Skrulls

රූපය වෙනස් කරන්නන්....! 
========================

හරි හැමෝම දන්නවනේ 2019 මාරුතු 08 වෙනිදා Captain marvel ගේ සොලෝ මූවි එකක් එනවා කියලා. ඉතින් MCU එකෙන් කරන පලවෙනි ෆීමේල් සුපර්හීරෝ සෝලෝ මූවි එක විදියට තමා මේක හදුවන්නේ. ඒ වගේම MCU එකේ හැරවුම් ලක්ශයක් විදියටත් මේක හදුන්වන්ඩ පුලුවන් ඉතින් ඔය හේතු නිසාම මෙයාලට මේක ඉතාමත් විශේෂ මූවි එකක් විදියට තමා හදුන්වන්නේ. ඉයේ පෙරේදා මෙකේ දෙවෙනි පූර්වප්‍රචාරක පටයත් දාපු නිසා මෙකේ ඉන්න චරිත ගැන පොඩි අවබෝදයක් අරගෙනම මූවි එක බලන එක හොදයිනේ.

කැප්. මාවල් ගැනනම් ගොඩක් අය මේ වෙනකොට හුගක් විස්තර දන්නව ඇති පේජ් වලින් ගෲප් වලින් එහෙම මෙයාගේ ලිපි කියෝලා කැප්. මාවල් ගැන හොද අදහසක් මේ වෙනකොට ඔය හැමෝටම ලැබිලා ඇති ඉතින් ඔය අතරේ කැප්. මාවල් ෆිල්ම් එකත් එක්කම එලියට ආපු වචනයක් තමා " Skrulls (ස්ක්‍රල්ස් ) " කියන්නේ....! කව්ද මේ Skrull ලා කියන්නේ ඒ ගැන තමා අද කතා කරන්න යන්නේ. සමහර කට්ටියනම් මේ අය ගැන හොදට දන්නවා ඇති ඒ වගේම සමහර අය මේ කට්ටිය ගැන ඇහුවෙත් කැප්. මාවල් මූවි එකෙන්ම වෙන්න පුලුවන්නේ.

Skrulls ලා MCU එකට මුලින්ම එන්නේ කැප්. මාවල් හරහා උනත්, 1962 ජනවාරී වල නිකුත් උන Fantastic Four #2 කියන කොමික් එකෙන් තමා මුල්ම වතාවට මේ කට්ටිය කොමික් ලෝකයට ප්‍රවිශ්ඨ වෙන්නේ එතනින් එහාට කොමික් පොත් කීපයකම මෙයාලා ගැන සදහන් වෙනවා. හරි දැන් බලමුකෝ මෙයාලා ගැන.

