සමනලයෙක්ට පුළුවන්ද හැමදෙයක්ම වෙනස් කරන්න? Butterfly Effect in Doctor Strange

Dr.Strange මූවි එකේ මේ සීන් එක මතකද Ancient one ස්ට්‍රේන්ජ් ගේ මයින්ඩ් එක ඕපන් කරන වෙලාවේ තමයි අපිට මේ සීන් එක බලාගන්ඩ පුලුවන් වෙන්නේ. Dr.Strange ෆිල්ම් එකේ මම දැකම හොදම සීන් එකක් වගේම Dr.Strange ෆිල්ම් එකේ සිද්ද උන සිදුවීම සහ ස්ට්‍රේන්ජ් මේ මූවි එක ඇතුලේ කරපු දේවල් Universe එකට ඇතුලුව Multiverse එකට කොච්චර බලපානවද කියලා සරලව පැහැදිලි කරපු සීන් එකක් විදියට මේක දකින්ඩ පුලුවන්.


සරලවම මෙතන්දි වෙන්නේ මොකක්ද හොදට බැලුවොත් පෙනෙයි ස්ට්‍රේන්ජ් මේ සමනලයව අල්ලන්ඩ කලින් මෙයාගේ වටපිටාව සහ ඒ පරිසරය ඉතාම සාමකාමී සහ සංසුන්ව තමයි තියෙන්නේ හැබැයි ස්ට්‍රේන්ජ් තමන්ගේ එක ඇගිල්ලකින් මේ සමනලයට පොඩී ස්පර්ශයක් දෙනවත් එක්කම සම්පූර්ණ වටපිටාවම කාලය සහ අවකාශය අතර දැඩි කලබලකාරී ස්වරූපයකය ඇදිලා යනවා. මේ හැමදෙම වෙන්නේ අන්න අර සමනලයට දීපු පොඩිම පොඩි ස්පර්ශය පස්සේ. ඇත්තටම මෙකෙන් කොහොමද Dr.Strange මූවි එක ඇතුලේ සිද්ද වෙන සිදුවීම Multivers එකට බලාපාන හැටි පැහැදිලි වෙන්නේ..? 🤔 මුවි එකේ මේ සීන් එකෙන් සම්පූර්ණ ම පෙන්වන්ඩ උත්සහ කරලා තියෙන්නේ "Butterfly Effect" කියන සිදුවීම කිව්වොත් මොකද හිතන්නේ 😲 


මොකක්ද මේ Butterfly Effect එක කියන්නේ සමහර අය මෙකේ විද්‍යාත්මක පසුබිම හරි මෙකේ සරලම තේරුම එහෙම නැත්නම් මේකේ සරලම පැහැදිලි කිරීම හරි දන්නවා වගේම Butterfly Effect කියන්නේ මොකක්ද කියලවත් දන්නෙ නැති අය ඉන්ඩ පුලුවන් නිසා මේක පැහැදිලි කරන්නම්...Butterfly Effect එකේ සරලම පැහැදිලි කිරිම තමයි එක මහද්වීපයක ඉන්න සමනලයෙක් ගහන අත්තටු පාරකින් තවත් මහද්වීපයක සුලිකුනාටුවක් ඇති වෙන්ඩ පුලුවන් කියන එක...😐🌀 මේක ටිකක් පිලිගන්ඩ අමාරු කාරනයක්නේ අනිවාරෙන් කොහෙවත් ඉන්න සමනලයෙක් අත්තටුවක් ගැහුව පලියට තව කොහෙවත් සුලි කුනාටුවක් ඇති වෙන්ඩ විදියක් නැනේ ඔව් හරි ඔහොම තමයි ගොඩක් අයට හිතෙන්නේ හැබැයි මේ සමනලයෙක් අත්තටුවක් ගහන එක මෙකේ සරලම පැහැදිලි කිරීම ඉතරයි මෙකේ විද්‍යාත්මක පසුබිම ගත්තම ලොකු කතන්දරයක් තියනවා ඒ හන්දා පුලුවන් තරම් කෙටි කරලා සරලව පැහැදිලි කරලා දෙන්නම් මන්....🙂✌️


