Captain America Feats in MCU

Feats කියන්නෙ කාගෙ හරි දක්ශ ක්‍රියාවන්වලට,ඔය කොමික් ගැන් වලි යද්දි අරූ මේක කරල තියෙනව,මුට මෙහෙම පුලුවන් කියන්නෙ ඒවට.
උදා:තෝර් හල්ක්ව පරාද කිරීම(mcu),spiderman එක පහරින් t rex ඩයිනෝසරයෙක් knock out කිරීම (comic) වගේ ඒව
දැන් කියන්න යන්නෙ marvel cinematic universe (earth 199999) වල කැපා ගෙ ශක්තිමත්භාවය උපරිමයෙන් ම පෙන්නුව අවස්ථා ගැන(science,physics වලින් පෙන්නන්න පුලුවන් ඒව 👌)කොමික් වල උගෙ feats ගැන පස්සෙ වෙලාවක දාන්නම්.මේක දාන්න හිතුවෙ infinity war ලග එන නිසා හා සමහරු කැපා කියන්නෙ නිකම් සාමාන්‍ය මිනිහෙක් වගේ හිතන් ඉන්න නිසා.

1.Avengers age of ultron (2015)
මුලින් ම බලමු avengers 2 වල කැපාගෙ වැඩ,2012 ආව avengers වලනම් කැපාට සෙට්වෙන්නැති costume එකක් දුන්න මදිවට ඌ කොච්චර strong ද කියල පෙන්නුවෙත් නෑ ඒත් avengers 2 වලදි ඒ අඩුපාඩු මගඇරගෙන තියෙන්නෙ.infinity war වලදි කැපාගෙ හොදම feats ටිකක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.ට්‍රේලර් එකෙනුත් ඒකට ඉගියක් දුන්න 😊
ෆිල්ම් එක පටන් අරන් විනාඩි2 යි තත්පර 45 ක් ගියපු ගමන්ම තමා මේ සීන් එක පටන් ගන්නෙ.කැපා උගෙ බයික් එකේ යනගමන් ඒක උස්සල හයිඩ්‍රා උන්ගෙ වාහනේ ට ගහපු සීන් එක.
ඒ සීන් එකට use කරපු බයික් එකේ නම harley davidson 750 මේක 2014 ආව එකක්.ඒකෙ බර fuel,battery,oil ඔක්කොම එක්ක 480lbs ඒ කියන්නෙ 217.7 kg ඒ සීන් එකේදි කැපා ඒක ටෙනිස් බෝලයක් විසික් කරනව වගේ කිසිම අමාරුවක් නැතුව විසික් කලේ
බයික් ගැන කතාකරපු නිසා කැපාගෙ තව feat එකක් මෙතනම දාන්නම්.
2011 ආව first avenger ෆිල්ම් එකේ ඌව සර්කස් monkey කෙනෙක් වගේ use කරපු වෙලාවක මේක පෙන්නුවෙ ඒකෙදි කැපා කෙල්ලො 3ක් එක්ක බයික් එකක් උස්සන් ඉන්නව කිසි අවුලක් නැතුව එතන use කල බයික් එක harley davidson WLA 1940(capa harley bike පිස්සෙක් වගේ 🙂)
ඒවගේ bike එකක් fuel එක්ක බර 610lbs ඒකියන්නෙ 276.6kg
(lbs කියල එකක් දාන්නෙ ඇයි කියල හිතනව ඇති සමහරු.ඇමෙරිකාවෙ අපේ වගේ kg,km use කරන්නෙ නෑ lbs කියන්නෙ pound)
තාම ඉවර නෑ අර කෙල්ලො 3 දෙනාගෙ බරත් එකතු වෙන්න ඕන 276.6kgට.සාමාන්‍ය ඇමෙරිකන් කෙල්ලෙක් 168.5 lbs *3 =505.5 ඒක kilogram කලහම 229.3kg
එටකොට සම්පූර්ණ බර 276.6+229.3=505.9kg 😮
ටොන් භාගයක් කැපා ගේමක් නැතුව උස්සන් ඉන්නව කියන්නෙ ලේසි නෑනෙ.
civilwar වල bucky ව සීමෝ brainwash කරල ඌ හෙලිකොප්ටර් එකකින් පැනල යන්න හදපු වෙලාවෙ කැපා උඩපැනල චොපර් එක බිමට ගත්ත එකත් feat එකක්. ඒකට use කලේ airbus AAS 350 model එකේ චොපර් එකක් ඒකෙ manufacture කරපු අයට අනුව මුලු බර 1360kg.කැපා ඒකට යන්න දෙන්නෙ නැතුව අල්ලගෙන හිටපු නිසා පට්ට feat විදිහට ගන්න පුලුවන්.
age of ultron එකේම කාර් එකක් ඉස්සුව සීන් එකත් නිකම් කියල දාන්නම්.ඒක හරියටම feat එකක් විදිහට ගන්න බැරි ඒක ඉවර වෙන්න කලින් කාර් එක බිමට වැටුන නිසා
ultron සොකෝවියා නගරය උඩට අයන් යද්දි මේ සීන් එක උනේ.කෙල්ලෙක් හිටපු කාර් එකක් නගරයෙන් පහලට වැටෙන්න යද්දි ඒක ටිකවෙලාවක් අල්ලන් ඉන්නව කෑපා,ඒකට use කරපු කාර් වර්ගෙ samba cabriolet මේක 1982 ආව එකක් ඒකෙ බර 850kg.
film එකේදි ඌ මේක සම්පූර්ණයෙන් න් උස්සන්නෙ නෑ ඒත් උගෙ ශක්තිය ගැන් හිතුවහම කාර් එකේ බම්පර් එක කැඩුනෙ නැත්තම් අනිව ඌ ඕක වැටෙන්න දෙන එකක්නෑ කියල sure කරහැකි.


