කවුද මේ පිස්සු Ghost Rider | COSMIC GHOST RIDER

 

නිකමට හිතන්න ඔයා marvel universeඑකේ මනුෂ්‍යයෙක්  කියලා... ඔයා ජීවිතේ ලබන්න පුළුවන් දරුණුම අත්දැකීමකට මුහුණ දෙනවා.

ඒවෙලාවෙදි ඔයා කියනවා මට මේකෙන් ගැලවෙන්න පුළුවන් වුණොත් මම ඕනෙම දෙයක් කැපකරනවා කියලා..

Marvel universeඑකේ Devil තමයි mephisto...😈ඉතින් random chance එකක් තියෙනව ඔයා කියපු දේ mephistoට ඇහෙන්න...

ඉතින් ඒ විදිහට වුනොත්, ඔයාව මෙෆිස්ටෝට ස්පෙෂල් කියලා හිතෙනවනම්,
ඒවෙලාවෙදි mephisto ඇවිත් ඔයාට චාන්ස් එකක් දෙන්න පුළුවන්
"උබට ඕනෙ දේ මම දෙන්නම්, ඒවෙනුවට මම උබව ghost rider කෙනෙක් කරනවා කියලා."

මේකෙදි ඇත්තටම වෙන්නෙ Spirit of Vengeance එකක් ඔයගෙ ශරීරෙ එක්ක එකතුකරන එක. මේ spirit of vengeanceඑක ආත්ම වලින් පෝෂණය වෙලා hell එකට අලුත් ආත්ම ලැබෙනවා..
ඉතින් ඒකට එකඟ වුණු අය තමයි ghost ridersලා කියන්නෙ... 💀🔥🔗
මේ අයට Ghost Rider කියන නම ලැබෙන්නෙ කොහොමද කියන එකටත් කතාවක් තියෙනව...

මේක වෙන්නෙ අවුරුදු මිලියනයකට විතර කලින්....📖️
මේ කාලෙදි පෘථිවියේ ඉන්න මානවයො කණ්ඩායමක කතාකරන්න පුළුවන් එක මානවයෙක් ඉන්නවා... දවසක් මේ මානවයො ඉන්න ගුහාවට වෙන්ඩිගෝ එනවා... 

(වෙන්ඩිගෝ කියන්නෙ ඇමෙරිකානු ජනප්‍රවාදයේ එන ලේ පිපාසිත රාක්ෂයෙක්)

ඉතින් වෙන්ඩිගෝ මේ මානවයින්ව මරලා, අර විශේෂ මානවයව ඉතුරු කරලා යනවා... ඒ වෙලාවෙදි අර මානවයට වෙන්ඩිගෝ කියනව

"උබ දැන් ghost කෙනෙක්. උබව මතක කවුරුවත් ඉතුරුවෙලා නෑ" කියලා...

ඉතින් මේ ghostට තනියම ගුහාවක survive වෙලා ඉන්න බැරිනිසා දවසක් ගුහාවෙන් එළියට ගියාම සීතල නිසා හිමේදි මෙයාව මැරෙන්න යනවා... මේවෙලාවෙදි මේක මෙෆිස්ටෝ දකිනවා...

ඉතින් මෙෆිස්ටෝ, මේ ghost කියන කෙනාට වෙන්ඩිගෝගෙන් පලිගන්න කියලා, විවිධ දේවල් offer කරනවා... අන්තිමට සීතල දරාගන්න බැරිනිසා ghost, උණුසුම වෙනුවෙන් මෙෆිස්ටෝට එකඟ වෙනවා....

මේකෙන් මෙයාව hell fireවලින් හැදුණු ඇටසැකිල්ලක් වගේ වෙනවා... ඒවගේම Ghost, මැමත් කෙනෙක්ව හොයාගෙන ride කරනවා....

ඔය විදිහට තමයි ghost කියන පුද්ගලයා Rider කෙනෙක් වෙන්නෙ... මෙයාගෙන් තමයි Ghost rider කියන නම පෘථිවියේදි originate වෙන්නෙ...

