Scarlet Witchගෙ powers සහ chaos magic ගැන

Marvel Fan කෙනෙක්ගෙන් Scarlet Witch එහෙමත් නැත්නම් Wanda Maximoff දන්නවද කියලා ඇහුවොත් දන්නවා කියයි. ඒ උනාට මෙයාගෙ powers මොනවාද ? එහෙම නැත්නම් මෙයාගෙ ගැන කියලා දෙන්න කිව්වොත් ගොඩක් MCU fansලා දෙයක් කියාගන්න බැරුව අමාරුවේ වැටෙනවා. ඒ වගේම තමා මේ දවස්වල විකාශනය වන Wandavision Tv show එක නිසා කට්ටිය එක්ක Scarlet Witch ගැන කරුණු ටිකක් බෙදා ගන්න තමා මන් මේ article එක ලියන්නෙ ✍️✍️


මේ දවස්වල disney+ හරහා විකාශනය වන Wandavision Tv show එක නිසා Wanda Maximoff එහෙමත් නැත්නම් Scarlet Witch marvel fansලා අතර ගොඩක් ජනප්‍රිය කෙනෙක් බවට පත්වෙලා තියෙනව.

ඉතින් මේ post එක හරහා මෙයා ගැන කතා කරන්න තමා හදන්නෙ💪 

ඉතින් මේ post එක ලියන්න කලින් කියන්න දෙයක් තියෙනවා ☺️ මේක තමා මගෙ පලවෙනි post එක 😆 ඒක නිසා මේක කියවලා හොද නරක කියන්න අමතක කරන්න එපා☺️☺️☺️☺️ 

මුලින්ම අපි scarlet witchගෙ origin එක ගැන පොඩ්ඩක්  කතා කරලා ඉමු.

අපිට මෙයාව මුලින්ම හම්බවෙන්නෙ 1964 march වලදී release වුන x men #4 කියන comic එකෙන් .මෙයාගෙ නිර්මාතෘ වෙන්නෙ stan lee සහා Jack kirby කියන comic writer සහ artistලා දෙන්නා .


මෙයාව මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ brotherhood of mutants කියන කන්ඩායමෙ සාමාජිකාවක් විදිහට .මෙයා සහ මෙයාගෙ සහෝදරයා Quicksilver (pietro maximoff) කියන දෙන්නා මුලින්ම Comic වලදී දකින්න ලැබෙන්නේ mutants විදිහට .මෙයා polarisගෙ half sister කියලා වගේම මෙයාගෙ තාත්තා විදිහට Magneto හැදින්වුනා නමුත් 2010න් පස්සෙ මෙ දන්නාගෙ origin එකෙ පොඩි  වෙනසක් වෙනවා 😶 ඒ අනුව මෙදෙන්නා high evolutionaryලගෙ experiment එකක් විදිහට පස්සෙ කාලයෙදි අපිට comic වලින් බලාගන්න පුළුවන් වෙනවා 😫


හොදයි origin එක ගැන දැනට ඔය ටික ඇති කියලා හිතමුකො🙏🙏🙏(මෙයාගෙ origin එක ගැන වෙනම post එකක් ඔනිනම් එක ගන comment section එකේ කියන්න අමතක කරන්න එපා ✋✋✋)


මෙයාගෙ powers ගැන කතා කලොත් මන් හිතන විදිහට මෙයා marvel universe එකේ powerfulම character එකක්💪💪💪එහෙම කියන්නෙ ඇයි කියලා මෙයාගෙ powers ගැන කියවලාම හිතාගන්නකො😨