පද්ධතියක් කියන දේ හැමෝම දන්නවනේ සාමාන්‍යයෙන් අපි දන්නවා කුඩා පද්ධතියක සිද්ද කරන පොඩි වෙනස් කමකින් මේ පද්ධතියට වෙන බලපෑමත් ඉතාමත් පොඩී සරලව කිව්වොත් මොකක් හරි කුඩා පද්ධතියකට අපි ඇතුලත් කරන Input එක සුලු ප්‍රමානයකින් වෙනස් කලොත් මෙකේ Output එක වෙනස් වෙන්නෙත් අර වගේම සුලු ප්‍රමානකින් ඉතරයි. හැබැයි අතිවිශාල අතිශය සංකිර්ණ පද්ධතියකය මේ කතාව මේ විදියටම අදාල වෙන්නේ නෑ මොකද කියවනම් අතිශය සංකිර්ණ පද්ධතියට සිද්ද වෙන හෝ සිද්ද කරන කුඩා බලපෑමකින් මේ සංකීර්ණ පද්ධතියට සිද්දවෙන්ඩ පුලුවන් බලපෑම අති විශාලයි...😲🤔 1960 කාලවකවානුවේදී Edward Norton Lorenz කියන ප්‍රොෆෙස පෘතුවි වායුගෝලයේ කාලගුන විපර්‍යාස වල තියන මොකක් හරි රටාවක් අදුරගන්ඩ තියරියක් නිර්මාණය කරනවා කොහොමහරි ඒ කාලවකවානුවත් එක්ක තිබ්බ ප්‍රෝසෙසින් පවර් එකත් එක්ක ප්‍රොෆෙස Edward මේ තියරිය රන් කරන්ඩ මුල් වතාවෙදි බාවිතා කරපු දත්ත වලට වඩා දශමස්‍තාන තුනක වෙනසක් සහිත දත්ත කීපයක් මේකට ඇතුලත් කරලා මේ ප්‍රොසෙසින් පවර් එක පොඩ්ඩක් වැඩි කරගන්ඩ හිතනවා ඉතින් මේ කාලය වෙනකොට තිබ්බ මතය තමයි පද්ධතියකට සිද්දකරන කුඩා බලපෑමකින් එම පද්ධතියට වෙන බලපෑමත් කුඩයි කියන එක. ඉතින් කොහොම හරි ප්‍රොෆෙස Edward ඇතුලත් කරපු දශමස්තාන තුනක වෙනසක් සහිත දත්ත මේ තියරියට කොච්චර බලපෑවද කියනවනම් මුල් වතාවේ ප්‍රතිඵල ත් එක්ක සංසන්දනය කරන්ඩ බැරි තරමටම දෙවන වතාවේ ප්‍රතිඵල වෙනස් වෙලා තියනවා...!!! මොකද ප්‍රොෆෙස Edward මේ තියරිය රන් කලේ පෘතුවි වායුගෝලයේ කාලගුනයේ රටාවක් අදුරගන්ඩ පෘතුවි වායුගෝලයේ කාලගුන කියන්නේ අතිශය සංකීර්ණ පද්ධතියක් නිසා පොඩී වෙනස්කමකින් උනත් ලොකු බලපෑමක් ඇති වෙන්ඩ පුලුවන් මෙතනින් පස්සේ තමයි සයන්ටිස්ට් ලා ඇතුලු බොහෝ පිරිසක් තේරුම් ගන්නේ කුඩා පද්ධතිවලට බලපාන භෞතික විද්‍යාත්මක තියරි අතිවිශාල අතිශය සංකීර්ණ පද්ධතිවලට ඒ විදියට බලපාන්නේ නැති බව මෙන්න මේ Proffessor Edward ගේ තියරියෙන් තමයි වර්තමානයේ බාවිතා වන Chaos Theory එක නිර්මාණය වෙලා තියෙන්නේ...!!!


මේ Chaos Theory ටම තමයි Butterfly Effect කියලා කියන්නේ මොකද මේ තියරිය රන් කලායින් පස්සේ Proffessor Edward තමන්ට ලැබුන ප්‍රතිපල ප්‍රස්තාර ගත කරනවා එතකොට ලැබුන ප්‍රස්තාරය සමනලයෙක්ගේ හැඩයට සමාන වෙන හන්දා තමා මේකට Butterfly effect එක කියන නම වැටිලා තියෙන්නේ...🦋🤯 


