Sabretooth



ඔන්න කලකට පස්සේ වෙලකට බැස්සෙ කියලා අදත් අරන් ආවා සුපිරි පොරක් ගැන විස්තරයක් 👀
ආයි ඉතින් වෙන කවුරුවත් ගැන නෙවි...
අපේ Wolverine ගේ Arch Nemesis කෙනෙක් එහෙමත් නැත්තන් ප්රධානම හතුරෙක් වෙච්චි Sabretooth ගැන. එහෙනම් බලමු මෙයා කවුද කියලා.....😎
💥 Profile 💥
1. නම : Victor Creed
2. විශ්වය : Earth - 616 3. උස : අඩි 6 අගල් 6
4. බර : රාත්තල් 275
5. හිස කෙස් වර්ණය : කහ (Blonde)
6. ඇස් වල වර්ණය : දුඹුරු (Amber)
7. පුරවැසිභාවය : කැනේඩියානු
8. වර්ගය : විජානක (Mutant)

💥 Origin 💥
ඉතින් අපිට මෙයාව මුලින්ම දැකගන්න හම්බෙන්නෙ 1977 අවුරුද්දෙ අගොස්තු මාසේ නිකුත් වෙච්ච Iron Fist #14 Comic Issue එකෙන්. එ්කෙන් තම ගමන පටන් ගත්තු Sabretooth ලොක්කා දැනට Comic Issues 2481 ක විතර ඉදලා තියෙනව. 😮
Sabretooth එහෙමත් නැත්තම් Victor ගේ Origin Story එක ගත්තහම මෙයත් Logan වගේම කැනඩාවෙ ඉපදුනු පොරක්. ඒ වුනාට මේ Victor නන් ලේසි පහසු පොරක් නෙවි. පොඩි කාලේදිම Victor අතින් එයාගේ සහෝදරයා Luther ව මැරෙනවා. 😲 ඒකත් මේ පොඩි Pizza කෑල්ලක් බෙදා ගන්න ගිහින්. 🍕
ඉතින් මේක නිසා මෙයාගේ තාත්තා මෙයාව දම්වැල්වලින් ගැටගහලා පාලු කාඹරයක සතෙක් වගේ බැදලා දාලා තියෙනවා. පස්සේ Victor උගෙම අත කපාගෙන එතනින් ගැලවිලා තාත්තවත් මරලා ගෙදරින් පැනලා යනවා. පස්සෙ මෙයා කැනඩා දේශ සීමා වලදි පොලිස් කාරයෝ ටිකකුත් මරලා රටින් පනිනවා.
Victor මේ සේරම කරද්දි එයාට අවුරුදු 16ක්වත් ලබලා නෑ. ඉතින් හිතාගන්න පුලවන්නෙ චරිතෙ ගැන.👊🏻👊🏻👊🏻
පස්සෙ තමයි මෙයා Logan එක්ක Weapon X Program එකට සම්බන්ධ වෙලා තම සිරුරට Adamantium සම්බන්ධ කරගන්නෙ.
දැන් බලමු Sabretooth ගේ Powers & Abilities මොනවද කියලා...
💥 Powers 💥
1. Regenerative Healing Factor:
Sabretooth ගේ ප්රධානතම Mutant power එක තමයි සුව වීමේ හැකියාව. එ්ක wolverine ගේ healing factor එක වගේ දෙගුණයක් වේගවත් කියලා තමා කියන්නෙ. ඒ මදිවට මෙයාට කරපු Weapon X පරීක්ෂණය නිසා ඒක තවත් Powerful.
එක පාරක් Wolverine , Sabretooth ගේ ඔලුව හිල් වෙලා යන්න දුන්නු claw attack එකෙනුත් ඌ පැයක් යන්නත් කලින් සුව වෙලා තියෙනවා.💉💉💉
කොහොම වෙතත් මෙයාටත් wolverine වගේම සිරුරේ නැති වුන කොටස් මවාගන්න බෑ.
2. Foreign Chemical Immunity:
Sabretooth ට කිසිම විශ වර්ගයකින් හානියක් පමුණුවන්න බෑ.
3. Immunity To Diseases:
ඒ වගේම Sabretooth ට කිසිම ආකාරයක ලෙඩක් රෝගයක් වැලදෙන්නෙත් නෑඒ සියල්ලටමත් මෙයා ප්රතීරොධී.🤒🤢😷