මෙයාගෙ powers වලින් කිහිපයක් මන් පහළින් ලියලා තියෙනවා ✍️✍️✍️


🌍Pheonix force Resistance :- pheonix force එක කියන්නෙ marvel universe එකේ powerfulම වගේම ගොඩක් බයානකම cosmic entity එකක්🔥🔥🔥මේ pheonix force එක තමාට ගැලපෙන host එකක් හොයාගෙන universe එකේ සැරිසරමින් තමා ඉන්නෙ😨 මෙයා තමාට ගැලපෙන host එකක් හොයගත්තොත් ඒ host එකට ගොඩක් වෙලාවට මෙකට විරුද්ධ වෙන්නනම් බැහැ .( මෙ pheonix force එකට හිටපු famousම hostල තමා jean grey ,kid omega ,thane, racheal summers වගෙ අය ) හැබැයි wandaට මෙ cosmic entity එකට විරුද්ධ වෙන්න හැකියාවක් තියෙනවා 💪💪💪


🌍Witchcraft :- මෙයාට මායාකර්ම ගැන කියලා දෙන්නෙ agatha harkness සහ dr strange වගේ අය විසින් . මේ අයගෙන් මායාකර්ම ඉගෙනගත්තා විතරක් නෙවෙ මායාකර්ම ගැන හොද අවබෝධයක් ලබාගන්නත් wandaට හැකියාව හම්බවෙනවා.😍


🌍Probability Manipulation :- Wandaට hex abilities කියලා power එකක් තියෙනවා .මෙක නිසා මෙයාට එයා කැමති විදිහට තමා සහ තමාගෙ team එකේ අයට වාසනාව ලබාදෙන්න මෙයාට හැකියාව තියෙනවා .ඒ වගේම තමා මෙයාට enemiesලට අවාසනාව උදාකරලා දෙන්නත් හැකියාව තියෙනවා .මේ power එක wanda විසින් ප්‍රගුණ කරලා නැතිවුණත් wandaට මේ ability එකත් ගොඩක් වෙලාවට උදව් වෙලා තියෙනවා .සරලවම කිව්වොත් domino ,isca වගේ අයගෙ mutation එකට සමාන power එකක් තමා මේ ability එක. ඉතින් wandaටත් lucky girl කෙනෙක් කියලා කියන්න පුලුවන් 😍


🌍.Teleportation :- Teleport වීමේ හැකියාව wandaට ස්වාභාවයෙන් හම්බවුන හැකියාවක් .මෙයාට යන්න ඕනි තැනක් හිතින් මවාගෙන එයාට ඒ තැනට ගමන් කිරීමේ හැකියාව තියෙනවා .


🌍.Resistance of Magic :- Agatha සහ dr strangeගෙන් මෙයා magic use කරන්න විතරක් නෙවෙ මායාකර්ම වලින් ආරක්ෂා වෙන්නත් උගන්වලා තියෙනවා .phychic attacks සහ telepathic links වලින් ආරක්ෂක වෙන්නත් මෙයා ඉගෙන ගෙන තියෙනවා .මෙයාට mind control වීමකින් වුනත් ආරක්ෂා වෙන්න පුලුවන් .💪💪💪


🌍.Combat Skills :- මෙයා Captain america සහ Hawkeye වගේ දක්ශ සටන්කරුවන් මගින් ආත්මාරක්ෂක සටන් ක්‍රම ඉගෙන ගෙන තියෙනවා .🤼💪


🌍.Power Augmentation :- Wandaට එයාගෙ team members ලගෙ powers වැඩි කිරීමේ හැකියාව තියෙනවා .මේ ability එක ගොඩක්ම වටින්නෙ energy based powers තියෙන team membersල ඉන්නකොට .මේ හේතුව නිසා මෙයා ගොඩක් වටින team member කෙනෙක් බවට පත්වෙනවා. Captain america civil war movie එකේදී මෙයා visionගෙන් hawkeyeව බේරගන්න මෙයට සමාන දෙයක් තමයි කරන්නෙ.


🌍.Chronokinesis :- කාලය වෙනස් කිරීමත් මෙයාගෙ තවත් විශේෂ ability එකක්. Son of M වගේ  comic වල වගේම Uncanny Avengers Comic (issue eke number එක නම් හරියටම මතක නෑ🙏🙏) එකේදී wanda thorව පරද්දන්න time එක නවත්තනවා දකින්න පුලුවන් .