කෙටියෙන් මෙයාලට Skrulls කියලා කිව්වත්
" Deviant Skrulls " තමා මෙයාලගේ සම්පූර්ණ නම විදියට සදහන් වෙන්නේ. මෙයාලගේ ඔරිජින් එක ගැන බැලුවොත් Earth 616 වල Andromeda Galaxy එකේ Skrullos කියන ග්‍රහලෝකය තමා මෙයාලගේ වාසස්තානය වෙන්නේ Deviants AKA Homo descendus ලගෙන් කැඩිලා ආපු ජීවින් කොට්ඨාශයක් විදියට තමා මෙයාලව හදුන්වන්නේ ඉතින් ඔය හේතුව නිසා තමා මෙයාලට Deviant Skrull කියලා නම වැටිලා තියෙන්නෙ.
කොහොමහරි 5'5" ඉතර ශරීර උසක් තියන මෙයාලට Reptilian - Humanoid ශරීරයක් තමා තියෙන්නේ ගොඩක් වෙලාවට මෙයාලගේ බර සාමාන්‍ය වැඩුනු මිනිහෙකුගේ බරට සමාන වෙනවා. ඒ වගේම මෙයාලට කොල පාටට හුරු ශරීර වර්නයක් තමා තියෙන්නේ ( ගමෝරට වගේ ). මෙයාලාගේ වර්ගයා බෝ වීම ටිකක් විශේෂයි බිත්තර වලින් තමා මේ අය බෝ වෙන්නේ දැන් අහන්ඩ එපා කව්ද බිත්තර දාන්නේ කියලා Female skrulls ලා තමා බිත්තර දාන්නේ.
Andromeda Galaxy එකේ ඉන්න ආක්‍රමණශීලී ජන කොට්ඨාශයක් විදියට තමයි මෙයාලව හදුන්වන්නේ තමන්ගේ ජන වර්ගයා ගැන ඉතරක් හිතන Universe එකේ පැරණිතම ජීවීන් කොට්ඨාශයක් විදියටත් මෙයාලව හදුන්වනවා. මන් කිව්වනේ මෙයාලා ආක්‍රමණශීලී ජන කොට්ඨාශයක් කියලා ඒ වගේම මෙයාලා හිතන්නේ තමන්ගේ ජන වර්ගයා ගැන ඉතරයි ඉතින් ඔය හේතුව නිසාම මෙයාලා Galaxy එකේ තියන ගොඩක් ජන කොට්ඨාශ ආක්‍රමණය කරලා තමන්ගේ යටතේ තමා තියාගෙන ඉන්නේ කොච්චර ජන කොට්ඨාශ ප්‍රමානයක්ද කියනවනම් Andromeda Galaxy එක ඇතුලේ ඉන්න ජන කොට්ඨශ 1000 කට ආසන්න ප්‍රමානයක් මේ වෙනකොට මෙයාලා ආක්‍රමණය කරලා තියනවා ඉතින් ඔය නිසාම Skrulls Empire එකක් විදියටත් මෙයාලව හදුන්වනවා.

මෙයාලගේ ඉතිහාසය ගැන බැලුවොත් Skrulls ලගේ ආදිතමයන්ව Xorrians කියන ජීවීන්ගෙන් DNA වලින් පැවතගෙන එන ඉතාමත් සාමකාමී ජීවීන් පිරිසක් විදියට තමාහදුන්වන්නේ ( Xorrians " ක්සෝරියන්ස් " කියන්නේ Humans ලා Kree ලා වගේ Humanoid life form එකෙක් ඒ කියන්නේ මානවරූපී ජීවින් කොට්ඨාශයක් ) මන් මුලදී කිව්වා වගේ Skrullos තමා මෙයාලගේ මව් ග්‍රහලෝකය විදියට හදුන්වන්නේ දැනට අවුරුදු මිලියන 100 කට කලින් සෙලෙස්ටියල්ස්ලා එනවා මේ Skrullos කියන ග්‍රහලෝකෙට මේ කාලේ වෙනකොට Skrulls ලගේ ජන වර්ග තුනක් ගැන සදහන් වෙනවා ,

• Baseline Skrulls - කිසිම විශේෂ හැකියාවක් නැති සාමාන්‍ය කට්ටියක්.

• Deviant Skrulls - මේ අය ගැන තමා ප්‍රදාන වශයෙන්ම අපි අද කතා කරන්නේ. මෙයාලගේ ප්‍රදානම හැකියාව තමා තමන්ගේ ශරීරයේ හැඩය වෙනස් කිරීමේ හැකියාව. මේ ගැන අපි ඉස්සරහට වැඩි විස්තරත් එක්ක කතා කරමු.

• Eternal Skrulls - මෙයාලටත් විශේශ හැකියාවල් කීපයක් වගේම ඉතාමත් දිගු අයු කාලයක් ලැබිලා තියනවා.

කොහොම හරි සෙලස්ටියන්ලගේ පැමිනීමත් එක්ක මේ ජන වර්ග තුන අතර ටිකක් දරුනු යුද්දයක් පටන් ගන්නවා අන්තිමේදී Deviant skrulls ලා අනිත් වර්ග දෙකම නැති කරලා මේ යුද්දය ජයග්‍රහනය කරනවා. ඉතින් මේ වෙනකම්ම Deviant Skrulls ලා තමා මේ Skrulls Empire එක පාලනය කරන්නේ. මේ වෙනකොටනම් මේ Skrulls ලා ට්‍රිලියනක් ඉතර ජීවත් වෙනවා. මේ අය ටිකක් බුද්දිමත් කට්ටියක් විදියට තමා හදුන්වන්නේ ටිකක් නෙමේ ගොඩක් බුද්දිමත් කට්ටියක් පලවෙනි කොස්මික් කියුබ් එක නිර්මානාත්මක අයිතිය හිමිවෙන්නෙත් මේ Deviant Skrulls ලට.