4. Extended Longevity:
Sabretooth වයසට යන්නෙත් ඉතාම අඩුවෙන්. කියන හැටියටනම් මෙයාට Logan ටත් වඩා කල් ජීවත් වෙන්න පුලුවන්ලු. 👴🏻👴🏻👴🏻
5. Weather Insulated Adaptation:
මෙයාට ඔ්නම කාලගුණ තත්වයකට හැඩගැහෙන්න පුලුවන්ලු. මෙයාට අධික ශීතලක් (Sub-Zero temperature) තියෙන පරිසරයක වුනත් කිසිම හානියක් නැතුව ඉන්න පුලුවන්.
6. Superhuman Stamina:
මෙයාට කිසිම මහන්සියක් නැතුව එක දිගට ගොඩක් වෙලා ඔ්නම දෙයක නිරත වෙන්න පුලුවන්. තව මෙයාට වතුර යට හුස්ම අල්ලන් බොහෝ වේලාවක් ඉවසන් ඉන්නත් පුලුවන්.💀🏊🏻
7. Superhuman Strength:
මෙයාට ටොන් 2ත් 10ත් අතර බරක් කිසිම අපහසුවකින් උස්සන්න පුලුවන් තරම් ශක්තිමත්. කියන විදිහට මෙයා wolverine ටත් වඩා ශක්තිමත් කියලලු කියන්නෙ. ඒ මදිවට මෙයාගේ උපරිම ශක්තිය තවම හදුනාගෙනත් නෑ.💪🏻💪🏻💪🏻
8. Superhuman Durability:
Sabretooth ට තියෙන Adamantium ඇට සැකිල්ල නිසා මෙයාගේ දරා ගැනීමේ හැකියාවත් ඉතාම ඉහලයි.🏋🏻🏋🏻🏋🏻
9. Superhuman Speed:
Sabretooth අතිශය වේගවත් කෙනෙක්. මෙයාට පුලුවන් ඇහැට අල්ලගන්නවත් බැරි තරමේ වේගයකින් පහර දෙන්න. කොච්චර වේගවත්ද කිව්වොත් Punisher ගේ වෙඩි පාරවල් වලිනුත් මෙයා බේරිලා තියෙනව. Wolverine ම කියලා තියේ තමාට වැඩිය Sabretooth වේගවත් කියලා. මෙයා අධික වේලයකින් දුවන්න කකුල් දෙක හා අත් දෙක යන හතරම එකවිට භාවිතා කරනව.🏃🏻🏃🏻🏃🏻
10. Superhuman Senses:
Sabretooth ප්රසිද්ධ තවත් දෙයක් තමා එයාගේ sense එක. මෙයාට සාමාන්ය මිනිසෙකු දකිනවට වඩා ඉතා දිගු දුරක් ඉතාමත් පැහැදිලිව දකින්න පුලුවන්.🕶 ඒ වගේම මෙයාගේ දෘශ්ටි පරාසය පාරජම්බුල හා අධෝරක්ත කලාපය දක්වාම විහිදෙනවා. 👓 ඒ මදිවට ‌මෙයාට තියෙන්නෙ ඉතාම තියුණු ශ්රවණයක්.👂🏻 කොච්චරද කිව්වොත් අඩි 200කට මෙපිටින් තියෙන ඔ්නෙම පොඩි ශබ්දයක්, හුස්මක් පිටවෙන ශබ්දයක් පවා මෙයාට ඉතා හොදින් ශ්රවණය කරත හැකි. ඒ විතරක් නෙවෙයි මෙයාගේ ඉවත් ඉතාම තියුණුයි. 👃🏻 කොටින්ම කිව්වොත් එකම ජාතියේ වෙනස් Brand වල සුවද විලවුන් බෝතල් දෙකකින් එකකින් අනෙක වෙන් කරල හදුනගන්න පුලුවන් තරමටම.
11. Superhuman Agility & Reflexes:
මෙයාට ඔලිම්පික් මට්ටමේ මලල ක්රීඩකයෙකුට වඩා හොද නම්යශීලිතාවක් හා ප්රතික්රියාශීලීතාවක් තියෙනවා.🤸🏻ඒ වගේම මෙයාට යාර ගානක් දුරකට පනින්නත් පුලුවන්.
12. Psionic Resistance:
මෙයාට මානසික ප්රහාර වලින් බේරිමට හැකියාවකුත් තියේ. ඔය Mind control කප්පිත්තො වෙන Professor X, Jean Grey ලටත් මෙයාව පාලනය කරන්න අමාරුයි.😵
