දෙවිවරුන්ව මරපු GORR

GORR the God Butcher මේ තමයි Untold Eons වෙනතුරුම තෝර්ට හිටපු Greatest ම Villain...මේ තමයි Thor Son of Odin, Worthy වෙන්ඩ හේතුව...මේ තමයි Thor the God of Thunder, Unworthy වෙන්ඩ හේතුව...ඒ වගේම මේ තමයි Greatest Fear of the Universe හි මුල්ම දාරකයා වගේම God of the God Butcher බවට පත්වෙච්ච Gorr the God Butcher...🖤🔥


Gorr ව මුල්ම වතාවට Marvel Comics වලට එකතු වෙන්නේ 2013 නිකුත් වෙච්ච Thor God of Thunder 006 වලින් Jason Aaron සහ Esad Ribic තමයි Gorr the God Butcher ව නිර්මාණය කරන්නේ විශේෂම දේ තමයි 2013 මෙන්න මේ ඉශූ එකෙන්ම තමයි God of Symbiot, Knull ගේ First appearance එක සිද්දවෙන්නෙත් ඉස්සරහට බලමු Gorr ගෙත් Knull ගෙත් තියන සම්බන්දය මොකක්ද කියලා...සරලවම කියනවනම් 2013 පටන් ගත්ත Jason Aaron ගේ මේ Story Arc එක Marvel universe එකේ ලොකු වෙනසක් කරනවා මේ වෙනකොට Marvel comics වල Ongoing Event වල මුල් ගල තමයි මේ ස්ටෝරිය...📚📚


අවුරුදු ගානක සාගතයකින් පෙලෙන Unknown Planet එකක් තමා Gorr ගේ Birthplace එක වෙන්නෙ Gorr පොඩි කාලෙදිම මෙයාගේ අම්මා තාත්තා මැරෙනවා කොහොමහරි මේ සාගතයෙන් Survive වෙන Gorr ට අන්තිමට ඉතුරු වෙන්නේ මෙයාගේ අන්තිම ලමයා වෙන Agar ඉතරයි මෙයාගේ බිරිඳ ගර්භණියක් විදියටම භූමිකම්පාවකින් මියයනවා. මේ සාගින්න කොච්චර උපරිම වෙනවද කියනවනම් Agar ගේ අවසාන දවසෙදී Gorr ට සිද්ද වෙනවා එයලා දැන් දියඇලි පිරුනු එයාලට කවදාවත් කාල ඉවරකරන්ඩ බැරි තරම් පලතුරු පිරුනු ගස් වලින් වටඋන කැලෑවක් ලගටම ඇවිල්ලා ඉන්නේ ඒ නිසා ඇස් පියාගෙන විවේකීව ඉන්ඩ කියලා තරම් බොරුවක් කියන්ඩ.


Gorr ඇතුලුව තව කීපදෙනෙක් තමයි අන්තිමට මේ ප්ලැනට් එකේ ඉතුරුවෙන්නේ මොන දේ සිද්ද උනත් මේ අය දැඩිලෙස දෙවියන් විශ්වාස කරන ජීවීන් පිරිසක් Gorr පොඩි කාලෙදි මෙයාගේ අම්මා බලාපොරොත්තු වෙන් ඉන්නවා කවදාහරි දෙවියන් විසින් එයාලව මේ සාගතයෙන් බේරගනී කියලා එතනින් පස්සේ Gorr ගේ බිරිඳ විශ්වාස කරනවා කවදා හරි දෙවියන් තමන්ගේ පවුල මෙතනින් බේරගනී කියලා තමන්ගේ අන්තිම ලමයා Agar නැතිවෙනතුරුම Gorr බලාපොරොත්තු වෙනවා දෙවියන් තමන්ව මෙතනින් බේරගනී කියලා නෑ මෙතන තමයි Gorr ගේ Turning Point එක මෙතනින් පස්සේ Gorr දෙවියන්ට විරුද්දව කතා කරන්ඩ පටන් ගන්නවා දෙවියන් කෙරෙහි තිබ්බ සම්පූර්ණ විශ්වාසය Gorr අතෑරලා දානවා මේ හේතුව නිසා මෙයාගේ ක්ලෑන් එකේ අය මෙයාව Black God කෙනෙක් විදියට හිතලා ගල්ගහල Gorr ව එලියට ඇදලා දානවා.