හරි එහෙනම් ඔය විදියට තමා Skrulls ලගේ ප්‍රදානම කරුනු ටික වෙන්නේ දැන් පොඩ්ඩක් මේ අයගේ Powers & Abilities ගැන බලමු.
මන් කිව්වනේ අද අපි ප්‍රදාන වශයෙන්ම කතා කරන්නේ Deviant Skrulls ලා ගැන ඉතරයි කියලා ඉතින් ඒ නිසා Powers ගැන කතා කරනකොටත් මේ අයගේ powers තමා පැහැදිලි කරලා දෙන්නේ.
මෙයාලගේ හැකියාවල් ගැන කතා කරනකොට ප්‍රදාන වශයෙන්ම අපි Shapeshiting එහෙමත් නැත්නම් ශරීර හැඩය වෙනස් කිරීම ගැන තමා කතා කරන්නේ. මේ අයට තමන්ගේ හිතේ තියන ඔනෙම දෙයක් බවට පරිවර්තනය විමේ හැකියාවක් තියනවා කාබනික අකාබනික ද්‍රව්‍යමය , දියරමය ඕනෙම හැඩයක් බවට පරිවර්තනය වීමේ හැකියාවක් තියනවා ඒ වගේමේ මේ Shapeshiting වලට සීමාවක් නෑ ඒ කියන්නේ ඕනෙම ප්‍රමානයකට ඕනෙම හැඩයකට තමන්ගේ ශරීරය පරිවර්තනය කරගන්ඩ පුලුවන් කොහොමහරි මේ අය සාමාන්‍ය හැඩයට වඩා වෙනස් හැඩවලින් වගේම වෙනස් ස්වරූප වලින් තමා බොහෝදුරට ඉන්නේ. හොදම දේ තමා මෙයාලට ලිංගිකත්වය උනත් පරිවර්තනය කරගැනීමේ හැකියාවක් තියනවා ඒ කියන්නේ Female කෙනෙක්ට Male කෙනෙක් බවටත් Male කෙනෙක්ට Female කෙනෙක් විදියටත් පරිවර්තනය වෙන්ඩ පුලුවන්.
Mr. Fantastic ව දන්නවනේ එහෙමත් නැත්නම් Reed Richards ව මෙයාගේ ප්‍රදානම හැකියාවනේ ආසාමාන්‍ය විදියට ශරීරය ඇදීමට ලක් කිරීම ඉතින් මෙ Skrulls ලටත් මේ හැකියාව තියනවා ඒ කියන්නේ මේක වෙනම හැකියාවක් නේමේ Shapeshiting නිසාම මෙයාලට ලැබුනු හැකියාවක් විදියට තමා මේක හදුන්වන්නේ.
ඊලගට් මේ Shapeshiting හැකියාව නිසා මෙයාලට තමන්ගේ අත් , අත්තටු විදියට වෙනස් කරගෙන හරි තමන්ගේ පිට ප්‍රදේශයෙන් පිහාටු සකස් කරගෙන හරි ඉගිලීමේ හැකියාවක්ද තියනවා මේකත් Shapeshiting නිසාම ලැබුනු හැකියාවක් විදියට තමා හදුන්වන්නේ.

ඒ වගේම මෙයාලට Weapon Formation කියන හැකියාවත් තියනවා ඒ කියන්නේ උඩදී කිව්වා වගේමේ මෙයාලට මෙයාලගේ Shapeshiting හැකියාව බාවිතා කරලා තමන්ගේ අත් තියුනු අයුදයක් විදියට සකසාගැනිමේ හැකියාවක් තියනවා Hand to hand combat එකකදී එහෙම මෙයාලට මේක ඉතාමත් හොද වාසියක් වෙනවා.