ඒ වගේම තමා මේ ability එක use කරපු විශේෂ අවස්ථාවක් තමා wanda විසින් Billy සහ Tommy ( Wandaගෙ ලමයි දෙන්නා )ගෙ ආත්ම කාලයෙන් ආපස්සට යවලා නැවත reborn වෙන්න සැලස්වීම.


🌍.Reality Warping :- House of M කියවලා තියෙනවානම් එහෙමත් නැත්නම් storyline එක දන්නවනම් wandaගෙ මේ ability එක ගැන දන්නවා ඇති . මේ comic එකේදී Mutantsල ලෝකයේ ප්‍රධාන ජීවීන් බවට පත්කිරීම සහ mutantsලගෙ powers  නැති කරලා දාන්නෙ මෙන්න මේ ability එක use කරලා.ඒ වගේම avengers disassemble වලදී මෙයා illusions යොදාගෙන තම කන්ඩායමට පහරදීම කරන්නෙත් මේ ability එක මගින්.


🌍.Resurrection :- මේ ability එක wandaගෙ reality warping ability වලට ගොඩක් දුරට සම්බන්ධයි. Wandaට මැරැණ කෙනෙක්ට නැවත ජිවිතය ලබාදීමේ හැකියාව තියෙනවා .M day එකේදී නැවත quicksilverට පණ දීම, Cassy Lang ,Hawkeyeට නැවත ජිවිතය ලබාදීම මේ power එකට හොද උදාහරණයක් . (Wandavision බැලුවනම් මේකට තව උදාහරණයක් බලාගන්න පුළුවන් )


🌍.Mental Manipulation :- Avengers age of ultron film එක බලපු කෙනෙක්ට නම් මේ ability එක ගැන හොද අවබෝධයක් ලබාගන්නත් පුලුවන් .Comic වලදී සමහර අයව නින්දට යැවීම , කෙනෙකුගේ මනසට විවිධ මානසික බලපෑම් ඇතිකිරීම වගේ දෙවල් කරන්නෙ මේ power එක use කරලා .Chilldren of Crusade arc Comic එකේදී Xmenලව පරද්දන්න මෙයා මේ power එක use කරනවා. මෙහි විශේෂත්වය වෙන්නේ ගොඩක් powerful telepathic characterලවත් wanda මේ abiliy එක use කරලා පරාජය කිරීමයි.💪💪💪


🌍. Telekinesis :- මෙයාට තියෙන තවත් power එකක් තමා මෙයාට තමාගේ මනසෙන් විවිධ වස්තු සෙලවීමට ඇති  හැකියාව . MCU film වගේම ,wandavision බලනවනම් මේ power එක use කරනවා බලාගන්න පුළුවන් .

🌍.Using Chaos Magic :- Wanda Chaos Magic use කරන හැටි ගැන දැනගන්න කලින් අපි පොඩ්ඩක් මේ chaos magic කියන්නෙ මොනවාද කියල පොඩ්ඩක් දැනගෙන ඉමු.


Chaos magic කියන්නෙ marvel universe එකේ powerfulම වගේම පරණම Magic වර්ගයක්.මෙහි ආරම්භය ගැන බැලුවොත් අපිට හම්බවෙනවා Chthon කියලා elder god කෙනෙක් .ඔයා thor annual#10 comic issue එක කියවලා තියෙනවානම් ඔයාලා දන්නවා අති god eater කියලා කෙනෙක් ගැන .පෘථිවියේ ආරම්භයේදී demiurge කියලා කෙනෙක් ඉදලා තියෙනවා . මෙයා නිසා තමා elder godsල ඉපදෙන්නෙ. මේ eldergodල අතර chthon සහ gaea වගේ අය විශේෂයි.මේ chthon විසින් universe එකේ සැරිසරමින් දැනුම හොයාගෙන තියෙනවා ඒ වගේම පසුකාලීනව dark magic පවා මෙයා ඉගෙනගත්තා .මේ නිසා මෙයා eldergodල අතර ගොඩක් powerfulම කෙනෙක් වෙනවා .ඒ වගේම තමා chthon ඇතුළු අනිත් eldergodsල ගොඩක් අය නපුරු දෙවිවරු වෙනවා .

