Posts

Showing posts from May, 2019

Marvel Movie History + Character live action Rights & All Movie List

Image
History 1939දි Timely comics කියන නමින් ආරම්භ වුණ comic companyඑකක් 1961දි Marvel comics කියන නමින් අලුත් වෙනවා. ඉතින් කොහොමවුනත් මේ MARVEL ආයතනය බංකොලොත් වෙනවා. ඉතින් මේනිසා MARVEL ආයතනය වැහෙන එක නවත්වන්න තමන් නිර්මාණය කරන මේ කොමික් පොත්වල ඉන්න චරිත ආශ්‍රයෙන් චිත්‍රපට නිර්මාණය කිරීමේ අයිතිය(Live action rights) විවිධ සමාගම්වලට විකුනන්න සිද්ධවෙනවා. ඉතින් මේ විදිහට MARVEL comics ආයතනය බේරගන්න live action rights විකුණද්දි ඒ ඒ චරිතවලට සම්බන්ධ අනිත් චරිතවල live action rights සීමා සහිතව මිලදීගන්න ආයතන වලට ලැබෙනවා. (Spider-manව ගත්තොත් Aunt may, Green goblin වගේ අය Free😁)  ඒවගේම චරිත විකුණද්දි මිලදීගන්න සමාගමෙන් ගිව්සුමකට අනුව යම් කාලසීමාවක් ඇතුලත ලබාගත්ත චරිතය ආශ්‍රයෙන් filmඑකක් හැදුවෙ නැත්තම් MARVEL ආයතනයට ආපහු ඒ චරිතයේ live action rights ලැබෙනවා. ඉතින් මේ විදිහට Fantasitic Four චරිත සියල්ලමත්, X-men ඇතුලු සියලුම mutant චරිතත්, Daredevil සහ  Elektraත් 20th Century Fox සමාගමටත්, ඒවගේම Spider-man, Venom ඇතුලු 600ක් පමණ චරිත SONY සමාගමටත්, Hulk, Namor ඇතුලු චරිත Universal Studios

Obedience Disk

Image
තෝර් රැග්නරොක් රිලීස් වෙලා දැන් අවුරුදු 2ක් විතර වෙනව හැබැයි තාමත් ගොඩක් අයට තියෙන ප් ‍ රශ්නයක් තමයි ගොඩ් ඔෆ් තන්ඩර් කොහොමද ඉලෙක්ට් ‍ රික් ශොක් එකකින් අච්චර දුර්වල උනේ කියන එක.හැබැයි මේක ප්ලොට් හෝල් එකක් නෙමෙයි.අවුලක් උනේ රැග්නරොක් එකේ මේ ඩිවයිස් එක ගොඩක් සරල විදියට පැහැදිලි කිරීමක් නැතුව පෙන්නපු එක.සමහරක් සංකීර්ණ විදියට හිතන බුද්ධිමත් ජනතාවට ඒක ජෝක් එකක් උනා 😏 (ඇත්ත කතාව එයාල කොමික් කියවල නැති එක).මේ obedience disk එක කොමික් ඉශූස් කීපයකම වගේම ප්ලැනට් හල්ක් ඇනිමේශන් එකෙත් බලාගන්න පුලුවන්. මොකද්ද මේ obedience disk කියන්නෙ?සරලව කොමික් වලදිනම් රෙඩ් කින්ග් සකාර් වල ග්ලැඩියේටර්ස්ලව පාලනය කරන්න පාවිච්චි කරන ඩිවයිස් එකක්.mcu එකේනම් ග් ‍ රෑන්ඩ් මාස්ටර් තමයි මේක පාවිච්චි කරේ.රැග්නරොක් එකේ අපිට දැනගන්න පුලුවන් උනේ ඔච්චරයි(අන්න ඒ සරලකමට සමහරු කැමති උනේ නෑ ප් ‍ රෙන්ස් 😔 ) අනිත් දේ තමයි රැග්නරොක් එකේ සකාර් වලදි අපි තෝර්ව දැක්කෙ වෙනස් විදියට,powerless,hopeless ඩෑල් එකක් විදියට.සමහරු කියන්නෙ තෝර්ට මියොල්නියර් එකයි තාත්තවයි නැති වෙච්ච අවුල නිසාත් තමන්ට ශක්තිය ලැබෙන්

Eternals

Image
ගොඩ කාලෙකට පස්සෙ තමයි ආයෙමත් Character review post එකක් ලියන්නෙ. මේ පෝස්ට් එක දාන්න ප්‍රධානම හේතුව වුණේ ගෲප් එකේ ගොඩ කාලෙකින් comics ගැන කතාවෙනවා දකින්න නොලැබීම. (ගෲප් එකේ නම SL MARVEL fans' united. නැතුව SL Endgame fans united නෙමෙයි.) සහ, ගෲප් එකේ කිහිපදෙනෙක්ම Eternalsලා ගැන අහලා තිබුණු නිසා තමයි මේ පෝස්ට් එක දාන්නෙ. ඉතින් වැඩි කතා නැතුව මාතෘකාවට බහිමු. අද පෝස්ට් එකෙන් කතාකරන්නෙ Homo immortalis එහෙමත් නැත්තම් Eternalsලා ගැන. මේ Eternalsලව නිර්මාණය කරන්නෙ Martin A. Burnstein සහ Jack Kirby විසින්. දැන් අපි මේ Eternalsලගෙ ඉතිහාස කතාව වෙන්නෙ කොහොමද කියලා බලමු.👇👇 අවුරුදු මිලියනයකට විතර කලින් පෘථිවියට එන Celestialලා කණ්ඩායමක් ඇවිත් අපේ ආදි මුතුන්මිත්තන් වුණ Homo erectus කණ්ඩායමක් අල්ලගන්නවා. ඒ පෘථිවියේ ජීවය පරිණාමයට ලක් කරන්න. මේ අවස්ථාවෙදි Ziran the Tester කියන සෙලෙස්ටියල් විසින් unstable genomeඑකක්(අස්ථායී ජානයක්) භාවිතයෙන් homo erectus කෙනෙක්ව අධික වේගයෙන් පරිණාමයට ලක් කරනවා. මේකෙ ප්‍රතිඵලයක් විදිහට Deviants (Homo descendus) නමින් හඳුන්වන විකෘති ජීවීන් ව

