Scarlet Witchගෙ Feats


 Scarlet Witch එහෙමත් නැත්නම් Wanda Maximoff මේ දවස්වල විකාශනය වන Wandavision Tv show එක නිසා ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා ☺️ මෙයා comic වල මොනවගේ දෙවල් කරලා තියෙනවද ? මෙයා මොනවගේ කෙනෙක්ද ? මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න තමා මේ post එක ලියන්නේ✍️


ඔයාලා Scarlet Witch ගෙ powers ගැන හරියටම දන්නෙ නැත්නම් මං මේ දාලා තියෙන link එකෙන් ඒ ගැන ඔයාලට දැනගන්න පුලුවන් 😍 

https://www.facebook.com/groups/1936179566669834/permalink/2850155165272265/


ඉතින් ලොකු introduction එකක් නැතුවම අපි Scarlet Witch සම්බන්ධ වැදගත් සිදුවීම් ටිකක් කතා කරමු .😄😄


🌍.Wanda & ඇගේ දරුවන් :- 

Wandavision වගේම MCU films වල පෙන්නනව වගේම wandaගෙ ආදරවන්තයා වෙන්නෙ vision කියන Android රොබෝ කෙනා .ඉතින් wandaට මෙයත් එක්ක ලමයින් හම්බවීම ගොඩක් අස්වාභාවික එකක් . මේ දෙන්නට billy සහ tommy කියලා ලමයි දෙන්නෙක් හම්බවෙනවා .හැබැයි පස්සෙ කාලයෙදි හොයාගන්නවා මේ ලමයි දෙන්නා mephistoගෙ ආත්මයේ කොටස් කියලා වගේම මේ ලමයි දෙන්නා පාවිච්චි කරලා ලෝකෙ පාලනය කිරීම තමා mephistoගෙ සැලසුම් වෙලා තියෙන්නේ. කෙසේ හෝ මේ ආත්ම දෙක නැවත mephisto වෙතම යැවීමට කටයුතු කරනවා.


🌍.තමාගේ දරුවන් පිළිබඳ මතකය අහිමි වීම :- මේ දරුවන් දෙන්නගේ ආත්ම නැවත mephisto වෙතම යැව්වට පස්සෙ wanda ට එයාගෙ මානසික වේදනාව නැතිකරලා දාන්න agatha harkness විසින් මන්තරයක් මගින් wandaට එයාගේ ලමයි ගැන මතකය අයින් කරල දානවා .


🌍M day :- Scarlet Witch සම්බන්ධ වැදගත් සිදුවීම් කතා කලොත් මේ සිදුවීම ඒ අතර ප්‍රධානම සිදුවීම කියලා තමා මගේ අදහස. House of M කියන comic issue එකේදී තමා මේ සිදුවීම සිද්ද වෙන්නේ. Wandaට තමාගේ ලමයි පිළිබඳ මතකය නැතිඋනත් waspට සිදුවන වැරදීමකින් wandaට නැවත තම දරුවන් පිළිබඳ මතකය ආයෙත් හම්බවෙනවා .මේ සිදුවීම නිසා wanda මානසිකව ගොඩක් කම්පනය වෙනවා වගේම avengers සහ මේකට උදව් කරපු හැම කෙනාගෙන්ම පලිගන්න උත්සාහ කරනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට avengers සහ xmen කණ්ඩායම් වල පිරිසක් wandaව මරන්න තීරණය කරනවා.ඒ අනුව wanda විසින් තම දරුවන් දෙදෙනා ද සමග සියලු mutantල ප්‍රධාන ජීවීන් වන වෙනත් reality එකක් නිර්මාණය කරනවා . කෙසේ වෙතත් මෙයටද විරුද්ධ වන mutants සහ superheroesලට අවසානයේදී අත්වන්නේ හොද ඉරණමක් නෙවේ.

මේ කතාව අවසානයේ wanda විසින් "no more mutants" කියන සරල වචන තුනකින් multiverse එකේ mutants ලගෙන් බහුතරයකගෙ powers නැතිකරලා දානවා . මේ spell එක කොච්චර powerfulද කියනවනම් beyondersලගෙ powers ලබාගත්ත megganට පවා මේ spell එක නවත්තන්න පුලුවන් වෙන්නේ තප්පර ගානකට විතරයි . ඒ වගේම living tribunal ගෙ අවධානයත් මේ නිසා wandaට හිමි වෙනවා .