මේ විදියට ක්ලෑන් එකෙන් වෙන් වෙලා මැරෙන්ඩ වැටිලා ඔහේ ඇවිදගෙන යන Gorr දකිනවා අහසේ ඉදන් මොකක් හරි දෙයක් පොලවට ඇදගෙන වැටෙනවා නිදහසේ මැරෙන්ඩවත් නෑ කියලා කියාගන්න Gorr යනවා මේක මොකක්ද බලන්ඩ මෙතන්දී තමයි Gorr දකින්නේ මේ වැටිලා ඉන්නේ Gods ලා දෙන්නෙක් කියලා මෙන්න මෙතන තමා God of Symbiot Knull ගේ First Appearance එක ඇත්තටම මේක Firat Appearance එක කිව්වට මේක පොඩි කැමියෝ එකක් ඉතරයි මෙතන්දී Knull ගැන කිසිම දෙයක් විස්තර කරන්නේ නෑ 2018 ආපු Venom රන් එකෙන් තමා Knull ගැන සම්පූර්ණයෙන්ම විස්තර කරන්නේ.


කොහොමහරි ආයෙ අපේ මාතෘකාවවට ආවොත් First Gods ලා වෙන Celestial කෙනෙක් එක්ක God of Symbiot, Knull තමයි මේ විදියට වැටෙන්නේ එතකොට මේ කියන්නේ Celestial ලා Universe එකේ සදාකාලික අදුර නැති කරපු හේතුව නිසා Knull තමන්ගේ All- Black the Necrosword නිර්මාණය කරලා Celestial ලට විරුද්දව සටන් කරන කාලවකවානුව කොහොම හරි මෙහෙම සටනක් අතර තුර තමා මේ දෙන්නව මේ විදියට Gorr ගේ ග්‍රහලෝකයට ඇදගෙනවැටෙන්නේ මෙතන්දී සිහිසුන්ව ඉන්න Knull ගෙන් වෙන් වෙන All- Black, Gorr එක්ක සම්බන්ද වෙනවා ඔය විදියට තමයි Marvel Universe එක ඇතුලේ Symbiot කෙනෙක් සම්බන්ද උන පලවෙනි දාරකයා එහෙමත් නැත්නම් Host ව නිර්මාණය වෙන්නේ....ඔව් මන් උඩදී කිව්වා වගේම Gorr the God Butcher තමයි මුල්ම Symbiot Host විදියට හදුන්වන්නේ ඉතින් මේ විදියට All- Black පොසෙස් වෙච්ච Gorr එතන හිටපු අනිත් Celestial ව ඝාතනය කරනවා මේ තමයි Gorr ඝාතනය කරපු මුල්ම God.


All- Black the Necrosword කියන්නේ Celestial කෙනෙක්ව උනත් ඝාතනය කරන්ඩ පුලුවන් තරම් Powerful Weapon එකක් Knull ගැන වැඩි විස්තර ඔනෙ අයට මේ තියෙන්නේ බ්ලොග් එකේ ලින්ක් එක...😉📚


https://slmarvelfansunited.blogspot.com/2019/02/knull.html?m=1


කොහොමහරි මේ විදියට All- Black පොසෙස් වෙච්ච Gorr, Symbiot ලගේ Shapeshifting Ability එක ආදාරයෙන් ආමර් එකක් නිර්මාණය කරගෙන මේ ග්‍රහලෝකයෙන් වෙන් වෙලා Gods ලව හන්ට් කරන්ඩ පටන් ගන්නවා. මේ විදියට ශතවර්ෂ ගානනාවක් තිස්සේ Gods ලව ඝාතනය කරන Gorr එක තැනකදී යනවා Chronux වලට මෙතන තමා The place of Infinity කියලා හදුන්වන්නේ මෙතන තමයි Universe එකේ ඉන්න ටයිම් ගෝඩ් ලා ඉන්නේ මේ Chronux වල තියෙනවා Pool of Forevers කියලා තැනක් ටයිම් ගෝඩ්ස් ලගේ Time Traveling වැඩ වලට තමයි මෙයාලා මේක පාවිච්චි කරන්නේ කොහොමහරි මෙතන ඉන්න ටයිම් ගෝඩ්ස් ලගෙන් එක්කෙනෙක් ව ඇරෙන්ඩ අනිත් හැම කෙනෙක්වම ඝාතනය කරන Gorr මේ Pool එක සම්පූර්ණ ටයිම් ගෝඩ්ස් ලගේ ලේ වලින් පුරවලා අර ඉතුරු වෙලා ඉන්නෙ කෙනාව නිදහස් කරන පොරොන්දුව පිට මේ ටයිම් ගෝඩ් ගේ උදව්වෙන් අවුරුදු බිලියන ගානක් අතීතයට ගමන් කරනවා මේ යන්නේ Universe එකේ කිසිම දෙයක් නැති හිස් Void එකකට මෙතන්දී Gorr ගේ උවමනාව තමයි Universe එකේ Elder Gods ලවත් ඝාතනය කරන එක කොහොමහරි මේ වැඩෙත් සාර්ථක කරගන්න Gorr ආපහු රිටන් වෙන්නේ මෙහෙම ඝාතනය කරපු First God කෙනෙකේ හදවතකුත් එක්ක මේ ඇයි කියලා ඉස්සරහට පැහැදිලි වෙයි...⁉️️🤔