මේ විදිහට අවුරුදු මිලියනයකට කලින් හැදුණු Ghost riderගෙන් පස්සෙ අද වෙනකම් MARVEL පෘථිවියේ ghost ridersලා සෑහෙන ගාණක් ඉඳලා තියෙනවා....
සමහරු අශ්වයො🐎 පැදලා තියෙනව, සමහරු කරත්ත, රෝදපුටු, බයික්, වගේම dodge charger පදින ghost ridersලත් ඉඳලා තියෙනවා...

වර්තමානයේදි ghost ridersලා 3ක් විතර marvel earthඑකේ ඉන්නවා.

ඉතින් ඔහොම හැදුණු specialම ghost rider කෙනෙක් තමයි Cosmic ghost rider කියන්නෙ..

මුලින්ම Cosmic ghost riderව බලාගන්න ලැබෙන්නෙ Donny Catesගෙ thanos #13 issue එකේදි...
මේක තමයි thanos wins කියන comicඑක...

මේක පටන් ගන්නෙ අනාගතයේදි, තෑනෝස් පෘථිවියේ සේරම heroesලව මරලා universe එකේම ජීවය විනාශ කරපු කතාවකින්.

ඒවගේම මේකෙදි වර්තමානයේ තෑනොස්ව හොයාගෙන අමුතුම ජාතියෙ ghost rider කෙනෙක් එනවා...

හැබැයි මේ Dialඑක පිස්සු හැදුනු, ඒවගේම තනිකරම deadpool වගේ පිස්සු කියවන පොරක්...

මේ ghost rider එන්නෙ thanosව අනාගතයට අරගෙන යන්න...
ඒ ඇයි කියලා බැලුවොත්,
අනාගතේ ඉන්න තෑනෝස්ට ඕනෙවෙනවා වර්තමාන තෑනෝස් අතින් මැරිලා death එක්ක එකතු වෙන්න...
තෑනෝස් මැරෙනවනම් ඒ වෙන කෙනෙක්ගෙ අතින් වෙන්න බෑ. ඒක තමයි තෑනෝස්ගෙ තියරිය...

ඉතින් මෙන්න මේකට තමයි වර්තමාන තෑනෝස්ව අරන් යන්න අර අමුතුම ghost rider එන්නෙ...
පොර ඇවිල්ලා තෑනෝස්ව අරන් ගිහින් future thanosට දෙනවා...
King thanos, ඒකියන්නේ future thanosට  මැරෙන්න කලින් වැඩක් කරගන්න ඕනෙ වෙනවා.
ඒ තමයි fallen oneව මරන එක.
Fallen one කියන්නෙ අනාගතයේදි ඉතුරුවෙලා ඉන්න silver surfer..

ඉතින් මේ fallen oneව මරන වෙලාව එනකම් තෑනෝස් සහ king තෑනෝස් අතර ගොඩක් දේවල් සිද්දවෙනවා.
තෑනෝස් මෙච්චරකල් දැනන් හිටපු නැති ගොඩක් දේවල් වගේම Futureඑක ගැනත් ඉගෙන ගන්නවා..
ඒවගේම තෑනෝස්ට තමන්ගෙ අනාගතයේදි ඉන්න බල්ලව හම්බවෙනවා..

ඔව්. ඒ හල්ක්....
ඒවගේම මේ වෙලාවෙදි ghost rider කියන දේවල් තෑනෝස්ට ටිකක් familiar වගේ නිසා,
තෑනෝස් riderගෙ අහනව "මම ඔයාව දන්නවද?" කියලා.

මේවෙලාවෙදි තමයි rider කියන්නෙ එයා ෆ්‍රෑන්ක් කාසල් කියලා....
ඒවෙලාවෙදි තෑනෝස් කොච්චර ෂොක් වුණාද කියනවනම්, මම ඒ නම දන්නෑ කියලා තෑනෝස් මාරුවෙනවා..

එනිවේ...
මේකෙදි තමයි අපි දැනගන්නෙ cosmic ghost rider කියන්නෙ Frank castle,
ඒකියන්නෙ Punisher කියලා..
ඉතින් මේකෙන්ම හිතාගන්න පුළුවන් punisher වගේ තද හිතක් තියෙන දරුණු මනුස්සයෙක් deadpool වගේ කෙනෙක් වෙන්න තරම් future එකේ මොනවද වෙලා තියෙන්නෙ කියලා..