ඒ වගේම Technological අතින් ගොඩක් ඉහල තැනක තමා මේ අය ඉන්නේ....!
warp-drive star-ships
teleportation technology
cloaking technology
shape-shifting technology ( හැඩය වෙනස් කිරීමා තාක්ශනයක්ද මෙයාලට තියනවා ) cybernetic technology
planet busting weapons ( ග්‍රහලෝකයක් විනාශ කරන්ඩ තරම ප්‍රබල ආයුද )
intergalactic radar
intergalactic sensor
space torpedoes
genetic manipulation ( ජාන විද්‍යාව)
energy weaponry
Photon Blaster ,
වගේ ටෙක්නොලොජිකල් අතින් ඉතාමත් දියුනු පිරිසක් තමා Skrulls ලා කියන්නේ.

ඊලගට වැදගත්ම දේ තමා Shapeshifting Limitations කියන්නේ මේක තමා මෙයාලගේ දුර්වලතාවය වෙන්නේ. මන් මුලදි කිව්වනේ මෙයාලගේ මේ Shapeshiting හැකියාවට සීමවක් නෑ කියලා ඉතින් වැරදියට තේරුම් ගන්ඩ එපා මම එතනදී කිව්වා හැඩයට සහ ප්‍රමානයට ඉතරක් සීමාවක් නෑ කියලා එතකොට මොනවටද මෙයාලව සීමා වෙලා තියන්නේ....? මන් උදාහරනෙකින්ම මේක පැහැදිලි කරන්නම් අපි හිතමු Skrulls කෙනෙක් කැප්. මාවල් විදියට තමන්ගේ හැඩය වෙනස් කරගත්තා කියලා හැබැයි එහෙමයි කියලා මේ Skrulls ට කැප්. මාවල්ගේ හැකියාවල් ලැබෙන්නේ නෑ නිකන්ම කැප්. ගේ හැඩය ඉතරයි මෙයාලට හම්බෙන්නේ ඊලගට මේ Skrulls ට කැප්. ගේ කඩහට අනුකරනය කරන්න හම්බෙන්නෙත් බොහොම පොඩි වෙලාවකට ඉතරයි මොකද මෙයාලගේ ප්‍රදානම හැකියාව හැඩය වෙනස් කිරීම ඉතරක් වෙන නිසා.....!
ඊලගට මෙහෙම හැඩය වෙනස් කරගෙන ඉන්න අතරතුර මේ Skrulls කෙනෙක් මැරුනොත් අර වෙනස් වෙලා ඉන්න හැඩය නැති වෙලා Skrulls ගේ Original ම හැඩය නැවත මතු වෙනවා.

ඔය විදියට තමා ඉතින් මෙයාලගේ ප්‍රදානම හැකියාවල් සහ දුර්වලතාවයන් වගේම මේ Skrulls ලා ගැන විස්තර වෙන්නේ ඔයාලා දැනට MCU එකේ දන්න සමහර චරිතත් Skrulls කෙනෙක් වෙන්න බැරිකමක් නෑ....! මන් මුලදිම කිව්වනේ කැප්. මාවල් කියන්නේ MCU එකේ හැරවුම් ලක්ශයක් කියලා. හරි ඉතින් ඔයලට මේ අය ගැන මීට වඩා විස්තර ඔනේනම් මේ පහල තියන කොමික් ටික කියෝලා මේ අය ගැන හොද අදහසක් ගන්න පුලුවන්.

• Fantastic Four #2 ( First Appearance )
• Fantastic Four #18 ( First appearance of the Super-Skrull )
• Fantastic Four #37 ( First look at the Skrull home-world )
• Avengers #89-97 ( First Kree-Skrull War )
• Silver Surfer Vol 3 #1-31

හරි ඔන්න එහෙනම් Skrulls ලා ගැන පුලුවන් හැම විස්තරයක්ම ගෙනාවා. ලගදිම තවත් Review series එකක් එක්ක හම්බෙමු ජයවෙවා....!

Thesindu Liyanage

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List