Captain Marvel aka Carol Danvers

Captain Marvel කියන නම තියන ගොඩක් අය ඉන්නවා. ඒ අතරේ DC කොමික් වල Shazam එහෙමත් ඉන්නවා. හැබැයි මාවල් කොමික් වල දී වුනත් මේ නම තියන අය කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතරේ Mar-Vell කියන Kree සෙන්පති සහ Ms marvel aka Kamala khan වගේ අයත් ඉන්නවා. එතකොට කවුද මේ Carol Danvers?

කැරොල් කියන්නේ ගොඩක් ලස්සන වගේම ගොඩක් දක්ෂ ගුවන් නියමුවෙක් . මෙයාගෙ දක්ෂතා නිසාම ඇමරිකාවෙ NASA ආයතනයෙත් වැඩ කරන්න අවස්ථාව හම්බවෙනවා.

NASA ආයතනය එක්ක වැඩකරනකොට කැරොල්ට Mar-vell(Captain Marvel ) කියන kree සෙන්පතිව මුනගැහෙනවා.කාලයත් එක්ක මේ දෙන්නා අතරේ ආදර සම්බන්ධයක් ඇතිවෙනවා. ඔය අතරෙ වෙන පිපිරීමකින් Mar-vell කැරොල් ව බේරගන්නවා. ඒත් කැරොල් ගෙ ජාන වලට kree ජාන මිශ්‍ර වෙලා බාගයක් මිනිස්-බාගයක් kree ජීවියෙක් බවට හැරෙනවා. කියල තමයි හැමෝම හිතන් හිටියෙ. ඒත් ඒක එහෙම නෙමෙයි.

කැප්ටන් මාවල්ගෙ ඇත්ත කතාව

           1968 first appearance එකේ ඉඳන් මේ වෙනකන් එක එක විපර්යාස වලට ලක්වුන කෙනෙක්නෙ කැරොල් ඩැන්වර්ස් කියන්නෙ දැනට mcu එකේ පවර්ෆුල්ම චරිතෙ උනත් 70 ගනන්වල මහ කුජීත විදියට කැරොල් ඩැන්වර්ස්ව චාටර් කරල තිබ්බෙ.මං ඒ ඉතිහාසෙ ගැන වැඩිය කියන්නෙ නෑ මොකද එකදාස් නමසිය බරගනන් වල කොමික් හොයාගන්න අමාරුයි වගේම හොයාගත්ත තොරතුරු අනුව ඒක මහ කැත ඉතිහාසයක්.ඉතිං කාලයත් එක්ක අද මේ තත්වෙට,ඒ කියන්නෙ කැප්ටන් මාවල් කියන ටයිටල් එකට කැරොල් ඇවිල්ල තියෙනව.හැබැයි ගිය අවුරුද්දෙ(2018) ආපු the life of captain marvel කියන කොමික් සීරීස් එකේ අන්තිම කොටසෙන්(5වෙනි කොටසෙන්) අපි ඒ වෙනකන් දැනන් හිටපු කැප්ටන් මාවල් ඔරිජින් එක වෙනස් උනා.වෙනස් උනා කිවුවෙ අපි විතරක් නෙමෙයි කැරොල් පවා නොදැන හිටපු රහසක් එලි උනා.අපි දැනන් හිටපු විදියට කැරොල් නාසා එකේ වැඩ කරන කාලෙ කෙල්ල එක්ක මාර්-වෙල් කියල ක්‍රී ඒලියන් කෙනෙක් යාලු වෙනව(මේ ක්‍රී ඒලියන් තමයි ඔරිජිනල් කැප්ටන් මාවල්).පස්සෙ Psyche-Magnitron කියන මැශින් එක පුපුරන වෙලාවෙ කැරොල්ව ආරක්ශා කරන්න හදපු මාර්-වෙල්ගෙ ජාන කැරොල්ගෙ ජානත් එක්ක එකතු වෙලා කැරොල් හියුමන්-ක්‍රී හයිබ්‍රිඩ් කෙනෙක් වෙනව.මේ විදියට තමයි කැරොල්ට පවර්ස් හම්බුනේ... කියල අපි හිතන් හිටිය.