ඉතින් ඔය විදියට ශතවර්ෂ ගානනාවක් තිස්සේ දෙවියන්ව ඝාතනය කරගෙන යන Gorr ගැන මේ වෙනකොට තෝර් දැනගෙන ඉවරයි ඉතින් Chronux වලදී Gorr රිටන් වෙනවත් එක්කම්ම තෝර් මෙයාට පහරදෙනවා කොහොම හරි Gorr තමන්ගේ  Black Berserkers ලව ( Black Berserkers ලා කියන්නේ Gorr තමන්ගේ All black ආදාරයෙන් නිර්මාණය කරපු දඩයම් බල්ලො වගේ සත්තු ටිකක් ) දම්මලා තෝර්ට පහර දෙන අතුරතුර අර ඉතුරු වෙලා හිටපු ටයිම් ගෝඩ්වත් මරලා දාන Gorr ඊලගට යන්නේ අවුරුදු මිලියන ගානක් අනාගතයට කොහොමහරි Gorr ගේ පස්සෙන්ම යන තෝරුත් මේ විදියට අනාගතයට යනවා බට් මෙතන්දී වෙන මොකක් හරි ඩිලේ එකක් නිසා තෝර් යන්නේ Gorr අනාගතයට ගිහින් අවුරුදු 900ක් ගත උනාටත් පස්සේ Time Line එකකට ඒ කියන්නේ තෝර් Pool of Forevers වලින් එලියට එන්නේ Gorr ඇවිල්ලා අවුරුදු 900 ගතඋනාටත් පස්සේ අනාගතයක Asgard වලට. 


මේ වෙනකොට Asgard වල ඉතුරු වෙලා ඉන්නේ All Father Thor ඉතරයි මේ වෙනකොට මේ මුලු අවුරුදු 900 තිස්සෙම සම්පූර්ණ Asgard ම Gorr ගේ Black Berserkers ලා වට කරගෙන All Father Thor ව Asgard වල හිරකරලා තියෙන්නේ මෙතන්දී දැනගන්ඩ ලැබෙනවා Gorr මේ විදියට අනාගතයට එන්නේ God Bomb කියලා බෝම්බයක් නිර්මාණය කරන්ඩ මෙකෙදී Gorr ගේ එකම අරමුන තමයි මේක බාවිතයෙන් අතීතය, අනාගතය, සහ වර්තමානය කියන කාල රාමු තුනේම ඉන්න දෙවියන්ව සම්පූර්ණයෙන්ම නැති කරලා දාන එක. මෙන්න මේ God Bomb එක ඩිසයින් කරන්ඩ තමා මුලිම්ම මෙයා අර අවුරුදු බිලියනගානක අතීතයට ගිහින් Elder God කෙනෙක්ගේ හාට් එකක් අරගෙන එන්නේ ඇත්තමට මේක Gorr ගේ ඩිසයින් එකක් නෙමේ God of Bomb, Shadark තමයි මෙයාට මෙක ඩිසයින් කරලා දෙන්නෙ.


කොහොමහරි මේ අවුරුදු 900 ඇතුලේ Gorr තමන්ගේ All- Black පාවිච්චි කරලා All Black කියන තමන්ගෙම වෙනම ග්‍රහලෝකයක් නිර්මාණය කරගන්නවා මේ වෙනකොට Gorr ට බිරිඳක් වගේම පොඩි ලමයෙකුත් ඉන්නවා වගේම Gorr අවුරුදු 900 ඇතුලෙදි කොහොමහරි අර මන් මුලින් විස්තර කරපු Pool of Forevers හරහා අතීතයේ ඉන්න දෙවියන්ව පවා අනාගතයට ගෙන්න ගන්ඩ පුලුවන් තැනකට මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ මේ විදියට මේ අවු.900 ඇතුලේ Gorr අල්ලගත්ත දෙවිවරුන් වත් අර Pool එක හරහා අනාගතයට ගෙන්නගත්ත දෙවිවරුන්වත් Slaves ලා විදියට පාවිච්චි කරලා තමයි මෙයාගේ මේ God Bomb එක නිර්මාණය කරන්නේ Gorr කියන විදියට මේ අවු.900 ම ගතවෙලා තියෙන්නේ මේකේ නිර්මාණ කටයුතු වලට තමයි මේ Slaves ලා අතරේ ඉන්නවා විශේෂ තුන්දෙනෙක් ඒ තමයි Atli, Ellisiv සහ Frigg කියන Thor ගේ Granddaughters ලා තුන් දෙනා මේ තුන් දෙනාව තමයි මේ වෙනකොට Goddesses of Thunder විදියට හදුන්වන්නේ...👩⚡