House of M පිළිබඳ තව දැනගන්න මේ link එකට ගිහින් බලන්න.

https://mobile.facebook.com/story.php?story_fbid=1661033040743275&id=751252725054649


කොහොම වුනත් මගේ මතයනම් professor x සහ අනිත් superheroesල wandaගෙ තත්වය තේරුම් ගත්තනම් මේ වගේ අවාසනාවන්ත ඉරණමකට mutantsල මුහුණ නොදී ඉන්න තිබ්බ කියන එකයි.😭


🌍.Scarlet Witch vs Justice League :-

මේ සිදුවීම වෙන්නේ JLA#1 /Avengers #2 කියන comic issue එකේදී 

මේ කතාව තුලදී avengers සහ justice league එක අතර සටනක් යනවා . මුලදීනම් justice league එක සටන ජය ගන්න ගියත් scarlet witchගෙ පැමිනීම එක්ක මේ සටන වෙනස් වෙනවා . මේ සටන අතරතුර wandaට superman සහ flashව කිසිම අමාරුවකින් තොරවම වගේ පරද්දන්න පුලුවන් වෙන අතරම zatanna කියන dc universe එකේ powerful මායාකාරියව පරද්දන්නත් wandaට හැකියාව ලැබෙනවා.


🌍.කුඩා කාලයෙදි එළදෙනක් විසින් රැක බලා ගැනීම :- wanda සහ pietro කියන දෙන්නව කුඩා කාලයෙදි රැක බලා ගන්නේ borva කියලා එළදෙනක් විසින් .

මේ borva කියන එළදෙනත් high evolutionaryලගෙ experiment එකක් . Wanda සහ pietro දෙන්නව high evolutionaryලගෙ experiment වලින් පස්සෙ බලාගත්තේ මේ කියන borva විසින් .


🌍.Vegetarian කෙනෙක් වීම :- scarlet witch #2 එකේදී wanda කියන විදිහට මෙයා නිර්මාංශ කෙනෙක් .ඒ වගේම තමා මෙයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි . සමහර විට කුඩා කාලයෙදි මෙයාව එළදෙනක් විසින් රැක බලා ගත්ත නිසා මෙයාට burger එකක් වගේ කන්න යනකොට borva මතක් වෙන නිසා නිර්මාංශ කෙනෙක් වෙන්න හිතෙන ඇති😂


🌍.Weapon Hex :- මේ scarlet witchගෙ version එක අපට බලා ගන්න පුලුවන් වෙන්නේ gamora's infinity stones warp world කියන comic issue එකේදී .gamora infinty stones පාවිච්චි කරලා ආත්ම සිරකිරීමේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමා weapon hex නිර්මාණය වෙන්නෙ 😨.elderich warp world god mephicathorn ගේ host එකක් විදිහට මෙයා නිර්මාණය වෙන්නේ wanda maximoff සහ laura (x 23) කියන දෙන්නගේ combination එකක් විදිහට.


🌍.Dr doom සමග විවාහ වීමට සූදානම් වීම :- 

Wiccan සහ speed දෙන්නා ( wandaගෙ ලමයි දෙන්නා ) තමාගෙ මව එහෙමත් නැත්නම් wanda හොයාගැනීමට Chilldren's of crusade #4 දරන උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට wandaව latveria ( doomගෙ රාජධානිය ) වලින් හොයාගන්නවා . එහෙදී wanda ව මාළිගාව තුල හිරකරගෙන ඉන්නවා කියලා හිතුවත් කතාව අතරතුර wanda තමාගේ කැමැත්තෙන්ම doom සමග නවාතැන් ගෙන හිටියා කියලා හෙලිවෙනවා. මේ අවස්ථාවෙදී wanda ගෙ මතකයෙන් කොටසක් නැතිකරලා තමා තිබිලා තියෙන්නේ.කෙසේ හෝ මේ මතකය නැතිඋන wanda doom සමග විවාහ වීමට සූදානම් වෙලත් තියෙනවා .හැබැයි wiccan ඇතුළු new avengers කණ්ඩායමට මේ විවාහය නවත්තලා wandaගෙ මතකය නැවත ලබා දෙන්නත් පුලුවන් වෙනවා . Doom විසින් wandaගෙ powers ලබාගන්න කරපු දෙයක ප්‍රතිඵලයක් විදිහට තමා මේ කතාව සිද්ද වෙන්නේ.අවසානයේදී doom wandaගෙ powers පාලනය කරගන්න බැරැව පරාජය වෙනවා .හැබැයි මතකය නැවත ලැබුන wanda තවදුරටත් doom ගැන කැමැත්තෙන් හිටපු බවක් කතාව අවසානයේ බලාගන්න පුළුවන් .


🌍.තමාගේ සැමියාව මරාදැමීම. :-

මන් කලින් කිව්වා වගේ තම දරුවන් දෙන්නගේ මතකය නැතිකිරීමේ පළිය ගැනීමට wanda දරණ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමා visionට මේ අවාසනාවන්ත ඉරණම හම්බවෙන්නෙ .