දැන් අපි බලමු ප්‍රෙන්ස් the life of captain marvel කොමික් එක ගැන.මේක රිලීස් උනේ ගිය අවුරුද්දෙ මැද හරියෙ.මාසෙට එක කොටස ගානෙ කොටස් 5ක් ආව.වෙන මාවල් කොමික් වගේ මේ කොමික් එක පුරාම විසිරුනු ඇක්ශන් සීන්ස්නම් නෑ.මේකෙ ගොඩක්ම පෙන්නල තියෙන්නෙ කැරොල්ට පවර්ස් හම්බුනාට පස්සෙ එයා එයාගෙ පවුලෙ ප්‍රශ්න වලට සාමාන්‍ය මනුස්සයෙක් විදියට මූන දෙන විදිය.කැරොල්ගෙ ලමා කාලෙත් අපිට බලාගන්න පුලුවන්.හැබැයි කාලෙත් එක්ක රහස් වගයක් එලිවෙන්න පටන් ගන්නව. කැරොල්ගෙ අම්මගෙ නම "මරී" එයා ක්‍රී ඒලියන් කෙනෙක්. නිකන්ම ක්‍රී කෙනෙක් නෙමේ ක්‍රී එම්පයර් එකේ එලයිට් ගාර්ඩ්ස්ලගෙ ලාබලතම කැප්ටන් උන කෙනා(තව ටයිටල්ස් තියෙනව හරියට ඩැනේරිස් ස්ටෝම්බෝන්;බ්‍රේකර් ඔෆ් චේන්ස්;මදර් ඔෆ් ඩ්‍රැගන්ස් බ්ලා බ්ලා බ්ලා වගේ😂).මෙයාගෙ ඇත්ත නම "මරි-එල්".මෙයා කෙල්ල කාලෙදි පෘතුවියට එවනව මිශන් එකකට.ඒ ආපු වෙලාවෙදි කැරොල්ගෙ තාත්තව සෙට් වෙලා දෙන්න ප්‍රේමයෙන් වෙලිල කසාද බැන්දට පස්සෙ කැරොල්ව හම්බෙනව.අපි හැමෝම කැරොල් කියල කතා කරාට කැරොල්ගෙ අම්ම එයාට දාන නම "කාර්-එල්" ක්‍රී භාශාවෙන්
ඒකෙ තේරුම "චැම්පියන්" කියන එක(අම්මගෙ තව ටයිටල් එකක් තමයි "චැම්පියන් ඔෆ් ක්‍රී එම්පයර්💪" කියන්නෙ).දැන් තේරෙනවනෙ කැරොල් උපතින්ම හියුමන්-ක්‍රී හයිබ්‍රිඩ් කෙනෙක්.කැරොල්ට අයියල දෙන්නෙකුත් ඉන්නව ස්ටීවි,ජෝ ජූනියර්.මේ දෙන්න කැරොල්ගෙ තාත්ත ජෝසෆ්ගෙ කලින් කසාදෙ ලමයි.ඉතිං ප්‍රෙන්ස් අපි හැමෝම දන්නවනෙ ක්‍රීල වලියට බර මිලිටරි සංස්කෘතියක් තියෙන යුද්දෙන් ඉපදිලා යුද්දෙන් මැරිල යන ජාතියෙ සෙට් එකක් කියල.කැරොල්ටත් මේ ගති ඉපදුන දවසෙ ඉඳන් තියෙනව.ජෝසෆ් අලුත උපන් කැරොල් බබාව බලන්න හොස්පිටල් එකට ආපු වෙලේ කැරොල් බබා තාත්තිගෙ ඇඟිල්ල අල්ලගන්නව ඇඟිල්ල කඩල යන නොයන ගානට.හැබැයි මොනා උනත් කැරොල්ගෙ අම්ම කැමති වෙන්නෙ නෑ කැරොල් තවත් යකා ටයිප් ක්‍රී කෙනෙක් වෙනවට.ඉතිං අර අපි දන්න Psyche-Magnitron අනතුර වෙනකන් කැරොල්ගෙ ක්‍රී සයිඩ් එක යටපත් වෙලා තියෙන්නෙ.කැරොල්ට පවර්ස් හම්බෙන්නෙ මාර්-වෙල්ගෙන් නෙමෙයි.උපතින්ම ඇඟේ තිබ්බ ක්‍රී ජාන අනතුර නිසා ඇක්ටිව් උනා.ඕක තමයි ඇත්ත කතාව මිත්‍රවරුනි.