මේ කතාව පැත්තක තියලා ආපහු අතීතෙට ගිහින් අපි බලමු ෆ්‍රෑන්ක් කාසල්, A.K.A. punisherගෙ කතාව ගැන...

ෆ්‍රෑන්ක් කාසල් කියන්නෙ vietnam war එකේදි පවා සටන්කරපු u.s. marine captain කෙනෙක්... 

Frankට meddle of freedom එක හම්බවෙන්න කලින් දවසකදි, central parkඑකේ picnic එකක් අතරතුරේ mafia gunfight එකකට frankගෙ පවුල මැදිවෙනවා...

ඉතින් මේ fight එකේ සාක්ෂි නැතිකරන්න mafiaකාරයො frankගෙ පවුලෙ අයව මරනවා.... මෙතනදි frankට වෙඩි වැදුණු නිසා frank මැරිලා කියලා mafiaකාරයො හිතුවත්, frank මැරෙන්නෙ නෑ...
මේ නිසා ආයෙමත් කීපවතාවක්ම frankව මරන්න mafiaකාරයො try කලත් ඒක අසාර්ථක වෙනවා.

Frank මුලදි මේකට නීතිය ඉස්සරහට ගියත් නීතිය සල්ලිවලට යටවෙලා තියෙන්නෙ කියලා frank තේරුම්ගන්නව...
තමන්ගෙ wife, ළමයි දෙන්නා තමන්ගෙ ඇස් ඉස්සරහම මැරෙද්දි ඇතිවුණ shockඑක නිසා මේ marine soldierගෙ මනස සම්පූර්ණයෙන්ම වෙනස්වෙනවා....
මේ නිසා frank තමන්ට දැනගන්න ලැබෙන හැම අපරාධකාරයෙක්වම සුදුපාට skull එකක් තියෙන කලුපාට ඇඳුමකින් හොයාගෙන ගිහිල්ලා මරන්න පටන්ගන්නවා... 

මේවිදිහට අපරාධකාරයන්ව හොයාගෙන ගිහින් දඩුවම් දෙන නිසා Punisher කියන නම Frankට ලැබෙනවා.... එදා ඉඳලා Punisher කියන්නෙ අපරාධකාරයන්ගෙ අතරෙ Black listඑකේ #1 වෙනවා... මොකද කිව්වොත් සුදු skull එකක් තියෙන කළුපාට ඇඳුමක් ඇඳගත්තු කෙනෙක්ව දකිනවා කියන්නෙ ඒ අපරාධකාරයගෙ අන්තිම දවස තමයි ඒ...

ඉතින් ඒ තමයි punisherගෙ කතාව... වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් Netflix Punisher series එක බැලුවොත්....

ඉතින් ඔය විදිහට Punisher දශක ගාණක් ඉද්දි,
තෑනෝස් ආයෙමත් පෘථිවියට  ඇවිත්, සේරම heroesලව මරනවා.... මේවෙලාවෙදි punisherගෙ wishඑක වෙන්නෙ මම මේ දම්පාට @#&%*ව මරන්න ඕනෙම දෙයක් කැපකරනවා කියන එක...

ඉතින් මේ කතාව මෙෆිස්ටෝට ඇහෙනවා... ඉතින් මෙෆිස්ටෝට එකඟවුණ නිසා තමයි Frankව Ghost Rider කෙනෙක් වෙන්නෙ...

එතකොට cosmic powers ආවෙ කොහොමද කියන එක ගැන බැලුවොත්,

ටික කාලෙකට පස්සෙ Galactus තෑනෝස්ගෙන් බේරිලා උදව් ඉල්ලන්න පෘථිවියට එනවා...  ඒවෙද්දි පෘථිවියේ හිටියෙ Ghost rider විතරයි.....
ඉතින් මේ Last man standing, galactusට උදව් කරන්නම් කියලා galactusගෙ herald වෙනවා. ඉතින් අපි Marvel universeඑකේ  most powerful characters ගැන කතාකරපු episode එකේදි කිව්වා වගේ ( https://youtu.be/ICwcd-ii10A )  Galactusගෙ herald කෙනෙක් වෙද්දි Power cosmic එකෙන් කොටසක් heraldටත් ලැබෙනවා....
මේකෙන් තමයි ghost riderට cosmic powers ලැබෙන්නෙ...