කොහොමහරි මේ වර්තමාන ටයිම් ලයින් එකේ මේ වෙනකොට Thor ලා දෙන්නක් ඉන්නවා ඔය අතරතුර තමයි Gorr අර Pool of Forevers එක පාවිච්චි කරලා Young Thor ව තමන්ගේ වහලෙක් විදියට All Black වලට ගෙන්නගන්නේ එතකොට මේ වෙනකොට Young Thor, Thor සහ All Father Thor තුන් දෙනම මේ ටයිම් ලයින් එකේ ඉන්නවා. ඔය අතරතුරම තමයි Gorr අර Asgard වට කරගෙන ඉන්න තමන්ගේ Black Berserkers ලව All Black වලට ගෙන්වන්නේ මෙතනින් පස්සේ All Father Thor, Asgard වලින් නිදහස් වෙලා අතීතයේ ඉදන් ආපු Thor එක්ක All Black වලට යනවා මෙහෙම යන අතරතුර Young Thor ට තමන්ගේ Granddaughters ලා තුන්දෙනාගේ උදව්වෙන් All Black වලින් නිදහස් වෙන්ඩ පුලුවන් වෙනවා මෙහෙම නිදහස් වෙන Young Thor ට Asgard වල ඉදන් එන තමන්ගේ Future versions දෙකත් හම්බෙලා මේ තුන්දෙනාම Gorr ට විරුද්දව බැටල් එකට එනවා මේ බැටල් එකේදී තමයි Gorr තමන්ගේ ජීවිතේ මුල්ම වතාවට දෙවිකෙනෙක්ට බය වෙන්නේ මේ බැටල් එක අතරතුර එක තැනකදී All Father Thor ගේ පාරකින් Gorr ව විසිවෙලා නවතින්නේ ආලෝකවර්ශ ගානක් ඈතින් තියෙන ප්ලැනට් එකකට වැටිලා කොහොමඋනත් මේ බැටල් එක අතරතුර Gorr ට පුලුවන් වෙනවා God Bomb එක Activate කරන්ඩ මේ වෙනකොට මෙයාගේ මයින්ඩ් එක කොච්චර Corrupt වෙලාද කියනවනම් Gorr තමන්ගේ බිරිඳව මරලා දානවා Gorr ට " Your are my God " කියලා කතාකරපු නිසා. 


මේ විදියට තමන්ගේ අම්මව මරපු එක මෙයාගේ පුතා දැනගන්නවා තමන්ගේ තාත්තා කොච්චර Corrupt වෙලාද කියන එක මෙයාට තේරෙනවා මේ වෙනකොට ඇපත් නැතිවෙන්ඩ ගුටිකාල ඉන්න Thor ට උදව්කරන්ඩ මෙයා තීරනය කරනවා කොහොමහරි මෙයාගේ උදව්වෙන් Thor ට පුලුවන් වෙනවා අර God Bomb එක බ්ලාස්ට් වෙනවත් එක්කම මේ සම්පූර්ණ බෝම්බයේම Energy එක තමන්ගේ ඇඟට Absorb කරන්ඩ වගේම මේ ප්‍රොසෙස් එක අතරදිම තෝරට පුලුවන් වෙනවා Gorr ගේ All- Black වත් සම්පූර්ණයෙන්ම තමන්ට Absorb කරගන්ඩ අවසානයේදී Gorr තමන්ගේ පරාජය බාරගන්නවා වගේම මෙයා මෙතනදී එක දෙයක් කියනවා ඒ තමයි " God's didn't creat mankind. But someday if they're not stopped... They will end it. Mark my Words " 