2.මේකත් aou එකේ සිද්දියක්.මේකෙ තියෙන්නෙ නම් බර උස්සන එකක් නෙමේ අත් දෙකෙන් කොච්චර බලයක් දාන්න පුලුවන්ද කියල
hawkeye ගෙ hideout එකේදි capa,tony කයියක් දාගෙන දර පළන සීන් එක ගැන මේ කියන්නෙ


එතනදී උන් දෙන්නගෙ සංවාදය ඉවර වෙන්නෙ කැපා කොටයක් අරන් අත්දෙකෙන් ඇදල ඉරල දාන සීන් එකෙන් ඒ විදිහට කොටයක් ඉරන්න ටොන් 8-10 බලයක් දාන්න ඕන.ඒක ගැන sure නැත්තම් හොයල බලන්න මේ විදිහට ලී කොට ඉරන මැශින් ගැන ඒවට දාන්නෙ මීට වඩා පොඩි size කොට.
මේ සීන් එක feat එකක් විදිහට ගන්න කැමති නැති අයට civilwar වල අන්තිම battle එකේදි කැපා උගෙ shield එක යූස් කරල ටෝනිගෙ සූට් එකේ ආර්ක් රිඇක්ටර් එක වෙනකම් ඉරලදාන සීන් එක ගන්න පුලුවන්
youtube එකේ science of the avengers වීඩියෝ එකට අනුව(ඒක කරන්නෙ phd එකක් තියෙන කෙනෙක්)
tony ඇත්ත ලෝකෙ හිටියනම් බොහෝදුරට ironman ආමර් එකට ගෝල්ඩ් ටයිටේනියම් ඇලොයිඩ් use කරන්නෙ නැතුව Nitinol කියන ලෝහය use කරයි කියල කියන්නෙ.ඒ ලෝහයට උපරිම වශයෙන් මෙගා පැස්කල් 895ක්=64ටොන් වෙනකම් බලයක් දරන්න පුලුවන්.
ඒ අනුව ගත්තහම කැපාට ironman ආමර් එක ඉරන්න පුලුවන් වුන නිසා ටොන් 65 ෆෝර්ස් එකක් දාන්න පුලුවන් කියල ගන්න පුලුවන් (මේක පොඩ්ඩක් එහාමෙහා වෙන්න පුලුවන් උගෙ shield එකේ vibranium වල තියෙන ගුණාංග එක්ක)

3.මේකෙදි කැපාගෙ කික් එකක පවර් එක බලන්නෙ.