Wandaගෙ mind control එක යටතේ ඉන්න she hulk විසින් මේ විදිහට visionව මරාදානවා. ඒ වගේම තමා මේ පලිගන්න දරණ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට hawkeye , agatha harkness කියන අයටත් මැරෙන්න සිද්ද වෙනවා.


🌍.Summon Dormammu :- මේ සිදුවීම වෙන්නෙත් wandaගෙ පලිගන්න දරණ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට . Wandaව මරන්න එන පිරිස අතර Dr strange ඉන්නවා.( strangeට මේ අවස්ථාවෙදී wandaව මරන්න උවමනාවක් තිබ්බේ නෑ ) මේ සිදුවීමෙදී strange සහ wanda අතර  සිදුවන සටනේදී wanda විසින් dormammu summon කරනවා . කෙසේ හෝ eye of agamotto එකේ උදව්වෙන් wandaට සත්‍ය පැහැදිලි කර දී මේ සටන නිම කරන්න strangeට පුලුවන් වෙනවා.මේ අවස්ථාවේදී strange තව මොහොතක් හෝ පමා උනානම් strange මියයාමට පවා ඉඩ තිබුනා.


🌍.ඊළඟ sorcerer supreme වීමට සුදුසු අයෙක් වීම. :-

Dr strange sorcerer supreme වීමට නොසුදුසු වීමෙන් අනතුරුව ඊළඟ sorcerer supreme වීමට සුදුසු අය 30ක් eye of agamotto විසින් නම් කලා.ඒ අය අතර wandaගෙ නමත් අපිට බලාගන්න පුලුවන් .කෙසේ වෙතත් wandaගෙ නරක අතීතය සහ නරක මානසික තත්වය නිසා මෙයාට sorcerer supreme වෙන්න බැරි වෙනවා . ඒ අනුව brother voodoo ඊළඟ sorcerer supreme වෙනවා .


🌍.Pheonix vs Scarlet Witch 😨 :- 

Avengers vs Xmen ( AvX ) කියන comic issue එකේදී wandaට pheonix force එකත් එක්ක fight කරන්න සිද්දවෙනවා.මේ අවස්ථාවේදී pheonix force එක cyclops, emma frost ,colossus ,magic සහ namor කියන mutantsල පස්දෙනා තම hostල විදිහට තෝරගන්නවා.මේ අයට විරුද්ධව සටන් කරන avengers කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි වන්නේ wanda maximoff නිසා.මෙයා magik සහ namor දෙන්නව ඉතා පහසුවෙන්ම පරාජය කරන අතර අවසානයේ hope summersගෙ උදව් සමග dark pheonix cyclpos පරාජය කරනවා .එසේම කතාව අවසානයේ No more pheonix කියන spell එකෙන් පෘථිවියට pheonix force එකෙන් එල්ල වුන බලපෑම නිමාකර දමනවා. Hope පවසන පරිදි pheonix force එක භයවුනු සහ ගරු කරපු එකම කෙනා wanda maximoff වේ.


🌍.Rogue අතින් මරණයට පත්වීම :-

අවාසනාවන්ත විදිහට වැරදි වැටහීමක් නිසා wolverineගෙ බලයන් ලබා ගෙන හිටපු rogue අතින් wanda මරනයට පත් වෙනවා .හැබැයි අනාගතයෙන් kang විසින් එවන ලද united squad එකෙන් නිදහස් උන havok සහ පිරිසට wandaව මරනයෙන් බේරගන්න පුලුවන් වෙනවා 🙏🙏🙏


Wanda ගැන තව වැදගත් සිදුවීම් ගණනාවක් කතා කරන්න තිබ්බත් දැනට ඔය ටික ඇති කියලා හිතමුකො🙏🙏🙏 (තව මේ වගේ wanda සම්බන්ධ වැදගත් සිදුවීම් ගැන post එකක් ඕනිනම් ඒ ගැන comment section එකේ කියන්න අමතක කරන්න එපා☺️☺️☺️☺️ )

ඉතින් මේ post එක ගැන හොද නරක කියන්න වගේම අඩුපාඩු සමහර වැරදි තියෙනවා නම් ඒ ගැනත් මොනවහරි කියාගෙනම යන්න .ඒ වගේම තමා post එකේ  අපහැදිලි තැනක් තියෙනවා නම් ඒ ගැන අහන්නත් අමතක කරන්න එපා☺️☺️☺️☺️  හොදයි නම් ඒ ගැනත් මොනවහරි කියාගෙනම like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා☺️☺️☺️.


මේ post එක ලියපු මම Vishal Hewawasam ✍️✍️✍️✍️✍️

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List