අන්තිමට මෙයාගේ පුතා Gorr ඉස්සරහට එනවා මෙතන්දී Gorr කියන්නේ මේ හැමදෙයක්ම දෙවියන් නිසා කියලා මේ Gorr ගේ පුතා අහන්නේ " Was it a god who killed my mother ? You can't blame the gods anymore, Gorr. It wasnt a god who betrayed you it was only ever yourself.... " මේ ඩයලොග් එක ඉවරවෙනවත් එක්කම මෙයාව දියවෙලා යනවා මෙතන්දි තමයි හැමෝම දැනගන්නේ මේ මෙයාගේ ඇත්‍තම පවුල නෙමේ All- Black පාවිච්චි කරලා තමයි Gorr තමන්ට හැමදාමත් උවමනාවෙලා තිබ්බ තමන්ගේ බිරිඳවත් තමන්ගේ ලමයවත් හදාගෙන තියෙන්නේ කියන එක වගේම මේ මොහොත වෙනකම් Gorr වත් දන්නේ නෑ මේ තමන්ම හදාගත්ත දෙයක් කියලා ඒ තරමටම මෙයාගේ මනස විකෘති වෙලා තියෙන්නේ ඉතින් මේ සේරම අවසානයේ Young Thor, Jarnbjorn එකෙන් Gorr ව මරලා දානවා.


God Bomb එකත් All- Black වත් Absorb කරගත්ත තෝර්වත් මෙතන්දී මැරෙනවා හැබැයි All father Thor තමන්ගේ Thor Force එක පාවිච්චි අරලා All- Black තෝර්ගේ ඇගෙන් අයින් කරලා Black hall එකක හිරකරලා Thor ව බේරගන්නවා. හැමදෙයක්ම අවසානයේ All Father Thor, Asgardian Magics සහ Thor Force එක පාවිච්චි කරලා Young Thor වත් Thor වත් ඒ ඒ ටයිම් ලයින් වලට රිටන් කරනවා වගේම කාලයත් එක්ක Thor Force එක නිසා මේ විදියට තමන්ගේ ඔරිජිනල් ටයිම් ලයින් වලට ආපු තෝර්ලට මේ සිද්ද උන සියල්ලක්ම අමතක වෙලා යනවා. 


මෙතනින් මේ හැමදෙයක්ම ඉවරයි කියලා හිතුවත් එහෙම නෑ Gorr මැරුනත් මෙයාගේ Soul එක All- Black ඇතුලේ Necro prison කියන තැන ඉතුරු වෙනවා මේ විදියට Gorr ගේ Soul එකත් එක්ක අවුරුදු මිලියන ගානක් තිස්සේ එක එක දාරකයන්ගේ මාර්ගයෙන් All- Black එකට Survive වෙන්ඩ හැකියාව ලැබෙනවා Gorr ගෙන් Thor ට තෝර්ගෙන් Galactus ට Galactus ගෙන් Ego ට Ego ගෙන් පස්සේ ලැබෙන්නේ Loki ට මෙතනින් එහාට ඉන්නේ සාමාන්‍ය Loki නෙමේ මේ ඉන්නේ Loki the Necro god, Loki the all- butcher මෙතනින් පස්සේ තමයි Gorrr ගේ Next Chapter එක පටන් ගන්නේ....!!!


මේ, Universe එකේ Untold Eons සම්පූර්ණ විශ්වයේම ජීවය ටිකෙන් ටික නැතිවෙමින් යන කාලයක් All Father Thor තමන්ගේ Thor Force එකෙන් Midgard වල ජීවය නැවත ආරම්භ කරපු කාලය Ten Realms වලින් මේ වෙනකොට ඉතුරු Midgard ඉතරයි Asgard පවා මේ වෙනකොට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ වෙනකොට මුලු විශ්වය ටම ඉතුරුවෙලා ඉන්න එකම God තමයි All father Thor, Gorr ට කරන්ඩ බැරි වෙච්ච දේ කාලය විසින් කරපු කාලයක්. මේ දේවල් කොහොම උනත් අවුරුදු මිලියන බිලියන ගානක තිස්සේ Loki ට තියෙන්නේ එකම එක බලාපොරොත්තුවක් ඉතරයි ඒ තමයි කොහොමහරි තාමන්ගේ සහෝදරයා තෝර්ව ඝාතනය කරන එක දැන් Universe එකේ Powerful ම වෙපන් එකක් ලොකීගේ අතේ තියෙනවා Gorr කියන්නේ Unknown Planet එකක සාමාන්‍ය ජීවියෙක් උනත් Loki කියන්නේ Frost giant ලේ තියෙන පොඩි කාලෙ ඉදම්ම Asgardian Gods ලත් එක්ක හැදුන කෙනෙක් All Black ගෙත් Loki ගෙත් බොන්ඩ් එක මේ හේතුනිසා සෑහෙන ශක්තිමත් බට් ලොකීගේ හිතේ එක කොනක් දන්නවා තමන් කොච්චර ශක්තිමත් උනත් තමන් කොච්චර Powerful උනත් තමන්ගේ සහෝදරයව ඝාතනය කරන එක තමන්ට කරන්ඩ බැරි වැඩක් කියන එක ඉතින් මෙතන්දි තමයි ලොකී තීරනය කරන්නේ All- Black වල Necro Prison වල හිරවෙලා ඉන්න Gorr ව රිලීස් කරන්ඩ ඔන්න ඔය විදියට ආයෙම වතාවක් Gorr Resurrected වෙනවා මේ වෙනකොට මුලු විශ්වය පුරාම විහිදිලා තියෙන All- Black අයෙමත් Gorr තමන්ගේ ලගට ගෙන්නගෙන මෙච්චර කාලෙකට තමන් පාවිච්චි කරපු Necrosword එක නැවත නිර්මාණය කරනවා.