civilwar වල පලවෙනි ෆයිට් සීන් උන team cap vs crossbones team එකේදි.එතනදි ෆැල්කන් crossbones ගෙ සෙට් එක ඉන්න තැනට කැපාව දැම්මට පස්සෙ ඌ සෙට් එකට නෙලාගෙන යනව පෙන්නනව එතනදි පොර එකෙක් විසික් වෙන්න 1987හදපු trooper එකකට පයින් ගහනව පෙන්නුව.ඒ trooper එකක බර 1595.3 kg 😮 ඌ ඒකට අඩි 3,4ක් විසික් වෙන්න ගහනව.උගෙ කික් එකෙක නිකන් මිනිහෙක්ට වැදුනොත් 😐(winter soldier එකේ මුල්ම නැවේ සීන් එකේදි ඒක පෙන්නුව rip sailor😢)


4.captain america trilogy යෙ හොදම ෆිල්ම් එක උන වින්ටර් සෝල්ජර් වල සීන් එකක් ඊලගට ගමු.

cap,maria hill,falcon සෙට් එක helicarries ටික හැක් කරල ඒව වෙඩි තියාගන්න පටන් ගත්තහම
බකීගෙ ඇගට යකඩ බීම් එකක් වැටනව.කැපා අමාරුවෙන් ඒක උස්සල අරූව බේරගන්නව.එතනදි ඒ වැටුන බීම් එක 8m දිග 1m පළල 0.5m උස යකඩ කියල අරන් ASM weight calculater කියන online calculaterඑකෙන් සුළු කරහම බර එන්නෙ 34.61ටොන් 😮😮😮 කැපා මේක ඉස්සුනෙ බකිය උට පිහියෙන් ඇනල,වෙඩි තියල පට්ට මහන්සියෙන් හිටපු වෙලාවක කියල අමතක කරන්න එපා.
(ටොන් 1ක් = 1000kg)


5.කැපාගෙ හොදම mcu feat එක උන මේකෙදි අපිට ඌව පෙන්නුවෙත් නෑ.
මේක උනේ agents of shield season 1 වල එපිසෝඩ් එකක.ඒකෙ deathlok ශීල්ඩ් ට්‍රේනින් එකකදි ලොකු බුල්ඩෝසරයක් පිට්ටනියක කෙරවලට තල්ලුකරන් ගිහින් එතන ඉන්න shield එකෙක්ගෙන් අහනව කැපාගෙ රෙකෝඩ් එක කැඩුවද කියල.ඌ උත්තර දෙනව ඒ ලගටවත් ආවෙ නෑ කියල.
මෙතන use කර බුල්ඩෝසරයේ වර්ගෙ PR 764 crawler
ඒක හදපු උන්ගෙ site එකට අනුව මේකෙ බර ටොන් 58ක් deathlok ට මේක 50m තල්ලු කරන්න 15s යන්නෙ ඒක නිසා කැපා ඊට කලින් මේක 10s වලින් වගේ තල්ලුකරල ඇත්තෙ 😮😮😮
source:Comic books vs the world youtube channel
කැපා ගැන කියනවනම් ඌ first avenger එකෙදි නිකන් යකඩ බටයක් නැව්වෙත් අමාරුවෙන් super soldier සීරම් එකෙන් ඌ එන්න එන්න stronger වෙනව අපිට mcu එකේ පෙන්නනව.avengers වලදි චිටාරි soldier ලගෙ අතක් කඩනව,aou වලදි කුයින් ජෙට් මිනිගන් එකෙකින් තිබ්බහම සීරූනේවත් නැති

 ultron ගෙ ඇගට shield එක බැස්සුව,civilwar වල ironman ගෙ falcon එකපාරින් knockout කල බ්ලාස්ට් 4ක්5ක් කාලත් I can do this all day කියල අල්ලන් ඉන්නව වගේ පට්ට වැඩ ටිකක් පෙන්නුව.
මේක දාන්න ප්‍රදාන හේතුව උනේ infinity war trailer 2 වල Thanos කැපාගෙ බෙල්ලෙන් අල්ලන්න යද්දි ඌ කෑගහගෙන තනොස් ගෙ අත අයින් කරන්න හදන එක වෙන්න බෑ වගේ ගොඩක් උන් කතාවුන නිසා,එහෙම අයට දැන් ඒක අවුලක් නෑ කියල හිතුනනම් ඇති.
මට ලස්සනට ගළපල ලියන්න නම් බෑ,කියවද්දි පට්ට බෝරින් වෙන්න ඇති sorry වෙන්න ඕන.
වෙලාවක් තිබ්බොත් mcu spiderman ගෙ feats ටිකත් දාන්නම් 🙂
#moonknight

Comments

  1. අඩෝ 😂😂කැපානෙ බං පොර❤️💪😍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List