මේ නිසා gaea විසින් eldergodsලව විනාශ කරන්න මේ කියන god eater හෙවත් Atum ව නිර්මාණය කරනවා.මේ godeaterට පුලුවන් වෙනවා ගොඩක් eldergodල විනාශ කරන්න ඒ වගේම තමා සමහර අයට මෙයාගෙන් බේරිලා පැනලා යන්නත් හැකි වෙනවා .මේ විදිහට බේරුනු අය අතර chthon ඉන්නවා .මෙයා පෘථිවියෙන් පැනලා යන්න කලින් තමා ඉගෙනගත්ත දෙවල් පෘථිවියේ සටහන් කරාල යන්නේ. මේ magic වලට තමා chaos magic කියන්නේ.මෙහෙම පෘථිවියේ සටහන් දාල යන්න හේතුව තමා මෙයාට හම්බවෙන අනාවැකියක්.මේ අනාවැකියට අනුව අනාගතයේ දවසක මායාකාරියක් මේ දේවල් ඉගෙනගෙන chthon නිදහස් කරනවා කියලා සහ මේ මායාකාරිය මගින් chthonට සියලු දේ පාලනය කිරීමට  හැකියාව ලැබෙන බවයි.පස්සෙ කාලයෙදි මේ සටහන් morgan le fey විසින් හොයාගන්නවා.ඇය විසින් මේ සටහන් වලින් පොතක් නිර්මාණය කරනවා .මේකට තමා comicවල darkhole කියලා හදුන්වනේ.කෙසේවෙතත් පසුකාලීනව marvel comic writersලා විසින් මේ origin එක පොඩ්ඩක් වෙනස් කරනවා .ඒ අනුව chthon මිනිසුන් ජීවත් වුනු කාලයෙදිත් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා .මෙයාගෙ powers නිසා මෙයාව ඒ කාලෙ මිනිසුන් විසින් chthonව අදහන්න පටන් අරන් තියෙනවා .නමුත් ඒ කාලේ ජීවත් වුනු  magic පිළිබඳ දැනගෙන හිටපු මිනිසුන් අනිත් මිනිසුන්ගේ මතකයෙන් chthon සහ chaos magic පිළිබඳ මතකය අයින් කරල morgan le fey ගෙ උදව්වෙන් chthonව වෙන dimension එකක හිර කරලා දානවා.හැබැයි මේ chthonට කෙසේ හෝ wandaට තමාගේ powers වලින් කොටසක් දෙන්නත් පුලුවන් වෙනවා .මෙන්න මේ විදිහට තමා wandaට chaos magic use කරන්න පුලුවන් වෙන්නේ.


MCU එකේ ජනප්‍රියම කෙනෙක් තමා dr strange කියන්නේ.මෙයා magic use කරද්දී මෙයාගේ power source එක වෙන්නේ වෙනත් cosmic entities .උදාහරණයක් ගත්තොත් මෙයා dormammu වගේ අයගෙන් තාවකාලිකව powers ලබාගෙන තමා මේ විදිහට magic කරන්නේ. හැබැයි මෙයාට මේ විදිහට use කරන්න පුලුවන් එයාට මේ cosmic entity use කරන්න දෙන powers ප්‍රමාණය විතරයි.හැබැයි මේ cosmic entities 100% තම බලය dr strangeට use කරන්න දුන්නොත් මෙයා god කෙනෙක් තරම් powerful වෙනවා .( king in black කියෙව්වනම් මේ dr strange version එක බලාගන්න පුලුවන් )

හැබැයි wanda dr strangegen වෙනස් වෙන්න හේතුවත් මේකම තමා 😶මොකද dr strange වගේ නෙවෙයි wandaට ඕනිම වෙලාවක 100% ක් chaos magic use කරන්න පුලුවන් .

