තර් කෙනෙක් විදිහට වෙනස්වෙන්න පුළුවන් වෙනත් මානයකින් ආපු මායා ජීවියෙක්..... (එනිවේ, ඇගතා මූව මරලා උගෙ හාට් එක අමුවෙන් කෑවා පස්සෙ කාලෙකදි😈)


Frankගෙ නැනී විදිහට හිටපු කාලෙදි, කීපවතාවක්ම අනතුරක් වෙන්න කලින්ම ඇගතා fantastic four පවුල ඒ ගැන දැනුවත් කරලා තියෙනව.... Wanda කියනවා වගේ " Agnes you're a life saver."


ඒවගේම ultronව මරන්න, Franklinට පවර්ස් පාවිච්චි කරන්න උදව් කලෙත් අගතා...


ඇගතාගෙ පුතා, ඇගතා Fantastic fourලට එකතුවෙලා තමන්ගෙ community එකට ද්‍රෝහි වුණා කියලා, Salemවල Magician communityඑක අගතාට විරුද්ධව යොදවනවා. ඉතින් communityඑක මෙයාව මරන්න හැදුවත් F4 teamඑක ඇගතාව මේකෙන් බේරගන්නවා...

 

පස්සෙ කාලෙදි, "Salem's Seven" ඇගතාගෙ Grandchildrenලා නිව් සලීම් කමියුනිටි එක අල්ලගෙන ඇගතාව උල තියලා, පුළුස්සලා මරනවා.. ඊළඟට Salem's Sevenලා ඒකාලෙදි බලවත්ම මායාකාරියක් වුණු ස්කාලට් විච්, A.K.A. වොන්ඩා එක්ක, සටන් කරනවා...

මේ වෙලාවෙදි කමියුනිටි එකේ සේරම අයගෙ energyඑක සෙවන්ලගෙ වර්ටිගෝ විසින් අවශෝෂණය කරගෙන ඉන්නවා. මේ සටනෙදි වර්ටිගෝගෙ පාලනය නැතිවුණාම වොන්ඩා ඒ energyඑක තමන්ගෙ පාලනයට අරගෙන  නවත්වන්න හැදුවත් කමියුනිටියෙ සේරම අයව අලුවෙලා යනවා... මේ energyඑක තියෙද්දිම තමයි වොන්ඩා ප්‍රෙග්නන්ට් වෙන්නෙ...

ඒවගේම මේ කාලෙදිම ඇගතා ආයෙමත් එනවා... ඒත් ඒ කොහොමද කියන එක රිවීල් වෙන්නෙ නෑ... ඇගතා ඇවිත් කියන විදිහට වොන්ඩාගෙ ළමයි දෙන්නා හැදෙන්නෙ මෙෆිස්ටෝගෙ(මාවල් යුනිවර්ස් එකේ සාතන්/යක්ෂයාගෙ) ආත්මයේ කොටස්වලින්... කාලෙත් එක්ක මෙෆිස්ටෝ මේ දෙන්නව අවශෝෂණය කරගෙන තමන්ගෙ ආත්මය සම්පූර්ණ කරගන්නවා... මේනිසා මෙෆිස්ටෝ එක්ක ෆයිට් කරන්න යන්නෙ නැතුව වොන්ඩාට තමන්ගෙ ළමයි ගැන තියෙන මතකයන් නැතිකරලා දානවා...

ඒවගේම ඇගතා, වොන්ඩාව තවත් තමන්ගෙ බලය පාවිච්චි කරන්න පුහුණු කරවනවා... ඇත්තටම වොන්ඩාගෙ බලය තමයි "chaos magic" පාලනය කිරීමේ හැකියාව කියලත් ඇගතා හෙළිකරනවා... මම කලින් පෝස්ට් එකේදි කිව්ව විෂන්ගෙ විඥානය හදන්න, brain patterns ගන්න පාවිච්චි කරපු Wonder Manට ආයෙමත් පණදෙන්න වොන්ඩට උදව් කරන්නෙත් ඇගතා...

(ඒ ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න👇👇 https://www.facebook.com/113588526696099/posts/464859898235625/)


වොන්ඩා තමන්ගෙ ළමයි දෙන්නා ගැන දැනගත්තට පස්සෙ ඇගතාගෙ මිනිය S.H.I.E.L.D.එකට හම්බවෙනවා... (කොමික්වල වොන්ඩා එළියට විසිකරලා නිකම්ම ඉන්න කෙනෙක් නෙමෙයි ඉතින්😈)

කාලෙකට පස්සෙ, ක්ලින්ට් බාටන්(හෝක්අයි) වොන්ඩව හොයද්දි වොන්ඩා කියනවා එයා ඉන්නෙ "Aunt Agatha" එක්ක අපාට්මන්ට් එකක කියලා....  ඒත් ක්ලින්ට් මේ ආන්ට් ඇගතා කවුද කියලා බලන්න දොර අරින්න හදද්දි ලොක් එක වෙනස්වෙලා ක්ලින්ට්ට මේ ගැන දැනගන්න බැරිවෙනවා.... (ඇත්තටම ඇගතාගෙ soulඑක වගේ තමයි වොන්ඩා එක්ක හිටියෙ. (මට මතක විදිහට))


Natalya Maximoff, තමන්ගෙ ජීවිතේ පූජා කලාට පස්සෙ ඇගතා ආයෙමත් ජීවයට එනවා... ඇගතා, Wundagore Everbloom කියන මායා පුෂ්පයෙන් අනාගතය දකින්න සපුරන්න ඕනෙ අවශ්‍යතාවයක් විදිහට අර කලින් කියපු පූසා/ ඉබෝනිව මරලා  අනාගතය දකිනවා.... ඇගතාට බලාගන්න ලැබෙන්නෙ ලේ තැවරුණු විෂන්, තමන්ගෙ සමීපතමයන්ගෙ මිනී එක්ක ඉන්නවා...


ඉතින් ඔහොම තමයි ඇගතා ගැන comicsවලදි පෙන්වන්නෙ... comicsවලදි ඇගතා කියන්නෙ පට්ට ඩාක් පැත්තක් තියෙන සුදු චරිතයක්.... ඒත්, MCUඑකේ ඇගතා,(අපි දන්න ඇග්නස්) සුදු චරිතයක්ද? කළු චරිතයක්ද? කියන එක දැනට ප්‍රශ්නයක්.... බලාගෙන ඉමු AGNESS, WANDAට උදව් කරයිද? නැත්තම් වෙනම එකක්ද කියලා....✌️


ඒවගේම Wandavision එකෙන් X-menලව ගෙනෙයිද? නැත්තම් ඒක කොහොම වෙයිද? කියන එක ගැන දැනගන්න පහත link එකෙන්👇👇 

https://youtu.be/CGyLofdi8RA


#SLMARVELFANSUNITED

#Cosmic_maniac

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List