ඉතින් කොහොමහරි මම කියන්ඩ ගියේ Doctor strange කියන සම්පූර්ණ මූවි එකම මෙන්න මේ Chaos Theory මත පදනම් වෙච්ච මූවි එකක් මොකද කියනවනම් Multivers එක විශ්වය කියන්නේ හිතාගන්ඩ බැරි තරම් අතිශයම සංකිර්ණ පද්ධතියක් ඉතින් මේ වගේ පද්ධතිය සිද්ද වෙන පොඩි සිදුවිමකින් උනත් මේ පද්ධතිවලට අතිශය විශාල බලපෑමක් එල්ල වෙන්ඩ පුලුවන්. Dr.Strange මූවි එකට ඇතුලෙදී අපි දැක්කා Inter dimensional collapses වීමක් ඊලගට මේ Collapses වීම ඇතුලේ කාලයක් රහිත ඩාක් ඩිමෙන්ශන් එක ඇතුලේ Dr. Strange ටයිම් එකත් එක්ක ලොකු ගනුදෙනුවක් කරනවා මෙකේදී තියන එක තියරියක් තමයි Strange මේ ඩාක් ඩිමෙන්ශන් එක ඇතුලේ Dormammu ත් එක්ක අවුරුදු ගානක් හිරවෙලා හිටියා කියන එක 😐 මොකද ඩාක් ඩිමෙන්ශන් එක කියන්නේ කාලය කියන දේ ක්‍රියාත්මක වෙන්නේ නැති ඩිමෙන්ශන් එකක් මේ වගේ තැනක කාලයත් එක්ක ස්ට්‍රේන්ජ් කරන ගනුදෙනුව කොහොම බලපෑමක් එල්ල කරනවද කියලා දැන් අමුතුවෙන් පැහැදිලි කරන්ඩ ඕනෙ නෑ. ඇත්තටම Doctor strange මූවි එක මේ Butterfly effect එකේ අරාම්භය ඉතරයි එහෙම නැත්නම් Doctor strange කියන්නේ අර ප්‍රොෆෙස Edward දශමස්‍තාන තුනකින් වෙනස් කරපු දත්ත ටික ඉතරයි තාම ප්‍රතිඵල ආවේ නෑ ගොඩක් දුරට ප්‍රතිඵල බලාගන්ඩ ලැබෙයි Doctor strange multiverse of  madness වලින්.


ඉතින් මේක හන්දා තමයි Kaecilius ගෙන් ඩාක් ඩිමෙන්ශන් එකෙන් පෘතුවිය බේරගෙන ඉවර උනාට පස්සේ Mordo කියනේ


" yes, we did it By also violating the natural law. You still think there will be no consequences, Strange ? No price to pay ? We broke our rules, just like her. The bill comes due. Always " 


Strange කාලයත් එක්ක කරපු ගනුදෙනුවල Natural law එකත් එක්ක කරපු ගනුදෙනු වල ප්‍රයිස් එක ප්‍රතිඵල අනිවාරෙන් එනවා...🙂🔥


Doctor strange කියන්නේ මේ වගේ ලොකූ තේරුමක් තියන මූවි එකක් ඇත්තටම මට ඔනෙ උනේ මේ සීන් එක ගැන පැහැදිලි කරන්ඩ ඉතරයි හැබැයි සම්පූර්ණ මූවි එක ඇතුලෙම ලොකු තේරුමක් ගැබ් වෙලා තියනවා මන් දකින විදියයට ගොඩක් අයට මේක තේරිලා නෑ සමහර විට සරල වැඩි නිසා ටූ ඩාක් නෙමේ නිසා වෙන්ඩත් පුලුවන්...🤭😂 කොහොමහරි මේ මූවි එක ගැන කතාරකනවනම් විද්‍යාත්මක පසුබිමක් සහිත තියරි ඇතුලත් වෙලා තියන ලොකු තේරුමක් තියන මූවි එකක් ඉතින් ඒ දේවල් ගැන ඉස්සරහට කතා කරනකම් ගෙදට්‍ට වෙලා ඉන්න එකේ Butterfly Effect , Chaos Theory ගැන වැඩි විස්තර ටිකක් හොයල බලන්ඩ එතකොට මම කියපු දේවල් වලට වඩා හොදට මෙකේ කරුනු පැහැදිලි වෙයි වගේම Doctor strange මූවි එක ගැනත් හොද අදහසක් ගන්ඩ පුලුවන් වෙයි....❣️🔥


Thesindu Liyanage

Comments

  1. End game එකේ මීයගෙ සීන් එක දැම්මෙත් ඔය සම්භාවිතාව කියන කන්සෙප්ට් එක පෙන්නන්න වෙන්න බැරිද... මොකද ක්වන්ටම් ෆිසික්ස්වල බේස්ම දෙයක් තමා සම්භාවිතාව කියන එක... සෝ ඕන දෙයක් වෙන්න පුලුවන් වගේම ඒකෙන් වෙන ප්‍රතිඵලය ලොකුයි කියල පෙන්නන්න ඒක දැම්ම වෙන්න බැරිද...?

    ReplyDelete
    Replies
    1. endgame director said it was rumour added my Disney to mention Mickey Mouse

      Delete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List