How to Read Comics

Image
ගෲප් එකේ ගොඩක් අය අහන පොදු ප්‍රශ්න අතර වැදගත් ප්‍රශ්නයක් තමයි කොමික් කියවන්නෙ කොහොමද කියන එක. ඉතින් අද පෝස්ට්එක ඒ අයට සහ වෙනත් පොදු ප්‍රශ්න අහන අයට වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම අන්තිම වෙනකම් කියවලා බලන්න.😉 කොමික් කියන්නෙ මොකක්ද කියලා අහපු අයත් ඕන තරම් හිටියා. සරලවම කිව්වොත් Comic / Manga කියන්නෙ චිත්‍රකතා පොත්. ලංකාවෙදි කොමික් එච්චරම ජනප්‍රිය දෙයක් නොවුනට වෙනත් රටවල් වල නම් කොමික් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒවගේම රසිකයො ඕන තරම් ඉන්නවා. ඒත් ලංකාවෙ අය මේ කොමික් පදනම් කරගෙන හදන film නම් බලනවා. ඒ මොනවද කියලවත් ගොඩක් අය දන්නෙ නෑ. ඒත් හැමෝම බලන MARVEL , DC filmsවල තියෙන්නෙ මේ කොමික් පොත් කියන සාගරයෙන් ගත්ත දිය දෝතක් විතරයි. ඒකනිසා Film විතරක් බලලා කොමික් චරිත, කොමික් සම්බන්ධ දේවල් ගැන ලොකු දැනුමක් ගන්න බෑ. ඉතින් අද පෝස්ට්එක කොමික් කියවන්න ආශාවක් තියෙන අයට වැදගත් වෙයි. අපි මාතෘකාවට බහිමු.👇👇 විවිධ මූලාශ්‍රවලට අනුව Marvel Universeඑකේ 32,000+ක් විතර comics පහුගිය අවුරුදු 70දි නිකුත් වෙලා තියෙනව. ඉතින් ඔයා එක කොමික් පොතක් කියවන්න විනාඩි 15ක් ගන්නවනම් ඔයාට විනාඩි 480,000ක් එහෙමත් නැත්තම් දවස

How Captain America Is Able To Lift Thor's Hammer In Avengers Endgame

Image
" කැප්ටන් කොහොමද තෝර්ගේ මිටිය ඉස්සුවේ....හල්ක්ටවත් බැරි උන මිටිය කොහොමද කැප්ටන් ඉස්සුවේ " ගගා අහන ප්‍රශ්න දැකල දැකලම එපා වෙලා ඉන්න නිසා තමයි මේක ලියන්නේ....! කිව්වා වගේම ගොඩ දෙනෙක්ගේ විශේශයෙන්ම IW එකෙන් පස්සේ ගෲප් එක්ට ආපු අයට තියන ප්‍රශ්නයක් තමා මේ කැප්ටන් කොහොමද තෝර්ගේ මිටිය ඉස්සුවේ කියන එක ඉස්සෙල්ලාම කියන්ඩ ඔනේ මේක තෝර්ට ඉතරක් අයිති එහෙම නැත්නම් තෝර්ටම ඉතරක් උස්සන්න පුලුවක් මිටියක් නෙමේ MCU එකේ නැතත් කොමික් වලදී Beta ray bill, Jane foster ( Mighty Thor ) පවා මේ Mjolnir එක පාවිච්චි කරලා තියනවා වගේම මේකේ Lightning powers පවා පාවිච්චි කරලා තියනවා ඒ නිසා තෝර්ට ඉතරක් උස්සන්ඩ පුලුවන්නම් තෝර්ට ඉතරක් උස්සන්ඩ පුලුවන් වෙන්ඩ ඔනේ වගේ මානසිකත්වයෙන් ඉන්ඩ එපා...! ඊලගට MCU එක ගැන බලනවනම් මේකෙදී මේ වෙනකොට හතර දෙනෙක් මේ Mjolnir එක උස්සලා තියනවා Thor, Captain America, Vision සහ Hela. උඩ කිව්ව දේවල් කියන අය Ragnarok එක බැලුවනම් දකින්න ඇති Hela, තෝර් එවන Mjolnir එක නවත්තනවා ඉතරක් නෙමේ Mjolnir එක සම්පූර්ණ කෑලි කරලා දානවා තෝර්ට ඉතරක් මේක lift කරන්න පුලුවන්නම් Hela කොහොමද මෙහෙම කරන්නේ...?