ඒත් කාලෙකට පස්සෙ ගැලැක්ටස්, thanos අතින් මැරෙනවා... ඊටපස්සෙ cosmic ghost riderට තෑනෝස්ගෙ servant වෙන්න වෙනවා...

ඉතින් ඔහොම තමයි Thanosව, king thanos ගාවට ගේන තැනට කතාව continue වෙන්නෙ...

Punisherගෙ අනාගතය එහෙම නැත්තම් Cosmic ghost riderගෙ කතාව ආයෙමත් continue කලොත්,

තෑනෝස්ලා දෙන්නා එකතුවෙලා fallen oneව පරද්දලා අන්තිමට king තෑනෝස් මැරෙනවා...
ඒවගේම වර්තමාන තෑනෝස් ආයෙමත් වර්තමානෙට යනවා... ඒත් මේ battle එකේදි cosmic ghost rider Fallen oneගෙ පහරකින් මැරෙනවා... (මේ පාර දෙන්නෙ mjolnir එකෙන්.)

මරණෙන් පස්සෙ cosmic ghost riderට Valhallaවලට යන්න Odin chanceඑකක් දෙනවා.... 9 realms ගැන පෝස්ට් එකක් ළඟදිම වැටෙයි.. ඒකෙදි Valhalla ගැන වැඩිදුර දැනගන්න පුළුවන්)
ඒත් Frank තමන්ගෙ පවුලෙ අයට මෙහෙම chance එකක් නොලැබුණු නිසා විශ්වාස කරනවා තමන් Valhallaවල ඉන්න සුදුසු නෑ කියලා...
මේනිසා Odin ආයෙමත් frankට ජීවත්වෙන්න අවස්ථාවක් දෙනවා... ඉතින් පොර ආයෙමත් අතීතයට, ඒකියන්නෙ marvel universeඑකේ වර්තමානෙට ගිහින් Cosmic ghost rider විදිහට ජීවත් වෙනවා.....

ඒවගේම නොකියපු කතාවකුත් තියෙනව.. Rider තෑනෝස් පොඩිකාලෙට ගිහින් තෑනෝස්ව මරන්න ගිහින් පොඩි සීන් එකකුත් වෙනවා. ඒක වෙනම කතාවක්......😅 

ඒගැන දැනගන්න නම්, "Baby thanos must die" කියලා කොමික් එකක් තියෙනව.... 

ඒක කියවන්න... දැනට මේ ඇති කියලා හිතනවා...

මේක ඇත්තටම ලියන්න හේතු වුණේ අපේ Video podcast seriesඑකේ Q&A sessionඑකේදි තිබුණු cosmic ghost rider සහ punisher ගැන තිබුණු ප්‍රශ්න නිසා....
අපි ඒ ගැන සාකච්ඡා කරලා episode එකක් record කලා... ඒත් ඒක එදා තිබුණු background noice එක නිසා ආපහු ගන්න බැරි තත්ත්වයක් තියෙනවා... ඒනිසා තමයි මේ විදිහට පෝස්ට් එකකින් උත්තර ටික දාන්න හිතුවෙ....

එහෙනම් ඊළඟ පෝස්ට් එකෙන් හෝ වීඩියෝ පොඩ්කාස්ට් එපිසෝඩ් එකෙන් හම්බවෙමු.... වීඩියෝ එකක් වුණොත්, notificationඑක ගෙන්වගන්න පහත linkඑකෙන් ගිහින් notification on කරගෙන ඉන්න...
https://www.youtube.com/channel/UCcBQmetckeMGi0fIPPqV8KA
.
.
.
.
.
.
Excelsior!!!

# Cosmic_maniac
#Slmarvelfansunited
#Slmarveltalks

Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List