Spiderman feats in MCU

 කලින් captain america feats in mcu එකට ගොඩක් ප්‍රතිචාර තිබුන නිසා ස්පයිඩර්මෑන් ගෙ එකත් ඉක්මනට දාන්න හිතුව.කලින් captain america feats in mcu post එක:-Captain America Feats in Mcu

2015දි marvel ල sony picture එක්ක දාපු ඩීල් එක නිසා අපිට mcu වල ස්පයිඩි ගේ ආගමනය civilwar 2016 වලින් දකින්න ලැබුන.කලින් ෆිල්ම් 5කින් පෙන්නුවෙ නැති වැඩ කෑලි ටිකක් civilwar වල පොඩි screentime එකෙන් marvel ල පෙන්නුව.
බලමු ඒ මොනවද කියල
1.මුලින්ම ටෝනි ස්පයිඩිව හොයන් ඇවිත් පෙන්නුව වීඩියෝ එකේ සිද්දිය ගමු.වීඩියෝ එකට අනුව ස්පයිඩි වේගෙන්‍ යන කාර් එකක් බස් එකක හැප්පෙන්න යන එක නවත්තල ආපහු යනව.ටෝනිට අනුව ඒ කාර්එකේ බර 3000lbs=1360.777kg තව මේක ගමන්කරමින් තිබ්බෙ 40mph=64.37kmph=17.88161m/s වලින්.මේක එකපාරට නවත්තන්න ඕන නම් ස්පයිඩි ලොකු impact force (ඝට්ටන බලයක්) දෙන්න ඕන.ඒක හොයන්න ඕන කරන්නෙ
(40mph යන කාර් එකක හැප්පුනහම දැනෙන්නෙ තට්ටු 95ක බිල්ඩිමකින් බිමට වැටුනහම දැනන දේමලු😮)
F=1/2m*v2/s සමීකරණය
ඒකියන්නෙ,
බලය=1/2වස්තුවේ බර×වස්තුවේ ප්‍රවේගය/වස්තුව නැවැත්වීමට ප්‍රතිවිරුද්ධ බලය යෙදූ ස්ථානයේ සිට වස්තුවට දුර
(spiderman බස් එකට අගලක් දුරින් ඉද්දි කාර් එක නැවැත්තුව කියල උපකල්පනය කරල හදන්නෙ)
දත්ත ටික ආදේශ කලහම එන්නෙ
f=1/2(1360.777)(17.8816111)2/(0.0254)
=8,565,180 N ඒක ටොන් කලහම ටොන්873.4ක😎 බලයක් ඒ සීන් එකේදි ස්පයිඩි දානව කාර් එක නතර කරන්න.ඒ සීන් එක මතක අය දන්නව ඇති ඌ ඒක නතර කරල මොනවත් නොවුන ගානට ගිය විදිහ 😁


2.ඊලගට civilwar වල airport battle scene එකේ cap vs spidey fight එක යද්දි කැපා එකපාරට අරූ Aerobridge යටට ගියහම ශීල්ඩ් එකෙන් ඒකෙ ආධාරකය කඩල ඒක ස්පයිඩි ගෙ ඇගට වට්ටනව ස්පයිඩි ඒක අමාරුවෙන් ටිකක්වෙලා අල්ලන් ඉන්නව.
මේ විදිහෙ aerobridge එකක සාමාන්‍ය බර ටොන් 27ක් විතර වෙනව.










නිකම්ම ඇරෝබ්‍රිජ් එක උස්සන් හිටිය කියල ගන්න බෑ මේකෙදි,මොකද ඒක ටිකක් උඩ ඉදන් ස්පයිඩි ගෙ අත් වලට වැටුනෙ ඒ උස ගණනය කරන්න ඒවෙලාවෙ airport එකේ තිබ්බ ප්ලේන් වල උස ඕනවෙනව. boeing 747,airbus A340,Gulfstream III වගේ ප්ලේන් තමා අපිට පේන්න තිබ්බෙ ඒවගෙ පොලොව මට්ටමේ ඉදන් දොරවල්වලට උසවල්වල මධ්‍යන්‍ය 4.81m
ඇරෝබ්‍රිජ් එක ගමන් කල මුලු දුර=planeවල දොරට උස-ස්පයිඩිගෙ උස
spiderman ට රගපාන ටොම් ගෙ උස අඩි 5'8.
ඒක නිසා aerobridge එක ගමන් කල දුර 3.0734m කියල හොයාගන්න පුලුවන්.
Impact force from falling object කියන online calculater එකෙන් aerobridge එක වැටෙන කොට ඇතිඋන බලය ගණනය කරන්න පුලුවන්(ඒක හොයන්න impact එකට පස්සෙ කොපමන දුරක් වස්තුව ගමන් කලාද කියල දැනගන්න ඕන ඒක අගලක් කියල උපකල්පනය කරල)
81,322,164N = ටොන් 8292.55ක බලයක් 😮😮😮😮 දරාගැනීමේ හැකියාවක් තියෙනව.මේ බලය = වෙනව අපේ අත් දෙක උඩට එකපාර කාර් 20ක් වැටෙන එකට😐
livescience.com site එකට අනුව සාමාන්‍ය මිනිහෙකුගේ අස්ථියක් නිව්ටන් 3300ත් 4000ත් අතර බලයක් ලැබුනොත් එය බිදී යාමේ හැකියාව 25%යි ඒ අනුව නිව්ටන් 13200ත්16000ත් අතර අගයක් ලැබුනොත් අස්ථිය බිදීයාමේ සම්බාවිතාව 100% එතන වැඩිම අගය උන නිව්ටන් 16000 ස්පයිඩි ගෙ ටිකකට කලින් ගණනය දරාගැනීමේ දක්ශතාවය එක්ක සැසදීමෙන්
81,322,164N/16000N (ඌ aerobridge එක ඉස්සුවට පස්සෙ උගෙ අස්ථි කැඩුනෙ නෑ කියල අරන්)
මේකෙන් කියන්න පුලුවන් spiderman සාමාන්‍ය මිනිහෙක් ට වඩා 5000ගුණයක් ශක්තිමත් කියල 👌