මේ chaos magic වලින් multiverse එකේ ඕනිම දෙයක් කරන්න පුලුවන් .මේකට හොදම උදාහරණයක් තමා M day එකේදී  මෙයා cast කරන no more mutants spell එක multiverse එකේ පුරාවටම පැතිරිලා යාම. මේ spell එක නිසා multiverse එකේම mutantsල ගොඩක් අයගෙ powers නැතිවෙලා තියෙනවා .💪💪ඉතින් මේ තරම් powerful magic එකක් cast කරන්න තරම් wanda powerful කෙනෙක් . මේකට හේතුව තමා මේ chaos magic වල තියෙන අසීමාන්තික බලය.මේක නිසාම wandaටත් අසීමාන්තික බලයක් තියෙනවා .


🌍.Nexus Being :- Wandaට තියෙන unlimited Reality Warping power එක නිසා මෙයා marvel 616 universe එකේ Nexus being කෙනෙක් කියලා හදුන්වනවා .මේක ability එකකටත් වඩා තනතුරක් කියන්නත් පුලුවන් .මෙයාට life force එකට access වෙන්න වගේම chaos magic use කරලා life force එක වෙනස් කරන්න පුලුවන් .(comment section එකේ මේකට අදාළ photos වගයක් දලා තියෙනවා .)මේක ගැන විශේෂයෙන්ම කියන්න දෙයක් තමයි dr doom විසින් වරක් wandaව පාවිච්චි කරලා universe එක doomට කැමති විදිහට rewrite කරන්න උත්සාහ කිරීමේ සිදුවීම .මේ සිදුවීම wandaගෙ life force එකට පිවිසීමේ හැකියාවට හොද උදාහරණයක් .මේ ability එකේ ගොඩක් ක්‍රියාකාරී අවස්ථා නම් දකින්න අඩුයි.හැබැයි මේ power එක නිසා wandaට reality එක සමබරව තබාගන්න වගකීමක් තියෙනවා ☺️ .

මේ powers වලට අමතරව තමාගෙම clones සාදා ගැනීම, පියෑඹීම ,energy absorption , clairvoyance , වගේම කුඩා healing ability එකක් වගේ superpowers මෙයාට තියෙනවා .


මෙයාග දුර්වලකම් බැලුවොත් ප්‍රධානම දුර්වලකම තමා මෙයාට තමා ගැන ආත්ම විශ්වාසයක් නැතිකම සහ මානසික ව්‍යාකූලතාවය .😫😫 ඒ වගේම තමා කායිකව වෙනත් superheroesලට වඩා දුර්වල වීම දක්වන්න පුලුවන් .


Wanda ගැන කතා කරනවානම් තව ගොඩක් දෙවල් තියෙනවා කතා කරන්න.ඒ වගේම මෙයාගෙ powers ගැන කතා කලොත් තව ගොඩක් දෙවල් ගැන කියන්න පුලුවන් .ඒ උනාට වෙන දවසක wanda සම්බන්ධ comic වල වැදගත් සිදුවීම් සහ මෙයා ගැන තවදුරටත් කතා කිරීමේ බලාපොරොත්තුවෙන් මන් මේ artcle එක නවත්තනවා 🙏🙏

ඉතින් post එක කියවපු අයට ගොඩක් ස්තූතිය.ඒ වගේම post එකේ වැරදි අඩුපාඩු තියෙනවානම් comment section එකේ කියලා යන්න අමතක කරන්න එපා☺️☺️☺️☺️ 

ඒ වගේම තමා post එක හොදනම් ඒ ගැනත් මොනවහරි කියාගෙනම යන්න.


මේ post එක ලියපු මම Vishal Hewawasam✍️✍️✍️✍️✍️

Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List