Grim reaperගෙ Wandavision සම්බන්ධය මොකක්ද?


එරික් විලියම්ස් කියන්නෙ සයිමන් විලියම්ස් A.K.A. Wonder Manගෙ සහෝදරයා. පොඩිකාලෙ ඉඳලම සයිකො වගේ හැසිරුණු නිසා සයිමට වගේ එරික්ට ආදරයක් ලැබුණෙ නෑ.


එකපාරක් එරික් පොඩිකාලෙ කරන වැඩ නිසා ගෙදර ගිනි ගන්නවා. මෙතනින් පස්සෙ සයිමන් එරික්ගෙ පස්සෙන් ඉඳලා එරික්ව බලාගන්න තීරණය කරනවා. ඒත් දෙන්නම වයසින් වැඩුණම එරික් මැගියා(Maggia) එකට ජොයින් වෙනවා. (Maggia කියන්නෙ යුරෝපීය සහ ඇමෙරිකානු Crime Familiesවල එකතුවක්) ඒත් සයිමන් පවුලෙ බිස්නස් එක "Williams Innovations" බාරගෙන කරනවා. ස්ටාක් ඉන්ඩස්ට්‍රිස් නිසා මේක බංකොලොත් වෙනවා. මේ නිසා එරික් සහ මැගියා එකෙන් උදව් ගන්න ගිහින් පොලීසියට මාට්ටු වුණ සයිමන්ව හිරෙන් එළියට ගන්න බැරන් සීමෝ. (Civil War බැලුවනම් සීමෝව දන්නෑ කියන්න එපා ඉතින්😅)


Zemo මේක කරන්නෙ සයිමන්ව Wonder man කරලා ටෝනි ස්ටාක් සහ ඇවෙන්ජස්ලව පරාද කරන්න... ඒත් පොරගෙ හොඳ හිත නිසා ඇවෙන්ජස්ලව බේරගන්න සයිමන් මැරෙනවා.

Wonder Man ගැන වැඩිවිස්තර පහත ලින්ක් එකෙන් බලන්න👇👇(පෝස්ට් එක කියවලා ඉවරවෙලා බලන්න.)

https://slmarvelfansunited.blogspot.com/2020/03/wonder-man.html


මේ නිසා එරික්ට කොච්චර තද වුණාද කියනවනම්, එරික්, ටින්කර(ර්) (Tinkerer) ගාවට ගිහින් scythe weaponඑක හදාගන්නවා...  (Grim Reaperගෙ දෑකැත්ත වගේ එක)

(Tinkerer කියන්නෙ ගොඩක්ම විලන්ලට ආයුධ නිර්මාණය කරපු කෙනෙක්. පොර තමයි homecoming එකේ Vultureට ආයුධ හදලා දෙන්නෙ)

ඒවගේම මතක තියාගන්න 2021. 02. 01දි මම කිව්වා කියලා Black widow movie එකටත් සෘජුවම Tinkerer සම්බන්ධ වෙනවා කියලා...✌️😉


ආපහු කතාවට බැස්සොත් ග්‍රිම් රීපර් A.K.A. එරික් Avengersලව පරද්දලා දානවා... ඒත් Black panter ගේමට බහිනවා... මේ නිසා grim reaper ඉල්ලන් කෑව වෙනවා... "All hail the King !!" ❤️👑️


කාලෙකට පස්සෙ Grim Reaper, Lethal Legionඑක එක්ක (Living Laser, Power Man, The Man-Ape, සහ Swordsman) එක්ක ඇවෙන්ජස්ලට ගේමක් දෙන්න ආවත් Vision නිසා මෙයාලට පරදින්න වෙනවා... විෂන්ගෙ සම්බන්ධෙ පටන් ගන්නෙ මේකෙන්...👇👇


Mcuඑකේ කතාව වෙනස් කලාට, ඔරිජිනලි විෂන්ව හදන්නෙ අල්ට්‍රොන්... මේ ක්‍රියාවලියට අල්ට්‍රොන් යොදාගන්නෙ ලෝක යුද්ධ කාලෙදි කැප්ටන් ඇමෙරිකා එක්ක එකට හිටපු Android human torch  කියන Androidව... ඒවගේම, විෂන්ගෙ විඥානය හදන්න පාවිච්චි කරන්නෙ සයිමන්ගෙ brainwave patterns.🧠


මේ නිසා සයිමන්ගෙ සංරක්ෂණය ශරීරෙට විෂන්ගෙ මනස එකතු කරලා ආයෙමත් සයිමන්ව හදන්න ග්‍රිම් රීපර් ගොඩක් උත්සහ කරනවා. ඒවගේම සමහරවෙලාවට විෂන්ව ආරක්ෂා කරනවා... ඒත් ඒක කරන්න බැරිවුණ දෙයක්.. කාලෙත් එක්ක සයිමන්/wonder man ආයෙම ජීවයට ආවම(ඕවා පැහැදිලි කලොත් මේක තවත් දික් වෙනවා) ඇත්තම සයිමන්ව හොයාගන්න ග්‍රිම් රීපර් විෂන් සහ Wonder man දෙන්නම එක්ක සටන් කරනවා.

ඒවගේම ග්‍රිම් රීපර් මායා වැඩ, භූතාත්ම ගෙන්වීම්, illusions නිර්මාණය වගේ දේවලුත් ඉගෙනගන්නවා.


Wandavision සම්බන්දෙ නිසා ග්‍රිම් රීපර් අපේ Scarlet Witchව/වන්ඩාව මරන්නත් උත්සාහ කරලා අසාර්ථක වෙනවා..

