Phoenix Force


Group එකේ ගොඩක් අය අහලා තිබ්බා මොකක්ද මේ phoenix froce කියන්නේ කියලා
අද ඒක ගැන🙂
1) නම : Phoenix Force
විශ්වය : 616
උස : නිශ්චිත නැත. ආධාරකයාගේ උස ගනී.
බර : නිශ්චිත නැත. ආධාරකයාගේ බර ගනී.
ඇස්වල වර්නය : බොහෝ විට ආධාරකයාගේ ඇස් රතු වර්නයට හරවයි.
හිසකේ වර්නය : බොහෝ විට ආධාරකයාගේ හිස කේ රතු වර්නයට හරවයි.
වර්ගය : විශ්ව බලවේග (Cosmic Entity)
2) 1976 වර්ශයේ ඔක්තොම්බර් මස Chris Claremont හා Dave Cockrum යන අයවලුන් විසින් Uncanny X-Men #101 යන කොමික් සගරාවෙන් Phoenix force එක පලමුවරට හදුන්වා දී ඇත.
3) විශ්වය ආරම්බයේ වූ මහා පිපුරුම් වාදයෙන් (Big Bang Theory) මෙය හට ගත් අතර විශ්වයේ විවිධ ස්ථාන වලදී විවිධ කාලයන් වල විනාශ වෙමින් නැවතත් ඇති වෙමින් නොකඩවා පවතින දෙයකි.(Phoenix කුරුල්ලා වගේ)

4) මෙය Marvel විශ්වයේ ඇති වඩාත් භයානකම හා ශක්තිමත්ම බලවේගයක් වන අතර Mr. Fantastic ට අනුව මෙය විශ්වයට Omega-Leval එකේ තර්ජනයකි. මෙය යම්තාක් දුරකට සර්වබලධාරී (Omnipotence) බලවේගයක් වන අතර මෙයට අසීමිත Cosmic බලයක් ඇත. ඔ්නෑම කාල රාමුවකට (time-line) හා ඔ්නැම මානයකට (dimension) ගැලපෙන පරිදි මෙයට හැඩගැසිමේ හැකියාවක්ද ඇත. මීට අමතරව මෙයට කාලය හා අවකාශය එකිනෙක යාකරමින් කලුකුහර ඇති කර තමාට අවශ්ය ලෙස විශ්වයේ ගමන් කිරිමේ හැකියාව (Quantum Singularity) , සෞරග්රහ මන්ඩලයක් පාවා විනාශ කිරීමේ හැකියාවක් ඇති ශක්ති ප්රහාර (Concussive Force Blasts) නිපදවීම, හා ඔ්නෑම ශක්ති විශේශයක් (මිය යන තරුවක ඇති ශක්තිය, Cyclops ගේ Optict blast, කලුකුහර හා මුලු Galaxy එකේම ශක්තිය වැනි) පාලනය කීරීම හා උරා ගැනීමටද හැකියාවක් ඇත.
මීට අමතරව මෙය මගින් තම ධාරකයාගේ විජානක බලයන් හෝ සුපිරි බලයන් උපරිම මට්ටමකට රැගෙන යාමට හැකි අතර මානසික බලවේග [අන් අයගේ සිත් කියවීම (Telepathy), මානසික බලයෙන් වස්තු චලනය(Telekinesis) වැනි] ඇති අයට (Jean Grey, Emma frost වැනි) තම බලයන් infinity leval එකක් දක්වා වර්ධනය කිරීමට මෙයට හැකියාවක් ඇත.
තවද මෙයට පදාර්ථය වෙනස් කිරිමේ හැකියාව (Matter Transmutation) {එනම් උදාහරනයක් ලෙස ගස් අත්තක් රත්රං කිරිමට} ඇති අතර ඔ්නෑම අයෙකු මරනයෙන් නැගිට්ටවීමට (Resurrection) හැකියාවක්ද ඇත. මෙම බලවේගය අමරණීය හා විනාශ කල නොහැක්කක් වන අතර මෙයට Cosmic ගිනිදලු (Cosmic Pyrokinesis)ද මැවිය හැක. (මෙම ගිනිදලු දැවීමට Oxygen අවශ්ය නැත. එම නිසා වතුර තුල හා අභ්යාවකාශයේ වුවද දැවිය හැක.) තවද මෙයට Cosmic කාලගුන තත්ව (Atmokinesis) ඇති කල හැක ( Cosmic කුනාටු, ගිගුරම් වැනි)
5) මෙහි ඇති දුර්වලතා ලෙස ගත් කල මෙය Chaos magic වලට දුර්වල වේ. මෙය නිසා Scarlet Witch ට Phoenix Cyclops ව පැරදවීමටද හැකි විය. තවද මෙය Iron Fist ගේ kun lun වල Chi powers වලටද දුර්වල වේ. Kun Lun වල මකරා Shou Lao විසින් වරක් Phoenix ව පරදවා ඇති බවට පුරාවෘත්තයක්ද ඇත.
6)මෙය පලමු වරට පෘථිවයට පැමින ඇත්තේ ක්රි.පූ. 1000000 පමන වන අතර එහි පලමු ධාරකයා වී ඇත්තෙ ගල් යුගයේ කාන්තාවක් වේ, ඇය Phoenix නමින් හදුන්වන අතර පලමු ඇවෙන්ජර්ස් කන්ඩායමේ සාමාජිකාවක්ද වේ
7) දැනට Phoenix froce එකට ධාරක වූ හොදම ධාරකයා ලෙස සලකන්නේ Jean Grey හෙවත් Dark Phoenix වේ. මැයව IGN හි Greatest Comic Book Villain of All Time ලැයිස්තුවේ 9 වන ස්ථානය පවා දිනාගෙන ඇත.
8) Avengers vs. X-men සටනේදී Phoenix Force එක නැවත වරක් පෘථිවියට පැමින ඇත. පසුව Tony හා Hank Pym එකතු වී එය විනාශ කිරීමට තැත් කලද Phoenix Force එක කොටස් 5 කට වෙන් වී Namor, Magik, Colossus, Emma Frost හා Cyclops යන අයට Bond වී ඇත. මොවුන්ව තමයි The Phoenix Five ලෙස හදුන්වන්නේ. නමුත් Namor ව Avengers ලා විසිනුත් Magik හා Colossus ව Spiderman විසිනුත් Deafet කල විට ඔවුන්ට ඒ බලයන් නැති වූ අතර Emma ගේ කොටස Cyclops විසින් සොරකම් කරගත් අතර ඔහු ඉතිරි කොටස්ද එකතු කර සම්පූර්ණ Phoenix බලය තමා වෙත ලබාගෙන ඇත. නමුත් ඔහුද Avengers හමුවේ පරාජය වූ අතර සම්පූර්න Phoenix බලය මෙහය වූ අවසාන තැනැත්තා වන්නේද ඔහු වේ.

9) මීට අමතරව Captain marvel, Professor X හා Thanos ගේ පුතු Thane ද Phoenix බලය‌ේ ධාරක වී ඇත. වර්තමානයේ මෙහි ධාරකයෙක් නැත.
10) Comic හා Animation වලට අමතරව 2003 X men United Movie එකේ Post credit scene එකෙන්, 2006 X men Laat Stand movie එකෙන් හා මෙම වසරේ තිරගත වීමට නියමිත X men Dark Phoenix Movie එකෙන්ද අපට මෙම Phoenix Force එක දැක බලා ගත හැක.

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List