Captain Marvel ගෙ Super Power ගැන සදහන් කලොත්,
Superhuman Strength
Superhuman Speed
Superhuman Stamina
Superhuman Durability
Superhuman Agility
Superhuman Reflexes
Flash Precognition - ප්‍රතිවාදියා ගේ ඉරියව් කලින් අනුමානය කිරීමේ හැකියාව
Contaminant Immunity - විෂ සහ වෙනස් පරිසර තත්ත්ව වලට ඔරොත්තු දීමේ හැකියාව
Photonic Blasts - ෆොටෝනික පිපිරවීම් කිරීමේ හැකියාව
Energy Absorption - ශක්තිය උරා ගැනීමේ හැකියාව.
විශේෂම powerඑක තමයි binary formඑක. ඒ ගැන වෙනම පෝස්ට් එකකින් බලමු.

කැප්ටන් මාවල් ෆිල්ම් එක තව මාස දෙකකින් විතර රිලීස් වෙනව.mcu films කොමික් වලට වඩා සෑහෙන්න වෙනස් වෙනවනෙ.ඉතිං mcu කැප්ටන් මාවල් ඔරිජින් එක මීටවඩා වෙනස් වෙන්න පුලුවන්.ඒත් මේ කොමික් එක කියවල කැප්ටන් මාවල් ගැන අදහසක් ගන්න පුලුවන්.මං මෙතන මුලු කොමික් එකම කියල නෑ.කොමික් එකේ ඔයිටවඩා ගොඩක් දේවල් තියෙනව.හැමදාම කඩ්ඩ බෑ කිය කිය හිටියොත් බෑම තමයි.තව දෙයක් කියන්න ඕන මං චිවී ගැන දාපු පෝස්ට් එකේ චිවීව කැරොල්ට හම්බෙන විදිය ගැන කියල නෑ මොකද මට චිවීගෙ first appearance  එක තියෙන කොමික් එක හොයාගන්න බැරි උනා.දැන් මට කොමික් එක හම්බුනා ඒක කොමික් සීරීස් එකක් gb 2යි ගානක් මතක විදියට😑.ඩේට හම්බුනාම ඒ ගැනත් අප්ඩේට් එකක් දෙන්න බලන්නම්.මේ life of captain marvel එකෙත් කැරොල් පොඩි කාලෙ චිවී වගේ පූසෙක් ඉන්නව.සමහරවිට අම්ම දීපු තෑග්ගක් වෙන්නත් පුලුවන්.හරියටම
ශුවර් නෑ.එහෙනං එච්චරයි අඩුපාඩුවක් තියෙනවනම් මූනටම කමෙන්ට් එකක් දාපල්ල😁
කැප්ටන් මාවල්ගෙ පූසි චිවී:-
https://www.facebook.com/groups/1936179566669834/permalink/2179147889039666/
තොරතුරු: කොමික් ඇසුරෙන්.

#The_Life_Of_Captain_Marvel
#SL_Marvel_Fans_United

Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List