House of M වගේ සිදුවීම් වුණාට කාලෙකට පස්සෙ Vision තමන්ගෙ මනුෂ්‍ය හැඟීම් නිසා තමන් වගේම synthezoid පවුලක් නිර්මාණය කරගෙන වර්ජිනියාවල ජීවත් වෙනවා... (මම කියවලා තියෙන Creepyම කොමික් එක තමයි මේ Visions comicඑක 😈) මේ කොමික් එක Wandavision seriesඑක විෂන්ගෙ perspectiveඑකෙන් හැදුණා වගේ තමයි..


 කොහොමවුණත් මේ සින්තසොයිඩ් පවුල අසල්වාසීන් අතර celebritiesලා සෙට් එකක් වගේ වෙනවා. ඒවගේම තමන්ගෙ පවුල අසමාදානයෙන් ඉද්දි තමන්ගෙ සහෝදරයගෙන් නිර්මාණය කරපු විෂන් පවුලක් හදාගෙන සතුටින් ඉන්න නිසා, ආයෙමත් ග්‍රිම් රීපර් විෂන්ට වෛර කරන්න ගන්නවා.

එක රැයක විෂන් ඇවෙන්ජස්ලා එක්ක වැඩට ගියාම Grim Reaper විෂන්ගෙ දුව විව්(Vivව) එයාගෙ නිවුන් සහෝදරයා වින්(Vinව) මරන්න හදනවා. ඒත් විෂන්ගෙ වයිෆ් වර්ජිනියා (Virginia) එකපාරටම ඇවිත් තමන්ගෙ ළමයි ඉස්සරහම ග්‍රිම් රීපර්ව ගහලා මරලා දාලා ගෙදර පිටිපස්සෙ වළලනවා...


ඉතින් ඔහොම තමයි ග්‍රිම් රීපර් සහ විෂන්ගෙ සම්බන්ධය සිද්දවෙන්නෙ... 

Grim reaperගෙ ජීවිතේ ගැන තවදුරටත් බැලුවොත් එරික් / රීපර් කියන චරිතයෙන් මාවල් පෙන්වන්නෙ තමන්ගෙ අසාමාන්‍යතා නිසා පොඩිකාලෙදි කොච්චර අසාධාරණකම් වුණත්, තමන්ගෙ සහෝදරයාව ආරක්ෂා කරන්න ට්‍රයි එකක් දෙන, ඒත් තමන්ට ආයෙමත් හැරෙන්න බැරි නරක පැත්තකට ගිය සහෝදරයෙක්ව....😔


Extra:

තවදුරටත් විෂන්ගෙ පවුල ගැන කිව්වොත් පට්ට creepy විදිහට විෂන්ගෙ පවුලෙ එකිනෙකා මැරෙනවා.. (සින්තසොයිඩ් බල්ලෙකුත් මේ පවුලෙ හිටියා) කාලෙකට පස්සෙ විෂන්ට පුළුවන් වෙනවා ආයෙමත් විව් 2.0 කෙනෙක්ව නිර්මාණය කරන්න... මේ වෙද්දි විව් කියන්නෙ champions සාමාජිකයෙක්..

Champions ගැන කියද්දි පොඩි දේවල් ටිකක් පහත link එකේ වීඩියෝ එකෙනුත් අපි කිව්වා... ඒකත් බලන්න..👇👇

https://youtu.be/MWzp0FiyHaI


විෂන්ගෙ සහ ග්‍රිම් රීපර්ගෙ සම්බන්ධය ගැන කතා කරන්න හේතු වුණේ Wandavision seriesඑකේදි Grim reaperගෙ හෙල්මට් එක පෙන්වපු එක නිසා...


මේ වගේ ගොඩක් දේවල්, දැනට රිලීස් වුණු චූටි එපිසෝඩ් තුනකින් විතරක් Wandavision සීරිස් එකේදි පෙන්නුවා... ඉතින් සම්පූර්ණ සීරිස් එකම ඉවරවෙද්දි කොච්චර දේවල් පෙන්වයිද කියලා හිතලා බලන්න....🤯 

POWER OF MARVEL!!💪😅


Mcuඑකේදි කොහොම Grim Reaperව කතාවට සෙට් වෙයි කියලද හිතන්නෙ??? කොහොමද reaperගෙ හෙල්මට් එක Wandavision එකට ආවෙ ? Ultron, Visionව හදද්දි Simon එක්ක මොකක්හරි සම්බන්ධයක් තිබුණද? නැත්තම් Wandaගෙ අලුත් powers එක්ක Grim Reaperගෙ powers සම්බන්ධයක් තිබුණද? නැත්තම් grim reaperව වන්ඩා මරලා හෙල්මට් එක අරන් තිබ්බද??

හිතන්න......


ඉදිරියෙදි අපේ Youtube චැනල් එකෙන් කරන්න ඉන්න ඉදිරි එපිසෝඩ් වලදිත් අපි මේවගේ interesting මාතෘකා ගැන වැඩිදුරටත් කතා කරන්න හිතන් ඉන්නවා... ඒනිසා උඩ තිබුණු link එකෙන් ගිහින් අපේ youtube channel එකත් subscribe කරලා notification on කරගෙන ඉන්න......


ඉදිරියෙදි හම්බවෙමු...... 

Excelsior !!


#Cosmic_maniac


#Slmarveltalks

#Slmarvelfansunited

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List