3.ඊලගට ගන්නෙ spiderman homecoming වල සීන් එකක් උන වොශින්ටන් ටවර් එකේදි කඩන් වැටෙන(elvertar car) ලිෆ්ට් එකක් අල්ලපු එක.





සාමාන්‍ය elvertar car එකක් බර 1.3T (ton=T)
ලිෆ්ට් එක පහලට වැටෙමින් තිබ්බ නිසා සම්පූර්ණ බලය 162ටොන් වගේ ඒක නිසා ස්පයිඩි ගෙ අතට 146,964kg=146.964T බරක් එකපාර වැටුන වගේ සීන් එකක් උනේ.ඌ ඒකෙන් පස්සෙ නෝමල් හිටිය නිසා ඒක දැනුනෙවත් නෑ කියල කියන්න පුලුවන්.
වෙනත් feats
*කොන්ක්‍රීට් එකක් එක පාරින් කඩන්න පුලුවන්,යකඩ තහඩුවක් ටිෂූ පේපර් එකක් වගේ ඉරන්න බලයක් දාන්න පුලුවන් වින්ටර් සෝල්ජර් මෙටල් ආම් එකේ පන්ච් එක පහක් ගහනව වගේ සැහැල්ලුවෙන් නැවැත්තුව එක
*ෆැල්කන්,බකීව ඉතා පහසුවෙන් පරාද කිරීම





*ස්කූල් බස් එකක් පෙරලෙන්න ගහන්න පුලුවන් ශොකර් ග්ලේව්ස් එකෙන් පාරවල් 3,4ක් වැදිලත් එතරම් අපහසුතාවට පත් නොවීම




*spiderman homecoming හි නැව හරිමැදින් පැලී ගිලෙන්න යන විට ඉතා සුලු වෙලාවකට දෙපෙත්තෙන් ඇතිවල ආතතිය දරා සිටීම(මේක aerobridge feat එකට වැඩිය අඩු feat එකක් නිසා දැම්මෙ නෑ)



*vulture විසින් ස්පයිඩි ගෙ ඇගට බිල්ඩිමක ස්ලැබ් එකක් කඩා වැට්ටීම හා එයින් සැලකිය යුතු හානියක් නොවීම(මේකෙ ගණනය ගොඩක් දිග නිසා දැම්මෙ නෑ මේක civilwar aerobridge feat එකට ලගින් යන එකක්)


source:- gubz,comic books vs the world youtube channels
ps:- කලින් පෝස්ට් එකයි මේකෙ aerobridge සීන් එකයි බලපුහම කැපා ඒක ස්පයිඩි ගෙ ඇගට වැට්ටුවෙ ඌව මරන්න හිතාගෙන නෙමේ කියල තේරුම්‍ යන්න ඕන ,ඒක වට්ටන්න කලින් ස්පයිඩි කපාගෙ අත් වලට දැල්දාල අදින සීන් එක මතකනම් ඒ වෙලාව වෙන්න ඕන කැපා ස්පයිඩි ගෙ strength එක දැනගන්න ඇත්තෙ.ගොඩක් උන් civilwar කැපා අරූව මරන්න බලාගෙන/නොදන්නා කමට aerobridge එක දැම්ම කියල ඒ දවස් වල කතාගියා.ඒක එහෙම නෙමේ කියල දැන් පේනව ඇති



අනික මේ spiderman ට තාම powers ලැබිල අවුරුද්දක් යන්නත් කලින් කරපු වැඩ.infinity warවෙද්දි අවුරුදු 2,3ක් ගිහින් නිසා පට්ට ස්ට්‍රෝන්ග් ස්පයිඩර්මෑන් ව දකින්න පුලුවන් වෙයි 😍

Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List