මුල් වතාවේ තෝර්ලා තුන්දෙනෙක් එකතුවෙලා ඩිෆීට් කරපු Gorr ට තනියම මූන දෙන්ඩ වෙන All Father Thor, Universe එකේ ඉතුරුවෙලා තියෙන අන්තිම ඉරවල් තුනෙන් දෙකකින්ම Gorr ට පහරදුන්නත් Gorr ට මේ කිසිම දේකින් හානියක් වෙන්නේ නෑ තමන් කරපු දේ තේරුම් ගන්න Loki ත් මේ වෙලාවෙදී Thor ට එකතුවෙනවා. මේ අතරතුරදී තමයි Thor ගේ Granddaughters ලා තුන් දෙනාට පුලුවන් වෙන්නේ මීට අවුරුදු මිලියන ගානකට කලින් Gorr ඝාතනය කරපු දෙවියන්ට නැවත ජීවය ලබා දීලා නිර්මාණය කරපු Planet Indigarr වල ජීවත් උන කාලයත් එක්ක ජීවය නැතිවෙලා ගිය Forgotten Gods ලා වෙච්ච Sky Lords of Indigarr ලව අවදිකරන්නේ මේ අයගේ උදව්වෙනුත් Thor ගේ Granddaughters ලට පුලුවන් වෙනවා Gorr ව පරාජය කරන්ඩ. බට් මෙයාලා මෙතනදී Gorr ව මරලා දැම්මත් තවදුරටත් Gorr කියන්නේ Physical Body එකක් තියෙන ජීවියෙක් නෙමේ මේ වෙනකොට Necrosword එක තමයි Gorr ගේ Body එක විදියට තියෙන්නේ මෙතනින් පස්සේ Gorr, සම්පූර්ණ විශ්වයම වෙලාගෙන All- Black the Necro verse එක නිර්මාණය කරනවා බට් All Father Thor ගේ එක අකුනුපහරකට පුලුවන් වෙනවා Gorr ව සදාකාලිකවම නිහඩ කරන්ඩ මේ අකුන කොච්චර Powerful ද කියනවනම් මෙතන කියන විදියට මේ අකුන නිසා සම්පූර්ණ විශ්වයම දෙදරුම් කනවා වගේම තෝර්ගේ මේ අකුනුපහරවල් අනන්තය දක්වාම ගමන් කරනවා මෙච්චර Powerful අකුනකින් උනත් මෙතන්දී මැරෙන්නේ Gorr ඉතරයි මේ වෙනකොට සම්පූර්ණ විශ්වයම All- Black එක වෙලාගෙන අවසන් අයිම වතාවක් මුලු විශ්වයම සදාකාලික අදුරෙන් වෙලාගෙන ඉවරයි නමුත් ලොකී තමන්ගේ ජීවිතය කැපකරලා සම්පූර්ණ විශ්වයටම ඉතුරු වෙලා තිබ්බ එකම සූර්‍යාගේ ජීවිය නැවත ලබා දෙනවා....Planet IIndigaar වලත් Midgard වලත් All father Thor නැවත ජීවය ආරම්භ කරනවා. මෙතන්දි පෙන්වනවා ෆයිනල් බැටල් එකෙන් පස්සේ Necrosword එක වැනිශ් වෙලා යනවා කියලා වගේම සෑහෙන කාලයක් තිස්සේ සිහිනැතිව ඉන්න Gorr නැවත් Planet Indigarr වල සාමාන්‍ය ජීවිතයක් ගතකරනවා තමන්ගේ පාස්ට් ලයිෆ් එක ගැන කිසිම දෙයක් මතක නැති කෙනෙක් විදියට කොහොම උනත් Gorr ව මේ විදියට තියලා තියෙන්නේ Indigarr Gods ලගේ Protection එක යටතේ. Gorr එක්ක අවසාන බැටල් එකෙන් මුලු Cosmos එකටම හානිවෙනවා All Father Thor තමන්ගේ Greatest ම Weapon එක Mjolnir එක තමන්ගේ Granddaughters ලට දෙනවා මේ All Father Thor ගේ අවසාන කාලය තමන්ගේ Battle Ship එකට ගොඩවෙන තෝර් Entropy දක්වා ගමන් කරනවා.....!!!