13. Claws and Fangs:
සේරම ගැන කිව්වට මෙයාගේ ප්රධානම ආයුධ ගැන කිව්වෙ නෑනෙ. මෙයාට තියෙනව හොදට වැඩුණු දත් සැට් එකක්.👅😁 ඒ වගේම හොද නිය සෙට් එකක්.💅🏻 ඒවයින් මෙයාට ගස් කදන් කොන්ක්රීට් බිත්ති වගේ දේවල් හරිම ලේසියෙන් විනාශ කරල දාන්න පුලුවන්. හැබැයි මෙයා වැඩි පුරම කැමති ඒවයින් මිනිස්සුන්ව පහුරු ගාන්න තමයි. ඒ වගේම උල් නියපොතු අවශ්ය ලෙස දික් කරගන්න, ඒව උදව්වෙන් අපහසුවකින් තොරව උස් ස්ථාන වලට නැග ගන්නත් මෙයාට හැකියාව තියේ.👹👹👹
💥 Abilities 💥
1. CQC Expert:
Sabretooth කියන්නෙ ද්වන්ධ සටන් වල ප්රවීනයෙක්.🤼🏻🤺 Iron fist, Spiderman, Wolverine යන කට්ටිය එක්ක හරි හරියට ගහගෙන තියෙනවා මෙයා. හැබැයි ඉතින් පරදිනවා 😝 එහෙම තමයි ඉතින් Villains ල වුනාම.
2. Expert Marksman:
මෙයා අවි ආයුධ වලත් හොද දක්ෂයෙක්. Team X එකේ හිටිය කාලේ ලබපු අවි පුහුණුව නිසා ඔ්නෑම වර්ගයක ගිනි අවියක් හොදින් පාවිච්චි කරන්න දන්නව.🔫🔫🔫
3. Advanced Covert Ops Expert:
යුධ හමුදාවේ සේවය කරලා තියෙන නිසා හොදින් යුධ සැලසුම් සකස් කරන්නත් Sabretooth ට පුලුවන්. වාහන, පුපුරන ද්රව්ය වැනි දේ ගැනත් හොද දැනුමක් තියෙනව.🚗💣
💥 Weaknesses 💥
Carbonadium Digestion:
මෙයාගේ Healing factor එක Carbonadium ද්රව්යය මගින් දුර්වල කරන්න පුලුවන්. ඒක නිසා ඒ ලෝහයෙන් හදපු ආයුධ වලට මෙයාව ඉතාමත් Vulnerable වෙනව.
💥 Team affiliations 💥
Sabretooth ගොඩක් කණඩායම් වල සාමාජිකයෙක් වෙලත් ඉදලා තියේ. මේ ඒවයින් ටිකක් 👇🏻👇🏻👇🏻
X-Men
Brotherhood of Evil Mutants
Team X
Marauders
X-Factor
Weapon X
"Avengers" (1959)
Hand
Astonishing Avengers
Avengers Unity Division
Lethal Legion


💥 Extras 💥
අපිට Sabretooth ව Comic books වලට අමතරව Animated Cartoon series වලින් වගේම 2000 වසරේ තිරගත වුනු X men චිත්රපටයේ Tyler Mane විසින් හා 2009 වසරේ තිරගත වූ X-men Origins: Wolverine චිත්රපටයේ Liev Schreiber විසින් දායක වූ රංගනයෙන් දැක ගන්න පුලුවන්.🎥🎬
ඒ වගේම 2008 වසරෙදි Wizard සගරාව මගින් Sabretooth ව 200 best comic book characters of all time හි 193 වන ස්ථානයට පත් කර ඇති අතර 2009 වසරේදි IGN මගින් මොහුව Greatest Comic Book Villain of All Time හි 44 වන ස්ථානයටද පත් කර ඇත.
ඒජන්ට් වෙනම්
🏆🥇🏅🎖

Comments

  1. ගැම්මක් තමයි ඈ 💪

    ReplyDelete
  2. Iron Manගෙ girlfriendලා ගැන ලිපියක් දාන්නකෝ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List