ඉතින් ඕක තමා Gorr the God Butcher ගේ කතාවා හිතුවට වඩා ටිකක් දික් උනා...Gorr ගේ Character එක වැඩි හරියක් බිල්ඩ් අප් වෙන්නේ අනාගත කාලයක උනත් මේ හැමදෙකටම මේ වෙනකොට අඩිතාලම වැටෙමින් පවතින්නේ මේ වෙනකොට Marvel Comics වලන් All Father Thor ව හදලා ඉවරයි ඒ වගේම මේ Story Arc එකෙන් කැමියෝ එකක් විදියට පෙන්නපු Knull ගේ Story Arc එක මේ වෙනකොට බිල්ඩ් අප් කරගෙන යනවා Symbiot ලා ගැන නොදැකපු පැත්තක් මේ වෙනකොට Marvel comics හරහා බිල්ඩ් අප් වෙනවා මේ හැම Story Arc එකක්ම එකකට එකක් සම්බන්දයි මේ සේරම ලීඩ් වෙන්නේ එක තැනකට Marvel Comics වල පට්ටම Interesting කාලයක් කියන්ඩ පුලුවන් කාලවකවානු වක් තමයි මේ ගෙවෙන්නේ Stan lee, Jack kirby, Steve Ditko, Martin Goodman ලා වගේ අතිදක්ශ Comic writters අතින් නිර්මාණය උන Marvel Universe එක Jason Aaron, Donny Cates, Al Ewing වගේ වර්තමානයේ ඉන්න Comic Writters ලා අතින් මාරම තැනකට අරගෙන ඇවිල්ලා තියෙනවා Stan lee ගේ සමකාලිනයන් අතින් නිර්මාණය උන ඒ ඒ comic characters වල නොදකපු නොකියුනු පැති ගොඩක් වර්තමාන Writters ලා හරි අපූරුවට නිර්මාණය කරනවා...😍🌏


ඉතින් මේ හැමදෙයක් ගැනම ඉස්සරහට කතා කරමු අපේ පොඩ්කාස්ට් සීරිස් එක හරහා අනිවාරෙන්ම ඊට කලින් අපේ අද ටොපික් එක Gorr the God Butcher ට සම්බන්ද තව වැදගත් විස්තර ටිකක් බලමු....!!!


• All- Black Necrosword කියන්නේ Universe එකේ තියන Powerful ම වෙපන් එකක්...මේක Gorr ට Gods ලා ගැන මේ තරම් වෛරයක් ඇතිවෙන්ඩ බලපාපු Side Kick එකක් කිව්වොත් හරි මොකද Knull මේක හදන්නේ එකම එක අරමුනක් ඇතුව ඒක තමයි විශ්වයේ සදාකාලික අදුර නැති කරපු First Gods ලව නැති කරන එක තමා මේකේ එකම අරමුණු මේ වෙපන් එක නිර්මාණය වෙන්නෙම Gods ලව ඝාතනය කරන්ඩ මේක එක්තරා ආකාරයක Symbiot කෙනෙක් දැනට ඔයාලා දන්නවා Symbiot කෙනෙක්ගෙත් එයාගේ දාරකයගෙත් අදහස් එක සමානනම් මෙයාලගේ බොන්ඩ් එක ඉතාමත් ශක්තිමත් ඉතින් මෙන්න මේකත් එක්තරා හේතුවක් තමයි Gorr මේ තරම් Gods ලට වෛර කරන එක.


• තෝර් මෙයත් එක යන පලවෙනිම බැටල් එකෙදී තමා තෝරව Worthy වෙන්නේ ඔය කාලෙදී තෝර් පාවිච්චි කරන්නේ Jarnbjorn එක එතකොට Mjolnir එක උස්සන්ඩ තරම් මෙයා Worthy නෑ Gorr ගෙන් Nearly Dead වෙන්ඩම ගුටි කද්දි Gorr එක තැනක අහනවා තෝර්ගෙන් තමන් මොන God කෙනෙක්ද කියලා මෙතන්දී තොර් " God of Thunder " කියනවත් එක්කම තමා Mjolnir එක තෝර් ගේ අතට එන්නේ.


• මේ Story Arc එකෙන් පස්සේ 2014 එන Original sin එකේදී තමයි Thor ව Unworthy වෙන්නේ මෙක්දී Nick Fury ට පුලුවන් වෙන එක Whisper එකකින් තෝර්ව Unworthy කරලා දාන්ඩ...මේ Whisper එක මොකක්ද කියලා මෙකෙදී පෙන්වන්නේ නෑ මෙතනින් පස්සේ ආපු Unworthy Thor run එකේදී තෝර් Beta Ray Bill ට කියනවා තමන් Unworthy වෙන්ඩ හේතුව ඇත්තටම මෙතන්දී Nick Fury තෝර්ට කියන්නේ " Gorr was right " කියන එක මෙන්න මේක නිසා තමා තෝර් Unworthy වෙන්නේ....මෙතන්දි වෙන්නේ මේකයි තෝර් අවුරුදු මිලියන ගානක් අනාගතය, අතීතය, වර්තමානය මේ කොයි කාලවකවානුවක Gorr ට විරුද්දව සටන් කලත් තෝර්ගේ මනසේ එක පැත්තක් විස්වාස කරන Gorr ගේ මතය හරි කියන එක Gorr කියන්නේ කවදාවත් දෙවියන් මේ ලෝකයට කරපු ඇති හොදක් නෑ දෙවියක් හැමදාම හිතුවේ තමන් ගැන ඉතරයි දෙවියන් මේ ලෝකයට හැමදාමත් දුන්නේ දුක සහ වේදනාව ඉතරයි මෙන්න මේක තෝර් එක පැත්තකින් විස්වාස කරනවා ඉතින් තෝර්ගේ මෙන්න මේ psychological weakness එක නිසා තමයි මෙයාව Original Sin වලදී Unworthy වෙන්නේ. 


• All- Black Necrosword එක නිර්මාණය කලේ Knull උනත් Necrosword එක Gorr එක්ක බොන්ඩ් උනාට පස්සේ Knull ට වඩා Gorr Powerful කියලා හිතන්ඩ පුලුවන්. 


• Knull ට වඩා All- Black වලින් Gorr වැඩ අරගෙන තියෙනවා මොකද Knull ට වඩා වැඩි හරියක් මෙක තිබිලා තියෙන්නේ Gorr ලග.


• අන්තිමටම Gorr තමා Thor ට ඉන්න Greatest ම විලන් විදියට හදුන්වන්නේ. මේ තියෙන්නේ Gorr ගේ ස්ටෝරියේ සරාංශගතම විස්තරයක් ඉතරයි Gorr කියන්නේ කව්ද මෙයා මොන වගේ කෙනෙක්ද මෙයාගේ Personality එක කොයි වගේද මේ දේවල් තේරුම් ගන්ඩ මම Recommend කරන්නේ එකම එක දෙයයි ඒ තමයි ඔයා අනිවාරෙන්ම මේ කොමික් රන් ටික කියවන්ඩම ඔනේ එකිනෙකාට අනුව Gorr කියන්නේ සාදාරන චරිතයක් වෙන්ඩ පුලුවන් තව කෙනෙක්ට කියන්ඩ පුලුවන් නෑ Gorr ගේ මතය වැරදී කොහොම උනත් Gorr සාදාරනද අසාදාරනද කියලා තීරනය කරන එක ඔයාලගේ වැඩක් ඉතින් මේක ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්ඩ අනිවාරෙන් කාලෙකින් ලියපු ලොකු පෝස්ට් එකක් මගහැරුනු කරුන තියෙන්න්ඩ පුලුවන් ඒව ගැන අනිවාරෙන් කෙමෙන්ට් එකක් දාන්ඩ මේක කියෝලා මෙතනින් යන්නේ නැතුව තමන්ගේ අදහස් අනිත් අය එක්ක බෙදාගන්ඩ අමතක කරන්ඩ එපා...😉📃

මම, 


Thesindu Liyanage ❤️✌️

Comments

  1. පට්ට ලොකු සයිස් සුපිරි විස්තරයක් අම්මෝ සුපිරී බං මගෙන් නම් 5/5* post එකට

    ReplyDelete
  2. ගැම්මක් තමයි ඈ 💪❤️

    ReplyDelete
  3. Gorr ඉන්නවා 2022 එන Thor Love And Thunder film ekata ❤️

    ReplyDelete
  4. Thor ගැන සම්පූර්ණ විස්තරයක් ඕනෙ

    ReplyDelete
  5. Thanks......දන්නැති දේවල් ගොඩක් දැනගත්ත 😁❤🌙

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List